Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life during the war
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මාතෘකාව විහිළුවකට ගන්න හොඳ නැහැ. එහෙම කිරීම මේවායින් මියගිය, තුවාල ලැබූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල ආදරවන්තයන්ට කරන අගෞරවයක්.

මේ ප්‍රශ්න තිබුන කාලය ගැන මටත් අත්දැකීම් කිහිපයක් තියනවා. නමුත් ඒවා එකක්වත් අද වගේ නත්තල් දවසක සිහි කරලා සතුටු වෙන්න පුළුවන් දේවල් නොවෙයි. නමුත්, මම ඉහත කියූ විදියට, මේවායින් මියගිය, තුවාල ලැබූ අයට කරන ගෞරවයක් හැටියට සිද්ධි කිහිපයක් කියන්නම්.

1986/87 මම සේවය කලේ වත්තල පිහිටි විදේශීය සමාගමකයි. අපේ ලොක්කා උන බෙල්ජියම් ජාතිකයා, හදිසි රැස්වීම් කැඳවන්නම උපන් එකෙක්. මේ කියන දිනයේදීත් හවස 3.45 ට විතර රැස්වීමක් කැඳවනකොට, මම මේකාගේ මෑණියන් සිහිපත් කලේ, අපට හවසට ගෙදර යන්න පරක්කු වෙන බව 100% ෂුවර් නිසයි.

Meeting එක ඉවර වෙලා, සාමාන්‍යයෙන් අපේ වැඩ අවසන් කරන වෙලාවට වඩා විනාඩි හතළිස්පහක් විතර පරක්කු වෙලා, පාරට ආපුවාම හැම දෙයක්ම අමුතුයි. කොළඹ බෝම්බයක් පිපිරිලා, (මේ කියන්නේ CBS බෝම්බය) මුළු කොළඹම පොළොවට සමතලා වෙලා වගේ කතාවන් තමයි අහන්න ලැබෙන්නේ. මොනවා උනත් මම ගෙදර යන්න එපා යෑ. මම සාමාන්‍යයෙන් පිටකොටුවට ගිහිල්ලා, එතැනින් කොට්ටාව බස් එකට නගිනවා. නමුත්, මම එදා ආපු බස් එක සුගතදාස ස්ටේඩියම් එක හරියට එනකොට ජාත්‍යාලය පටන් අරං. තෝසේ කඩ වලට, දෙමල ව්‍යාපාර වලට හිටු කියලා ගහනවා. පාරේ වාහන යන්න ඉඩ දෙන්නේත් නැහැ. හැම වාහනයක්ම ආපහු හරවලා අරිනවා. මම හිටපු බස් එකත් ආපහු හරවලා යැව්වාම, මම කොහොම හරි කිරිබත්ගොඩ අපේ නැන්දලාගේ ගෙදරට ගිහිං රාත්‍රිය එහි ගත කළා.

පහුවදා උදේ හයට ඇඳිරි නීතිය ඉවත් කල වහාම මම ගෙදර යන්න හිතා ගෙන පිටකොටුවට ආවා. බෝම්බය පිපුරුණ තැන වටේට මිනිස්සු රැස්වෙලා ඉන්න නිසා මමත් ගිහින් බැලුවා. එතැන තිබුන දර්ශනයක් මගේ මුළු ජීවිතය පුරාවටම මගේ හිතේ තියනවා.

වර්ග අඟල් හත අටක ප්‍රමාණයේ මිනිස් (කාන්තා) හිස් කටුවක කෑල්ලක් අඩි දෙකතුනක් දිග හිසකෙස් සහිතව එතන තියනවා. අවුරුදු තිස් පහක් පරණ අතීතය උනත්, මේ දර්ශනය මගේ හිතෙන් මැකී ගිහින් නැහැ. කවදාවත් මැකී යන්නේත් නැහැ.

මගේ ලොක්කා මේ රැස්වීම කැඳවුයේ නැතිනම්, ඔය කියන වෙලාවේ මම ඉන්නේ පිටකොටුවේයි. බෝම්බයෙන් අනතුරක් විය හැකි උනත්, නොවිය හැකි උනත් මේ රැස්වීම මට ආශිර්වාදයක් උනා කියලා කිව යුතුයි..

1991/2 වගේ කාලයක (මේවායේ දින වකවානු ගුගල් වලින් හොයාගන්න පුළුවන් උනත්, මම ඒවා හොයන්න උත්සාහ කලේ නැහැ) මම ලංකාවට නිවාඩුවකට පැමිණ, මගේ පරණ කාර්යාලයට (කොම්පඥඥ වීදියේ) ගිහින්, එදා හවස මගේ පරණ කාර්යාල සගයන් සමග ඩ්‍රින්ක් එකක් දාලා විනෝද වෙන හැටි ගැන කතා කරමින් හිටියා. හරියටම එදා, ඒ මොහොතේ JOC බෝම්බය පුපුරා ගියා. ඩ්‍රින්ක් එකක් දාලා විනෝද වෙනවා තියා පණ බේරා ගන්න ලැබුන එකත් වාසනාවක්.

මගේ තාත්තාගේ 80 වැනි උපන් දිනය වෙනුවෙන් මම ලංකාවට ආවා. යාමට සහ ඒමට ගුවන් ගමන පැය 24 කටත් වඩා වැඩි උනත්, මම ලංකාවේ ගත කරන කාලය පැය 22 වගේ. හරියටම මම එයාපෝර්ට් යන්න පැය කිහිපයකට කලින් මීගමු පාරේ ජා ඇල හරියේ බෝම්බයක් පුපුරලා මන්ත්‍රී කෙනෙකුව ඝාතනය කළා. ගුවන් තොටුපොල වහලා, මට ඒකෙන් විඳින්න උන කරදර ගැන මතක් කරන්නවත් මම කැමති නැහැ.

[QUOTE="1sam, post: 27219528, member: 557062"] මේ මාතෘකාව විහිළුවකට ගන්න හොඳ නැහැ. එහෙම කිරීම මේවායින් මියගිය, තුවාල ලැබූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල ආදරවන්තයන්ට කරන අගෞරවයක්. මේ ප්‍රශ්න තිබුන කාලය ගැන මටත් අත්දැකීම් කිහිපයක් තියනවා. නමුත් ඒවා එකක්වත් අද වගේ නත්තල් දවසක සිහි කරලා සතුටු වෙන්න පුළුවන් දේවල් නොවෙයි. නමුත්, මම ඉහත කියූ විදියට, මේවායින් මියගිය, තුවාල ලැබූ අයට කරන ගෞරවයක් හැටියට සිද්ධි කිහිපයක් කියන්නම්. 1986/87 මම සේවය කලේ වත්තල පිහිටි විදේශීය සමාගමකයි. අපේ ලොක්කා උන බෙල්ජියම් ජාතිකයා, හදිසි රැස්වීම් කැඳවන්නම උපන් එකෙක්. මේ කියන දිනයේදීත් හවස 3.45 ට විතර රැස්වීමක් කැඳවනකොට, මම මේකාගේ මෑණියන් සිහිපත් කලේ, අපට හවසට ගෙදර යන්න පරක්කු වෙන බව 100% ෂුවර් නිසයි. Meeting එක ඉවර වෙලා, සාමාන්‍යයෙන් අපේ වැඩ අවසන් කරන වෙලාවට වඩා විනාඩි හතළිස්පහක් විතර පරක්කු වෙලා, පාරට ආපුවාම හැම දෙයක්ම අමුතුයි. කොළඹ බෝම්බයක් පිපිරිලා, (මේ කියන්නේ CBS බෝම්බය) මුළු කොළඹම පොළොවට සමතලා වෙලා වගේ කතාවන් තමයි අහන්න ලැබෙන්නේ. මොනවා උනත් මම ගෙදර යන්න එපා යෑ. මම සාමාන්‍යයෙන් පිටකොටුවට ගිහිල්ලා, එතැනින් කොට්ටාව බස් එකට නගිනවා. නමුත්, මම එදා ආපු බස් එක සුගතදාස ස්ටේඩියම් එක හරියට එනකොට ජාත්‍යාලය පටන් අරං. තෝසේ කඩ වලට, දෙමල ව්‍යාපාර වලට හිටු කියලා ගහනවා. පාරේ වාහන යන්න ඉඩ දෙන්නේත් නැහැ. හැම වාහනයක්ම ආපහු හරවලා අරිනවා. මම හිටපු බස් එකත් ආපහු හරවලා යැව්වාම, මම කොහොම හරි කිරිබත්ගොඩ අපේ නැන්දලාගේ ගෙදරට ගිහිං රාත්‍රිය එහි ගත කළා. පහුවදා උදේ හයට ඇඳිරි නීතිය ඉවත් කල වහාම මම ගෙදර යන්න හිතා ගෙන පිටකොටුවට ආවා. බෝම්බය පිපුරුණ තැන වටේට මිනිස්සු රැස්වෙලා ඉන්න නිසා මමත් ගිහින් බැලුවා. එතැන තිබුන දර්ශනයක් මගේ මුළු ජීවිතය පුරාවටම මගේ හිතේ තියනවා. වර්ග අඟල් හත අටක ප්‍රමාණයේ මිනිස් (කාන්තා) හිස් කටුවක කෑල්ලක් අඩි දෙකතුනක් දිග හිසකෙස් සහිතව එතන තියනවා. අවුරුදු තිස් පහක් පරණ අතීතය උනත්, මේ දර්ශනය මගේ හිතෙන් මැකී ගිහින් නැහැ. කවදාවත් මැකී යන්නේත් නැහැ. මගේ ලොක්කා මේ රැස්වීම කැඳවුයේ නැතිනම්, ඔය කියන වෙලාවේ මම ඉන්නේ පිටකොටුවේයි. බෝම්බයෙන් අනතුරක් විය හැකි උනත්, නොවිය හැකි උනත් මේ රැස්වීම මට ආශිර්වාදයක් උනා කියලා කිව යුතුයි.. 1991/2 වගේ කාලයක (මේවායේ දින වකවානු ගුගල් වලින් හොයාගන්න පුළුවන් උනත්, මම ඒවා හොයන්න උත්සාහ කලේ නැහැ) මම ලංකාවට නිවාඩුවකට පැමිණ, මගේ පරණ කාර්යාලයට (කොම්පඥඥ වීදියේ) ගිහින්, එදා හවස මගේ පරණ කාර්යාල සගයන් සමග ඩ්‍රින්ක් එකක් දාලා විනෝද වෙන හැටි ගැන කතා කරමින් හිටියා. හරියටම එදා, ඒ මොහොතේ JOC බෝම්බය පුපුරා ගියා. ඩ්‍රින්ක් එකක් දාලා විනෝද වෙනවා තියා පණ බේරා ගන්න ලැබුන එකත් වාසනාවක්. මගේ තාත්තාගේ 80 වැනි උපන් දිනය වෙනුවෙන් මම ලංකාවට ආවා. යාමට සහ ඒමට ගුවන් ගමන පැය 24 කටත් වඩා වැඩි උනත්, මම ලංකාවේ ගත කරන කාලය පැය 22 වගේ. හරියටම මම එයාපෝර්ට් යන්න පැය කිහිපයකට කලින් මීගමු පාරේ ජා ඇල හරියේ බෝම්බයක් පුපුරලා මන්ත්‍රී කෙනෙකුව ඝාතනය කළා. ගුවන් තොටුපොල වහලා, මට ඒකෙන් විඳින්න උන කරදර ගැන මතක් කරන්නවත් මම කැමති නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom