match eka dinna uto

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ඉතා තියුණු ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත් වුණා.

    ශ්‍රී ලංකා පිළ දෙවන ඉනිමේ රැස් කළ ලකුණු 138ත් සමගින් ලකුණු 136 ජයග්‍රාහී ඉලක්කයක් පාකිස්ථානු කණ්ඩායමට හිමිවුණා.

    කෙසේ වෙතත් පාකිස්ථානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 114ක් පමණයි.

    මෙහිදී තවත් කඩඉමක් පසුකිරීමට සුපිරි ක්‍රීඩක රංගන හේරත් සමත් වුණා.ඒ ලොව ටෙස්ට් පිටියේ කඩුලු 400ක් දවාගත් පළමු වමත් දඟ පන්දු යවන්නා වීමයි.එමෙන්ම පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් කඩුලු 100ක් දවා ගැනීමටද හේරත් මෙහිදී සමත් වුණා.පාකිස්ථෘනයට එරෙහිව එවැනි දස්කමක් කළ පළමුවැන්නා රංගන හේරත් වනවා.

    ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන ගිය හේරත් මේ තරඟයේදී කඩුලු 10ක්ද දවා ගැනීමට සමත් වුණා.

    තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රීලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 419ක් රැස්කළ අතර නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ නායක දිනේෂ් චන්දිමාල්ගේ සුපිරි පිතිකරණය එහිදී කැපී පෙනුනා.

    22141273_1545978888774616_9157362803493804876_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැච් එක දින්න කියල කුණුහරුප ත්‍රෙඩ් දාන්න එපා උට්ටො තව පාරක් ඒඩ්ස් හැදෙයි :sorry: