Liyathambara | ළියතඹරා...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    lyricsliyathambara.jpg


    ලියතඹරා...
    මෘදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකෙ ජීවේ ඇයයි..

    මායාව... මායාව... ‍ලොව රවටනා
    සිහිනයකි... සිහිනයකි... අඳුරෙ පාවෙනා
    වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
    මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි

    ලියතඹරා...

    මිරිඟුවකි... මිරිඟුවකි... අප රවටනා
    දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
    නිල් නයන බිගුකැලකි නෙත් සරය සුමුදුයි
    මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි

    ලියතඹරා...


    නිදහස් වෙලාවක ගිහින් බලන්න...

     
    • Like
    Reactions: maheshlakshan

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    ලස්සන මියුසික්, ලස්සන සිංදුවක්
    පරණ උනත් තාම අහන්න පුලුවන්