Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
MATRiX
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝවන්...!

මැට්රික්ස් චිත්රපට මාලාව කියන්නේ බොහෝ දෙනෙක්ගේ සිත් ඇඳගන්න සමත් වුන, විශිෂ්ට අදහස් අතින් පරිපූර්ණ චිත්රපටයක්. මැට්රික්ස් චිත්රපට ත්රිත්වයට (The Matrix 1999, The Matrix Reloaded 2003, The Matrix Revolutions 2005) අමතරව The Animatrix නමින් ඇනිමේෂන් චිත්රපටයක් ද 2003 වර්ෂයේ දී නිකුත් වුනා. ඒවගේම ඉදිරියට නිකුත් වීමට නියමිත මැට්රික්ස් හතරවන චිත්රපටය (The Matrix Resurrections 2021) මොන වගේ විප්ලවයක් කරාවි ද, සාපේක්ෂව හොඳ වෙයි ද, නැති වෙයිද කියලා තීරණය කරන්න තවම කල් වැඩියි.

හතරවන චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය (movie trailer) මේ වෙනකොට අන්තර්ජාලයට නිකුත් කරලා තියනවා. සම්ප්රදායික ලෙස වීඩියෝවක් එළිදැක්වීමෙන් පමණක් නොනැවතී, මවිතය ගෙන එන වෙනසක් කරන්න ඔවුන් සමත්ව තිබුන බව ඔබ මේ වෙනකොටත් සමහර විට දකින්න ඇති.

තවමත් දැක්කේ නැත්නම් පහත සබැඳියට පිවිස ඔබටත් ඒ අත්දැකීම ලබාගත හැකියි.

https://thechoiceisyours.whatisthematrix.com/en/

චිත්රපටයේ දී නියෝ ට (Neo) ලැබෙනවා වගේම සත්ය දකිනවා ද, නැද්ද කියලා තෝරාගන්න ඔබටත් අවස්ථාවක් ලැබෙනවා ඉහත වෙබ් පිටුවෙන්. ඔබේ තෝරාගැනීමේ ප්රතිඵලයක් විදියට ප්රදර්ශනය කරන වීඩියෝවේ දක්වන වේලාව, ඔබ එය නැරඹූ මොහොතේ වේලාවට සමාන බව ඔබ දකින්න ඇති... කොහොමද වීඩියෝවක් නරඹන මොහොතේ වේලාව එම වීඩියෝව තුළ ඇතුළත් වෙන්නේ?

එම වීඩියෝවේ දැක්වෙන වේලාව, ඔබේ පරිගණකයේ හෝ අදාළ උපාංගයේ (device) එම මොහොතේ සටහන් වන වේලාව. මේ සඳහා සෑම මිනිත්තුවකට ම අදාළව එකිනෙකට වෙනස් වීඩියෝ පට දහස් ගණනක් යොදාගෙන ඇති බව සඳහන් වෙනවා. ඔබ වෙබ් පිටුවට පිවිසුන මොහොතේ එම මිනිත්තුව සඳහන් වීඩියෝ වලින් එකක් තමයි ප්ලේ (play) වෙන්නේ. කොහොමද වෙන්නේ කියලා දැනගත්තම සරලයි කියලා හිතුනත් මේ ගැන දැනගන්න කලින් ඒ අත්දැකීම ලැබුවා නම් ඒ මවිතය මුසු හැඟීම ඔබත් අත්විඳින්න ඇති. ඇත්තෙන්ම වෙනසක් කිරීමට ඔවුන් ඒ දැරූ උත්සාහය සාර්ථකයි සහ අගය කළ යුතුයි.

මැට්රික්ස් ගැන කතාකිරීමේදී වැදගත්ම කරුණ ඉහත සඳහන් කිසිවක් නෙවෙයි. මේ කතාව හරහා ලෝකයට කියන්න හදන සැඟවුනු කතාවයි වැදගත්. ව්යාජ මිනිසුන්ගේ ව්යාජ ලෝකය මැට්රික්ස් තුළින් හෙළිදරව් කිරීමයි වැදගත්...

පරිගණක වැඩසටහනක් (computer program) තුළ ගොඩනැංවූ කෘතිම ලෝකයක් තුළ මනසින් ජීවත් වන, නමුත් විනාශ වූ පෘථිවියේ ගතින් වහලුන් බවට පත්වුන අනාගත මිනිස් වර්ගයා පිළිබඳවයි චිත්රපටයේ කියවෙන්නේ. ඒ 2199 වර්ෂය. පෘථිවිය පාලනය කරන්නේ කෘතීම බුද්ධියෙන් (artificial intelligent) ක්රියාත්මක වෙන යන්ත්ර (machines) මගින්. ඒ යන්ත්ර වලට අවශ්ය බලය සපයා ගන්නේ මිනිස් වගාවන්ගෙන්. වහල් භාවයට පත් මිනිස්සුන්ට පරිගණක වැඩසටහන මඟින් දැනෙන්නට සලස්වන්නේ ඔවුන් 1999 වර්ෂයේ සාමාන්ය ජීවිතයක් ගත කරන බව සාමාන්ය මිනිසුන් බව. පසුබිම් කතාව, එහෙමත් නැත්නම් අපි උඩින් දකින කතාව ඒක...

නමුත් මැට්රික්ස් තුළින් කියවෙන හරය, එහෙමත් නැත්නම් යටි අර්ථය විදියට මම දකින්නේ, වර්තමාන මානවයා හුරු වී සිටින ව්යාජ ජීවන රටාව. අපිට සංකේතාත්මකව ඒ යථාර්තය පෙන්වා දීමක් තමයි මේ චිත්රපටය. සරලවම කියනවා නම් මැට්රික්ස් සිනමා සිත්තම කියන්නේ මිනිස් ලෝකයේ ව්යාජත්වය, බොරුව පිළිබඳව නිර්මාණශීලීව සිනමාවට නැගීමක්. අපි ජීවත්වන්නේ ව්යාජ ලෝකයක් ඇතුලේ... ව්යාජ මිනිසුන් අතර... මොහොතක් පාසා රැවටීමට ලක්වෙමින්... අපි ඒ මායාවෙන් බේරෙන්න උත්සාහ කරන සෑම අවස්ථාවක ම මායාවේ ඒජන්තවරුන් විසින් අපිව මායාව තුළට ම, ව්යාජත්වයට ම ඇඳ බැඳ තබාගන්න උපරිම බලය යොදවනවා. මැට්රික්ස් එකේ ඒජන්ට් ස්මිත් (agent Smith) වගේ ඔබ වටා ඉන්න ඒජන්තවරු කවුද කියලා විමසිල්ලෙන් හිතලා බලන්න... මම මේ ඒජන්ට්ලා කිව්වම පුද්ගලානුබද්ධව දකිනවා නම්, ඒ කියන්නේ "අරූ ඒජන්ට් කෙනෙක්" කියලා එක් පුද්ගලයෙක්ව හෝ පුද්ගලයන් කිහිප දෙනෙක්ව ඔබේ සිහියට එනවා නම්, කරුණාකරලා මේ ලිපිය කියවන එක නවත්තලා, අහසෙන් මල් වැටෙන ආදරණීය ටෙලිනාට්යයක් බලලා දොයියගන්න. මෙතනින් එහාට කියවීම එවැන්නෙක්ට තේරුමක් නැහැ. මෙතනදී අදහස් කළේ ලෝකයටම පොදු දේවල් මිස පෞද්ගලික දේවල් නෙවෙයි.

චිත්රපටයේ දී කෘත්රිම බුද්ධිය නිපද වූ මිනිසාට අවසානයේ කෘතිම බුද්ධියේ වහලුන් බවට පත්වෙන්න සිදුවෙලා තියනවා. ඒ අයුරින් ම සැබෑ ලෝකයේ දී මිනිසා විසින්ම ගොඩනංවා ගත් පද්ධතිය (matrix = system) විසින්, මිනිසා වහල්භාවයට ගෙන පාලනය කරනු ලබනවා. පරිගණක වැඩසටහනේ දෝෂ (bugs) හෙලි නොවීමට කෘතිම බුද්ධිය විසින් කටයුතු කරන්නා සේම මිනිසා විසින් නිර්මාණය කරගත් පද්ධතිය විසින් පද්ධතියේ ම වැරදි සඟවනවා, සත්යයෙන් මිනිසා දුරස් කිරීම උදෙසා මිනිසාගේ ගවේෂණශීලී බුද්ධිය උපක්රමශීලීව මොට කරවනවා. මොකද ඒ පද්ධතියේ පැවැත්ම රැඳෙන්නේ සත්ය හෙවත් වැරදි හෝ දෝෂ හෙළි නොවීම මත. ඒ කියන්නේ ඔබට සත්ය දැකීමේ අවස්ථාව අතිශය සීමිතයි.

යමක් අහන්න, දකින්න ලැබුනාම "මේක ඇත්තක්ද?" කියලා ඔබ ඔබේම මනසින් ප්රශ්න කරන්නේ නැහැ. විචාර බුද්ධිය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ඔබ එක්වරම එය විශ්වාස කරනවා. සරලව ම වහල්භාවය කියන්නේ අන්න ඒකට. ඔබ ඊට හුරු පුරුදු වී සිටිනවා නම් ඔබ ඇත්ත දකින්නේ නෑ කවදාවත්...

බොරුව තුළ ජීවත්වීම සාමාන්ය දෙයක් විදියට දකින්න මිනිසා පුරුදු වුනාම, ඒ ව්යාජ ලෝකයේ පැවැත්ම මිනිසා විසින් සිය කැමැත්තෙන් ම ගොඩනඟා ගන්නවා. මොකද ඉන් එහාට ජීවිතයක් ඔහු හෝ ඇය දන්නේ නැහැ. සැපදායී ජීවිතය මේකයි කියන මුලාවට වැටිලා මොළේට බරපතල සීමා දාගන්නවා. පළමු චිත්රපටයේ 'සයිෆර්' (Cypher) නම් තැනැත්තා විසින් නියෝ ඇතුළු කණ්ඩායම පාවා දීමට නම් තමාට ලබාදෙන ලෙස ඉල්ලන්නේ මොනවාද? තමන්ව නැවතත් අර කෘතිම ලෝකයට, මැට්රික්ස් එකට ඇතුළත් කරලා සැපදායී ජීවිතයක් දෙන්න කියලා ඉල්ලන්නේ. ඇත්ත කටුක නිසා ඔහු බොරුව තුළ ජීවත්වීමට කැමති වෙනවා. ඔබ ජීවත්වෙන්නේ ව්යාජ ලෝකයේ ද?

ව්යාජ ලෝකය ඇතුලේ ඉඳන් සත්ය ලෝකය දකින්න උත්සාහ කරන එක නියෝටත් (Neo) වඩා අපිට මොනතරම් අසීරු කර්තව්යයක්ද කියලා ඔබ සමහරවිට අත්දැකලා ඇති...

චිත්රපටයේ සෑම කොටසක්ම පැහැදිලි කිරීම අවශ්ය නැහැ. මේ ගැන හිතලා බලන්න ඔබේ මොළේටත් ඉඩක් දෙන්න. කාලා බීලා, ආදරය පිරුණ බොළඳ ටෙලි නාට්ය බලලා, සමාජ මාධ්යවල (social media) හුරතල් වෙලා, ඔබේ පෞද්ගලිකත්වය (privacy) නොමිලේම ලෝකෙට හෙලිකරලා, නින්දට ගිහින් ඊළඟ දවසේ ආයේම අර පුරුදු චක්රයේම දුවන එක නෙවෙයි ජීවිතේ කියන්නේ...

මේ අතරතුර නිකමට හිතලා බලන්න, ඔබ අදහන හෝ අනුගමනය කරන ආගමේ දහමේ මූලික හරය මේක ම නෙවෙයිද? මිනිසා බැඳී සිටින යදම් වලින් මිදී නිදහස ලබාගන්න නෙවෙයි ද බොහොමයක් ආගම් හා දර්ශන අපිට කියන්නෙ? නමුත් ඔබ යදම් වලින් බැඳ දමා ඇති බව ඔබවත් නොදන්නේ නම්? බොහෝ දෙනෙක්ට ආගම් පිළිබඳව විවෘතව දැකීමට ඇති නොහැකියාව නිසා "මගේ ආගමයි හොඳම" කියන මුලාව නිසා මේ දාර්ශනික හරය හඳුනාගන්න අසමත්...

කලාව මිනිසා ආනන්දයෙන් ප්රඥාව කරා ගෙනියනවා කියන කාරණයට හොඳම උදාහරණයක් තමයි මේ මැට්රික්ස් සිනමා සිත්තම... නමුත් එහෙමයි කියලා කලාව බදාගෙන අන්තගාමී වෙන්න යනවා නම් ඒ ප්රඥාව කරා යාමක් නෙවෙයි. ඒ නිසා ප්රවේශම් වෙන්න! කලාවත් මැදි සිතින් දකින්න උත්සාහ කරන්න.

ඒවගේම මගේ දර්ශනය ඔබේ දර්ශනය විය යුතු නැහැ. ඔබට වෙනත් ආකාරයකට මේ චිත්රපටය දැකීමේ පූර්ණ නිදහස තියෙනවා. වෙන අය දකින විදියට නෙවෙයි, ස්වාධීන චින්තනයයෙන් පෝෂණය වුන දර්ශනයකින් ලෝකය දකින්න උත්සාහ කරන්න...

ඔබ සැමට ජය!!!

[ 210912 ෆේස්බුක් පිටුවේ පළකරන ලද්දකි. ]

#spn

[QUOTE="s.p.n, post: 29065922, member: 578280"] ආයුබෝවන්...! මැට්රික්ස් චිත්රපට මාලාව කියන්නේ බොහෝ දෙනෙක්ගේ සිත් ඇඳගන්න සමත් වුන, විශිෂ්ට අදහස් අතින් පරිපූර්ණ චිත්රපටයක්. මැට්රික්ස් චිත්රපට ත්රිත්වයට (The Matrix 1999, The Matrix Reloaded 2003, The Matrix Revolutions 2005) අමතරව The Animatrix නමින් ඇනිමේෂන් චිත්රපටයක් ද 2003 වර්ෂයේ දී නිකුත් වුනා. ඒවගේම ඉදිරියට නිකුත් වීමට නියමිත මැට්රික්ස් හතරවන චිත්රපටය (The Matrix Resurrections 2021) මොන වගේ විප්ලවයක් කරාවි ද, සාපේක්ෂව හොඳ වෙයි ද, නැති වෙයිද කියලා තීරණය කරන්න තවම කල් වැඩියි. හතරවන චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය (movie trailer) මේ වෙනකොට අන්තර්ජාලයට නිකුත් කරලා තියනවා. සම්ප්රදායික ලෙස වීඩියෝවක් එළිදැක්වීමෙන් පමණක් නොනැවතී, මවිතය ගෙන එන වෙනසක් කරන්න ඔවුන් සමත්ව තිබුන බව ඔබ මේ වෙනකොටත් සමහර විට දකින්න ඇති. තවමත් දැක්කේ නැත්නම් පහත සබැඳියට පිවිස ඔබටත් ඒ අත්දැකීම ලබාගත හැකියි. [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fthechoiceisyours.whatisthematrix.com%2Fen%2F&h=AT3jCDLbRVfzeNfMRO4AiYpQPf6RvdZ0XMnbdT8S6wciwgHQB2giL4gS9391OCnFkJ7QGy6al-iivxgmiKfWaIAaTmeoOOgWmX5bDk3UDwxajwk8_lwmGjCugiF4CpctGSpvdo7LIksiv_Rwd_T5s_EMKbM-LkT9IXoGMFGL-Dhsn1LeKR247-uHn8TSc1tEMqP0tV2L8SuZvqKnU3Z4co3TulBw_He6cmP5Hc8dhE19PAvTHrS_tOrSgY35p1EagmjVj0bb9LDR4KFgBgST7TMeGwHGyeoTlm7oHjwtEhEn5nfyjPp14euBin2w6AUkBU6B-Fem1Q6dV5-96U6esgznAtoi9ZmihMIJPMTIbU_1R3gzBQJeFmxfvZWQ2pdYU8RQgDCIyE4rKHgJb5woD7Zpb2TwA3kvxVsdd55l0BpTCBNSCtaJm62aFKivjsS92_8c8x-17S9NA1KyraPjwD4X57_-XY2_03AAArHf59d8zUxft6uvxJO9XFLacKbdGRxk7b9xr8xI7IsfxtY6y9AP0uHuWPf3KoLVQmCrOny6-03BbjTHFfrIoJig_GW8NJDCU6UkCkWWdO_-x0BQWcA']https://thechoiceisyours.whatisthematrix.com/en/[/URL] චිත්රපටයේ දී නියෝ ට (Neo) ලැබෙනවා වගේම සත්ය දකිනවා ද, නැද්ද කියලා තෝරාගන්න ඔබටත් අවස්ථාවක් ලැබෙනවා ඉහත වෙබ් පිටුවෙන්. ඔබේ තෝරාගැනීමේ ප්රතිඵලයක් විදියට ප්රදර්ශනය කරන වීඩියෝවේ දක්වන වේලාව, ඔබ එය නැරඹූ මොහොතේ වේලාවට සමාන බව ඔබ දකින්න ඇති... කොහොමද වීඩියෝවක් නරඹන මොහොතේ වේලාව එම වීඩියෝව තුළ ඇතුළත් වෙන්නේ? එම වීඩියෝවේ දැක්වෙන වේලාව, ඔබේ පරිගණකයේ හෝ අදාළ උපාංගයේ (device) එම මොහොතේ සටහන් වන වේලාව. මේ සඳහා සෑම මිනිත්තුවකට ම අදාළව එකිනෙකට වෙනස් වීඩියෝ පට දහස් ගණනක් යොදාගෙන ඇති බව සඳහන් වෙනවා. ඔබ වෙබ් පිටුවට පිවිසුන මොහොතේ එම මිනිත්තුව සඳහන් වීඩියෝ වලින් එකක් තමයි ප්ලේ (play) වෙන්නේ. කොහොමද වෙන්නේ කියලා දැනගත්තම සරලයි කියලා හිතුනත් මේ ගැන දැනගන්න කලින් ඒ අත්දැකීම ලැබුවා නම් ඒ මවිතය මුසු හැඟීම ඔබත් අත්විඳින්න ඇති. ඇත්තෙන්ම වෙනසක් කිරීමට ඔවුන් ඒ දැරූ උත්සාහය සාර්ථකයි සහ අගය කළ යුතුයි. මැට්රික්ස් ගැන කතාකිරීමේදී වැදගත්ම කරුණ ඉහත සඳහන් කිසිවක් නෙවෙයි. මේ කතාව හරහා ලෝකයට කියන්න හදන සැඟවුනු කතාවයි වැදගත්. ව්යාජ මිනිසුන්ගේ ව්යාජ ලෝකය මැට්රික්ස් තුළින් හෙළිදරව් කිරීමයි වැදගත්... පරිගණක වැඩසටහනක් (computer program) තුළ ගොඩනැංවූ කෘතිම ලෝකයක් තුළ මනසින් ජීවත් වන, නමුත් විනාශ වූ පෘථිවියේ ගතින් වහලුන් බවට පත්වුන අනාගත මිනිස් වර්ගයා පිළිබඳවයි චිත්රපටයේ කියවෙන්නේ. ඒ 2199 වර්ෂය. පෘථිවිය පාලනය කරන්නේ කෘතීම බුද්ධියෙන් (artificial intelligent) ක්රියාත්මක වෙන යන්ත්ර (machines) මගින්. ඒ යන්ත්ර වලට අවශ්ය බලය සපයා ගන්නේ මිනිස් වගාවන්ගෙන්. වහල් භාවයට පත් මිනිස්සුන්ට පරිගණක වැඩසටහන මඟින් දැනෙන්නට සලස්වන්නේ ඔවුන් 1999 වර්ෂයේ සාමාන්ය ජීවිතයක් ගත කරන බව සාමාන්ය මිනිසුන් බව. පසුබිම් කතාව, එහෙමත් නැත්නම් අපි උඩින් දකින කතාව ඒක... නමුත් මැට්රික්ස් තුළින් කියවෙන හරය, එහෙමත් නැත්නම් යටි අර්ථය විදියට මම දකින්නේ, වර්තමාන මානවයා හුරු වී සිටින ව්යාජ ජීවන රටාව. අපිට සංකේතාත්මකව ඒ යථාර්තය පෙන්වා දීමක් තමයි මේ චිත්රපටය. සරලවම කියනවා නම් මැට්රික්ස් සිනමා සිත්තම කියන්නේ මිනිස් ලෝකයේ ව්යාජත්වය, බොරුව පිළිබඳව නිර්මාණශීලීව සිනමාවට නැගීමක්. අපි ජීවත්වන්නේ ව්යාජ ලෝකයක් ඇතුලේ... ව්යාජ මිනිසුන් අතර... මොහොතක් පාසා රැවටීමට ලක්වෙමින්... අපි ඒ මායාවෙන් බේරෙන්න උත්සාහ කරන සෑම අවස්ථාවක ම මායාවේ ඒජන්තවරුන් විසින් අපිව මායාව තුළට ම, ව්යාජත්වයට ම ඇඳ බැඳ තබාගන්න උපරිම බලය යොදවනවා. මැට්රික්ස් එකේ ඒජන්ට් ස්මිත් (agent Smith) වගේ ඔබ වටා ඉන්න ඒජන්තවරු කවුද කියලා විමසිල්ලෙන් හිතලා බලන්න... මම මේ ඒජන්ට්ලා කිව්වම පුද්ගලානුබද්ධව දකිනවා නම්, ඒ කියන්නේ "අරූ ඒජන්ට් කෙනෙක්" කියලා එක් පුද්ගලයෙක්ව හෝ පුද්ගලයන් කිහිප දෙනෙක්ව ඔබේ සිහියට එනවා නම්, කරුණාකරලා මේ ලිපිය කියවන එක නවත්තලා, අහසෙන් මල් වැටෙන ආදරණීය ටෙලිනාට්යයක් බලලා දොයියගන්න. මෙතනින් එහාට කියවීම එවැන්නෙක්ට තේරුමක් නැහැ. මෙතනදී අදහස් කළේ ලෝකයටම පොදු දේවල් මිස පෞද්ගලික දේවල් නෙවෙයි. චිත්රපටයේ දී කෘත්රිම බුද්ධිය නිපද වූ මිනිසාට අවසානයේ කෘතිම බුද්ධියේ වහලුන් බවට පත්වෙන්න සිදුවෙලා තියනවා. ඒ අයුරින් ම සැබෑ ලෝකයේ දී මිනිසා විසින්ම ගොඩනංවා ගත් පද්ධතිය (matrix = system) විසින්, මිනිසා වහල්භාවයට ගෙන පාලනය කරනු ලබනවා. පරිගණක වැඩසටහනේ දෝෂ (bugs) හෙලි නොවීමට කෘතිම බුද්ධිය විසින් කටයුතු කරන්නා සේම මිනිසා විසින් නිර්මාණය කරගත් පද්ධතිය විසින් පද්ධතියේ ම වැරදි සඟවනවා, සත්යයෙන් මිනිසා දුරස් කිරීම උදෙසා මිනිසාගේ ගවේෂණශීලී බුද්ධිය උපක්රමශීලීව මොට කරවනවා. මොකද ඒ පද්ධතියේ පැවැත්ම රැඳෙන්නේ සත්ය හෙවත් වැරදි හෝ දෝෂ හෙළි නොවීම මත. ඒ කියන්නේ ඔබට සත්ය දැකීමේ අවස්ථාව අතිශය සීමිතයි. යමක් අහන්න, දකින්න ලැබුනාම "මේක ඇත්තක්ද?" කියලා ඔබ ඔබේම මනසින් ප්රශ්න කරන්නේ නැහැ. විචාර බුද්ධිය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ඔබ එක්වරම එය විශ්වාස කරනවා. සරලව ම වහල්භාවය කියන්නේ අන්න ඒකට. ඔබ ඊට හුරු පුරුදු වී සිටිනවා නම් ඔබ ඇත්ත දකින්නේ නෑ කවදාවත්... බොරුව තුළ ජීවත්වීම සාමාන්ය දෙයක් විදියට දකින්න මිනිසා පුරුදු වුනාම, ඒ ව්යාජ ලෝකයේ පැවැත්ම මිනිසා විසින් සිය කැමැත්තෙන් ම ගොඩනඟා ගන්නවා. මොකද ඉන් එහාට ජීවිතයක් ඔහු හෝ ඇය දන්නේ නැහැ. සැපදායී ජීවිතය මේකයි කියන මුලාවට වැටිලා මොළේට බරපතල සීමා දාගන්නවා. පළමු චිත්රපටයේ 'සයිෆර්' (Cypher) නම් තැනැත්තා විසින් නියෝ ඇතුළු කණ්ඩායම පාවා දීමට නම් තමාට ලබාදෙන ලෙස ඉල්ලන්නේ මොනවාද? තමන්ව නැවතත් අර කෘතිම ලෝකයට, මැට්රික්ස් එකට ඇතුළත් කරලා සැපදායී ජීවිතයක් දෙන්න කියලා ඉල්ලන්නේ. ඇත්ත කටුක නිසා ඔහු බොරුව තුළ ජීවත්වීමට කැමති වෙනවා. ඔබ ජීවත්වෙන්නේ ව්යාජ ලෝකයේ ද? ව්යාජ ලෝකය ඇතුලේ ඉඳන් සත්ය ලෝකය දකින්න උත්සාහ කරන එක නියෝටත් (Neo) වඩා අපිට මොනතරම් අසීරු කර්තව්යයක්ද කියලා ඔබ සමහරවිට අත්දැකලා ඇති... චිත්රපටයේ සෑම කොටසක්ම පැහැදිලි කිරීම අවශ්ය නැහැ. මේ ගැන හිතලා බලන්න ඔබේ මොළේටත් ඉඩක් දෙන්න. කාලා බීලා, ආදරය පිරුණ බොළඳ ටෙලි නාට්ය බලලා, සමාජ මාධ්යවල (social media) හුරතල් වෙලා, ඔබේ පෞද්ගලිකත්වය (privacy) නොමිලේම ලෝකෙට හෙලිකරලා, නින්දට ගිහින් ඊළඟ දවසේ ආයේම අර පුරුදු චක්රයේම දුවන එක නෙවෙයි ජීවිතේ කියන්නේ... මේ අතරතුර නිකමට හිතලා බලන්න, ඔබ අදහන හෝ අනුගමනය කරන ආගමේ දහමේ මූලික හරය මේක ම නෙවෙයිද? මිනිසා බැඳී සිටින යදම් වලින් මිදී නිදහස ලබාගන්න නෙවෙයි ද බොහොමයක් ආගම් හා දර්ශන අපිට කියන්නෙ? නමුත් ඔබ යදම් වලින් බැඳ දමා ඇති බව ඔබවත් නොදන්නේ නම්? බොහෝ දෙනෙක්ට ආගම් පිළිබඳව විවෘතව දැකීමට ඇති නොහැකියාව නිසා "මගේ ආගමයි හොඳම" කියන මුලාව නිසා මේ දාර්ශනික හරය හඳුනාගන්න අසමත්... කලාව මිනිසා ආනන්දයෙන් ප්රඥාව කරා ගෙනියනවා කියන කාරණයට හොඳම උදාහරණයක් තමයි මේ මැට්රික්ස් සිනමා සිත්තම... නමුත් එහෙමයි කියලා කලාව බදාගෙන අන්තගාමී වෙන්න යනවා නම් ඒ ප්රඥාව කරා යාමක් නෙවෙයි. ඒ නිසා ප්රවේශම් වෙන්න! කලාවත් මැදි සිතින් දකින්න උත්සාහ කරන්න. ඒවගේම මගේ දර්ශනය ඔබේ දර්ශනය විය යුතු නැහැ. ඔබට වෙනත් ආකාරයකට මේ චිත්රපටය දැකීමේ පූර්ණ නිදහස තියෙනවා. වෙන අය දකින විදියට නෙවෙයි, ස්වාධීන චින්තනයයෙන් පෝෂණය වුන දර්ශනයකින් ලෝකය දකින්න උත්සාහ කරන්න... ඔබ සැමට ජය!!! [ 210912 ෆේස්බුක් පිටුවේ පළකරන ලද්දකි. ] #spn [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom