Life during the war

-333-

Well-known member
  • Aug 3, 2014
    10,065
    12,920
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ කාලේ පට්ට ක්ට්ටක් කෑවේ. කොයි වෙලේ මැරේයි ද කියන්න දන්නේ නැහැ. කන ලගින් රූන් ගාලා මෝටර්, මිසයිල යනවා. RPG ඊට හපන්.

    කෆිර් නැඟුවා ගමන් පොඩි බාප්පා කෝල් කරනවා. අපි ටක් ගාල දුවල ගිහින් ඇද යට රිංගලා කන් වහ ගන්නවා.

    දවසට හැම දාම වෙඩි සද්ද, බොම්ම්බ පිපිරෙනවා. ගෙවල් ගාවින් හැමදාම යුද්ද ටැංකි, buffal යනවා.

    එක පාරට කොටි අවා කියලා නිව්ස් එනවා. විනාඩියක් යන්න කලිං හමුදාවෙන් ඇවිත් පොඩ පොඩා කියලා එලවනවා.

    අපි හිටියේ ඒ කාලේ havelock ටවුන් කිට්ටුව.
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මරදානෙ බෝම්බෙ ගහද්දි හිටියෙ ටවුන් හෝල් එකේ..
    ඒ කාලෙ කොළඹ යද්දී හැමදාම රත්මලානෙ චෙක් පොයින්ට් එකේ බස්සල බෑග් චෙක් කරනව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    මේක දැක්කම මතක් උනේ ලගදි පේස්බුක් වල හමුදාවේ ඉදපු කිහිපදෙනෙක් දාල තිබ්බ යුද්දේ කාලේ උබල ඇඳන් යට හැංගිලා හිටියේ කියල.

    කිරියේ උබලත් එහෙමද හිටියේ යුද්ද කාලේ ?

    අපි නම් සාමාන්‍ය විදිහට හිටියා. රට වටේම ට්‍රිප් ගියා (උතුරේ හැර)
    කොළඹ ගියා ආව සැක කටයුතු උන් දැක්කම , පාර්සල් දැක්කම බය උනා ඒ ගැන සැලකිලිමත් උනා
    චෙක් පොයින්ට් වල රස්තියාදුවට , කරදරේට බැන බැන හිටියේ නෑ සහයෝගය දුන්නා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    ගාල්ලේ නේවි බේස් එකට කොටි ගහන්න ආව වෙලේ හිටියෙ ඉස්කෝලෙ. 6 වසරෙ විතර ඇති. උදේ රැස්වීම වෙලේ. ප්‍රින්සිපලුයි, මිස්ලා, සර්ලා කට්ටියයි අපිට කිව්වා ඉකමණට පන්තිවලට යන්න කියලා. දෙමව්පියෝ එහෙම කළබල වෙලා ඉස්කෝලෙට ආව ළමයි එක්කගෙන යන්න කියලා. ඒ වුණාට එක්කෙනෙක්ටවත් ඉස්කෝලෙට එන්න දුන්නෙ නෑ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    What was your life like while the war going on ? How were you effected by it?
    මේ මාතෘකාව විහිළුවකට ගන්න හොඳ නැහැ. එහෙම කිරීම මේවායින් මියගිය, තුවාල ලැබූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල ආදරවන්තයන්ට කරන අගෞරවයක්.

    මේ ප්‍රශ්න තිබුන කාලය ගැන මටත් අත්දැකීම් කිහිපයක් තියනවා. නමුත් ඒවා එකක්වත් අද වගේ නත්තල් දවසක සිහි කරලා සතුටු වෙන්න පුළුවන් දේවල් නොවෙයි. නමුත්, මම ඉහත කියූ විදියට, මේවායින් මියගිය, තුවාල ලැබූ අයට කරන ගෞරවයක් හැටියට සිද්ධි කිහිපයක් කියන්නම්.

    1986/87 මම සේවය කලේ වත්තල පිහිටි විදේශීය සමාගමකයි. අපේ ලොක්කා උන බෙල්ජියම් ජාතිකයා, හදිසි රැස්වීම් කැඳවන්නම උපන් එකෙක්. මේ කියන දිනයේදීත් හවස 3.45 ට විතර රැස්වීමක් කැඳවනකොට, මම මේකාගේ මෑණියන් සිහිපත් කලේ, අපට හවසට ගෙදර යන්න පරක්කු වෙන බව 100% ෂුවර් නිසයි.

