+ අම්මා මම යනවා... බුදු සරණයි..!!!
ඕ.. සොරි අනේ.. මම ඔයාව දැක්කෙ නෑ ඒකයි හැප්පුනේ.. සොරි හොදේ..
- අහ්... ඒකට කමක් නෑ..
ඔයා.. ඔයා කොහෙද මේ හදිස්සියෙ දුවන්නෙ??
ට්‍රේන් එකවත් අල්ලන්නද??
+ අපොයි නෑ.. මම මේ කෙමිස්ට්‍රි ක්ලාස් යනව...
හොදටම පරක්කුයි... අම්මගෙනුත් බැනුම් ගොඩයි..
- අහ්.... මාත් යන්නෙ කෙමිස්ට්‍රි ක්ලාස් තමයි...
මහින්ද සර්ගෙනෙ? අපි දෙන්නම යමු ඒනම්...
+ අහ්... ඔයා මාත් එක්ක යන්න.. නෑ.. නෑ..
එතකොට ක්ලාස් එකේ ළමයි හිතයි අපි දෙන්න යාළුයි කියල...
අපෝ.. මට බෑ..
- හාකො එහෙනම්.. ඔයා යන්න.
මම එන්නම්.
+ යනව තමා මම... ම්හ්..
ඕහ්..බස් එක.
(දැන් නැගපු අය ටිකට් ගන්න...නෝනා කොහෙටද?)
මම... ගම්පහ ටවුන් එකට එක්කෙනයි..
(ටික වේලාවකට පසු)
+ ඔහ් මයි ගෝඩ්... මගෙ සෙරප්පු දෙක?
- මොකද ඔයාට උනේ...
අහ්.. සෙරප්පු දෙක කැඩුන නේද?
+ අයියෝ ෂිට්.. ඔව්නෙ අප්පා..
දැන් මම මේක දාගෙන කොහොමද ක්ලාස් යන්නෙ?? අනේ..
- මම උදව් කරන්නද?
+ පුලුවන්නම් හා... වෙලාවෙ හැටියට තෑන්ක්ස්..
- ම්... මොකද දැන් කරන්නේ...
අහ් හරි.. ආ මෙන්න මගෙ බාට දෙක. ඕක දාගෙන ක්ලාස් එකට යන්නකො..
+ ඊයා අනේ... චී.. මේ බාට දෙක?
අපෝ මට එපා..
- ම්.. ඕකේ.. ඒනම් කමක් නෑ මම යන්නම්..
+ ඒයි.. ඒයි චුට්ටක් ඉන්නකො.
කමක් නෑ දෙන්නක.. මම දාගන්නම් ඔයාගෙ බාට දෙක...
ඒත් ඔයා එතකොට?
- හ්ම්... කමක් නෑ මට මේම අව්ලක් නෑ... මට පුරුදුයි..
එහෙනම් දැන් යමුද? හොදටම පරක්කුයි අපි..
+ හ්ම්...
- ඒත්... අපි මේම එකට ගිහින් ඔයාගෙ යාළුවො හිතුවොත් අපි යාළුයි කියල...
+ අහ් ඔව් නේ..? ඒකත් ඇත්ත?
කමක් නෑ.. මම කියනව එතකොට " ඔව් අපි යාළුයි. ඇයි අව්ල්ද? " කියල අහනව..
- ඒත්..
+ ඒත් නෙවෙයි මැට්ටො.. මම ඒම කීවට කමක් නෑ නේද?
- ඔයාට හරි මදි නේද එතකොට?
+ නෑ.. ඒම නෑ..
- හ්ම්... ඒනම් කමක් නෑ...
ඔයාගෙ කැමැත්තක්..
+ මම සියුමි.. ඔයාගෙ නම මොකක්ද?
- මම පවන්..
+ ම්.. හායි පවන්..
ඒක නෙවේ.. මම ඔයාට සපත්තු දෙකක් අරන් දෙන්නම්කො. මේ දෙක වෙනුවට?
හා නේද?
- නෑ.. කමක් නෑ..
මගෙ දුප්පත් කමට ගැලපෙන්නෙ මේ වගේ බාට දෙකක්.. ඉතිං ඒක මට ගොඩක් වටිනව.
+ අනේ ලමයො... මට සමාවෙන්න..
- ඒකට කමක් නෑ...
මට ඕව පුරුදුයි...
+ ඔයා හරි හොදයි පවන්... ආදරේ හිතෙනව..
- ඒමද? ඒත්..?
+ ඒත් නෙවෙයි මැට්ටො... මම කීවෙ ඇත්තටමයි..
අනේ මන්ද මටත් පිස්සු...
- ක්ලාස් එක ළගටම ආව.... තේරුනෙවත් නෑ..
+ හ්ම්... ඒකනේ..
ඔයා හෙටත් ක්ලාස් එනව නේද?
මේ වෙලාවටම අපි හෙටත් හම්බෙමු...
- ම්.. බලමුකො.
(එදායින් පසු පවන්ගේ පංති නොපැමිණීමට හේතුව සියුමි අදටත් නොදනී. නමුත් පවන්ගේ බාට දෙක පමනක් ඇය ගාව අදටත් සුරක්ෂිතව ඇති අතර ඇය පවන් කෙරෙහි වූ ලෙන්ගතු කමත් එසේම විය.)

Last edited: