Living together.
==============
විවාහයකට පෙර එක්ව ජීවත්වීම ශ්‍රී ලංකාවේ නම් හිත යටින් WOW කියා සිතන පිටතින් හිරිකිත දෙයකි. එසේ ජීවත් වීමට අප රටේ එතරම් අවකාශ නැත. ඒ නිසා එය බලන්නන්ට කට ඇඹුල් වෙන රසවත් දෙයකි.
විවාහයට පෙර එකට ජීවත් වීමෙන් ලැබෙන වාසි බොහෝ ඇත.
Living together නිසා තමා ඉදිරියේ දී විවාහ වීමට සිටින කෙනෙකුගේ හෝ ආදරය කරන කෙනාගේ ගති පුරුදු, පෞරුෂය සහ හැසිරීම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඔබට හැකි වේ.
මන්ද යත් ඔබ කෙතරම් විශ්ව විද්‍යාලයේ දී හෝ fb එකේ ඇසුරු කර තිබුනත්, ඔබට ඒ පුද්ගලයා පවුලක් තුල කෙසේදැයි සිතා ගත නොහැක.
සරල උදාහරණයක් ගතහොත් අත් දිගට දමා smart ව හැඳ ප්‍රිය මනාප ලෙස සිටින ඔබ පෙම්වතා එක වරම කොට කලිසමක් ඇඳ කමිසයක් ද නැතිව බඩ එලියේ දමා ගෙන සිටිනු ඔබ දුටුවොත් ඔබට කලන්තය දමනු ඇත.
සහවාසය, විවාහයට සම්පූර්ණයෙන් කැපවීමට පෙර සබඳතාවයක් පරීක්‍ෂා කිරීමට හොඳ ක්‍රමයකි. බොහෝ දෙනා සම්බන්ධතා තුළ අස්ථාවර ය. බොහෝ දුරට එකින් එකට මාරැවීයන extra marital affairs වලින් එය නිරූපනය වේ.
විවාහය ඔබේ මූලික අරමුණ නොවන අවස්ථාවකදී ඔබට ආරක්ෂිතව, ප්‍රේම සම්බන්ධතාවයකට ගැලපෙන සතුටින් ජීවත් විය හැක.
එහිදී මිනිසා පෙලෙන තනිවීම යන දරුණු පාළුවෙන් මිදිය හැක. හැබැයි ඉන් fb පරිශීලකයන් ගෙන් සීයට පනහක් පමණ අඩු විය හැක.
එය අවකාශයක් ඔබට සම්බන්ධ කර ගැනීමට සලස්වයි.
එමගින් ඔබට මූල්යමය වශයෙන් නැට්ටටම කෙලවාගෙන නැවත පසුව සකසා ගැනීමට පුළුවන් වේ.
හවුල් වගකීම් සම්බන්ධයෙන් ගතහොත් විවාහය හා සසඳන විට මැද තැනකට පැමිනීමට ලැබීම වාසියකි. උදා. ඔබට දරුවන් සෑදීම ගැන නොසිතා සිටිය හැකිය. මේ නිසාම වඩා නිදහස් සහ " පහසු" ජීවිතයක් ඔභට ලැබේ
මෙම කාලය තුල වෙනත් සම්බන්ධතාවයක් ඇතිවීනම් පුද්ගලයන්ට පහසුවෙන් එකිනෙකාගෙන් වෙන්ව යා හැකිය.
එවිටම අනෙත් සගයාට හඬා දොඩා වැලපී කවි ලියා සාහිත්‍ය කරැවෙකු වීමට හැකියාව ලැබේ.
මේ බොහෝ වාසි විවාහයෙන් ද ලබා ගැනීමට හැකි මුත් ඒ හැර යාමේ පහසුව රහිතවය.
ඔබ විවාහයට පෙර එකට ජීවත් වන්නේ නම් විවාහය වඩාත් සාර්ථකද?
විවාහයට පෙර එකට ජීවත් වීමෙන් ඔබේ සම්බන්ධය වැඩි දියුණු වනු ඇතැයි යන ප්‍රහසනය ඔබ විශ්වාස නොකළ යුතුයැයි මම විශ්වාස කරමි.
ඒ සඳහා වන කිසිදු පර්යේෂන මය සාක්ෂියක් ද නොමැත.
සමාජ හා පවුල් පීඩනය මෙහි ඕනෑම කෙනෙකුට අත්දකින්නට ලැබෙන ගැටලුවකි. "බඳින්න, බඳින්න"යැයි බොහෝ දෙනා ඔබට කීවත් ඔබ සිටින්නේ ඒ ජීවිතයට ඇබ්බැහි වීය.
වෙනත් කැපවීම් ප්‍රමාද කිරීමට ඔබ උත්සාහ කරයි. උදාහරණයක් ලෙස දරුවන් හැදීම, රැකියාවේ සහ මූල්‍ය ස්ථාවරත්වය දැක්විය හැකිය.
සහජීවන සහකරුවන් හැර ගිය විට බොහෝ දෙනා විවාහයකට නොගොස් නැවත එවැනි සම්බන්ධයකට යොමු වීමට වැඩි නැඹුරුවක් දක්වය.
දරුවන් ලැබීමේ ඉහළ සම්භාවිතාව නිසා එය අනවශ්‍ය ගැබ් ගැනීමක් විය හැක. එවිට එය වෙන් වීම්, අපහාස වීම් සහ ගබ්සා වීමේ පොත් වල සටහන් වීම් පෙන්වයි. මෙය ලොව සෑම රටකටම පොදුය.
සම්බන්ධ තාවයක මුල් අවදියේ එකිනෙකා අතර ගැලපීම අඩු නිසා ගැටළු අධික වේ. මෙහිදී පවුලෙන් හෝ වෙනත් අයගෙන් ලැබෙන සහය විවාහයට වඩා අඩුය. මේ නිසාම living together හීදී ප්‍රචණ්ඩත්වය, අවිශ්වාසය හැරයාම් වැඩිය.
විවාහයට පෙර සහජීවනයෙන් ජීවත්වූවන්ගෙන් සාපේක්ෂව ඉහල සම්භාවිතාවක් දික්කසාදය වෙත යොමු වෙති. බොහෝ අය සිතන පිරිදි පරිදි විවාහය සඳහා ප්‍රයෝජනවත් “පරීක්ෂණයක්” ලෙස මෙය ගත හැකි දැයි නැවත අවලෝකනය කළ යුතුය.
නවමු විවාහයේ ප්‍රීතිය කිසිම නැවුම් බවකින් තොර වියලි නිම්නයක් වීම එක්ව විසීමකට පසු විවාහ වීම තුලින් සිදුවීම නම් වැලැක්විය නොහැකි බව මම ප්‍රත්‍යක්ෂයෙන් දනිමි.