දැන් මැතිව්ස් අයින් කළා කියල ක්‍රිකට් වල ප්‍රශ්න සියල්ල නිවාරණය වෙලා මැච් දිනන්න ගනීවිද ? නැහැ! මැතිව්ස් එන්න කලින් ක්‍රිකට් වල ප්‍රශ්න තිබුණේ නැතිද? අවුරුදු ගාණකට කලින් වතාවක් ටෝනි ග්‍රෙග් ගෙන් ලංකාවේ ක්‍රිකට් හදන්න නම් මොකක්ද කරන්න ඕනෑ කියල අහල තිබුනා, ඔහු කියා තිබුණේ ක්‍රිකට් පරිපාලනය විදේශ රටකට/ඔස්ට්‍රේලියාවට දෙන්න කියල, එවෙලේ ඒක හාස්‍යය ජනක දෙයක් විහිළුවක් වගේ දැක්කට ඇත්තටම මේක හරි බැරෑරුම් දෙයක්, මොකද අපේ පරිපාලනය කරන එවුන් පට්ට පජාත ජරාම එවුන් බව රටම දන්නා නිසා. අපේ තියෙන්නේ එදා වේල ක්‍රිකට්, ලංකා ආණ්ඩුව වගේමයි, එදා වේල ආණ්ඩු, අනාගතය උදෙසා කිසිම සැලැස්මක් නැහැ, කෝටි ගණන් සල්ලි කාබාසීනියා කරලා ලජ්ජා නැතිව දහ අතේ ණයත් වෙලා ඉන්නවා. දන් කලිසං උස්සන්නත් පටන් අරං. මැච් බැලුවම අපේ වාසනාවකට පහුගිය දවස් වල තරඟයක් ගොඩදාගන්න එකෙක් හිටියා. මහේල සංගා එහෙම නැතිනම් මැතිව්ස් තරංග, නැතිනම් මුරලි වාස් කුසල් මාලිංග, ඔය මොකෙක් හරි එකෙක්, එත් ටීම් එකක් විදියට සාර්ථක ද? නෑ, තනි එකෙක් ගේ මහන්සියෙන් ගොඩ ගියා, ඉතාම කලාතුරෙකින් තමයි ටීම් ඒක හැමෝම සාර්ථක වුනේ, එකෙක්ට වත් මොකක් හරි කරගන්න බැරි වුනාම කුජීත විදියට පැරදුණා, වන් ඩේ මැච් එකක් 20 මැච් එකක් බලන්න, අන්තිම ඕවර බය නැතිව ගහන්න කුඩු වෙන්න නෙළන්න පුළුවන් එකෙක් ඉන්නවද? අපිට නෑ, එත් බංග්ලාදේශ් ටීම් එකේ ඕනෑම එකෙක් ට ඒක පුළුවන්. අපිට දක්ෂයෝ ඉන්නවා, එත් ඔවුන් ෆයින් ටියුන් වෙලා නැහැ, ඉතින් එකට හොඳ විධිමත් තරඟාවලි ඕනෑ, ක්ලබ් මැච් ටිකක ගහල ඉන්න එකෙක් ඒක පාරටම ඔන්න ගහපන් කියල ඉන්ටනැෂනල් දාල හරියන්නේ නැහැ.