    Meeting එක ඉවර වෙලා, සාමාන්‍යයෙන් අපේ වැඩ අවසන් කරන වෙලාවට වඩා විනාඩි හතළිස්පහක් විතර පරක්කු වෙලා, පාරට ආපුවාම හැම දෙයක්ම අමුතුයි. කොළඹ බෝම්බයක් පිපිරිලා, (මේ කියන්නේ CBS බෝම්බය) මුළු කොළඹම පොළොවට සමතලා වෙලා වගේ කතාවන් තමයි අහන්න ලැබෙන්නේ. මොනවා උනත් මම ගෙදර යන්න එපා යෑ. මම සාමාන්‍යයෙන් පිටකොටුවට ගිහිල්ලා, එතැනින් කොට්ටාව බස් එකට නගිනවා. නමුත්, මම එදා ආපු බස් එක සුගතදාස ස්ටේඩියම් එක හරියට එනකොට ජාත්‍යාලය පටන් අරං. තෝසේ කඩ වලට, දෙමල ව්‍යාපාර වලට හිටු කියලා ගහනවා. පාරේ වාහන යන්න ඉඩ දෙන්නේත් නැහැ. හැම වාහනයක්ම ආපහු හරවලා අරිනවා. මම හිටපු බස් එකත් ආපහු හරවලා යැව්වාම, මම කොහොම හරි කිරිබත්ගොඩ අපේ නැන්දලාගේ ගෙදරට ගිහිං රාත්‍රිය එහි ගත කළා.

    පහුවදා උදේ හයට ඇඳිරි නීතිය ඉවත් කල වහාම මම ගෙදර යන්න හිතා ගෙන පිටකොටුවට ආවා. බෝම්බය පිපුරුණ තැන වටේට මිනිස්සු රැස්වෙලා ඉන්න නිසා මමත් ගිහින් බැලුවා. එතැන තිබුන දර්ශනයක් මගේ මුළු ජීවිතය පුරාවටම මගේ හිතේ තියනවා.

    වර්ග අඟල් හත අටක ප්‍රමාණයේ මිනිස් (කාන්තා) හිස් කටුවක කෑල්ලක් අඩි දෙකතුනක් දිග හිසකෙස් සහිතව එතන තියනවා. අවුරුදු තිස් පහක් පරණ අතීතය උනත්, මේ දර්ශනය මගේ හිතෙන් මැකී ගිහින් නැහැ. කවදාවත් මැකී යන්නේත් නැහැ.

    මගේ ලොක්කා මේ රැස්වීම කැඳවුයේ නැතිනම්, ඔය කියන වෙලාවේ මම ඉන්නේ පිටකොටුවේයි. බෝම්බයෙන් අනතුරක් විය හැකි උනත්, නොවිය හැකි උනත් මේ රැස්වීම මට ආශිර්වාදයක් උනා කියලා කිව යුතුයි..

    1991/2 වගේ කාලයක (මේවායේ දින වකවානු ගුගල් වලින් හොයාගන්න පුළුවන් උනත්, මම ඒවා හොයන්න උත්සාහ කලේ නැහැ) මම ලංකාවට නිවාඩුවකට පැමිණ, මගේ පරණ කාර්යාලයට (කොම්පඥඥ වීදියේ) ගිහින්, එදා හවස මගේ පරණ කාර්යාල සගයන් සමග ඩ්‍රින්ක් එකක් දාලා විනෝද වෙන හැටි ගැන කතා කරමින් හිටියා. හරියටම එදා, ඒ මොහොතේ JOC බෝම්බය පුපුරා ගියා. ඩ්‍රින්ක් එකක් දාලා විනෝද වෙනවා තියා පණ බේරා ගන්න ලැබුන එකත් වාසනාවක්.

    මගේ තාත්තාගේ 80 වැනි උපන් දිනය වෙනුවෙන් මම ලංකාවට ආවා. යාමට සහ ඒමට ගුවන් ගමන පැය 24 කටත් වඩා වැඩි උනත්, මම ලංකාවේ ගත කරන කාලය පැය 22 වගේ. හරියටම මම එයාපෝර්ට් යන්න පැය කිහිපයකට කලින් මීගමු පාරේ ජා ඇල හරියේ බෝම්බයක් පුපුරලා මන්ත්‍රී කෙනෙකුව ඝාතනය කළා. ගුවන් තොටුපොල වහලා, මට ඒකෙන් විඳින්න උන කරදර ගැන මතක් කරන්නවත් මම කැමති නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,658
    113
    එකමත් එක රටක
    කටුනායකට ආපු කුරුම්බැට්ටි මැසිම ඔලුව උඩින් ගියා :baffled:
    ගොනා වගේ එලියට ගියා නේ camp එකෙන් උඩින් ගහද්දීත්.
    පට්ට ලස්සනයි camp එකේ ඉදින් එක දිගට ගහද්දි . 🤗
    current කපල තිබ්බේ මම හිතන්නේ ඒ පැත්තේම.

    මම ඉස්කෝලේ යන්න ටිකක් කම්මැලි.හරියටම මම යන්නේ නැති දවස් තුන හතරකම කොළඹ බෝම්බ ගියා.
    දවසක් මම පන්තියේ ඉද්දි සර් කෙනෙක් අදත් බෝම්බයක් ගිය කතාවක් කිව්වා. එකෙක් කිව්වා "වෙන්න බෑ , අද මූ ඉස්කෝලේ ඇවිල්ල ස කියලා" :angry: එදා ඇත්තටම බෝම්බයක් ගියේ නෑ . :rolleyes:

    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේ මාතෘකාව විහිළුවකට ගන්න හොඳ නැහැ. එහෙම කිරීම මේවායින් මියගිය, තුවාල ලැබූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල ආදරවන්තයන්ට කරන අගෞරවයක්.

    මේ ප්‍රශ්න තිබුන කාලය ගැන මටත් අත්දැකීම් කිහිපයක් තියනවා. නමුත් ඒවා එකක්වත් අද වගේ නත්තල් දවසක සිහි කරලා සතුටු වෙන්න පුළුවන් දේවල් නොවෙයි. නමුත්, මම ඉහත කියූ විදියට, මේවායින් මියගිය, තුවාල ලැබූ අයට කරන ගෞරවයක් හැටියට සිද්ධි කිහිපයක් කියන්නම්.

    1986/87 මම සේවය කලේ වත්තල පිහිටි විදේශීය සමාගමකයි. අපේ ලොක්කා උන බෙල්ජියම් ජාතිකයා, හදිසි රැස්වීම් කැඳවන්නම උපන් එකෙක්. මේ කියන දිනයේදීත් හවස 3.45 ට විතර රැස්වීමක් කැඳවනකොට, මම මේකාගේ මෑණියන් සිහිපත් කලේ, අපට හවසට ගෙදර යන්න පරක්කු වෙන බව 100% ෂුවර් නිසයි.

    Meeting එක ඉවර වෙලා, සාමාන්‍යයෙන් අපේ වැඩ අවසන් කරන වෙලාවට වඩා විනාඩි හතළිස්පහක් විතර පරක්කු වෙලා, පාරට ආපුවාම හැම දෙයක්ම අමුතුයි. කොළඹ බෝම්බයක් පිපිරිලා, (මේ කියන්නේ CBS බෝම්බය) මුළු කොළඹම පොළොවට සමතලා වෙලා වගේ කතාවන් තමයි අහන්න ලැබෙන්නේ. මොනවා උනත් මම ගෙදර යන්න එපා යෑ. මම සාමාන්‍යයෙන් පිටකොටුවට ගිහිල්ලා, එතැනින් කොට්ටාව බස් එකට නගිනවා. නමුත්, මම එදා ආපු බස් එක සුගතදාස ස්ටේඩියම් එක හරියට එනකොට ජාත්‍යාලය පටන් අරං. තෝසේ කඩ වලට, දෙමල ව්‍යාපාර වලට හිටු කියලා ගහනවා. පාරේ වාහන යන්න ඉඩ දෙන්නේත් නැහැ. හැම වාහනයක්ම ආපහු හරවලා අරිනවා. මම හිටපු බස් එකත් ආපහු හරවලා යැව්වාම, මම කොහොම හරි කිරිබත්ගොඩ අපේ නැන්දලාගේ ගෙදරට ගිහිං රාත්‍රිය එහි ගත කළා.

    පහුවදා උදේ හයට ඇඳිරි නීතිය ඉවත් කල වහාම මම ගෙදර යන්න හිතා ගෙන පිටකොටුවට ආවා. බෝම්බය පිපුරුණ තැන වටේට මිනිස්සු රැස්වෙලා ඉන්න නිසා මමත් ගිහින් බැලුවා. එතැන තිබුන දර්ශනයක් මගේ මුළු ජීවිතය පුරාවටම මගේ හිතේ තියනවා.

    වර්ග අඟල් හත අටක ප්‍රමාණයේ මිනිස් (කාන්තා) හිස් කටුවක කෑල්ලක් අඩි දෙකතුනක් දිග හිසකෙස් සහිතව එතන තියනවා. අවුරුදු තිස් පහක් පරණ අතීතය උනත්, මේ දර්ශනය මගේ හිතෙන් මැකී ගිහින් නැහැ. කවදාවත් මැකී යන්නේත් නැහැ.

    මගේ ලොක්කා මේ රැස්වීම කැඳවුයේ නැතිනම්, ඔය කියන වෙලාවේ මම ඉන්නේ පිටකොටුවේයි. බෝම්බයෙන් අනතුරක් විය හැකි උනත්, නොවිය හැකි උනත් මේ රැස්වීම මට ආශිර්වාදයක් උනා කියලා කිව යුතුයි..

    1991/2 වගේ කාලයක (මේවායේ දින වකවානු ගුගල් වලින් හොයාගන්න පුළුවන් උනත්, මම ඒවා හොයන්න උත්සාහ කලේ නැහැ) මම ලංකාවට නිවාඩුවකට පැමිණ, මගේ පරණ කාර්යාලයට (කොම්පඥඥ වීදියේ) ගිහින්, එදා හවස මගේ පරණ කාර්යාල සගයන් සමග ඩ්‍රින්ක් එකක් දාලා විනෝද වෙන හැටි ගැන කතා කරමින් හිටියා. හරියටම එදා, ඒ මොහොතේ JOC බෝම්බය පුපුරා ගියා. ඩ්‍රින්ක් එකක් දාලා විනෝද වෙනවා තියා පණ බේරා ගන්න ලැබුන එකත් වාසනාවක්.

    මගේ තාත්තාගේ 80 වැනි උපන් දිනය වෙනුවෙන් මම ලංකාවට ආවා. යාමට සහ ඒමට ගුවන් ගමන පැය 24 කටත් වඩා වැඩි උනත්, මම ලංකාවේ ගත කරන කාලය පැය 22 වගේ. හරියටම මම එයාපෝර්ට් යන්න පැය කිහිපයකට කලින් මීගමු පාරේ ජා ඇල හරියේ බෝම්බයක් පුපුරලා මන්ත්‍රී කෙනෙකුව ඝාතනය කළා. ගුවන් තොටුපොල වහලා, මට ඒකෙන් විඳින්න උන කරදර ගැන මතක් කරන්නවත් මම කැමති නැහැ.
    ammo oya hena senior kenek neda ekiyanne :shocked:
     
    • Like
    Reactions: dilann and NVt69

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ගාල්ලේ නේවි බේස් එකට කොටි ගහන්න ආව වෙලේ හිටියෙ ඉස්කෝලෙ. 6 වසරෙ විතර ඇති. උදේ රැස්වීම වෙලේ. ප්‍රින්සිපලුයි, මිස්ලා, සර්ලා කට්ටියයි අපිට කිව්වා ඉකමණට පන්තිවලට යන්න කියලා. දෙමව්පියෝ එහෙම කළබල වෙලා ඉස්කෝලෙට ආව ළමයි එක්කගෙන යන්න කියලා. ඒ වුණාට එක්කෙනෙක්ටවත් ඉස්කෝලෙට එන්න දුන්නෙ නෑ.
    ගාල්ලේ කොහෙද උඹේ ඉස්කෝලේ.. මමත් ගාල්ලේ තමයි...
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    ඔය උඹ කිව්වේ 2006 ගහපු සීන් එක නේද?? ඊට ඉස්සෙල්ලත් ගහන්න ආව එකපාරක් 90 ගණන් වල..
    ඔව් 2006 වෙච්ච එක තමයි. LTTE එකේ එවුන් බෝට්ටු වලින් ඇවිල්ල ඇටෑක් එක කරේ. නේවි එකේ දෙන්නෙකුත් ද කොහෙද නැතිවුණා.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,545
    1,527
    113
    Galle
    ගාල්ලේ නේවි බේස් එකට කොටි ගහන්න ආව වෙලේ හිටියෙ ඉස්කෝලෙ. 6 වසරෙ විතර ඇති. උදේ රැස්වීම වෙලේ. ප්‍රින්සිපලුයි, මිස්ලා, සර්ලා කට්ටියයි අපිට කිව්වා ඉකමණට පන්තිවලට යන්න කියලා. දෙමව්පියෝ එහෙම කළබල වෙලා ඉස්කෝලෙට ආව ළමයි එක්කගෙන යන්න කියලා. ඒ වුණාට එක්කෙනෙක්ටවත් ඉස්කෝලෙට එන්න දුන්නෙ නෑ.
    I was on calvary hill..i saw the attack malli