Marks: 0.5/1
In how many ways can 4 girls and 2 boys sit at a movie theatre row with 6 seats if a girl must be seated at each end?
288 answer xplin plz..
Marks: 0.5/1
In how many ways can 4 girls and 2 boys sit at a movie theatre row with 6 seats if a girl must be seated at each end?
288 answer xplin plz..
මුලින්ම කෙල්ලො දෙන්නෙක්ව දෙපැත්තෙන් වාඩි කරවන්න.
කෙල්ලො 4 දෙනාගෙන් මෙහෙම වාඩි කරවන කෙල්ලො දෙන්නව තෝරන්න පුලුවන් විදි 4C2 තියෙනවා.
දැන් ඉන්නෙ කෙල්ලො 2, කොල්ලො 2, සීට් 4යි.
දැන් ඉතින් තෝරන්න දෙයක් නෑ. ඉන්න ලමයි ගාන = සීට් ගාන. නිකන්ම වාඩි කරවමු.
හරි දැන් දෙපැත්තෙන් ඉන්න කෙල්ලො දෙන්නව තේරුවා. අනිත් උන්ව වාඩි කෙරෙව්වා.
දැන් වාඩි වෙලා ඉන්න පිළිවෙළ මාරු කරන්න පුලුවන්. 4! විදියට මැද වාඩි වෙලා ඉන්න අයව මාරු කරන්න පුලුවන්. 2! විදියට අයිනෙ ඉන්න කෙල්ලො දෙන්නව මාරු කරන්න පුලුවන්.

මුලින්ම කෙල්ලො දෙන්නෙක්ව දෙපැත්තෙන් වාඩි කරවන්න.
කෙල්ලො 4 දෙනාගෙන් මෙහෙම වාඩි කරවන කෙල්ලො දෙන්නව තෝරන්න පුලුවන් විදි 4C2 තියෙනවා. (පිළිවෙළ වැඩක් නෑනෙ වාඩි වෙන දෙන්නා කවුද කියලා තෝරන කොට. ඒක නිසා සංගනන, සංකරන නෙමෙයි)
දැන් ඉන්නෙ කෙල්ලො 2, කොල්ලො 2, සීට් 4යි.
දැන් ඉතින් තෝරන්න දෙයක් නෑ. ඉන්න ලමයි ගාන = සීට් ගාන. නිකන්ම වාඩි කරවමු.
හරි දැන් දෙපැත්තෙන් ඉන්න කෙල්ලො දෙන්නව තේරුවා. අනිත් උන්ව වාඩි කෙරෙව්වා.
දැන් වාඩි වෙලා ඉන්න පිළිවෙළ මාරු කරන්න පුලුවන්. 4! විදියට මැද වාඩි වෙලා ඉන්න අයව මාරු කරන්න පුලුවන්. 2! විදියට අයිනෙ ඉන්න කෙල්ලො දෙන්නව මාරු කරන්න පුලුවන්.
එක එක වෙනස් විදි එන්නෙ
කවුද අයිනෙ ඉන්නෙ කියලා තෝරන එකෙන් (4C2)
මැද කට්ටියව මාරු කරන එකෙන් (4!)
අයිනෙ කෙල්ලො දෙන්නව වාඩි වෙලා ඉන්න කොන් මාරු කරන එකෙන් (2!)
ගනින ප්‍රමේයෙන් (මේක නේද නම? මතක නෑ දැන්), මුලු විදි ගාන 4C2*4!*2!=288

4 P 2 *4!
mekath hari nedha?
ඔව් මචන් ඒකත් හරි
සංකරණ වලින් කියන්නෙ තෝරාගැනීම සහ පිළියෙළ කිරීමට හැකි ආකාර ගාන.
අපි කලින් ඕක හෙව්වෙ පියවර 2කට (කෙල්ලෝ 2ක් තෝරා ගැනීම (4C2) * ඒ කෙල්ලො දෙන්න පිලියෙල කිරීම් (2!). මේක 4P2 වලට සමාන වෙනවා)
මේ ක්‍රමේදි ඒ පියවර 2 එක පියවරකින් වෙනවා