LTTE රාම්, නගුලන්, කලයන් බිලිවන්නේ ජාත්‍යන්තර
උතුර-නැගෙනහිරද ඇතුළත් හැටදෙලක්‍ෂයක ඡන්ද ප්‍රමාණයකින් ඉකුත් 2015 ජනවාරි අට වැනිදා බිහිවූ මෛත්‍රි පාලනයත් සමඟ වත්මන් ආණ්‌ඩුවේ ඇත්තන් කියන්නට වූයේ දැන් ඉතින් රටට පූර්ණ සාමය උදා වූවා යෑයි කියාය.
යහපාලනයේ ආගමනයත් සමඟ බෙදුම්වාදය සහ කොටි ත්‍රස්‌තවාදය නිට්‌ටාවටම අවසන් වූ බවක්‌ද කීවේය. ජාතික ආරක්‍ෂාව සුපිරි බවද පැවසීය. ජාත්‍යන්තරයේ කණ්‌ණාඩි පැළඳ එසේ රට පිළිබඳ කතා කරන්නට වූ ආණ්‌ඩුව අවසානයේ ඒ අන්ධ විශ්වාසයේ ගිලී සිරගතව සිටි කොටි ත්‍රස්‌තවාදීන් හිස අතගා නිදහස් කර ගෙදර යෑවීය.
ඒ අතරේ දෙස් විදෙස් සියලු ෙද්‍රdaහී බලවේගයන්ගේ වුවමනාවන් අනුව 2015 මෛත්‍රි වෙනස වෙනුවෙන් දේශපාලන වේදිකා මතට රැගෙන ආ එක්‌නැලිගොඩ, රවිරාඡ් ආදී ලෙසින් වූ කතාවලට අදාළ විමර්ශන අරඹා රට රකින්නට උරදුන් විරුවෝ සිරගත කළහ.
එදා එල්ටීටීඊයේ මර්මස්‌ථාන ලෙස හඳුනාගෙන උපක්‍රමශීලීව හමුදා යටතේ තබා ගත් උතුරේ භූමිය යහපාලන ජයග්‍රහණයේ සැඟවුණු කොටස්‌කරුවන් වූ බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ වුවමනාව මත අතහැර දැමීය.
එතනිනුත් නොනැවතී එදා වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දේශපාලන බළඇණිය වූ දෙමළ ජාතික සන්ධානය රටේ විපක්‍ෂ බලවේගය බවට පත් කර මේ රට කැබලි කළ යුතු බව සැමදා පවසමින් බෙදුම්වාදය ඇදහූ ආර්. සම්බන්ධන්ට බන්දේසියක තබා විපක්‍ෂ නායක කමද පිදුවේය.
එසේ කළ ආණ්‌ඩුව දැන් කරමින් සිටිනුයේ කුමක්‌ද? ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ඝාතනය කරන්නට පැමිණි කොටි ත්‍රස්‌තවාදියාවත් නිදහස් කර යෑවූ රජය දැන් යහපාලනයට වහකදුරු වූ සුදු වෑන්ම යවා හිටපු කොටි ත්‍රස්‌තයන් උස්‌සමින් සිටින්නේය.
සියල්ල සිදු වෙමින් තිබෙන්නේ මාළු අල්ලන්නට ගෙනාවා යෑයි යහපාලනයේම ඇතැමුන් කී සැඟවුණු කොටියකු ලෙස සිටි එඩ්වඩ් පුලියන්ගේ චාවාකච්ෙච්රි බෝම්බයට මුවාවී ය. කොටි පවු කියා නිදහස් කළ ආණ්‌ඩුව දැන් කොටි අල්ලන්නේය. මේ මොන අප්‍රබ්‍රංශයක්‌ද? මෙවන් දේට කියන අපූරු කියමනක් අපේ ජනවහරේ ඇත. ඒ "අව්වයි වැස්‌සයි නරියගේ මඟුලයි" කියාය.
ඒ අනුව බලන කල අද යහපාලනය සමඟ බිහිවූ සම්මුතිවාදය "නරි මඟුලක්" බවට පත්ව තිබේද? එය කෙසේ වෙතත් චාවාකච්ෙච්රි බෝම්බ පිළිබඳ විමර්ශන කරන පොලිස් ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය "වැඩේ එච්චර දරුණු නැතැයි" මුලදී කීවද මේ වන විට හිටපු එල්ටීටීඊ නායකයන් තිදෙනකු හා බෙදුම්වාදී දෙමළ ජාතික සන්ධානයේ තරුණ නායකයකු ඇතුළුව හිටපු කොටි ත්‍රස්‌තයන් පහළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර සිටින හිටපු කොටි නායකයන් වන්නේ නැගෙනහිර සන්නද්ධ නායකයා වූ එඩිමලසංගම් අවිචන්ද්‍රන් හෙවත් රාම්, ඔහුගේ දෙවැනියා වූ කනකපිල්ලේ ශිවමූර්ති හෙවත් නගුලන් සහ ත්‍රිකුණාමලය සන්නද්ධ නායකයකුව සිටි කලේඅරසන් හෙවත් කලයන්ය.
ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ චාවාකච්ෙච්රි කොටියාගේ ප්‍රකාශ මත විය යුතුය. එහෙත් අත්අඩංගුවට ගත් හිටපු කොටි නායකයන් තිදෙනාගේ පෙරාපර සන්ධි ගලපා ඔවුන්ගේ පැටිකිරිය දෙස බැලීමේදී එකී අත්අඩංගුවට ගැනීම පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් මතු නොවන්නේද?
රාම්, නගුලන් සහ කලයන් යනු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ඉකුත් 2015 වසරේ ජනවාරි 08 වැනිදා දක්‌වාම ඉතාම රහසේ කරගෙන ගිය "ඔපරේෂන් ඩබල් ඒඡ්" මෙහෙයුමේ ප්‍රබල කොටස්‌කරුවන් වීම අපේ මේ ප්‍රශ්නාර්ථයට හේතු වී ඇත.
මෙකී රාම්, නගුලන් සහ කලයන් යන හිටපු කොටි නායකයන්ගේ ඉතිහාසය ම්ලේච්ඡය. නමුත් ඒ පිළිබඳ දැන් කතා කිරීම අනවශ්‍ය ය. ඊට හේතු මේ සටහන අවසානයට යන විට ඔබට වැටහෙනු ඇත. එහෙත් මේ කතාවේදී ඔවුන්ගේ මෑත කාලීන වර්තමාන දිගහැරුම ඉතා වැදගත් වන්නේය.
ඉකුත් 2009 වසර යනු මේ රටේ විජයග්‍රාහී වසර ය. 2009 මැයි මස 18 වැනිදා සිදු වූ ප්‍රභාකරන්ගේ අවසානය සමඟ යුද්ධය අවසන් විය. නමුත් එසේ යුද්ධයේ නිමාව සටහන් වුවද යුද ගුවන් නාවික යන ත්‍රිවිධ හමුදාවන්හි බුද්ධි අංශ සියල්ල අහවර කර කඩේ වසා දමන්නට සූදානම් නොවින.
ඔවුහු අවදියෙන් සිටියහ. අවසන් සටනේදී පලා ගිය කොටි ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් කිහිපයක් මන්නාරම, ත්‍රිකුණාමලය, වව්නියාව සහ මඩකලපුව ආදී ප්‍රදේශවල කැලෑ තුළ සැඟවී සිටිමින් විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවේ මෙරටට හතුරු ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ පිහිටෙන් යළි හිස එසැවීමට සූදානම් වන බව බුද්ධි අංශවලට වාර්තා වීම එයට හේතු විය.
මේ කාලය වන විට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය එසේ සැඟව සිටින කොටි ත්‍රස්‌තයන් හඹා ගොස් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සියල්ල සැලසුම් කර තිබිණ. මේ අතරේ එල්ටීටීඊයේ ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ බුද්ධි අංශ නායකයාව සිටි තවේන්ද්‍රන් නමැත්තා වන්නි ප්‍රදේශයේදී යුද හමුදාවට භාර වූයේ කිසිවකුත් නොසිතූ මොහොතකය.
මේ තවේන්ද්‍රන් භාර වූ මොහොතේ ඕනේ නම් වන්නි කැලයේ කොනකට රැගෙන ගොස් හිස කුඩු වන්නට වෙඩි දෙකක් තබා ඒ කතාවද අවසන් කිරීමට යුද හමුදාවට අවස්‌ථාව තිබිණි. එහෙත් එය එසේ සිදු නොවීය. තවේන්ද්‍රන් යනු සාම්පූර් එල්ටිටී බුද්ධි නායකයා බව දැනගත් හමුදා බලධාරින් කළේ ඔහුව යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට භාර දීමය.
ඒ අනුව කැලෑ තුළ සැඟව සිටින කොටි ත්‍රස්‌තයන් සොයා යැමට සැලසුම් කළ මෙහෙයුමේදී තවේන්ද්‍රන්ගේ මොලය ශූද්ධ කර ඔහු ත්‍රස්‌තවාදයට එරෙහි ඉත්තකු කර ගැනීමට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය සූක්‍ෂමව ක්‍රියා කළේය. මේ සටහන් කෙරුණේ "ඔපරේෂන් ඩබල් ඒඡ්"හි ආරම්භය ය. එතැන් පටන් වැඩේ බොහෝ පහසු විය.
පළමු ප්‍රහාරය එල්ල කෙරුණේ එදා ප්‍රභාකරන්ගේ අවසානයෙන් පසු යළි මතුවීමේ අරමුණෙන් ත්‍රිකුණාමලට උතුර කුඹුරුපිඩ්ඩි කැලෑ ප්‍රදේශයේ සැඟව සිටි එල්ටීටීඊ කණ්‌ඩායමක් වෙතය. අංක දෙක ප්‍රහාරය ත්‍රිකුණාමලය දකුණ කල්ලාර් කෑලෑ ප්‍රදේශයේ සැඟව සිටි කොටි කණ්‌ඩායමකට එල්ල කෙරිණ. මෙකී ප්‍රහාරයන් දෙකේදීම හමුදාවට පාර කියා දුන්නේ තවේන්ද්‍රන්ය.
ඉන් පසුව යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය සිය අවධානය යොමු කළේ වව්නියාව ප්‍රදේශයට විය. මඩකලපුව එල්ටීටීඊ බුද්ධි අංශ නායකයා වූ පිරබා වව්නියාවේ කැලයක සැඟව සිටින බව තවේන්ද්‍රන් හෙළි කිරීම ඊට හේතු විය. එහිදී තවේන්ද්‍රන් යොදවා පිරිබා නමැත්තා දෙපා මුලටම ගෙන්වා ගන්නට යුද හමුදාව ක්‍රියා කළේය.
එතැන් පටන් පිරබා ද තවෙන්ද්‍රන් මෙන් මොලය ශූද්ධ කර කොටින්ට එරෙහි වූවකු සේ මෙහෙය වන්නට යුද හමුදා සන්නද්ධ බුද්ධි නිලධාරිහු ක්‍රියා කළහ. පසුව පිරිබා මාර්ගයෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සඟවා තැබූ භිහිසුණු අවිආයුද රැසක්‌ද සොයා ගැනීමට යුද හමුදාව සමත් විය.
අවසානයේ ඔහු යොදවා "ඔපරේෂන් ඩබල් එඡ්" මගින් එවකට මඩකලපුව ප්‍රදේශයේ සැඟව සිටි එල්ටීටීඊයේ ඉතිරිව සිටි ඡේHෂ්ඨම සාමාජිකයා හා නැගෙනහිර සන්නද්ධ නායකයා ද වූ එඩිමලසංගම් අවිචන්ද්‍රන් හෙවත් රාම් සහ ඔහුගේ දෙවැනියා වූ කනකපිල්ලේ ශිවමූර්ති හෙවත් නගුලන්වද තමන්ගේ අතට ගන්නට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය කටයුතු කළේය. පසුව මේ සියල්ලන් යොදා ගනිමින් ත්‍රිකුණාමලය එල්ටීටීඊ බුද්ධි ප්‍රබලයා වූ කලේඅරසන් හෙවත් කලයන්ද යදු හමුදාව භාරයට ගත්තේය.
මේ අන්දමින් තවත් හිටපු කොටි ත්‍රස්‌තවාදීන් කිහිප දෙනකුද එදා යුද හමුදාව භාරයට ගනු ලැබීය. නමුත් ඉන් පසුවත් "ඔපරේෂන් ඩබල් එඡ්" නතර කෙරුණේ නැත. රාම්, නගුලන්, තවේන්ද්‍රන්, පිරබා සහ කලයන් හරහා මුලින්ම මෙරට තුළ සැඟවී තිබූ එල්ටීටීයේ අක්‌මුල් සොයා යන්නට යුද හමුදාව පියවර ගත්තේය. එහිදී ක්‍රියාත්මක වූයේ සතුරාට එරෙහි සතුරා යොදා ගැනීමේ යුද න්‍යාය ය.
දේශීය වශයෙන් කෙරුණු එකී මෙහෙයුමෙන් පසු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය "ඔපරේෂන් ඩබල් එඡ්" එල්ටීටීඊයේ ජාත්‍යන්තර ජාලය වෙත සමීප කළේය. අනාවරණ කරගත් දේ බොහෝ විය. රාම්, නගුලන්, තවේන්ද්‍රන්, පිරබා සහ කලයන් වැනි එල්ටීටීඊ ප්‍රධානීහු හමුදාවට වැඩ කරන බව කිසිවකුත් නොදැන සිටීම මේ සියලු ජයග්‍රහණයන්ට හේතු විය.
විදේශගත කොටි සහ කොටි හිතවාදී ඩයස්‌පෝරාව සිතා සිටියේ එවකට එල්ටීටීඊයේ මෙරට සිටි ඡේHෂ්ඨයා වූ රාම් ඇතුළු පිරිස ඒ වන විටත් යළි ත්‍රස්‌තවාදයට පණ දීම සඳහා සැඟව සිටින බවය. ඉතින් කිසිදු බිය සැකක් නොමැතිව එල්ටීටීඊයේ ජාත්‍යන්තර ජාලය රාම්, නගුලන්, තවෙන්ද්‍රන්, පිරිබා සහ කලයන් සමඟ දිගින් දිගටම සබඳතා පවත්වාගෙන ගියේය. තමන් මේ හසු වී සිටිනුයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි මෙහෙයුමකට බව ඔවුන් කිසිවකුත් දැන නොසිටියේය.
ඉන් ලද එකම ප්‍රතිඵලය වූයේ අවසන් සටනේදී සියල්ල හැරදා විදේශ රටවලට පැන ගිය කොටි ත්‍රස්‌තයන් ඇතුළු එල්ටීටීඊයේ ජාත්‍යන්තර ජාලය යම් සැලසුමක් ආරම්භ කරද්දීම එහි සියලු තොරතුරු යුද හමුදාවට ලැබීම විය. මෙහිදී අද චාවාකච්ෙච්රි බෝම්බය පෙන්වා පොලිස් ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන සිටින රාම්, නගුලන් ඇතුළු පිරිස යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය සමඟ එක්‌වී තමන්ගේ කොටස අකුරටම ඉටු කළේය.
එනිසාම ලෝකය වටා ස්‌ථානගතව සිටි කොටි ත්‍රස්‌තයන් කරන්නට යන වැඩ ගැන සියලු තොරතුරු දිනපතා යුද හමුදාවට අතට ගලා ආවේය. යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ එල්ටීටීඊ මහවිරු දිනයේදී කොටි ජාත්‍යන්තර ජාලය විසින් එල්ටීටීඊ නායකයා ලෙස නම් කළ රාම් ලවා කියවන්නට සිටි මහවිරු කතාවේ ලි�ත පිටපතද එදා මහවිරු දිනයට දිනකට පෙර යුද හමුදාව අතට ලැබීම මෙහිදී සිදුවූ සුවිශේෂීම සිද්ධියක් විය.
2009 වසරේ සිට ඉකුත් 2015 ජනවාරි 08 දක්‌වාම මේ අන්දමින් "ඔපරේෂන් ඩබල් එඡ්" හි ප්‍රබල කොටසකරුවන් ලෙස ලෝකයටම රහසේ ක්‍රියාත්මක වෙද්දී යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය යටතේ පූර්ණ පුනරුත්ථපනයක් ලබා ගැනීමටද රාම් ඇතුළු පිරිසට අවස්‌ථාව හිමි විය. ඔවුන් ඒ අවසානය දක්‌වාම එල්ටීටීඊයේ ඉදිරි සියලු ක්‍රියාකාරකම් හරි අපූරුවට හමුදාව අතට පත් කළේය.
ඔවුන් සිටියේ යදු හමුදාවේ අධීක්‍ෂණය යටතේය. යුද්ධයෙන් පසු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය තමන්ට දැක්‌වූ කරුණාව හමුවේ රාම්, නගුලන් ඇතුළු පිරිස සිටියේ යළි කිසි දිනකත් ත්‍රස්‌තවාදය වෙත ගමන් නොකරන තැනක ය. ඒ බව යදු හමුදාවද දැන සිටියේය. මේවා කිසිදු දිනක හෙළි කළ යුතු දේ නම් නොව, ඒත් යහපාලනය සමඟ දැන් මේවායෙහි සඟවන්නටද දෙයක් නැත.
රාම්, නගුලන්, තවේන්ද්‍රන්, පිරබා සහ කලයන් ඇතුළු මෙසේ "ඔපරේෂන් ඩබල් එඡ්" ඔස්‌සේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය සමඟ ඩබල් එජන්ට්‌ලා ක්‍රියා කළ මනා පුනරුත්ථාපනයක් ලද සියලු හිටපු කොටි ත්‍රස්‌තවාදීන් යුද හමුදාවේ අධීක්‍ෂණයෙන් ඇත් වන්නේ 2015 ජනවාරි 08 වැනිදායින් පසු ආරම්භ කෙරුණු ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනයට අනුවය.
එතැන් සිටි සියල්ල සුණු විසුණු විය. රාම්, නගුලන් ඇතුළු පිරිස තමන් භාරයේ තබා ගනිමින් ඔවුන් හා කටයුතු කළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළාකයේ රණවිරුවෝ හෙවත් "ඔපරේෂන් ඩබල් එඡ්"හි නියමුවෝ සිරගත වූහ. එතෙක් අතිශය රහසක්‌ව පැවති ඒ සූක්‍ෂම මෙහෙයුමේ සියලු තතු ලෝකයට අනාවරණය විය. එහිදී සිදු වූයේ කුමක්‌ද?
එකී මෙහෙයුමේ නියමුවන්ගේ ජීවිතවලට පැහැදිලි තර්ජනයක් එල්ල වෙද්දී රාම්, නගුලන් ඇතුළු පිරිස සමඟ එල්ටීටීඊයේ ජාත්‍යන්තර ජාලය වෛර බැඳීමය. අද චාවාකච්ෙච්රි බෝම්බ කොටියා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයට ඔවුන් පිළිබඳ ප්‍රකාශ දෙන්නේ ඒ වෛරයේ ප්‍රතිඵලයක් මත් විය නොහැකිද? ඒ අනුව අත්අඩංගුවට ගැනෙන රාම්ලා ඇතිවන කළ කිරීම හමුවේ යළි ත්‍රස්‌තවාදය වෙතට ඇද ගැනීම මෙහිදී එල්ටීටී ජාත්‍යන්තර ජාලයේ තවත් අරමුණක් වනවාද විය හැකිය.
එය කෙසේ වෙතත් කවුරුන් කෙසේ කීවද පොලිස් ත්‍රස්‌තවාදී කොට්‌ඨාසය රාම්, නගුලන් සහ කලයන් අත්අඩංගුවට ගනු ලබන්නේ චාවාකච්ෙච්රි සිද්ධියට නොවන බවද තවත් පැත්තකින් වාර්තා වෙමින් ඇත. එසේ නම් මේ ක්‍රියාත්මකව ඇත්තේ කාගේ හෝ වුවමනාවට "ඔපරේෂන් ඩබල් එඡ්"හි පතුළට කි¹ බැස සියල්ල හෙළි කරන තවදුරටත් පාවා දීමේ සැලසුමක්‌ද? අප ඉදිරියේ දැන් ඇත්තේ ඒ ප්‍රශ්නය ය.
සමන් ගමගේ
Source : http://www.divaina.com/2016/05/01/feature14.html
patta athal neh
රාම්, නගුලන්, කලයන් බිලිවන්නේ ජාත්‍යන්තර කොටි උගුලකටද?