ලංකාවේ සමහර අය තාමත් හිතන් ඉන්නේ නම දිග තරමට තමයි තත්වේ කියලා. එහෙම කාලෙකුත් තිබුන මගේ හිතේ. එත් දැන් රට සමාජය වෙනස් වෙලා. දැන් නමක් අවශ්‍ය පුද්ගලයෙක්ව හඳුනාගන්න විතරයි. මේ මනුස්සය නම හින්ද ගොඩක් අමාරුවේ වැටෙයි. මොකද ගොඩක් paper සහ online form වල තියෙන ඉඩ මදියි ඔය නම ලියන්න. ඊට පස්සේ එක එක එව්වට අනන්‍යතාවය තහවුරු කරන්න ගියාම කෙල වෙනවා. ඒ හින්ද අපේ සමහර දෙමවුපියනුත් අර පරණ හන මිටි සිතුවිලි අත ඇරලා සිහි කල්පනාවෙන් යමක් කරොත් හොඳයි.




