Live! ගුරු විරෝධතාව

dilann

Well-known member
  • Jul 6, 2018
    67,245
    166,457
    113
    එකමත් එක රටක
    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් ශ්‍රේණි 13 සිට 12 දක්වා අඩු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ අයවැය සඳහා 2023 වසර ප්‍රගතිය සහ 2024 සඳහා සැලසුම් ඉදිරිපත් කරමින් මේ බව පැවසී්‍ය.

    යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සෑම දරුවෙකුටම වසර 17කින් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙයි.

    ඒ අනුව පෙර පාසල් අධ්‍යාපනය ලබන වයස අවුරුදු 4 ලෙසත්, ප්‍රාථමික අංශය 1-5 ශ්‍රේණි ලෙසත්, කනිෂ්ඨ අංශය 6-8 ශ්‍රේණි ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශ 9 සිට 12 දක්වාත් වර්ග කරයි.

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක් සහ විභාගවලින් යම් ප්‍රතිශතයක් ලබාදීමට යෝජනා වී ඇති අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සරල කර තරගකාරීත්වය නැති කිරීමට ද නියමිතය.

    සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියේ පැවැත්වීමටත් උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියට පැවැත්වීමටත් යෝජනා වී ඇත.

    සාමාන්‍ය පෙළ සඳහා විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමටත් උසස් පෙල විෂයයන් 6 සිට 8 දක්වා වැඩි කර නව විෂයන් දෙකක් එක් කෙරේ.

    සාමාන්‍ය පෙළ විභාගයෙන් කිසිඳු දරුවෙකු අසමත් නොවන අතර සාමාන්‍ය පෙළ සමත් සියලුම දරුවන් විභාගයට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබාදිය දෙයි.

    උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය ලෙස වර්ග දෙකකට වර්ග කර සෑම දරුවෙකුටම උපාධියක් ලබා ගැනීමට මාර්ගයක් සකස් කරයි.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,877
    21,119
    113
    magic karaeyak da ban :LOL:


    368868648_772554324875046_4605563998803571713_n.jpg