Love help~!!!!!!!!!!

sajith31

Junior member
  • Oct 6, 2010
    73
    2
    8
    මම දැනට මාස 2 කට විතර කලින් girl කෙනෙක් ගෙන් යාලුවෙන්න ඈහුව. එය ගැන හැම දේම හොයල බලල තමයි යාලුවෙන්න ඇහුවේ. මුලින්ම එයාකිව්ව එයාට decision එකක්
    ගන්න බැහැ කියල. නමුත් එයා දැන් මට ඊයේ කියනවා ,මම ගොඩක් හොද boy කෙනෙක් ලු
    ඒත් එයා ගැන බලපොරොත්තු තියාගන්න එපාලු. එයාට, මට අකමැති වෙන
    reason එකක් නැතිලු .but එයා ගැන බලපොරොත්තු තියාගන්න එපාලු.මම එයාගෙන් ඇහුව, තීරණයක් ගන්න බැරි මොකද කියලා. නමුත් එයා කියන්නේ එයාව තරුම් ගන්න එයාට තීරණයක් ගන්න බැහැ කියලා.
    මම දැන් ඊලගට මොකක්ද කරන්නේ ? මට හිතා ගන්න බැහැ . ඔයාලට පුලුවන්ද මට උදව් කරන්න.?
     
    • Like
    Reactions: Dulanzz

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,114
    3,541
    113
    46
    Buttala
    මචං උඹ කියපු දේවල් ඇත්ත නම් වැඩේ ගොඩ ගිහින් තියෙන්නේ. දැන් කෙල්ල උඹව check කරනව. ඇත්තටම උඹට ඒකිව ඕනෙද බලන්න. සමහර විට උඹට මාස 6න විතර කට්ට කන්න වෙයි. උඹ සිරාවටම ඒකිට ලව් නම්, මේ සම්බන්දේ පටන් ගත්තොත් උඹට කාගෙන්වත් බාල්දි පෙරලෙන්නෙත් නැත් නම්, උඹට sure එකටම ඒකිව marry කරන්නත් පුළුවන් නම්. ගේම අතාරින්නේ නැතුව, තරහ ගන්නේ නැතුව, ඒකිගේ දුක සැප බෙදාගෙන් කොටින්ම කියනවනම් දැන වැඩේ හරි කියල හිතාගෙන ඒකිව දිගටම ආස්සරේ කොරපන්... මාස 6න යන්න කලින් වැඩේ ගොඩ යනවා සිකුරුයි... වැඩේ ගොට ගියාම මතක් කරල මටත් කියපන්...
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    මම අපේ uncle කෙනෙක්ට වෙච්ච දෙයක් කියන්නම්. ඒ කතාව ඔයාට උදව්වක් වෙයි.

    එයා A/L කරන කාලේ ඒක girl කෙනෙක් ගැන විශේෂත්වයක් හිතුනලු.
    ඉතින් දවසක් class අරෙනකම් ඉදලා ඒ girlව meet වෙලා හිතේ තියෙන දේ කිව්වලු.:)
    ඒ උනාට ඒ girl එකපාරටම කිව්වේ
    අනේ අයියේ අපි තාම ඉගෙන ගන්නවනේ. ඉගෙනීම වැදගත් නේ :baffled: කියලාලු.
    ඒ පාර කිව්වලු
    හරි නංගි, මම ඔයාට තීරණයක්‌ ගන්න කල් දෙන්නම් කියලා.
    ඉතින් ටිකක් කල් ගිහින් ඇහුවලු තීරණයක්‌ ගත්තද කියලා.
    එත් කියන්නේ
    අපි ඉගෙනගන්න ඕනනේ.අපි තම ඉගෙන ගන්නවනේ කියලලු
    6.gif

    ඉතින් ඔහොම කාලයක් තිස්සේ ඇහුවලු
    same answer එකමලු:frown:.
    ඒ පාර මේ වැඩේ එපා වෙලා අපේ uncle ගිහින් අනිත් දවසේ ඒ girlට කිව්වලු,
    ඕව් ඔයා හරි නංගි. අපි ඔක්කොටම වඩා ඉගෙනීම කරගෙන ඉන්න ඕන කියලා. මම නැවත නංගිට කරදර කරන්නේ නෑ නංගි හොදට ඉගෙන ගන්න කියලා.
    මෙන්න එතකොට අර girl කිව්වලු
    අදනම් මම තීරණයක්‌ අරගෙනයි අවේ කියලා :eek:
    මම කැමති කිව්වලු
    8.gif


    ඒ දෙන්නා දැන් marry කරලා ඉන්නේ. ඒ auntyයි uncleලුයි දෙන්නම දැන් ගොඩක් හොදින් ඉන්නවා
    3.gif


    ගොඩක් කෙල්ලෝ කොල්ලන්ව ඔහොම නටවල හෙම්බත් කරනවා. ඒ තරහකට නෙමෙයි. ඇත්තටම ආදරෙයිද, කවදාවත් දාලා යන්නේ නැද්ද කියල බලන්නයි මං හිතන්නේ :nerd: