Maths help urgent please...

balukukkas

Banned
Apr 18, 2014
613
45
0
Mata gaanak hadaganna oone sir cls eke uganwala mata class eka miss una notes gaththa habei ea gaana karana widia therenne naha danna kenek innawa nam kiyala dennako loku udauwak.

5.8 sita 6.4 wenakal wadi una nam,wadi weeme anupathe % walin kumakda?uththare aawe 10.344827586206906%

Meka kohamda hadanne kiyala kiyala dennako
 
Last edited:

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ඔහොම තේරුම් ගන්න බෑ.
Business එකක වියදම සහා ආදායමක් තියෙනවා නේ ඒක මේ මාසේට සාපේක්ෂ ලෙස සමහර වෙලාවට අපිට බලන්න ඕනේ. උදාහරණයට කිව්වොත් මේ මාසේ වියදම රුපියල් 1000 නම් ඒ වගේම ලබන මාසේ වියදම 2400 නම් එතකොට වියදමේ වැඩිවීම අපිට බලන්න ඕනේ අනුපාතයක් වශයෙන් මොකද අනුපාතයක් වශයෙන් බලන කොට ඕනේම දෙයක් ඉක්මනින්ම මීටර් වෙනවා ඒක හරියට මේ වගේ ඉස්කෝලේ විෂයන් 8 ක සමස්ථ ලකුණු ගාණ දුන්නොත් ඒක ටිකක් අමුතුයි වගේ නේ නමුත් ඒක Percentage එකක් හැටියට දුන්නොත් එතකොට ලේසියි තේරුම් ගන්න තමන්ගේ මට්ටම ගැන (උදාහරණයට උබ 530/800 අරගෙන තිබුනොත් ඒක 530 කියලා කියනවට වඩා මීටර් ~66% කිව්වම එතකොට උබේ මට්ටම ගැන අදුනගන්න ලේසියි) මේ වගේම Business එකක වියදම Percentage එකක් විදියට ගත්තම වියදමේ වෙච්ච වැඩිවීම ඉක්මනින්ම තේරුම් ගන්න ලේසියි.

මෙතන වියදම ගන්නේ පසුගිය මාසේට සාපේක්ෂ ලෙසයි එතකොට.
පසුගිය මාසේ වියදම ගන්න - 430
මේ මාසේ වියදම ගන්න - 540 (හිතන්න අද මාසේ අගය කියලා)
එතකොට පසුගිය මාසේට සාපේක්ෂ ලෙස මේ මාසේ වියදම අපිට මනින්නේ ඕනේ නම් ඒක මේ විදියට කරන්න.

540 - 430
මොකද අපිට අන්තරය ඕනේ වැඩිවීමක් නිසා අපි සලකන්නේ. (කෙටියෙන් කිව්වොත් 430 ඉදලා 540 දක්වා වැඩිවීම ගන්න අපිට මේ දෙක අතර අන්තරය ඕනේ)
එතකොට මේ අගය 110
මේ 110 කියන්නේ අන්තරයටයි. අපිට දැන් මනින්නේ ඕනේ පසුගිය මාසේට සාපේක්ෂ ලෙස මේ මාසේ වියදම percentage එකක් ලෙස. ඒ කියන්නේ වියදමේ අඩුවීම හෝ වැඩි වීම එතකොට පසුගිය මාසේ තමයි පාදක වෙන්න ඕනේ සාපේක්ෂ වෙන කොට.
උදාහරණයට කිව්වොත් කෙල්ලෙක් ඉන්නවා මේ කෙල්ල ටිකක් කැතයි ඊට පස්සේ ඒකි cream ගාන්න ගන්නවා මේ මාසේ ඉදලා ඊට පස්සේ ඊළග මාසේ වෙන කොට සුදු වෙනවා එතකොට දැන් කොච්චර ලස්සන වෙලාද කියන එක මනින්නේ කැතට සාපේක්ෂව නේ? මොකද කැතේ ඉදලනේ ලස්සනට ආවේ ඉතින් ඒ වගේ මේ වැඩි වීම /අඩුවීම මනින්නේ ඕනේ පසුගිය මාසේට සාපේක්ෂ ලෙසයි.

එතකොට මෙතන පසුගිය මාසේ අගය 430 අපිට මනින්නේ ඕනේ ප්‍රතිශතය ඒක ගන්න නම් අනිවාර්යයෙන්ම 100 ට බලන්න ඕනේ ඊට පස්සේ කොච්චර වැඩි වෙලාද කියලා ගන්න ඕනේ ඒක තමයි 110 ඊට පස්සේ 430ට සාපේක්ෂ ලෙස මේ අන්තරයේ ප්‍රතිශතය ගන්නවා. (ඒක හරියට උබ 530/800 ගත්තම ඒකේ අගය සීයට ගන්න කොට 530/800 * 100 ගන්නවා වගේ)

(110 / 430) * 100

25.58% එතකොට පසුගිය මාසේට සාපේක්ෂ ලෙස මේ මාසේ වැඩිවීම මේච්චරයි.
 

dinindu kan

Member
Nov 12, 2013
243
9
0
thanks for the quick help oita wada poddak therum karnna puluwan kenek innawada oya sankya walinma?

mehemai..ithamath hodain therum ganin..:lol:..5.8 idan 6.4 wenna 5.8 ta kiyak ekathu wenna oneda kiyala balapan.(6.4-5.8)eken lebenne wedi una pramanaya..wedi una anupathaya neh ahanne..anupathayak ganna mulinma thibuna agayen bedanna one.mulinma thibuna agaya kiyanne 5.8,,ekata 0.6 k ekathu unata passe neh 6.4 wenne..ekiyanne ube athe Rs 5.8 k thiyenawa,amma thawa RS .6 k ubata denawa,,ethakota ube athe Rs 6.4 k thiyenawa.den ube athe mulin thibuna gaana Rs 5.4i ubege salli wedi una pramanaya 0.6 i)den anupathaya ganna wedi una pramanaya mulin thibuna 5.8 n bedapan..% ganna 100n wedi karapan
 

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    උබ කීය වසරෙද කොල්ලො? ඕක ඔච්චර ලොකුවට හිතන්න යන්නෙපා.. පොඩි දෙයක් තියෙන්නෙ. අනුපාතයක් හොයද්දි පෙර අගය සහ පසු අගය කියන එක හරියට තේරුම් ගන්න ඕන. මොකෝ අනුපාතය වැඩි වීමක් වගේම අඩු වීමක් වෙන්න පුළුවන්. සරළ විදියට තේරුම් කරන්නම්, පෙර අගය X සහ පසු අගය Y කියල ගමු. අනුපාතය හොයද්දි වැදගත් වෙන්නෙ මේ සංක්‍යා දෙකේ අන්තරය. ඒ කියන්නෙ {පසු අගය - පෙර අගය} (Y-X). X කියන අගය Y අගයට වඩා වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් කර ගන්නෙපා. අනුපාතය වැඩි වීමක් නම් උත්තරය ධන සංක්‍යාවක් වෙයි, අඩු වීමක් නම් රින සංක්‍යාවක් එයි. දැන් (Y-X) කියන අගය පෙර අගයෙන් බෙදන්න ඕන. ඒ කියන්නෙ {(Y-X)/X }
    දැන් උත්තරේ තියෙන්නෙ භාග සංක්‍යා වලින්. දැන් මේක ප්‍රතිශතයක් (%) විදියට හොයන්න 100න් වැඩි කරන්න. එච්චරයි. එතකොට උත්තරේ වෙන්නෙ, {(Y-X)/X}*100

    උබ කියල තියෙන ගානෙ විදියටනම්,

    {(6.4-5.8)/5.8}*100 = 10.344%
     
    Last edited:

    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    උබ කීය වසරෙද කොල්ලො? ඕක ඔච්චර ලොකුවට හිතන්න යන්නෙපා.. පොඩි දෙයක් තියෙන්නෙ. අනුපාතයක් හොයද්දි පෙර අගය සහ පසු අගය කියන එක හරියට තේරුම් ගන්න ඕන. මොකෝ අනුපාතය වැඩි වීමක් වගේම අඩු වීමක් වෙන්න පුළුවන්. සරළ විදියට තේරුම් කරන්නම්, පෙර අගය X සහ පසු අගය Y කියල ගමු. අනුපාතය හොයද්දි වැදගත් වෙන්නෙ මේ සංක්‍යා දෙකේ අන්තරය. ඒ කියන්නෙ {පසු අගය - පෙර අගය} (Y-X). X කියන අගය Y අගයට වඩා වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් කර ගන්නෙපා. අනුපාතය වැඩි වීමක් නම් උත්තරය ධන සංක්‍යාවක් වෙයි, අඩු වීමක් නම් රින සංක්‍යාවක් එයි. දැන් (Y-X) කියන අගය පෙර අගයෙන් බෙදන්න ඕන. ඒ කියන්නෙ {(Y-X)/X }
    දැන් උත්තරේ තියෙන්නෙ භාග සංක්‍යා වලින්. දැන් මේක ප්‍රතිශතයක් (%) විදියට හොයන්න 100න් වැඩි කරන්න. එච්චරයි. එතකොට උත්තරේ වෙන්නෙ, {(Y-X)/X}*100

    උබ කියල තියෙන ගානෙ විදියටනම්,

    {(6.4-5.8)/5.8}*100 = 10.344%

    scl hamarai aat walata