2009 වර්ෂය සදහා ඉදිරිපත්කර ඇති මහ බැංකු වාර්තාව දෝෂ සහිත සහ පිළිගත නොහැකි දත්ත ඇතුළත් බව මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිනියක වන ආචාර්ය අනුලා ඩයස් මහත්මිය පවසයි.
ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සමග සංවාදයකට එක්වෙමිනි. ඇය පෙන්වා දෙන පරිදි මහ බැංකු වාර්තා වේ ඉදිකිරීම් අංශයේ 5.6% ක වර්ධනයක් අත්පත්කර ගත් බව සදහන් වුවද, ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය 24%කින් සහ දේශීය වශයෙන් අමුද්‍රව්‍ය නිෂ්පාදනයත් අඩුව ඇති බවයි. අමුද්‍රව්‍ය සැපයීම බරපතල කඩා වැටීමක තිබියදී ඉදිකිරීම් අංශය පමණක් වර්ධනයක් අත්පත්කරගන්නේ කෙසේද යන්න ඇය ප්‍රශ්න කරයි.
එමෙන්ම මහ බැංකු වාර්තාවට අනුව වරාය කටයුතු 7%කින් වර්ධනයවී ඇති බව සදහන් වුවද, ආනයනයන් 12%කින් සහ අපනයනයන් 7%කින් අඩුවූ ඇත. එමෙන්ම වරායට පැමිණි නැව් සංඛ්‍යාවද බරපතල ලෙස පහත වැටී තිබේ. එවැනි තත්වයක් තුළ වරාය කටයුතු 7%කින් වර්ධනය වී ඇති බව පැවසීම විහිළුවක් බව අනුලා ඩයස් මහත්මිය පෙන්වා දෙයි.
අනුලා ඩයස් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවර මහ බැංකු වාර්තාවේ ඉහත ආකාරයේ බරපතල අඩු පාඩු රාශියක් ඇති බවයි. එබැවින් එය නැවත සංශෝධනය විය යුතු තත්වයක ඇති බවද ඇය පෙන්වා දෙයි.
lankatruth
maha bankuwath rupavahini wage pachayak wela
madam balagena katha karan ne