Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda's Last Operation (True Story)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mahinda's Last Operation (ඡන්දය දවසේ මහ රෑ ඇත්තටම කොළඹදී සිදුවු&

ඡන්දය දවසේ මහ රෑ ඇත්තටම කොළඹදී සිදුවුණු දේ ?

ලේ සාගරයක ගිල්වා හෝ සත්‍යය යටපත් කළ නොහැකි බවට තේරුම් ගැනීම හේතුවෙන් මහා විනාශයක් ගිය සිකුරාදා (09) අලුයම වැළකී ගිය බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේය. ජනපතිවරණය පැවැති ඉකුත් අට වැනිදා මැදියම් රැයේ මුල් විනාඩි කීපය ගෙවී ගියේ දෙපාර්ශ්වය

අතර ජය හා පරාජය දෝලනය වෙමිනි. මුලින් ප්‍රකාශයට පත්කෙරුණු තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් ඉදිරියෙන් සිටියේ මහින්ද රාජපක්ෂය. නමුත් එය සමරමින් ඔහු ජය පැන් බිමටත් මත්තෙන් ජයග්‍රහණය එකවරම මෛත්‍රීපාල සිරිසේන දෙසට දෝලනය විය. එතැන් සිට ඡන්ද ගොඩ පිරුණේ ඔහුගේ නම ඉදිරියෙනි. මෛත්‍රීපාල සිරිසේන

ගලඋඩ සටනින් ජය ලබතැයි මහින්ද රාජපක්ෂ අපේක්ෂා නොකළේය. ඔහු ජනපති සටන ඇරඹුවේ වෝටර්ලූ සටනට ගිය නැපෝලියන් බොනපාට් සෙනවියා සේය. මක් නිසාද යත් ජනපති සටන ජය ගැනීමට ඔහු මෙහෙයුම් සැලසුම සැකසුවේ ජය අතේ තබාගෙනය.

කලකට ඉහතදී සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා හිරේ දමා ඔහුගේ ප්‍රජා අයිතිය තහනම් කළේ ඊළඟ ජනපතිවරණයට ඔහුට ඉදිරිපත් වීමට නොහැකි සේ නෛතික බාධාවක් ඇති කරමිනි. මේ නිසා හිටපු ජනපතිවරයාගේ තක්සේරුව වී තිබුණේ තමාගේ මීළඟ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහ වනු ඇති බවය. ඔහු සටනට පැමිණියොත් තමාට පහසු ජයක් ලැඛෙනු ඇති බව මහින්ද රාජපක්ෂ ගණන් සාදා තිබුණි. එනමුත් අවසානයේදී මහින්ද රාජපක්ෂට අත්වූයේ නොසිතූ පරාජයකි. එයත් හරියට වෝටර්ලූ සටනින් ප්‍රංශයේ නැපෝලියන් එක්සත් රාජධානියේ වෙලින්ටන් සාමිවරයාගෙන් අන්ත පරාජයක් ලැබුවා සේය. ඡන්ද සටනින් මහින්ද රාජපක්ෂට නොසිතූ පරාජයක් හිමිකර දුන් වෙලින්ටන් සාමිවරයා වූයේ මෛත්‍රීපාල සිරිසේනය.

මේ අතරේ විදේශ ඇමැති මංගල සමරවීර මෙන්ම විදුලිබල හා බල ශක්ති ඇමැති පාඨලී චම්පික රණවක හිටපු ජනපතිවරයාට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කළහ. ඒ පරාජය හමුවේ හිටපු ජනපතිවරයා හමුදා කුමන්ත්රණයකින් රටේ පාලනය අල්ලා ගැනීමට උත්සාහ කළ බවය. දෛවයේ සරදමකට මෙන් මහින්ද රාජපක්ෂම සිව් වසරකට ඉහතදී ජෙනරාල් සරත් ෆොන්සේකාටද ඔය චෝදනාව එල්ල කළේය. දෙදහස් දහයේ ජනවාරි විසි හය වැනිදා මැදියම් රැයේදී සරත් ෆොන්සේකාගේ හිතවත්තු කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයට පැමිණියේ ජනපතිවරණ ප්‍රතිඵල අසන්නටය. එදින රාත්‍රියේ කොළඹ නගරය අවසන් සටන පැවැති වෙල්ලිමුල්ලි වයික්කාල් බිමේ සිරි ගත්තේය. සන්නාහ සන්නද්ධ යුද ටැංකි නගරයේ ස්ථාපිත කෙරුණි. යටත් පිරිසෙන් හමුදා සෙබළු දස දහසක්වත් හමුදා මූලස්ථානය ජනපති මන්දිරය හා අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට යොදා තිබුණි. ඒ අතරින් බහුතරය ගජබා රෙජිමේන්තුව, එකල හමුදාපතිවරයා වූ ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරියට අයත් සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව හා විශේෂ බළකායට අයත් වූහ. ගජබා රෙජිමේන්තුව එකල ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රියතම හා විශ්වාසවන්ත රෙජිමේන්තුව විය. හිටපු ලුතිනන් කර්නල්වරයකු වූ ඔහු හමුදාවේ සිටි අවධියේ හුන්නේ ද ගජබා රෙජිමේන්තුවේය. හැරත් එකල යුද හමුදාවේ ප්‍රධාන මර්මස්ථානවලට පත් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක්ම අයත් වූයේ ගජබා රෙජිමේන්තුවටය. මේ සිද්ධිය මේ පත්වීම් ගැන අනෙකුත් රෙජිමේන්තුවල නිලධාරීහු පැවැසුවේ යුද හමුදාව ගජබාකරණය වී ඇති බවය.

සිව් වසරකට ඉහතදී ගජබා රෙජිමේන්තුව කොළඹ වටලන අතරතුරේ අඹේපුස්සේ පිහිටි සිංහ රෙජිමේන්තු මූලස්ථානය නිවාස අඩස්සියේ තැබිමට හමුදා මූලස්ථානයෙන් අණ ලැබුණි. ඊට හේතු වූයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවට අයත් නිලධාරියකු වීමය. මේ පසුබිම නිසා සිංහ රෙජිමේන්තු සෙබළු ෆොන්සේකාගේ සහයට එනු ඇති බව උපකල්පනය කරමින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානය සීල් කර තැබුණි.

එදින රාත්‍රියේ සරත් ෆොන්සේකා හමුදාව ලවා රට අල්ලනු ඇති බවට ඇතැමුන් කෙතරම් විශ්වාස කර තිබුණේදැයි කිවහොත් කොළඹ නගරයේ ආරක්ෂාවට යොදවා තිබූ නිලධාරීන් හා සෙසු නිලයන්ට අලුතෙන්ම වෙනම නිල ඇඳුමක්ද දී තිබුණි. ඒ සරත් ෆොන්සේකාට සහය දක්වන පිරිස හා මහින්ද රාජපක්ෂට පක්ෂපාතීත්වය දක්වන පිරිස වෙන වෙනම හඳුනා ගැනීමටය. එදින කොළඹ ආරක්ෂාවට කැඳවා තිබුණේ සරත් ෆොන්සේකාගේ පසමිතුරු හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුය. සිනමන් ලේක්සයිඩ් හෝටලය අබියස සිටිමින් ඔහු කීවේ සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නා බවය. එනමුත් ෆොන්සේකාට ආරක්ෂාව සැපයූ කොමාන්ඩෝ සෙබළු ඔහුගේ සමීප කවයේ සිටින තුරා කිසිවෙකු ඔහු අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් නොවූහ. අවසානයේදී කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියාගේ නියෝගය මත ෆොන්සේකාට රැකවරණ දුන් කොමාන්ඩෝ සෙබළු ඔහුට සමු දුන්හ. එය බොහෝ සංවේදී අවස්ථාවක් විය. එල්.ටී.ටී.ඊ. ස්වයං ඝාතන ප්‍රහාර මැද පවා ඒ සෙබළු සිය නායකයාගේ දිවි රැක ගැනීමට තම දිවි මරුවාට කැප කළ නිර්භීත පිරිසක් වූහ. කොමාන්ඩෝ ආරක්ෂාව ඉවත් කිරීමත් සමග මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ කලක් සිය ප්‍රධානියා වූ හිටපු හමුදාපතිවරයා අත්අඩංගුවට ගත්තේය. ඒ නිලයේ සිටියදී දේශපාලනය කළැයි කියමින් ඔහු යුද්ධාධිකරණයට කැඳවීමටය. ඒ ජවනිකාවේ සිට සරත් ෆොන්සේකාට සැලකූ ආකාරය ශිෂ්ට සම්පන්න කිසිදු පුරවැසියෙකු අනුමත කළේ නැත. එනමුත් යකඩ සපත්තුවේ පයට පෑගී හුන් රටුන්ට ඒ ගැන මුව පියාගෙන සිටීම හැර කිරීමට වෙන කිසිවක් ඉතිරි නොවී තිබුණි. ඒ පාලකයන් විසින් කරනු ලබන වැරදි පිළිබඳ නීතිය හමුවේ සාක්ෂිකරුවෙකු වීම තමාද තමාගේ වරිගයම තමා විසින්ම මරණ මංචකයට හෝ තෙමේම අතුරුදන් කරවා ගන්නා උත්සාහයන් බඳු වීමය.

කෙසේ නමුදු ජනපතිවරණයෙන් ලබමින් සිටි පරාජය හමුවේ අරලියගහ මැදුරේ හුන් මහින්ද රාජපක්ෂගේ සිතේ මැතිවරණ පරාජය හා සමාන තවත් කාරණාවක් කැකෑරෙමින් තිබුණේය. ඒ සරත් ෆොන්සේකා සාධකයය. ඔහු මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවෙකු වී හුන්නේය. මේ හේතුවෙන් හිටපු ජනපතිවරයාට තිබූ බලවත්ම ප්‍රශ්නයක් වී තිඛෙන්නට ඇත්තේ ෆොන්සේකා තමන්ගෙන් පළිගනු ඇති බවය. ජනපතිවරණය ප්‍රතිඵල නිකුත් වෙමින් තිබූ අලුයම් කාලයේ තම ආරාධනාව පිළිගෙන අරලිය ගහ මැදුරට පැමිණි රනිල් වික්රමසිංහටද හිටපු ජනපතිවරයා ෆොන්සේකා ගැන කියා තිබේ.

සරත් ෆොන්සේකා තමා ඇතුළු රාජපක්ෂ පවුලෙන් පළිගනු ඇති බවට මහින්ද රාජපක්ෂ කී බව සඳහන්ය. මේ නිසා හිටපු ජනපතිවරයාට සිය ආරක්ෂාව මෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබඳ දෙවරක් හිතන්නට සිද්ධ විය. එනමුත් රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂට

සහතික වූයේ ඔහු කිසිවිටකත් රාජපක්ෂ පවුලෙන් පළිනොගන්නා බවය.

කෙසේ නමුදු මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ සටනේ මුල් පෙළේ සෙන්පතියකු වූ සරත් ෆොන්සේකාගේ ඉරණම මෛත්‍රීගේ මැතිවරණ ජයත් සමග ලියැවී තිබුණේය.

මෛත්‍රීපාල සිරිසේන සරත් ෆොන්සේකාට හිමි තැන ඔහුට දෙන බවට පොරොන්දු වී තිබුණේ ජනපති සටන ඇරඹෙන මොහොතේදීය. ඒ අනුව රාජපක්ෂ ජනපතිවරයා විසින් සරත් ෆොන්සේකාට අහිමි කරනු ලැබූ ඔහුගේ නම්බු නාම, විශ්‍රාම වැටුප, පමණක් නොව සිවිල් අයිතිවාසිකම්ද ඔහුට නුදුරේදීම යළි හිමි වනු ඇත.

ඒ අනුව සරත් ෆොන්සේකාට අතීතයට බලපාන පරිදි ජනපති සමාව මෙන්ම නීතිපතිවරයා විසින් ඔහුට පවරා තිබූ නඩුද ඉල්ලා අස්කරගනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සක්‍රීය සේවයේ යෙදී සිටියදී තරු හතරේ ජෙනරාල් ධුරයෙන් පිදුම් ලැබූ පළමු නිලධාරියා වන තරු පහේ ජෙනරාල්වරයකු කෙරෙනුද ඇත. තරු පහේ ජෙනරාල්වරයකු යනු ෆීල්ඩ් මාර්ෂල් නිලයය. එම නිලය මින් පෙර ලංකාවේ කිසිදු හමුදා නිලධාරියෙකුට ලැබි නැත්තේය. මේ වෙනස්කම් සමග සරත් ෆොන්සේකාගේ නම යුද හමුදා ඉතිහාසයට යළි ඇතුළත් කරනු ඇත.

ඒ ඉකුත් කාලයේ ඔහුගේ නම යුද හමුදා මූලස්ථානයේ ලිපිලේඛනවලින් අකාමකා දමා තිබිම නිසාය.

සරත් ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය පිළිබඳ තිඛෙන තාක්ෂණික ගැටලු නිරාකරණය වීමෙන් පසු අවශ්‍ය නම් ඔහුට පාර්ලිමේන්තුවට එම සඳහා දොරටු විවර කර දීමටද එ.ජා.ප.ය සූදානම්ව සිටී. ඒ සඳහා එ.ජා.ප.යෙන් පත් කළ මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වී එම පුරප්පාඩුව සරත් ෆොන්සේකාට දීමට කැමැත්ත පළ කර තිබේ.

කාලය හරි පුදුමය. එදා මහින්ද රාජපක්ෂ සරත් ෆොන්සේකා අරබයා කළ චෝදනා පාරා වළලක් සේ ඔහු අභිමුව කරා පැමිණ තිබේ. මහින්ද රාජපක්ෂ හමුදා කුමන්ත්රණයකින් රටේ බලය අල්ලා ගැනීමට තැත් කරනු ඇති බවට රටේ සැක සංකා මතු වූයේ ජනපතිවරණයේ අවසන් දින කීපයේදීය. හිටපු ජනපතිවරයාගේ ආගමික කටයුකු පිළිබඳ උපදේශකවරයෙකු වූ ඛෙංගමුවේ නාලක හාමුදුරුවන් මාධ්‍ය සාකච්ඡාවකදී වරක් කීවේ ජනපතිවරයා පැරදුනත් ඉදිරි වසර දෙකේ ඔහුට බලයේ සිටි හැකි බවය. ජනපතිවරයා පැරදුනත් යන්නේ නැති බවට කතා රට්ටු අතරේ පැතිරී ගියේ මේ කතාව පසුබිම් කරගනිමිනි. මේ කතාවට ප්‍රතිචාර දැක්වූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කීවේ ජනපතිවරයා පරාජය වූ මොහොතේ සිට ඔහුගේ ධුරය අහෝසි වන බවය. සැබැවින්ම ජනපති සටනේ ජයග්‍රාහකයා මෛත්‍රීපාල සිරිසේන නොව මැතිවරණ කොමසාරිස්වරයාය. බලවත් දේශපාලනඥයන්ගේ දුස්රා පන්දු හමුවේ පිරිහෙමින් තිබූ රාජ්‍ය සේවය නමැති අමාරු ඉනිම ඉතා පරිස්සමින් ගොඩගනිමින් සිය කණ්ඩායමට කීර්තිමත් ජයග්‍රහණයක් හිමිකර දුන් තුන් ඉරියව් ක්‍රීඩකයා මැතිවරණ කොමසාරිස්වරයාය. ඔහුගේ වීර වික්‍රමාන්විත සටන්කාමීත්වය නොමැති නම් ජනපතිවරණය මෙතරම් සුන්දර චිත්රයකින් අවසන් නොවන්නට ඉඩ තිබුණි.

ඡන්දය පැවැති දිනයට දින කීපයකට පෙර උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂාව සඳහා යැයි කියමින් හමුදාව එළියට ගැනීම මැතිවරණ කොමසාරිස්වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. හමුදාව එළියට ඒමෙන් ඡන්දදායකයන් තුළ අනවශ්‍ය බියක් ඇතිවන බව කොමසාරිස්වරයාගේ මතය වී තිබුණි. මැතිවරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු පොලිස්පතිවරයා දුන් සහතිකයෙන් තෘප්තිමත් වී සිටියේය. මේ හේතුව නිසා හමුදාව යළි කඳවුරුවලට යැවීමට පියවර ගෙන තිබුණි.

මේ සිද්ධිය පමණක් නොව ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ ලෙස හමුදාවේ මැදිහත්වීම ඉකුත් ජනපතිවරණයට බලපා තිබුණි. විශේෂයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරාගේ ක්‍රියාකලාපය එජාපයේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. මැතිවරණයට දෙසතියකට ඉහතදී යුද හමුදාපතිවරයා මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දක්වමින් සෙබළුන් වෙත යැවීමට හැදූ ලිපි ලක්ෂ ගණනක් මැතිවරණ කොමසාරිස්වරයාගේ අණින් නතර කෙරිණි. ජනපතිවරයාගේ යාපනය ජන රැලියට සහභාගි වූ ජනතාවට ඛෙදාදීම සඳහා බනිස් විසිදහසක් සකස් කර තිබුණේ යුද හමුදාව විසිනි. අවසානයේදී යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් හය වැනිදා පොළොන්නරුවේදී

විශ්‍රාමික සෙබළුන් වෙනුවෙන් වැඩසටහන්ද තිබුණි. වෛද්‍ය සායනයක් මුවාවෙන් එය පැවැත්වූයේ පොළොන්නරුව මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද බළකොටුව බැවිනි. එම බළකොටුව බිඳීමට අවසාන තුරුම්පුව ලෙස යොදාගෙන තිබුණේ හමුදා සහයය.

මැතිවරණයට පෙර හමුදාවේ මැදිහත්වීම මෙසේ තිබියදී ජනපතිවරණයට ආසන්නවම ගජබා රෙජිමේන්තුව හා විශේෂ බළකා සෙබළු හදිසියේ කොළඹට කැඳවීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ දේශපාලනඥයෝ සැක පළ කරති. තිරිකුණාමලයේ මංකිබ්රිජ්හි ස්ථානගත කර තිබූ 4 වැනි විශේෂ බළකාය මෙන්ම යුද හමුදාපතිවරයාගේ අතිරේක සේනාංකය වන 53 වැනි සේනාංකය යටතේ අනුරාධපුරයේ ස්ථානගත කර තිබූ 1 වැනි ගජබා රෙජිමේන්තුව ඇතුළු ගබජා රෙජිමේන්තුවේ සෙබළු දහස් ගණනක් එසේ කොළඹට කැඳවා තිබූ බවට දැනගන්නට ලැබි තිබේ.

ජනපතිවරණයට පෙර යුද හමුදා සංඥා බළකාය ගුවන් විදුලි සංස්ථාවට හා රූපවාහිනී සංස්ථාවට කැඳවා තිබිණි.

මේ අතරේ ඡන්දය ගණන් කරමින් තිබූ ඉකුත් සිකුරාදා (09) අලුයම් කාලයේ කොළඹ ඩී.ඇස්. සේනානායක විදුහල හා රාජකීය විදුහල් පරිශ්‍රයට ගජබා රෙජිමේන්තු හා විශේෂ බළකා සෙබළු ඇතුළුවීමට ගත් ප්රයත්නයක් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ගේ නිර්භීත තීරණ හේතුවෙන් ව්‍යර්ථ වී ගියේය. ඡන්ද පෙට්ටි මංකොල්ල කෑමට පැමිණියොත් ඔළුවට වෙඩි තබන ලෙස මැතිවරණ කොමසාරිස් කී කතාවෙන් පොලිස් නිලධාරීහු නව උත්තේජනයක් ලැබුවෝය. අනවශ්‍ය පරිදි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළු වුවහොත් වෙඩි තබන බවට දිවුරූ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළු සිය ගිනිඅවි සූදානම් කර ගත්හ. මේ අනපේක්ෂිත සිද්ධිය හේතුවෙන් සෙබළු පසුබැස්සහ. ඉහළ ස්ථරවලින් එල්ල වූ දැඩි පීඩනය මැද ප්‍රශංසනීය සේවයක් කළ පොලිස්පතිවරයා කළ මෙහෙවර එම ධුරයට පත්වන ඕනෑම අයෙකුට මහඟු ආදර්ශයක් වනු ඇත.

මෙම පිරිසට අණදීම සඳහා පත්තර තිබුණේ ගජබා රෙජිමේන්තුවට අයිති ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරයකු හා බ්රිගේඩියර්වරයෙකි. එමෙන්ම කැලෑ සටන් සඳහා ප්රවීණත්වයක් උසුලන විශේෂ බළකා සෙබළු හදිසියේ කොළඹට කැඳවීම පිටුපස තිඛෙන අබිරහස පිළිබඳ ඉහළ පෙළේ පරීක්ෂණයක් අරඹා තිබේ.

මේ අතර ජනපතිවරණය පැවැත්වෙන දින විශ්‍රාමික ජෙනරාල්වරුන් යොදවාගෙන සන්ධානයේ මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට කළ සැලසුමක් එජාපය අතට පත්ව තිබුණි. කලක් හිටපු ජනපතිවරයාගේ ආරක්ෂක උපදේශක ධුරයක් දැරූ විශ්‍රාමික ජෙනරාල්වරයකු ඇතුළු විශ්‍රාමික මේජර් ජෙනරාල්වරු දහනව දෙනෙක් අද්මිරාල්වරු දෙදෙනෙක් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් එම ලැයිස්තුවේ සිටිති. එම අද්මිරාල්වරු දෙදෙනෙක් හිටපු නාවික හමුදාපතිවරුය. විශ්‍රාමික අනෙක් රියර් අද්මිරාල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මෛත්‍රීපාල සිරිසේනගේ කොළොන්නාවේ ප්රචාරක රැලියට වෙඩි තැබිමේ චෝදනාවටය. එම සිද්ධියට පොලිස් අත්අඩංගුවට පත් අනෙක් පිරිස ඉඩම් ගොඩ කිරීම් මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීන්ය.

එම මණ්ඩලය අයත්ව තිබුණේ ගෝඨාභය රාජපක්ෂගේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයටය. තත්ත්වය මෙසේ තිබියදී විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ඉකුත් හත්වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ හිටපු ජනපතිවරයා ඇතුළු පිරිසක් හමුදා කුමන්ත්‍රණයක් මගින් රාජ්‍යය බලය අල්ලා ගැනීමට දැරූ තැත පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ, අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු විදේශ කටයුතු ඇමැති ජී.එල්. පීරිස්. හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන පිරිස මීට සම්බන්ධ බවට මංගල සමරවීර කළ පැමිණිල්ලේ සඳහන්ය. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, නීතිපති යුවජින් විජේතිලක, හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මේ කුමන්ත්‍රණයට එකඟ නොවූ බැවින් එය ව්‍යර්ථ වූ බව මංගල සමරවීර පවසයි.

කෙසේ නමුදු මංගල සමරවීර ඇමැතිවරයාගේ මෙම චෝදනාව මහාචාර්ය ජී.එල්. පීරිස් මෙන්ම හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය නිලධාරී විජයානන්ද හේරත් ද ප්‍රතික්ෂේප කළහ.

සුභාෂ් නානායක්කාර

ලක්බිම ඇසුරින්

[QUOTE="fastdrive, post: 17781729, member: 75842"] [b]Mahinda's Last Operation (ඡන්දය දවසේ මහ රෑ ඇත්තටම කොළඹදී සිදුවු&[/b] [SIZE=4][COLOR=Red]ඡන්දය දවසේ මහ රෑ ඇත්තටම කොළඹදී සිදුවුණු දේ ?[/COLOR][/SIZE][SIZE=4] ලේ සාගරයක ගිල්වා හෝ සත්‍යය යටපත් කළ නොහැකි බවට තේරුම් ගැනීම හේතුවෙන් මහා විනාශයක් ගිය සිකුරාදා (09) අලුයම වැළකී ගිය බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේය. ජනපතිවරණය පැවැති ඉකුත් අට වැනිදා මැදියම් රැයේ මුල් විනාඩි කීපය ගෙවී ගියේ දෙපාර්ශ්වය අතර ජය හා පරාජය දෝලනය වෙමිනි. මුලින් ප්‍රකාශයට පත්කෙරුණු තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් ඉදිරියෙන් සිටියේ මහින්ද රාජපක්ෂය. නමුත් එය සමරමින් ඔහු ජය පැන් බිමටත් මත්තෙන් ජයග්‍රහණය එකවරම මෛත්‍රීපාල සිරිසේන දෙසට දෝලනය විය. එතැන් සිට ඡන්ද ගොඩ පිරුණේ ඔහුගේ නම ඉදිරියෙනි. මෛත්‍රීපාල සිරිසේන ගලඋඩ සටනින් ජය ලබතැයි මහින්ද රාජපක්ෂ අපේක්ෂා නොකළේය. ඔහු ජනපති සටන ඇරඹුවේ වෝටර්ලූ සටනට ගිය නැපෝලියන් බොනපාට් සෙනවියා සේය. මක් නිසාද යත් ජනපති සටන ජය ගැනීමට ඔහු මෙහෙයුම් සැලසුම සැකසුවේ ජය අතේ තබාගෙනය. කලකට ඉහතදී සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා හිරේ දමා ඔහුගේ ප්‍රජා අයිතිය තහනම් කළේ ඊළඟ ජනපතිවරණයට ඔහුට ඉදිරිපත් වීමට නොහැකි සේ නෛතික බාධාවක් ඇති කරමිනි. මේ නිසා හිටපු ජනපතිවරයාගේ තක්සේරුව වී තිබුණේ තමාගේ මීළඟ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහ වනු ඇති බවය. ඔහු සටනට පැමිණියොත් තමාට පහසු ජයක් ලැඛෙනු ඇති බව මහින්ද රාජපක්ෂ ගණන් සාදා තිබුණි. එනමුත් අවසානයේදී මහින්ද රාජපක්ෂට අත්වූයේ නොසිතූ පරාජයකි. එයත් හරියට වෝටර්ලූ සටනින් ප්‍රංශයේ නැපෝලියන් එක්සත් රාජධානියේ වෙලින්ටන් සාමිවරයාගෙන් අන්ත පරාජයක් ලැබුවා සේය. ඡන්ද සටනින් මහින්ද රාජපක්ෂට නොසිතූ පරාජයක් හිමිකර දුන් වෙලින්ටන් සාමිවරයා වූයේ මෛත්‍රීපාල සිරිසේනය. මේ අතරේ විදේශ ඇමැති මංගල සමරවීර මෙන්ම විදුලිබල හා බල ශක්ති ඇමැති පාඨලී චම්පික රණවක හිටපු ජනපතිවරයාට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කළහ. ඒ පරාජය හමුවේ හිටපු ජනපතිවරයා හමුදා කුමන්ත්රණයකින් රටේ පාලනය අල්ලා ගැනීමට උත්සාහ කළ බවය. දෛවයේ සරදමකට මෙන් මහින්ද රාජපක්ෂම සිව් වසරකට ඉහතදී ජෙනරාල් සරත් ෆොන්සේකාටද ඔය චෝදනාව එල්ල කළේය. දෙදහස් දහයේ ජනවාරි විසි හය වැනිදා මැදියම් රැයේදී සරත් ෆොන්සේකාගේ හිතවත්තු කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයට පැමිණියේ ජනපතිවරණ ප්‍රතිඵල අසන්නටය. එදින රාත්‍රියේ කොළඹ නගරය අවසන් සටන පැවැති වෙල්ලිමුල්ලි වයික්කාල් බිමේ සිරි ගත්තේය. සන්නාහ සන්නද්ධ යුද ටැංකි නගරයේ ස්ථාපිත කෙරුණි. යටත් පිරිසෙන් හමුදා සෙබළු දස දහසක්වත් හමුදා මූලස්ථානය ජනපති මන්දිරය හා අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට යොදා තිබුණි. ඒ අතරින් බහුතරය ගජබා රෙජිමේන්තුව, එකල හමුදාපතිවරයා වූ ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරියට අයත් සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව හා විශේෂ බළකායට අයත් වූහ. ගජබා රෙජිමේන්තුව එකල ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රියතම හා විශ්වාසවන්ත රෙජිමේන්තුව විය. හිටපු ලුතිනන් කර්නල්වරයකු වූ ඔහු හමුදාවේ සිටි අවධියේ හුන්නේ ද ගජබා රෙජිමේන්තුවේය. හැරත් එකල යුද හමුදාවේ ප්‍රධාන මර්මස්ථානවලට පත් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක්ම අයත් වූයේ ගජබා රෙජිමේන්තුවටය. මේ සිද්ධිය මේ පත්වීම් ගැන අනෙකුත් රෙජිමේන්තුවල නිලධාරීහු පැවැසුවේ යුද හමුදාව ගජබාකරණය වී ඇති බවය. සිව් වසරකට ඉහතදී ගජබා රෙජිමේන්තුව කොළඹ වටලන අතරතුරේ අඹේපුස්සේ පිහිටි සිංහ රෙජිමේන්තු මූලස්ථානය නිවාස අඩස්සියේ තැබිමට හමුදා මූලස්ථානයෙන් අණ ලැබුණි. ඊට හේතු වූයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවට අයත් නිලධාරියකු වීමය. මේ පසුබිම නිසා සිංහ රෙජිමේන්තු සෙබළු ෆොන්සේකාගේ සහයට එනු ඇති බව උපකල්පනය කරමින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානය සීල් කර තැබුණි. එදින රාත්‍රියේ සරත් ෆොන්සේකා හමුදාව ලවා රට අල්ලනු ඇති බවට ඇතැමුන් කෙතරම් විශ්වාස කර තිබුණේදැයි කිවහොත් කොළඹ නගරයේ ආරක්ෂාවට යොදවා තිබූ නිලධාරීන් හා සෙසු නිලයන්ට අලුතෙන්ම වෙනම නිල ඇඳුමක්ද දී තිබුණි. ඒ සරත් ෆොන්සේකාට සහය දක්වන පිරිස හා මහින්ද රාජපක්ෂට පක්ෂපාතීත්වය දක්වන පිරිස වෙන වෙනම හඳුනා ගැනීමටය. එදින කොළඹ ආරක්ෂාවට කැඳවා තිබුණේ සරත් ෆොන්සේකාගේ පසමිතුරු හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුය. සිනමන් ලේක්සයිඩ් හෝටලය අබියස සිටිමින් ඔහු කීවේ සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නා බවය. එනමුත් ෆොන්සේකාට ආරක්ෂාව සැපයූ කොමාන්ඩෝ සෙබළු ඔහුගේ සමීප කවයේ සිටින තුරා කිසිවෙකු ඔහු අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් නොවූහ. අවසානයේදී කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියාගේ නියෝගය මත ෆොන්සේකාට රැකවරණ දුන් කොමාන්ඩෝ සෙබළු ඔහුට සමු දුන්හ. එය බොහෝ සංවේදී අවස්ථාවක් විය. එල්.ටී.ටී.ඊ. ස්වයං ඝාතන ප්‍රහාර මැද පවා ඒ සෙබළු සිය නායකයාගේ දිවි රැක ගැනීමට තම දිවි මරුවාට කැප කළ නිර්භීත පිරිසක් වූහ. කොමාන්ඩෝ ආරක්ෂාව ඉවත් කිරීමත් සමග මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ කලක් සිය ප්‍රධානියා වූ හිටපු හමුදාපතිවරයා අත්අඩංගුවට ගත්තේය. ඒ නිලයේ සිටියදී දේශපාලනය කළැයි කියමින් ඔහු යුද්ධාධිකරණයට කැඳවීමටය. ඒ ජවනිකාවේ සිට සරත් ෆොන්සේකාට සැලකූ ආකාරය ශිෂ්ට සම්පන්න කිසිදු පුරවැසියෙකු අනුමත කළේ නැත. එනමුත් යකඩ සපත්තුවේ පයට පෑගී හුන් රටුන්ට ඒ ගැන මුව පියාගෙන සිටීම හැර කිරීමට වෙන කිසිවක් ඉතිරි නොවී තිබුණි. ඒ පාලකයන් විසින් කරනු ලබන වැරදි පිළිබඳ නීතිය හමුවේ සාක්ෂිකරුවෙකු වීම තමාද තමාගේ වරිගයම තමා විසින්ම මරණ මංචකයට හෝ තෙමේම අතුරුදන් කරවා ගන්නා උත්සාහයන් බඳු වීමය. කෙසේ නමුදු ජනපතිවරණයෙන් ලබමින් සිටි පරාජය හමුවේ අරලියගහ මැදුරේ හුන් මහින්ද රාජපක්ෂගේ සිතේ මැතිවරණ පරාජය හා සමාන තවත් කාරණාවක් කැකෑරෙමින් තිබුණේය. ඒ සරත් ෆොන්සේකා සාධකයය. ඔහු මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවෙකු වී හුන්නේය. මේ හේතුවෙන් හිටපු ජනපතිවරයාට තිබූ බලවත්ම ප්‍රශ්නයක් වී තිඛෙන්නට ඇත්තේ ෆොන්සේකා තමන්ගෙන් පළිගනු ඇති බවය. ජනපතිවරණය ප්‍රතිඵල නිකුත් වෙමින් තිබූ අලුයම් කාලයේ තම ආරාධනාව පිළිගෙන අරලිය ගහ මැදුරට පැමිණි රනිල් වික්රමසිංහටද හිටපු ජනපතිවරයා ෆොන්සේකා ගැන කියා තිබේ. සරත් ෆොන්සේකා තමා ඇතුළු රාජපක්ෂ පවුලෙන් පළිගනු ඇති බවට මහින්ද රාජපක්ෂ කී බව සඳහන්ය. මේ නිසා හිටපු ජනපතිවරයාට සිය ආරක්ෂාව මෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබඳ දෙවරක් හිතන්නට සිද්ධ විය. එනමුත් රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂට සහතික වූයේ ඔහු කිසිවිටකත් රාජපක්ෂ පවුලෙන් පළිනොගන්නා බවය. කෙසේ නමුදු මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ සටනේ මුල් පෙළේ සෙන්පතියකු වූ සරත් ෆොන්සේකාගේ ඉරණම මෛත්‍රීගේ මැතිවරණ ජයත් සමග ලියැවී තිබුණේය. මෛත්‍රීපාල සිරිසේන සරත් ෆොන්සේකාට හිමි තැන ඔහුට දෙන බවට පොරොන්දු වී තිබුණේ ජනපති සටන ඇරඹෙන මොහොතේදීය. ඒ අනුව රාජපක්ෂ ජනපතිවරයා විසින් සරත් ෆොන්සේකාට අහිමි කරනු ලැබූ ඔහුගේ නම්බු නාම, විශ්‍රාම වැටුප, පමණක් නොව සිවිල් අයිතිවාසිකම්ද ඔහුට නුදුරේදීම යළි හිමි වනු ඇත. ඒ අනුව සරත් ෆොන්සේකාට අතීතයට බලපාන පරිදි ජනපති සමාව මෙන්ම නීතිපතිවරයා විසින් ඔහුට පවරා තිබූ නඩුද ඉල්ලා අස්කරගනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සක්‍රීය සේවයේ යෙදී සිටියදී තරු හතරේ ජෙනරාල් ධුරයෙන් පිදුම් ලැබූ පළමු නිලධාරියා වන තරු පහේ ජෙනරාල්වරයකු කෙරෙනුද ඇත. තරු පහේ ජෙනරාල්වරයකු යනු ෆීල්ඩ් මාර්ෂල් නිලයය. එම නිලය මින් පෙර ලංකාවේ කිසිදු හමුදා නිලධාරියෙකුට ලැබි නැත්තේය. මේ වෙනස්කම් සමග සරත් ෆොන්සේකාගේ නම යුද හමුදා ඉතිහාසයට යළි ඇතුළත් කරනු ඇත. ඒ ඉකුත් කාලයේ ඔහුගේ නම යුද හමුදා මූලස්ථානයේ ලිපිලේඛනවලින් අකාමකා දමා තිබිම නිසාය. සරත් ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය පිළිබඳ තිඛෙන තාක්ෂණික ගැටලු නිරාකරණය වීමෙන් පසු අවශ්‍ය නම් ඔහුට පාර්ලිමේන්තුවට එම සඳහා දොරටු විවර කර දීමටද එ.ජා.ප.ය සූදානම්ව සිටී. ඒ සඳහා එ.ජා.ප.යෙන් පත් කළ මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වී එම පුරප්පාඩුව සරත් ෆොන්සේකාට දීමට කැමැත්ත පළ කර තිබේ. කාලය හරි පුදුමය. එදා මහින්ද රාජපක්ෂ සරත් ෆොන්සේකා අරබයා කළ චෝදනා පාරා වළලක් සේ ඔහු අභිමුව කරා පැමිණ තිබේ. මහින්ද රාජපක්ෂ හමුදා කුමන්ත්රණයකින් රටේ බලය අල්ලා ගැනීමට තැත් කරනු ඇති බවට රටේ සැක සංකා මතු වූයේ ජනපතිවරණයේ අවසන් දින කීපයේදීය. හිටපු ජනපතිවරයාගේ ආගමික කටයුකු පිළිබඳ උපදේශකවරයෙකු වූ ඛෙංගමුවේ නාලක හාමුදුරුවන් මාධ්‍ය සාකච්ඡාවකදී වරක් කීවේ ජනපතිවරයා පැරදුනත් ඉදිරි වසර දෙකේ ඔහුට බලයේ සිටි හැකි බවය. ජනපතිවරයා පැරදුනත් යන්නේ නැති බවට කතා රට්ටු අතරේ පැතිරී ගියේ මේ කතාව පසුබිම් කරගනිමිනි. මේ කතාවට ප්‍රතිචාර දැක්වූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කීවේ ජනපතිවරයා පරාජය වූ මොහොතේ සිට ඔහුගේ ධුරය අහෝසි වන බවය. සැබැවින්ම ජනපති සටනේ ජයග්‍රාහකයා මෛත්‍රීපාල සිරිසේන නොව මැතිවරණ කොමසාරිස්වරයාය. බලවත් දේශපාලනඥයන්ගේ දුස්රා පන්දු හමුවේ පිරිහෙමින් තිබූ රාජ්‍ය සේවය නමැති අමාරු ඉනිම ඉතා පරිස්සමින් ගොඩගනිමින් සිය කණ්ඩායමට කීර්තිමත් ජයග්‍රහණයක් හිමිකර දුන් තුන් ඉරියව් ක්‍රීඩකයා මැතිවරණ කොමසාරිස්වරයාය. ඔහුගේ වීර වික්‍රමාන්විත සටන්කාමීත්වය නොමැති නම් ජනපතිවරණය මෙතරම් සුන්දර චිත්රයකින් අවසන් නොවන්නට ඉඩ තිබුණි. ඡන්දය පැවැති දිනයට දින කීපයකට පෙර උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂාව සඳහා යැයි කියමින් හමුදාව එළියට ගැනීම මැතිවරණ කොමසාරිස්වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. හමුදාව එළියට ඒමෙන් ඡන්දදායකයන් තුළ අනවශ්‍ය බියක් ඇතිවන බව කොමසාරිස්වරයාගේ මතය වී තිබුණි. මැතිවරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු පොලිස්පතිවරයා දුන් සහතිකයෙන් තෘප්තිමත් වී සිටියේය. මේ හේතුව නිසා හමුදාව යළි කඳවුරුවලට යැවීමට පියවර ගෙන තිබුණි. මේ සිද්ධිය පමණක් නොව ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ ලෙස හමුදාවේ මැදිහත්වීම ඉකුත් ජනපතිවරණයට බලපා තිබුණි. විශේෂයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරාගේ ක්‍රියාකලාපය එජාපයේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. මැතිවරණයට දෙසතියකට ඉහතදී යුද හමුදාපතිවරයා මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දක්වමින් සෙබළුන් වෙත යැවීමට හැදූ ලිපි ලක්ෂ ගණනක් මැතිවරණ කොමසාරිස්වරයාගේ අණින් නතර කෙරිණි. ජනපතිවරයාගේ යාපනය ජන රැලියට සහභාගි වූ ජනතාවට ඛෙදාදීම සඳහා බනිස් විසිදහසක් සකස් කර තිබුණේ යුද හමුදාව විසිනි. අවසානයේදී යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් හය වැනිදා පොළොන්නරුවේදී විශ්‍රාමික සෙබළුන් වෙනුවෙන් වැඩසටහන්ද තිබුණි. වෛද්‍ය සායනයක් මුවාවෙන් එය පැවැත්වූයේ පොළොන්නරුව මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද බළකොටුව බැවිනි. එම බළකොටුව බිඳීමට අවසාන තුරුම්පුව ලෙස යොදාගෙන තිබුණේ හමුදා සහයය. මැතිවරණයට පෙර හමුදාවේ මැදිහත්වීම මෙසේ තිබියදී ජනපතිවරණයට ආසන්නවම ගජබා රෙජිමේන්තුව හා විශේෂ බළකා සෙබළු හදිසියේ කොළඹට කැඳවීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ දේශපාලනඥයෝ සැක පළ කරති. තිරිකුණාමලයේ මංකිබ්රිජ්හි ස්ථානගත කර තිබූ 4 වැනි විශේෂ බළකාය මෙන්ම යුද හමුදාපතිවරයාගේ අතිරේක සේනාංකය වන 53 වැනි සේනාංකය යටතේ අනුරාධපුරයේ ස්ථානගත කර තිබූ 1 වැනි ගජබා රෙජිමේන්තුව ඇතුළු ගබජා රෙජිමේන්තුවේ සෙබළු දහස් ගණනක් එසේ කොළඹට කැඳවා තිබූ බවට දැනගන්නට ලැබි තිබේ. ජනපතිවරණයට පෙර යුද හමුදා සංඥා බළකාය ගුවන් විදුලි සංස්ථාවට හා රූපවාහිනී සංස්ථාවට කැඳවා තිබිණි. මේ අතරේ ඡන්දය ගණන් කරමින් තිබූ ඉකුත් සිකුරාදා (09) අලුයම් කාලයේ කොළඹ ඩී.ඇස්. සේනානායක විදුහල හා රාජකීය විදුහල් පරිශ්‍රයට ගජබා රෙජිමේන්තු හා විශේෂ බළකා සෙබළු ඇතුළුවීමට ගත් ප්රයත්නයක් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ගේ නිර්භීත තීරණ හේතුවෙන් ව්‍යර්ථ වී ගියේය. ඡන්ද පෙට්ටි මංකොල්ල කෑමට පැමිණියොත් ඔළුවට වෙඩි තබන ලෙස මැතිවරණ කොමසාරිස් කී කතාවෙන් පොලිස් නිලධාරීහු නව උත්තේජනයක් ලැබුවෝය. අනවශ්‍ය පරිදි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළු වුවහොත් වෙඩි තබන බවට දිවුරූ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළු සිය ගිනිඅවි සූදානම් කර ගත්හ. මේ අනපේක්ෂිත සිද්ධිය හේතුවෙන් සෙබළු පසුබැස්සහ. ඉහළ ස්ථරවලින් එල්ල වූ දැඩි පීඩනය මැද ප්‍රශංසනීය සේවයක් කළ පොලිස්පතිවරයා කළ මෙහෙවර එම ධුරයට පත්වන ඕනෑම අයෙකුට මහඟු ආදර්ශයක් වනු ඇත. මෙම පිරිසට අණදීම සඳහා පත්තර තිබුණේ ගජබා රෙජිමේන්තුවට අයිති ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරයකු හා බ්රිගේඩියර්වරයෙකි. එමෙන්ම කැලෑ සටන් සඳහා ප්රවීණත්වයක් උසුලන විශේෂ බළකා සෙබළු හදිසියේ කොළඹට කැඳවීම පිටුපස තිඛෙන අබිරහස පිළිබඳ ඉහළ පෙළේ පරීක්ෂණයක් අරඹා තිබේ. මේ අතර ජනපතිවරණය පැවැත්වෙන දින විශ්‍රාමික ජෙනරාල්වරුන් යොදවාගෙන සන්ධානයේ මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට කළ සැලසුමක් එජාපය අතට පත්ව තිබුණි. කලක් හිටපු ජනපතිවරයාගේ ආරක්ෂක උපදේශක ධුරයක් දැරූ විශ්‍රාමික ජෙනරාල්වරයකු ඇතුළු විශ්‍රාමික මේජර් ජෙනරාල්වරු දහනව දෙනෙක් අද්මිරාල්වරු දෙදෙනෙක් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් එම ලැයිස්තුවේ සිටිති. එම අද්මිරාල්වරු දෙදෙනෙක් හිටපු නාවික හමුදාපතිවරුය. විශ්‍රාමික අනෙක් රියර් අද්මිරාල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මෛත්‍රීපාල සිරිසේනගේ කොළොන්නාවේ ප්රචාරක රැලියට වෙඩි තැබිමේ චෝදනාවටය. එම සිද්ධියට පොලිස් අත්අඩංගුවට පත් අනෙක් පිරිස ඉඩම් ගොඩ කිරීම් මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීන්ය. එම මණ්ඩලය අයත්ව තිබුණේ ගෝඨාභය රාජපක්ෂගේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයටය. තත්ත්වය මෙසේ තිබියදී විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ඉකුත් හත්වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ හිටපු ජනපතිවරයා ඇතුළු පිරිසක් හමුදා කුමන්ත්‍රණයක් මගින් රාජ්‍යය බලය අල්ලා ගැනීමට දැරූ තැත පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ, අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු විදේශ කටයුතු ඇමැති ජී.එල්. පීරිස්. හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන පිරිස මීට සම්බන්ධ බවට මංගල සමරවීර කළ පැමිණිල්ලේ සඳහන්ය. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, නීතිපති යුවජින් විජේතිලක, හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මේ කුමන්ත්‍රණයට එකඟ නොවූ බැවින් එය ව්‍යර්ථ වූ බව මංගල සමරවීර පවසයි. කෙසේ නමුදු මංගල සමරවීර ඇමැතිවරයාගේ මෙම චෝදනාව මහාචාර්ය ජී.එල්. පීරිස් මෙන්ම හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය නිලධාරී විජයානන්ද හේරත් ද ප්‍රතික්ෂේප කළහ. සුභාෂ් නානායක්කාර ලක්බිම ඇසුරින් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom