Mathaka Mal (මතක මල්) - Lasith Fernando

Jan 18, 2017
252
69
0
සුවද නම් මැකී නෑ කාමරේ,
මතකයන් ගිලී නෑ මාවතේ,
උණුසුමක් ඔබේ හද රැදී තියේ,
ගිලෙනකම් මේ ජීවිතේ...

මල් පොදින් පොද,
බිම දමා මට සැතපෙන්න...
මල් ටිකෙන් ටික,
සමග මා ඔබ ගෙනියන්න...

කී වදන් සිතුවම් මේ හදවතේ,
සිනහවන් ගෙනේ ඔබෙ මතකයෙන්,
සිසිලසක් ඔබේ සදාකල් තියේ,
නිවෙනකන් මේ ජීවිතේ...

මල් පොදින් පොද,
බිම දමා මට සැතපෙන්න...
මල් ටිකෙන් ටික,
සමග මා ඔබ ගෙනියන්න...


ඔබ නැති ජීවිතේ,
දුකට කම් නැතේ,
අපි යලි හමුවෙනු මට දැනේ...
අදුරු නෑ රැයේ,
තාරකා වගේ,
මතක මල් පොදින් ඔබේ...



Special thanks to Kaveendra Randeera for the help typing this out!
 
Last edited: