LTTE සහය නොවෙන්න ලංකාවේ තවමත් පෝලියෝ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    LTTE සහය නොවෙන්න ලංකාවේ තවමත් පෝලියෝ

    උතුරු නැගෙනහිර පළාත්වල පෝලියෝ එන්නත ලබා දීම වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය අවි බිම තබා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම නිසා දස වසරකට පෙර පෝලියෝ රෝගයෙන් තොර ලංකාවක් බිහිකරන්නට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ දකුණු කොරියාවේ සෝල් නුවර ඊයේ පැවති ජාත්‍යන්තර රොටරි සමාජයේ 107 වැනි සමුළුවේ මුඛ්‍ය දේශණය පවත්වමිනි.

    1995 දී පෝලියෝ එන්නත ලබා දීම රටපුරා එක්වර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය යුනිසෙෆ් හා රොටරි සමාජ නියෝජිතයන් රජයට පෙන්වා දුන්න ද එවකට උතුරු නැගෙනහිර පළාත් වල පැවති යුදමය වටපිටාව ඊට බාධාවක් වූ බව අගමැතිවරයා කියා සිටියේය.

    ‘ඔලුව හොඳ නැද්ද?’

    එම අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ ගැටුම් පවතින ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල දරුවන්ට පමණක් එන්නත ලබා දීමට කටයුතු කළ හැකි බවය.

    රොටරි සාමාජිකයන්ගේ ‘ඔළුව හොඳ නැති බවක්’ ඇදහූ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් “ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද මේ රටේ යුද්ධයක් තිබෙනවා. අපට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පාලනයක් නැහැ. ඉතින් ඔයාලා මොකක්ද අපට කරන්න කියන්නේ?” යි විමසා සිටි බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

    එහෙත් රොටරි සමාජයේ මැදිහත් වීමෙන් එල්.ටි.ටි.ඊ සංවිධානය රජයට දන්වා ඇත්තේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන වෙනුවෙන් රජය අවි බිම තබන්නට සුදානම් නම් ඔවුන් ද අවි බිම තබා සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බවය.

    ඒ අනුව රජය ද අවි බිම තබා ප්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්ථකව නිමා කළ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    “එය සමථ කාලයක් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපට පෝලියෝ රහිත ශ්‍රී ලංකාවක් බිහි කරගන්නට හැකිවුණා. මේ සමථ කාල සීමාව සහ ජාතික ප්‍රතිශක්තිකරණ දිනය අපට ඊටත් ඔබ්බට ගිය තවත් යමක් පෙන්වා දුන්නා. අපට බලාපොරොත්තුවක් ලබා දුන්නා. අපි එකිනෙකා කෙරෙහි බියෙන් කටයුතු කරන පරිසරයක වුවත්, අප සියළු දෙනාම අපගේ දරුවන්ට ආදරය කරනා බවයි,” අගමැතිවරයා පැවසීය.


    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: toi

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ape un gihin poliyo walata behet karaddi un container pitin badu genwa war ekata, :lol:
     
    • Like
    Reactions: toi

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න ඔහොමයි අපමණ අගයක් ලැබුනාය කියන්නේ....
    එල්ටීටීයේ මහත්මා ගුණය හැම එකාටම තේරෙන්නේ නැ බොලව්....
    එහෙව් සංවිධානයක නායකතුමා තමයි නන්දිකඩාල්වලදි බල්ලෙක් වගේ මරල දැම්මෙ....
     
    Last edited:
    • Like
    Reactions: toi

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඔන්න ඔහොමයි අපමණ අගයක් ලැබුනාය කියන්නේ....
    එල්ටීටීයේ මහත්මා ගුණය හැම එකාටම තේරෙන්නේ නැ බොලව්....
    එහෙව් සංවිධානයක නායකතුමා තමයි නන්දිකඩාල්වලදි බල්ලෙක් වගේ මරල දැම්මෙ....

    :( 😭
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ඔන්න ඔහොමයි අපමණ අගයක් ලැබුනාය කියන්නේ....
    එල්ටීටීයේ මහත්මා ගුණය හැම එකාටම තේරෙන්නේ නැ බොලව්....
    එහෙව් සංවිධානයක නායකතුමා තමයි නන්දිකඩාල්වලදි බල්ලෙක් වගේ මරල දැම්මෙ....

    :yes: