බිලියන 4ක පික්සල් සහිත අඟහරුගේ ජායාරූපය
දැනට නිපදවා ඇති බිලියන ගනන් පික්සල් සහිත ජායාරූප වෙත නව ජායාරූපයක් එක්වී තිබෙනවා.
ඒ කිලෝමීටර් මිලියන 567ක දුරක පිහිටි ගේල් ආවාටයේ සිට කියුරියෝසිටි මඟින් ලබාදුන් ජායාරූප 407ක් එක් කර සෑදූ අඟහරු මත පැනරාමා දර්ශනයයි.
මෙම ජායාරූපයේ ඇති පික්සල් ප්‍රමාණය බිලියන 4කි (90,000 x 45,000). නමුත් ඒ සෑම ජායාරූපයක්ම ගෙන ඇත්තේ මෙගාපික්සල් 2ක කැමරාවකින් වීම විශේෂත්වයක්.
මෙය නිපදවීමට Andrew Bodrov නම් පුද්ගලයාට සති 2ක පමණ කාලයක් ගතවී තිබේ.
පසුගිය වසරේ අගෝස්තු 06 වැනිදා අඟහරු මත ගොඩබැස්සවීමෙන් පසු කියුරියෝසිටි මඟින් පෘතුවියට එවනා ජායාරූප දත්ත විවිධ විකිරණයන්ට බඳුන් වන නිසා එය පෘතුවිය මත ගන්නා ලද ජායාරූපයක් මෙන් සරල නොවේ.
තව දින 3කින් පෘතුවිය හා කියුරියෝ සිටි අතර සම්බන්ධතාවයට සූර්යයාගෙන් බාධා එල්ලවන අතර නැවත සබඳතා ගොඩනැඟෙන්නේ මැයි 01 වෙනිදා සිටය
කියුරියෝසිටි මඟින් ලබාදුන් ජායාරූප ඇසුරෙන් නිපදවූ එම පික්සල් බිලියන 4ක පැනරාමා දර්ශනයට මෙතනින්.


