


උඩින් බලල බොරුවට කෑ ගහන්න එපා යලුවා.
1994 උබ ඉපදිලද කියන්න දන්නෙ නෑ. මමත් ගොඩාක් පොඩි. මගේ මතකය සහ කියවපු දේවල් එක්ක කියනෙ.
1994 චන්ද්රිකාගේ රජයේ විදුලි සංදේශ ඇමති මන්ගල. එකල රැහැන් සහිත දුරකථනයක් තිබුනේ සීමිත රජයේ කාර්යල හා ධනවත්ම පුද්ගලයන් විතරය්ලු.
මංගල හැම ගෙදරටම දුරකතනයක් ලබා දීමේ වැඩ සටහනක් හදලා ටෙලිකොම් එක පුලුල් කරල තියනවා, ටෙලිකොම් එකට විතරක් කරන්න බැරි නිසා රැහැන් සහිත දුරකතන පවුද්ගලික ආයතන 2ක් සදහා අනුමැතිය දීලා තියනව, සන්ටෙල් හා ලන්කාබෙල්.
ඊට අමතරව ජංගම දුරකථනය හදුන්වා දීල තියනව පලමු වතාවට. සෙල්ටෙල් ( දැන් හච් ගනිපු එටිසලාට් එක) කෝල් ලින්ක් (දැන් හච්), මොබිටෙල් සහ ඩයලොග්. ඩයලොග් තමයි ඉස්සෙල්ලම ජී එස් එම් තාක්ෂණය දකුනු ආසියාවේ මුලින්ම බාවිතා කරේ.
ඉන්දියාවට කලින් ජී එස් එම් 2ජී, 3 ජී 3.5ජී සහ 4ජී ලංකාව බාවිතාකරා. ලංකාවේ 4ජී දෙනකොට ඉන්දියාව 3.5 ජී දමනව.
දකුනු ආසියාවේ ඉස්සෙල්ලාම අන්තර්ජාලය හදුන්වාදුනෙත් ලංකාව.
මේකෙ හැමිනෙන්නෙ නැතිව ඉතිහාසය / තාක්ෂණය පරිනාමනය ටිකක් කියවන්න.
ඔය විදියට තාක්ෂණය දියුනු උනත් පසුගිය දශක එකහමාර තුල තාක්ෂණය පිළිබඳව දැක්මක් තිබ්බෙ නෑ ලංකාවට . ඩිජිටල් ඇමති කෙනෙක් හිටියා මොකද උනේ කියල දන්නව නේ. ඊට කලින් හිටපු අමතිලත් එහෙමයි.
නමුත් ඉන්දියාව පුලුල් විදියට හිතුවා මේ කාලයේ. තාක්ෂණික නගර පටන් ගත්තා. ලෝකයේ හොදම තාක්ෂණික සමාගම්වලට ඉන්දියාවට ආරාධනා කරා. කොමිස් කුට්ටිම ගැන හිතන්නෙ නැතිව වැඩ කරා.
ලෝකයේ ලොකුම හ හොදම සමාගම් ඉන්දියාව කේන්ද්‍ර කරගෙන දකුනු අසියාව මෙහෙයවන තැනට ගෙනාව,
අද ලංකාවේ තාක්ෂණික නිශ්පාදන හා සේවා සපයන සමගම් සියල්ලම වගේ ලංකික කාර්යාල උපදෙස් ගන්නෙ, වාර්තා කරන්නෙ ඉන්දියාවේ එම සමාගමේ කාර්යාලයට
එහි ප්‍රතිඵල විදියට සුහුරු නගර කිහිපයක්ම ඉන්දියාවෙ දැන් තියනව. සමහර ඒවා ආදර්ශ සුහුරු නගර, සාම්පල විදියට හදපුවා.
ඉන්දියාවේ එක ප්‍රාන්තයක් ලන්කාවට වඩාලොකුයි. භූමිය පිලිබද ප්රශ්නයක් නෑ. භූමිය උපරිමයෙන් බාවිතා කරපු රටක් තමය් සිංගප්පූරුව, පොලොව යට උඩ දෙකම මනාව සැලසුම් කරල තාක්ෂණය උපරිමයෙන් බාවිතා කරල තියෙනවා. සිංගප්පූරුවම කොළඹ විතර ඇති.