සියැටල්ගේ ලිපිය

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    762
    1,019
    93
    අපිට කලින් O/L syllabus එකක මේ ලිපිය තිබුණා.

    Copied...

    ක්‍රි. ව. 1854 දී ඇමරිකානු ජනාධිපතිවරයා වූයේ සුදු ජාතික නායක ප්‍රැන්ක්ලින් පියර්ය.මෙකල යුරෝපීයයන්ගෙන් ස්වදේශික ඇමරිකානුවන්ට මහත් හිරිහැර අත්විය. පවතින තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ අනුව ස්වදේශික රතු ඉන්දියානුවන් සතු ඉඩම් සුදු මිනිසුනට විකුණන මෙන් සඳහන් කළ ලිපියක් රතු ඉන්දියානු නායක සියැටෙල් වෙත ජනාධිපතිවරයා විසින් යොමු කරන ලදී.

    ඊට පිළිතුරු වශයෙන් සියැටෙල් විසින් ප්‍රෑන්ක්ලින් පියර්ස් ජනාධිපතිවරයා වෙත ලිපියක් එවන ලදී. එම ලිපිය පරිසරය පිළිබදව මෙතෙක් ඉදිරිපත් වී ඇති දාර්ශනික වූත් සාරගර්භ වූත් ලේඛනය ලෙස සැලකේ. මිනිසාත් පරිසරයත් අතර ඇති සමීප සම්බන්ධතාව ගැන ගැඹුරු විවරණයක් මෙයින් ඉදිරිපත් කෙරේ.

    එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය (UNEP) මගින් මෙය මෑතකදී පළ කෙරිණ. සියැවෙල්ගේ ප්‍රකාශනය ලෙස ප්‍රකටව ඇත්තේ එම ලිපියයි.

    _________________

    සුවිසල් නුවරක් වූ වොෂින්ටන් හි සුදු ජාතික නායකතුමා අපගේ ඉඩම් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර සිටී.

    ඒ සමග එතුමා අප කෙරෙහි මිත්‍රත්වය සහ සුහද බවද පළ කර ඇත. එයින් ඔහුගේ කාරුණික බව පිළිබිඹු වේ. අප හා මිත්‍ර වූවා යැයි ඔහුට යම් ප්‍රයෝජනයක් වේ නම් ඒ අල්පමාත්‍ර වශයෙනි. එහෙත් අපි ඔහුගේ යෝජනාව කෙරෙහි අවධානය යොමු කර සිටිමු. අප ඉඩම් විකිණීමෙන් වැළකී සිටියහොත් සුදු මිනිසුන් පැමිණ අවි බලයෙන් ඉඩම් පැහැර ගන්නා බව නිසැකය.

    එහෙත් නිල් අහසත් පොළවේ ඇති උණුසුමත් විකිණීමට හෝ මිලදී ගැනීමට හැකිද..? එය මට නොවැටහේ. මේ අදහස අප හට නම් අරුමයකි. සුළගේ ඇති පවිත්‍ර බව නැවුම් බව ජලයේ ඇති ප්‍රභාවත්‘ බව අප සන්තක නොවේ. එසේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙසේද..?



    මේ මහ පොළොවේ සෑම බිම් අඟලක්ම මාගේ ජනතාවට පූජනීයයි. පාරිශුද්ධයි. ලා හිරු එළියෙන් බබළන දේව දාර ගස්වල සෑම සිහින් පත්‍රයක්ම වැලි තලාවන්ගෙන් වැසුණු සෑම වෙරළ තීරයක්ම, සෑම එළිමහන් බිමක්ම, අදුරින් බර වූ වනපෙත් වසා පැතිරුණු සෑම මිහිදුම් සලුවක්ම, බිඟු නද පතුරවන සෑම කුඩා ජීවියෙකුම මාගේ ජනතාවගේ සිත තුළත් ඔවුන් ලද අත්දැකීම්වලත් ශුද්ධ වස්තූන් වේ. ගස් වලින් රෑටා වැටෙන සෑම දිය බිදුවක් තුළට රතු ඉන්දියානුවන් පිළිබද මතක සටහන් ගැබ් වී තිබේ.



    සුදු ජාතිකයෝ අහසේ තරු මත පා තබන්නට යන විට ඔවුන්ගේ උපන් බිම අමතක කර දමති. එහෙත් අපගේ මළගිය ඇත්තෝ කිසිවිට මේ මහ පොළොව අමතක නොකරති. ඒ රතු ඉන්දියානුවන්ගේ සදාදර මතෘත්වය මහ පොළොව වන බැවිනි.



    අප පෘථිවියේ කොටසකි. පෘථිවිය අපේ කොටසකි. සුවඳැති මල් අපගේ සොයුරියෝ වෙති. මුව පොව්වෝ, රාජාලියෝ හා අශ්වයෝත් අපගේ සොහොයුරෝ වෙති. ගිරි මුදුන්වල සිට තණ බිම් වනාන්තර අතරින් ගලා බස්නා දිය දහරා ද අශ්වයාගේ සහ මිනිස් සිරුරේ උණුසුම ද යන මේ හැම දේ එකම පවුලක සාමාජිකයන්ය.



    අපගේ ඉඩම් මිලදී ගැනීමට සුදු ජාතික නායකතුමා අදහස් කරන බව අප වෙත දන්වා සිටිය ද ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට අපට ඉතා දුෂ්කර වූ දෙයකි.



    අපට කරදරයකින් තොරව ජීවත් විය හැකි පරිදි සුදුසු ස්ථානයක් වෙන් කර දෙන බව ප්‍රබල සුදු නායකතුමා දන්වා සිටී. එවිට ඔහු අපගේ පියා බවට පත් වනු ඇත. අප ඔහුගේ දරැවන් වනු ඇත.



    එමනිසා ඔහු අපගේ ඉඩම් මිලදි ගැනීමට කරන යෝජනාව ගැන අපි සලකා බලන්නෙමු. එහෙත් එය අපට ලෙහෙසි පහසු දෙයක් නොවේ. මක්නිසා ද යත් මේ භූමිය අපට පූජනීය වස්තුවක් වන බැවිනි.



    ගංගා ඇළදොළ දිළිසෙමින් ගලා බස්නා ජලය හුදෙක් දිය දහරාවන්ම නොවේ. ඒ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට අපගේ ඉඩම් විකිණුවහොත් මේ ඉඩම් අපට පූජනීය වස්තුවක් බව ඔබගේ දරුවන්ටද ඔබ වටහා දිය යුතුයි.



    අපගේ භූමියේ පිහිටි ජලාශයන්හි සෑම පිවිතුරු දියමතුපිට පතිත වන සෑම පිළිඹිබුවක්ම මාගේ ජනතාවගේ ජීවිතයේ විවිධ සිද්ධීන් හා මතක සටහන් පවසයි. ජලයෙන් නැගෙන සිහින් හඬ මාගේ පිය පාර්ශවයේ මුතු මිත්තන්ගේ හඬය .



    මේ ගංගාවෝ අපගේ සොයුරෝය. ඔවුහු අපගේ පිපාසය සන්සිඳුවාලති. අපගේ දරුවන් පෝෂණය කරති. ගංගාවන් අපගේ මෙන්ම ඔබගේ ද සහෝදරයන් බව සිහිතබාගනු මැනවි. ඒ බව ඔබගේ දරුවන්ට ද කියා දෙනු මැනවි. එහෙයින් මින් මතුවට ඔබ විසින් ඔබගේ සොයුරනට දක්වන කරුණාව ගංගාවලට ද දක්වන්න.



    උදෑසන හිරු නැග එන විට කඳුකරයේ ඇති මිහිඳුම් පටල සැඟවී යන්නාක් මෙන් සුදු මිනිසුන්ගේ ආක්‍රමණ හමුවේ රතු ඉන්දියානුවෝ නිතරම පසු බැස සිටියහ. ඔවුන්ගේ සුසාන භූමි මෙන්ම කඳුකරයන් ද ගස් වැල් ද මහ පොළොවේ මෙම භූමි භාගය ද, අපට ශුද්ධ භූමි වන්නේය. සුදු මිනිසුන්ට අපගේ ගති පැවතුම් තේරුම් ගැනීමට නොහැකි බව අපි දනිමු. මහ පොළොව ඔවුන්ට සහෝදරයෙක් නොව සතුරෙකි. එක් තැනකදී එය ජයගෙන තවදුරටත් එය යටත් කර ගැනීම සඳහා ඔවුහු ඉදිරියට ගමන් කරති. ඔවුහු තම පියවරුන්ගේ සුසාන භූමි කිසිදු සැලකිල්ලකින් තොරව අත්හැර දමා යති. මහපොළොව එහි දරුවන්ගෙන් උදුරා ගනිති. ඔවුහු සිය මාතාව වන මිහිකත ද සිය සොයුරා වන නිල් අහස ද මිලට ගත හැකි දේ ලෙස සලකති. මහපොළොව ද වීදුරු පබළු මෙන් විකිණිය හැකි දේ ලෙස සලකති. මේ නිසාම යම් දිනක ඔවුහු මේ මහපොළොව විනාශ කොට එය කාන්තාරයක් බවට පත් කරනු ඇත.



    සුදු ජාතිකයින් විසින් ගොඩනගා ඇති නගර අපගේ ඇසට වේදනා ගෙන දෙයි. ඒ රතු ඉන්දියානුවන් වන අප ඔබගේ ගති පැවතුම් නොහඳුනන මිලේච්ජයන් නිසා විය හැකිය. ඒ නගරවල නිහඬ නිසංසල තැනක් සොයා ගැනීමට නොහැකිය. වසන්ත සමයේ දී ගස්වැල්වල ලා දලු පිබිදෙන ස්වරයවත් කුරුමිනියන්ගේ පියාපත් වලින් නැගෙන සර සර හඬ ඇසීමට හෝ සුදුසු තැනක් එහි නැත. ඒ වෙනුවට නාගරික පරිසරයෙන් නැගෙන කඨෝර ශබ්ද දෙසවනට නිගා දෙයි. හුදකලාව වෙසෙන නීල කොබෙයියෙකුගේ මිහිරි ස්වරය හෝ රාත්‍රියේ විල් තෙරක රුස්ව වාද විවාද කරන මණ්ඩුක ස්වරයක් ඇසීමට තැනක් නැත්නම් එසේ ජීවත් වීමෙන් ඇති ඵලය කුමක්ද..?



    රතු ඉන්දියානුවන් වන අපට මේ අවට පරිසරයේ රුඳුණ වාතය ඉතා අගනා දෙයකි. ඒ මන්ද යත් ගහ කොළ සතුන් මෙන්ම මිනිසුන් වන අප හැම ද ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ මේ වාතයයි. එහෙත් සුදු මිනිසුන්ට ඒ බව හැගෙන බවක් නම් නොදැනේ. අපගේ මුතුන් මිත්තන් ඉපදුණ විට ආශ්වාස කිරීමට ඉඩදුන් වාතය ඔවුන් මිය යන මොහොතේ හෙළන අවසන් සුසුම් පොද ද ඊට එක්කර ගනී. එහෙයින් අපගේ ඉඩ කඩම් ඔබට විකිණුවහොත් ඔබ ද එම භූමි ශුද්ධ භූමි ලෙස වෙන්කොට තැබිය යුතුය. එවිට තණ නිල්ලෙහි පිපෙන මල් වලින් සුවඳවත් වූ සුළං රුළි ආඝ්‍රාන කිරීමට සුදු මිනිසාට ද ඒවා කරා යා හැකිවන හෙයිනි.
    ------ Post added on Feb 2, 2025 at 1:24 PM
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    762
    1,019
    93
    ඉඩම් මිල දී ගැනීමට ඔබ කරන යෝජනාව අප පිළිගතහොත් ඔබ ද අපගේ එක් කොන්දේසියක් පිළිගත යුතුය. එනම් සුදු මිනිසුන් වන ඔබ මේ භූමියේ වසන සියලු සතුන් තම සොයුරන් සේ සැලකිය යුතුය. දිවෙන දුම්රියවල සිට සුදු මිනිසුන් විසින් වෙඩිතබා මරා දමන ලද වල් හරකුන් දහස් ගණනකගේ සිරුරු දිරාපත්ව යන සැටි මම දුටුවෙමි. අප වල් හරකෙකු මරා දමන්නේ පණ නල රුක ගැනීම සඳහා පමණි. එහෙත් පණ ඇති වල් හරකුන්ට වඩා යකඩ යකා වැදගත් වන්නේ කෙසේද..? මට නොවැටහේ. ඒ මා මිලේච්ජයකු වන නිසා විය හැක. සිවුපා සතුන් නොමැති තැන මිනිසාට ඇති තැන කුමක්ද..? සියලු සිවුපා සතුන් මිහිමතින් සමුගතහොත් මිනිසා ද මහත් කාන්සියකින් මියයනු ඇත. මන්ද සිවුපා සතුන්ට සිදුවන ඕනෑම දෙයක් වැඩිකල් නොයා මිනිසාට ද සිදුවිය හැකි බැවිනි.



    අපගේ ඥාතීන්ගේ ජිවිත වලින් මහපොළොව සරුසාර වූ බවත් මහ පොළොව



    අපගේ මාතාව බව අප විසින් අපගේ දරැවන්ට කියාදුන් බවත් ඔබලාගේ දරැවන්ට පවසන්න. එවිට ඔවුන් මහපොළොවට ගරු කරනු ඇත. මේ භූමිය කෙලෙසන මිනිසා එවිට සිදුකරනුයේ තමා විසින් තමාම කෙලෙසා ගැනීමයි. ඒබව අපි හැම දෙනාම දනිමු. එක පවුලක සියලුදෙනා එකම ලෙයින් බැදී සිටින්නා සේ සොබාදහමේ ඇති සියලුදේ එක බැඳීමකින් බැඳි පවතී.



    මිහිකත ඇති ජීව ජාලය මිනිසා විසින් ගෙතුවක් නොවේ. මිනිසා යනු එහි එක් හුයක් පමණි. මේ ජාලයට මිනිසා විසින් යම් හානියක් පමුණවනු ලද ද ඔහු එයින් තමාටම හානි කර ගනී. ඒ බව මතක තබා ගන්න.



    එහෙත් ඔබ විසින් අප වෙනුවෙන් වෙන් කරන ලද රක්ෂිත භූමියට යාම පිළිබඳව අපි සලකා බලමු. එහි ඔබගෙන් වෙන්ව සාමයෙන් හා සමාදානයෙන් වාසය කිරීමට හැකි වනු ඇත. අපේ ජීවිතයේ ඉතිරි ටික කාලය කොතැන වාසය කිරීමට යෙදුනත් කම් නැත. සිය මිනිසුන් සටනින් පරාජිතව දීන මිනිසුන්වන අයුරු අපගේ දරැවන් විසින් දක්නා ලදි. සටනින් පරාජයවීම නිසා ලැජ්ජාවට පත් අපගේ සෙබළු මිහිරි අහාර බුදිමින් මත්පැන් බොමින් අලසව දිවි ගෙවති. එම නිසා අපගේ ජීවත්වන ඉදිරිදින කිහිපය කොහේ ගෙව්වත් කම් නැත.



    දැනට කුඩා වන පොත් වලට කොටුවී සිටිය ද එදා මේ මහ පොළවේ සැරි සැරෑ මහා ගෝත්‍රිකයන් වන අපගේ දරැවන් සිය මුතුන් මිත්තන්ගේ සුසානයන්ට ගරු සැලකිලි දැක්වීමටවත් ඉතිරි නොවනු ඇත. එහෙත් කලෙක මේ ග්‍රෝතික දරැවෝ අද ඔබගේ දරුවන් මෙන් බල පරාක්‍රමයන්ගෙන් හා අනාගත අභිලාෂයන්ගෙන් පිරිපුන්ව සිටි බව අමතක නොකරන්න.



    එහෙත් මාගේ ජනතාව මිහිමතින් තුරන්වයාම ගැන මා කම්පා වන්නේ කුමටද..? විවිධ ග්‍රෝත්‍රිකයන් සෑදී ඇත්තේ මිනිසුන්ගෙන් මිස වෙනත් කවරකුගෙන්වත් නොවේ. සාගරයේ ඇතිවන තරංග එහිම ඇතිවී එහිම ගැටේ.



    නැතිවී යයි. එමෙන්ම අපි හැම ද මිනිසුන් සමග පොළවේ ඉපිද නිරුද්ධ වී යමු. ස්වකීය මිතුරන් මෙන් සුදු මිනිසුන් සමග ජීවත් වන කතා කරන දෙවියන් වහන්සේට ද මේ ඉරනම අත්වනු ඇත.



    800px-Chief_Seattle_gravesiteකුමක් කීවත් කුමක් කළත් අපි හැම සොහොයුරෝ වන්නෙමු. අනාගතයේ සුදු මිනිසා විසින් සොයා ගන්නා එක් සත්‍යයක් එය බව අපි දන්නෙමු. එනම් අප අදහන දෙවියන් ඔවුන්ගේ ද දෙවියන් බව ඔවුන් විසින් දිනක වටහාගනු ඇත. දැන් අප සතු ඉඩම් අයිතිකර ගැනීමට ප්‍රාර්ථනාකරවාක් මෙන් දෙවියන් වහන්සේගේ අයිතිය නතුකර ගැනීමට ද ප්‍රාර්ථනා කරනවා විය හැකිය. එහෙත් ඔබට එය කළ නොහැක්කකි. ඔහු සියලුම මිනිසුන්ගේ දෙවියන් වහන්සේය. එබැවින් සුදු ජාතිකයාට මෙන් රතු ජාතිකයාට ද ඔහුගේ මෛත්‍රිය එකසේ බෙදී යයි. මේ පෘතුවිය දෙවියන් වහන්සේට ඉතාමත් අගනා වූවකි. එබැවින් පෘතුවියට හානි කරන පුද්ගලයන් ඔවුන්ගේ මැවුම්කරැවන්ට නිගා කරති. කවදා හෝ සුදු ජාතිකයන් ද මේ මහපොළොවේ සැඟව යනු ඇත. ඇතැම් විට එය අනෙක් ග්‍රෝත්‍රිකයින් සැඟවයාමට කලින් සිදුවනු ඇත. ඔබගේ සයනය ඔබ දිගින් දිගටම කෙලෙසමින් යන්න. යම් දිනක ඔබ එම ප්‍රවාහයේම ගිලෙනු ඇත. එහිම ගිලී මියයනු ඇත.



    යම් හේතුවක් නිසා ඔබ මේ භූමියට කැදවාගෙන පැමිණ, රතු ඉන්දියානුවන් අභිභවා ඔබගේ අධිපත්‍යය පැතිර වීමට ඉඩ සැලසූ දෙවියන් වහන්සේගේ ශක්තියෙන්ම යම් දිනක ඔබ ගිනිගෙන දැවී අහිමිව යනු ඇත. සියලු වල් හරකුන් මිහිමතින් සමුගෙන යන දිනයත්, සියලු වල් අශ්වයෝ හීලෑ කරගන්නා දිනයත් ,මිනිස් ගන්ධයෙන් වන පෙතෙන් සැඟවුන සෑම අස්කොන් පිරීයන දිවසත් අපි නොදනිමු. එබැවින් මිනිස් වර්ගයාගේ ඉරණම තවම අපිට අභිරහසකි. එවිට හිමෙන් වැසීගිය කඳු වළලු කොහේ දකින්නට ලැබේද..? රාජාලියන් හිමෙන් වැසීගිය අශ්වයන් මේ හැම වඳවී ගොසින්ය. විනාශ වී ගොසින්ය. දඩයම් කරන සතුන්ගෙන් සමුගැනීම කෙතරම් අප්‍රිය ජනක වේද..!. එය ජීවයේ අවසානයත්, නොමැරී යන්තම් පණ නල රුක ගැනීමේ ආරම්භයත් සනිටුහන් කරනු ඇත.



    අප ඔබේ යෝජනාවට එකඟවේ වන්නේ නම් ඊට හේතුව ඔබ අපට ලබා දීමට ප්‍රතිඥා දුන් රක්ෂිත භූමියහෝ ලබාදීමයි. එවිට අපගේ ජීවිතයේ ඉතිරි කෙටි කාලය එහි ගත කිරීමට හැකිවනු ඇත. අවසන රතු ඉන්දියානුවන් මේ භූමියෙන් සමුගත් දිනයක, ප්‍රෙයරිස් තණ බිම් හරහා පාවී යන වලාකුළක සෙවණැල්ලක් බවට පත්වන දිනයක මේ භූමියේ වෙරළ තීරය සහ වනපෙතේ මාගේ ජනතාවගේ ආත්මය තව දුරටත් රඳවා ගනු ඇත.



    අලුත උපන් දරුවෙකු තම මවගේ හද ගැස්මට ආදරය කරන්නේ යම් සේද එසේම අපගේ ජනතාවෝ මේ මහ පොළොවට ආදරය කරති. මේ භූමිය විකුණුව හොත් මේ භූමියට අප මෙන්ම ආදරය කරන්න. අප මේ භූමිය රැකබලා ගත්තාක් මෙන් ඔබ ද මේ භූමිය රුකබලා ගන්න. ඔබ මෙය මිලට ගන්නා අවස්ථාවේ මේ භූමිය තිබෙන අයුරැ ඔබ සිතෙහි තබා ගන්න. දෙවියන් වහන්සේ සෑම සියලු දෙනාටම එකසේ ප්‍රේම කරන බැවින් මෙම භූමිය ඔබගේ මුළු ශක්තියෙන් සිතෙන් මෙන්ම හදවතිනුත් ඔබගේ දරැවන් වෙනුවෙන් ආරක්ෂා කර තබන්න.



    අපි එක දෙයක් දනිමු. එය නම් අපගේ දෙවියන් වහන්සේ ද ඔබගේ දෙවියන් වහන්සේ ද එකම දෙවියන් බවයි. ඔහුට මේ භූමිය ඉතා වටින්නේය. සුදු මිනිසාට යැයි ඉරණමේ වෙනසක් නැත. කුමක් කීවත් කළත් අපි සොහොයුරෝ වෙමු. අනාගතයේ සිදු වන්නේ කුමක්ද..? එය අපට හොඳින් දැකබලා ගැනීමට හැකිවනු ඇත.



    ගත්තෙ මෙතනින්

    https://www.wijeya.lk/features/සියැටෙල්-ප්‍/210-490
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,417
    1
    26,927
    113
    සුද්දෝ ඇමෙරිකාව යටත් කරගත්තේ නැත්නම් ඒක අද හෙන දුප්පත් රටක්. ඔසීත් ඒ වගේ තමයි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    4,860
    8,549
    113
    ඉස්සර ඉස්කෝලෙ කාලේ ඕක කියෙව්වා..සිරාවටම ඔහොම ලියුමක් ලියන්න දැනීමක් රතු ඉන්දියානුවන්ට තිබ්බා කිව්වම පුදුම හිතෙනවා..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,703
    192,846
    113
    Colombo, Sri Lanka
    සුද්දා පරිසරයේ අගය දැන් අපිට කියන්න ගියාට, ඉස්සර මිනිස්සු දේවත්වයෙන් සැලකුවේ පරිසරයට :yes: