MCC ගිවිසුම ශ්‍රී ලංකාවට වාසි ද අවාසි ද?

Freereload

Well-known member
  • Feb 13, 2019
    775
    310
    63
    MCC ගිවිසුම ශ්‍රී ලංකාවට වාසි ද අවාසි ද?

    සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළෙහි ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දෙන පිරිස් දැඩි විවේචන එල්ල කරමින් සිටිති.

    ඔවුන් පවසන්නේ, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා ශ්‍රී ලංකාව "ඇමෙරිකානු මර උගුලකට හසු වන" බවය. ඇමෙරිකානු ආරක්ෂක හමුදාවල බලපෑම, රට තුළ දේශ සීමා බෙදීම, රටේ ඉඩම් ඉතා අඩු මිලට ඇමෙරිකාවට විකිණීම ආදී විවිධ චෝදනා ඒ අතර වේ.

    කෙසේ වෙතත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දක්වන්නන් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර "ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශවය බොරු බිල්ලෙකු මැවීමට උත්සහ කරන" බවට ඔවුහු චෝදනා කරති.

    මොකක් ද මේ MCC ගිවිසුම?
    මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 85ක්) සැපයීමට නියමිතය.

    ඒ, ව්‍යාපෘති ආධාර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 447.5ක් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 32.5ක් වශයෙනි.

    මෙම ආධාර මුදල ලබා දෙන්නේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහාය.

    ප්‍රවාහන ව්‍යාපෘතිය: මේ යටතේ මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට (Central Ring Road Network) ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සදහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී කාර්යයන් සිදු කිරීමට නියමිතය.
    ඉඩම් ව්‍යාපෘතිය: මේ යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක රජයට අයත් සහ අයිතිකරුවන් සහිත ඉඩම් මැන නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මගින් ඉඩම් අයිතිය ලබාගෙන සිටින පුද්ගලයින්ට නිසි ඔප්පු ලබා දීමත්, ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය හරහා වාර්තා පවත්වාගෙන යාමත් අපේක්ෂිතය.
    මෙම ගිවිසුම්ගත ආධාර සැපයීම සදහා සලකා බැලෙන නිර්ණායක කිහිපයක් පවතී. එනම්, ආර්ථික නිදහස, සාධාරණ පාලනය, මහ ජනතාව වෙනුවෙන් කරන ආයෝජන ආදියයි.

    පහත දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මිලේනියම් චැලෙන්ජ් ආයතනය සලකා බැලූ නිර්ණායක සහ ඒවායේ මට්ටම් වේ.

    ආධාර ලබා ගැනීමේදී මිලේනියම් චැලෙන්ජ් ආයතනය ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති සීමාවන් කිහිපයක් ද පවතී. ඒ අනුව, ගිවිසුමෙන් පෙන්වාදී ඇති හෝ තවදුරටත් ලිඛිතව ආණ්ඩුව දැනුවත් කෙරෙන පරිදි එක්සත් ජනපද නීතිය හෝ ප්‍රතිපත්තිය උල්ලංඝණය කෙරෙන්නාවූ කවර හෝ අරමුණක් වෙනුවෙන් මෙම ආධාර උපයෝගී කර නොගන්නා බවට ආණ්ඩුව වගබලාගත යුතුවේ. ඒ අනුව, ඊට මතු දැක්වෙන කරුණු ද ඇතුළත් වන්නා සේම ඊට සීමා නොවේ.

    හමුදා, පොලිස්, සන්නද්ධ, ජාතික ආරක්ෂක බලමුළු හෝ වෙනත් අර්ධ හමුදා සංවිධානක් හෝ ඒකකයකට සහාය දීම හෝ ඒවායේ පුහුණුව සඳහා ආධාර භාවිත කළ නොහැක.
    ඇමෙරිකාවේ නිෂ්පාදන වෙළෙදපොළට හෝ රැකියාවලට හානියක් වන පරිදි මෙම ආධාර උපයෝගී කර නොගත යුතුය.
    පරිසරයට, සෞඛ්‍යයට, සමාජ විෂමතාවන්ට (කාන්තාවන්ට සහ දරුවන්ට අහිතකර) ඉඩ නොදිය යුතුය.
    වන්ද්‍යාකරණය හෝ ගබ්සා කිරීම්වලට කිසිදු සහයක් නොදැක්විය යුතුය.
    මෙම ගිවිසුම හරහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති අධ්‍යයනය කෙරෙනුයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලයකිනි. මෙහි විශේෂත්වය වන්නේ, එම අධ්‍යක්ෂ මණ්ඩලයට කිසිදු දේශපාලනඥයෙකු ඇතුළත් නොවීමය.

    එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය මෙසේය.

    ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්
    අගමැතිවරයාගේ නියෝජිතයෙක්
    මුදල් අමාත්‍යංශයේ ලේකම්
    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්
    ඉඩම් අමාත්‍යංශයේ ලේකම්
    මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්
    මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්
    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්
    පෞද්ගලික අංශයේ නියෝජිතයෙක්
    සිවිල් සමාජ නියෝජිතයින් දෙදෙනෙක්
    "මේක උගුලක්"
    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ඇමෙරිකාවේ "උගුලක්" බවය.

    "මේක උගුලක්. මේක අහිංසක ව්‍යාපෘතියක් වගේ පෙනුණට ඒක පිටිපස්සෙ තියෙන්නේ ආර්ථික සහ දේශපාලන වටලෑමක්," යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

    මේ සම්බන්ධයෙන් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පවසන්නේ, "එක්සත් ජනපද තානාපති කාර්යාලයට දේශීය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට බලපෑම් කිරීම සදහා තිබෙන කේවල් කිරීමේ හැකියාව MCC විසින් තවදුරටත් ශක්තිමත් කරනු ඇත," යනුවෙනි.

    මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවකදී පැවසුවේ, "මෙම ගිවිසුම හරහා රටේ ඉඩම් පිළිබඳ දත්ත ඇමෙරිකාවට ලැබෙන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු වුවත් මෙය ඡන්ද වාසි ගැනීම සදහා පාවිච්චි කිරීම නොකළ යුතු" බවය.

    "බොරු බිල්ලෙක්"
    මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සදුදා (නොවැ: 04) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, "මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් බොරු බිල්ලෙක් මවා පෑමට උත්සහ කරන," බවය.

    මේ හරහා "කිසිදු ආකාරයකට ඉඩම් විකිණීමක් සිදු නොවන" අතර "අදාළ ගිවිසුමෙහි එක් තැනක හෝ එවැන්නක් සදහන් වී ඇත්නම් පැය 24ක් තුළ එය පෙන්වන" ලෙස ද අමාත්‍යවරයා අභියෝගයක් කළේය.

    "මේ ගිවිසුම පාර්ලිමේන්තුවට දැම්මහම රටේ නීතියට පටහැනි දෙයක් තියෙනවා නම්, රටේ ව්‍යවස්ථාවට පටහැනි දෙයක් තියෙනවා නම් අපට ඒක වෙනස් කරල කටයුතු කරන්න පුළුවන්. හැබැයි එහෙම කියල අවිස්සාවේල්ලෙ ඉදලා පැල්මඩුල්ලට පාර හදන එක ඇමරිකන් උගුලක් කියන්න හොද නෑ. බලපත්‍රලාභී අහිංසක මිනිසුන් ලක්ෂ 11කට ඉඩම් අයිතිය දෙන එක වැළැක්විය යුතු නැහැ."

    අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ, මෙම ව්‍යාපෘති සැලසුම් "මුළුමනින් ම දේශීය විද්වතුන් 33000ගේ යෝජනා සහ අධ්‍යයනයන් ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ සකස් කළ සැලසුමක්" වන අතර, "එය ඇමෙරිකානු සැලැස්මක් නොවන" බවය.

    මේ අතර, පසුගිය දා පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ, "මේ ගිවිසුම රටට අහිතකර බව ඔප්පු කළොත්, ලංකාවේ එක බිම් අගලක් අහිමි වෙනවා කියලා ඔප්පු කළොත් දේශපාලනයෙන් ඉල්ලා අස්වනවා," යනුවෙනි.

    මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නොවැම්බර් 01 වන දා නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

    "ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත තවත් ජයග්‍රහණයකට ගෝඨාභය රාජපක්ෂ සහ එම කණ්ඩායම අකුල් හෙළන" බවට මංගල සමරවීර අමාත්‍යවරයා ටිව්ටර් පණිවුඩයක් ද පළ කර තිබිණි.
    Code:
    Desperate GR and co, trying to stifle yet another victory for #SriLanka, resorted to forging church statements against the MCC grant. The anti-US hysteria by the 'ugly American' is not only laughable, but also deeply irresponsible. pic.twitter.com/EvuUf30ePZ
    
    — Mangala Samaraweera (@MangalaLK) 2019 නොවැම්බර් 1
    මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම මෙරටට අවාසිදායක යැයි පවසන්නේ ජනාධිපතිවරණයක් පවතින අවස්ථාවක තම පිලට දේශපාලන වාසි ලබා ගැනීමට බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන පවසයි.

    රාවය පුවත්පත සමග සාකච්ඡාවකදී ඔහු පෙන්වා දී ඇත්තේ, "මේ පිළිබඳව ජනතාවට වැටහෙන සිංහලෙන් කරුණු දැක්වීමට වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයින් අපොහොසත් වීම නිසා මෙම ප්‍රදානය සම්බන්ධව දුර්මත ඇති වී තිබෙන" බවය.

    "ආධාර නැතුව ශ්‍රී ලංකාවට පැවැත්මක් නෑ"
    නිෂ්පාදන ආර්ථිකයක් නොමැති ශ්‍රී ලංකාව වැනි රටකට විදේශ ආධාර හෝ ණයවලින් තොරව පැවැත්මක් නොමැති බව රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම බීබීසී සිංහල සේවයට පැවසීය.

    ඇය පැවසුවේ, මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ මත පළ කරන බොහෝ දෙනෙකු එය නිවැරදිව අධ්‍යයනය කර නොමැති බවය.

    යම් රටක් ආධාර සහ ණය ලබා දීමේදී එම රටට ද යම් වාසියක් අත් වන පරිදි එය ප්‍රදානය කරන අතර කුමන රජය විදෙස් ආධාර හෝ ණය ගත්ත ද එය වෙනස් නොවන බව ඇය පෙන්වා දුන්නාය.
    කුමුදු ජයවර්ධන
    BBC සිංහල සේවය
    2019 නොවැම්බර් 5
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    It's blindingly obvious to anyone except those who willfully refuse to see this. Ranil Wickremesinghe and the United National Party (UNP) are American assets. They work for the interests of the USA - not Sri Lanka. Consider this:

    — The USA embassy in Colombo was given a massive area of land to expand next to its pre-existing premises. Photos even show underground constructions. The UNP approved this land transfer.
    — The UNP co-sponsored multiple anti-Sri Lankan resolutions at the United Nations that were initiated by the USA. Mangala Samaraweera openly defends these anti-Sri Lankan resolutions - he claims they are in Sri Lanka's interests!
    — Last time he was in power, Ranil allowed Sri Lankan airports to be used for secret rendition flights where suspected terrorists were transported to third countries by the USA and tortured. This came to light through wikileaks.
    — The UNP allows the USA to help draft the new constitution they want to introduce to Sri Lanka. A foreign country involved in an absolutely sovereign issue.
    — The UNP approves the Millennium Challenge Corporation (MCC) grant - an institution with links to the CIA and the US government.
    — Ranil and the UNP were and are vehemently anti-Chinese, openly attacking their investment projects in Sri Lanka.
    — Secret American origin planes are spotted at Katunayake airport around the Easter Sunday terror attacks and weeks after
    — The killing of ISIS leader Baghdadi evoked immediate public praise from Ranil when he ridiculed our own armed forces and the political leadership that defeated the LTTE
    — The UNP has destroyed Sri Lanka's economy, the stock market and the rupee - the economy is dependent on foreign aid and hand outs.
    — The USA never criticizes the Sri Lankan government under the UNP

    All of these are reasons not to give the United National Party your vote. Sajith Premadasa is the useful idiot they are using this time, just like they tried with Sarath Fonseka (unsuccessfully) and then Maithripala Sirisena (successfully).

    "There is an undeclared, covert war against Sri Lanka taking place." - Tamara Kunanayakam

    76185633_1366183200217470_1586881594285621248_n.png

    :baffled:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    I went through the draft. I did not find anything relating to the mobility of US army or giving them a corridor. Only conditions were, the way government should utilise this money and how the interest would be paid.
    Udumbara Kashyapa hamuduruwo kiyanne mata hithena widihata buddhimath hamuduru kenek. Unnannse me gena hariyata hoyanne nethuwa kawru hari kiyana dewal ahala meka karanawada danne ne. :(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    වැඩේ තියෙන්නේ ඇමරිකන් කාරයෝ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480 දෙන්නේ ඇයි කියලා උන්ට වාසියක් නැතුව
    උන් උන්ට වාසියක් නැතුව උදව් කරයි කියලා හිතන්ඩ පුළුවන් ජාතියක් නෙවෙයි
    හැබැයි ඉතින් උන්ට ඕක කරන්ඩ ඕන නම් මොකා හිටියත් කරනවා
    හයිටි පාර්ට් 2 ද දන් නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ගැන අමුතුවෙන් හිතන්ඩ දෙයක් නැ, ඇමරිකන් කාරය සල්ලි දෙන්නෙ නිකන් නෙමේ, ඒක තේරුම් ගත්තම ගිවිසුමෙන් කාටද වාසි කියල හොදටම තේරුම් ගන්ඩ පුලුවන්.. අනික පොන්න රනිලයි මoගලයි සජියයි රටට යහපතක් වෙන දෙයක් කවදාවත් කරන්නෙ නැ..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    වැඩේ තියෙන්නේ ඇමරිකන් කාරයෝ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480 දෙන්නේ ඇයි කියලා උන්ට වාසියක් නැතුව
    උන් උන්ට වාසියක් නැතුව උදව් කරයි කියලා හිතන්ඩ පුළුවන් ජාතියක් නෙවෙයි
    හැබැයි ඉතින් උන්ට ඕක කරන්ඩ ඕන නම් මොකා හිටියත් කරනවා
    හයිටි පාර්ට් 2 ද දන් නැ

    ඕක ඉතින් ඔහොම වෙනවා, චීන කාරය රට වටේ යන්න පාර හදද්දී ඇමරිකන් කරය රට මැදින් ෂෝර්ට් කට් එකක් හදල , ලෝක සිතියමේ වැලි කැටයක් තරම් සයිස් රටකට පුලුවන්ද ඔය පාරවල් වහන්න.ඔක්කොම ගිවිසුම් ඒ ඒ රටවල් වලට වාසි වෙන්න මිසක් උන්ගේ සත්ව කරුණාවට ගහන ඒවාද :no:
     
  • Dec 18, 2013
    535
    98
    28

    MCC-Post-1.png

    දෙවන ලොක යුද්ධයෙන් පසු අවදියේ විශේෂයෙන්ම සෝවියට් සමාජවාදි කදවුර බිදවැටිමත් සමග ආර්තික හා දේශපාලනික ශක්තිය අතින් ලොව බලවත්ම රාජ්‍ය බවට පත්වන්නට ඇමරිකා එක්සත් ජනපදය සමත්වන්නේ ධනවාදය විසින් විසින් පෘතිවිගෝලයේ බිහි කල දර්ශිය රාජ්‍යය බවට පත්වෙමින්.
    මෙම සමාජ ආර්තික ක්‍රමයට අනුගතව ඇමරිකාව තුල ගොඩනැගුනු අදිපාරිබෝජන වාදි ජීවන විලාසය අකන්ඩව පවත්වා ගෙන යැමට මෙන්ම එම ආර්තික හා දේශපාලනික අදිකාරිත්ව රැකගැනිම සදහා ලොව පුරා විසිරි පවතින ස්වබාවික සම්පත් තම නිශ්පාදන වුවමනාවන් වෙනුවෙන් බාවිතයට ගැනිමත් පරිදියේ රටවල ආර්තිකයන්ගේ සාරය ගෝලිය නිදහස් වෙලදපොල යාන්ත්‍රනය ඔස්සේ අකංඩව තම රට වෙත ඇද ගැනිමත් ඇමරිකාවේ යාවජිව ඉලක්කය බවට පත්වුබව නොරහසකි.

    මෙම ආර්තික හා දේශපාලනික අරමුන වෙනුවෙන් බහුජාතික සමාගම් ඔස්සේ ලොව පුරා වෙලද ආදිපත්‍ය පැතිර විමට අමතරව තුන්වන ලෝකයේ රාජ්‍යයන්හි පවතින සංවර්ධන උෘනතාවන් හදුනා ගනිමින් ඒවා ඉලක්ක ගත කරමින් මහා පරිමාන මුල්‍ය ආයතන බිහිකොට ණය ආදාර ලබාදිම අරඹන්නේ පසුගිය සිය වස මැද බාගයේදියි. ඒ අනුව ලොක බැංකුව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) වැනි සංවර්ධන ණය දෙන ආයතන හා ඇමරිකන් එක්සත් ජනපදයේ පුර්ණ පාලනයෙන් ක්‍රියාත්මක USAID වැනි ආයතන පරිදියේ රාජ්‍යයන්හි ක්‍රියාත්මක වෙමින් ඒවායේ සංවර්ධන ව්‍යාපෘති සදහා ආයෝජන සිදුකල අතරම එම රාජ්‍යයන්හි රාජ්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ය පාලනයට සැලකිය යුතු බලපැමක් සිදුකරමින් පැවතිනි.

    කෙසේ වෙතත් 2003 වසර පමන වන විට එක්සත් ජනපදයේ පැවති ජෝජ් ඩබ්. බුෂ්ගේ පාලනය හුදුනා ගෙන තිබු ආකාරයට මෙම ඉහතකි උපාය මාර්ගයන්ට අමතරව ලෝක ආර්ත්කයේ සාරය වේගයෙන් තම රට වෙත ඇදගැනිමට නම් තුන්වන ලොකයේ රටවල ආර්කයන් පුුලුල් ලෙස විවෘත කොට බහු ජාතික සමාගම් වලට එමරටවල ට ප්‍රවිශ්ට විමට මාවතක් සැකසිය යුතුබවය..

    විශේෂයෙන්ම අප්‍රිකානු, ලතින් ඇමරිකානු හා ආසියානු කලාපයේ පවතින සරු බුමි ගෝලිය ධනවාදය ඉල්ලා සිටින වානිජ වගාවන් සදහා බාවිත කිරිම මෙහිදි හදුනාගත් මුලික ආයෝජන ඉලක්කයක් විය.

    එමෙන්ම පරිදියේ රටවල දේශපාලනය තම උපායමාර්ගික උවමනාවන්ට රිසිසේ පවත්වාගැනිමද මෙහි ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස හදුනා ගෙන තිබිනි. මෙම කාර්ය සදහා ණය දෙන ආයතනයකට වඩා ප්‍රබල ලෙස මැදිහත්විය හැකි යාන්ත්‍රනයක් සකස් කිරිමෙන් අරමුනින් Millennium Challenge Cooperation පිහිටුවන ලදි.

    මෙම කාර්ය සදහා බුෂ් තෝරාගත්තේ රාජතාන්ත්‍රිකයෙකු නොව නම් දැරු ව්‍යාපාරිකයෙකි.
    ඔහු. Paul Applegarth.. ඔවුන් මෙම ව්‍යාපෘතියේ තේමාපාටය ලෙස යොදාගනු ලැබුවේ "ආහාර සුරක්ෂිත තාව සදහා වෙලද පල මුලික විසදුමක්" යන්නයි...
    ඒ අනුව තුන්වන ලොකයේ රටවල වානිජ වගාවන් සදහා ආයෝකයන්ට පැමින්මට බාදාවන් ලෙස පවතින එම රටවලට ආවේනික නීති හා ඉඩම් ප්‍රතිපත්ති වෙනස් කිරිම තුලින් විදේශිකයන්ට ඉඩම් මිලදි ගැනිමට පහසු කිරිම, යටිතල පහසුකම් වැඩිදියුනු කිරිම මෙන්ම ආර්තික ලිබරල් කරනයට අවශ්‍යවන ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරිම මෙම උපාය මාර්ගයේ අරමුණවිය.

    මෙම වැඩසටහන මගින් ණය වෙනුවට ප්‍රදානයන් ලබා දිමට සැලසුම් කලේය.එම ප්‍රදානයන් ලැබිමට යම් රටක් නිර්නායකයන් 17 ක් සම්පුර්න කලයුතුය. එම නිර්නායක මුලික වි ඇත්තේ ආර්තික ලිබරල් කරනය හා යහ පාලනයට අදාල වන ලෙසයි. මෙලෙස නිර්නායක සම්පුර්න කල පසු එම රටවලට පලමු ප්‍රධානය (First Compact) සිදුකරනු ලබයි.
    ඒ සමගම එම ආදාර මුදල ලබන රට තුල Millanium Chalenge Account නමින් අරමුදලක් පිහිටුවන අතර එහි සියලු මෙහෙයුම් සිදුකරනු ලබන්නේ Millennium Challenge Cooperation මගින් පත්කරන අද්‍යක්ෂ මන්ඩලයක් යටතේය. මේ අනුව ප්‍රදානයේ මුදල් වාරික ලබා ගැනිමේ සිටම එම එජය ව්‍යාපෘතියට අදාලව රටේ මුල්‍ය ප්‍රතිපත්ති වෙනස් කර ගැනිමට එකගතාව දැක්විය යුතුය. ඇතැම් විට එම කොන්දේසි රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරම දක්වා දිවෙනු ඇත.
    මුල් වාරිකයෙන් මුලිකවම ආයෝජකයන්ට රිසිවන පරිදි එම රටවල මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනයට කොටසක් වෙන් වන අතර ඉතිරි කොටස ලබාදෙනුයේ රටේ පවතින ඉඩම් නිතිය හා ආනයන අපනයන සදහා බලපාන නිති ප්‍රතිසංස්කරනය කිරිමටියි. යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් වන අරමුදල ලබාගත් පසුව එමරට ඉඩම් නිතිය ප්‍රතිසංස්කරනය කිරිමේ කොන්දේසියට යටත්වන්නේ නොවැලැක්විය හැකි ලෙසයි.
    මෙහිදි ආසියානු හා අප්‍රිකානු කලාපයේ පවතින විකිනිය නොහැකි ඉඩම්, රජය සතු ඉඩම් පාරිසරික වැදගත් කමක් සහිත විම මත වානිජ කටයුතු වලට ලබා නොදුන් ඉඩම් මුලික වටයේදි පුද්ගලික අයිතිය සහිත ඉඩම් බවට පත්කිරිම සිදුකරයි.එහිදි ඔප්පු වෙනුවට හිමිකම් පත් ලබාදිම සිදුවේ. එය බැලුබැල්මට එම ප්‍රදේශවල ජනයාට ඉඩම් අයිතිය ලබාදිම වැනි මානුෂිය මුහුනු වරකින් පැමිනෙන අතර දෙවන පියවර වනුයේ මෙම ඉඩම් විදේශිය බහුජාතික සමාගම් මගින් මිලදි ගැනිමයි....දැනට වසරකට පමන පෙර සිට නැගෙන හිර පළාතේ රජයේ බලපත්‍ර ඉඩම් වලට පුද්ගලික් හිමිකම් පත් ලබාදිම අගමැති තුමාගේ ප්‍රදානත්වයෙන් සිදුවිය. මෙහිදි මාද්‍යවේදියකු අගමැතිවරයාගෙන් අසා සිටියේ කඩිමුඩියේම මෙලෙස ඉඩම් හිමිකමිපත් ලබාදෙන්නේ කුමකටද යන්නයි. එවිට රනිල් වික්‍රම සිංහ මහතාගේ පිලිතුර වුයේ “ඉඩම් අයිතිය නැති මිනිසුන්ට ඉඩම් ලබාදිමේ වරද කුමක්ද? කියාය. නමුත් සැබැවින්ම සිදුව ඇත්තේ මෙම Millennium Challenge Cooperation ව්‍යාපෘතියේ මුලික පියවර රටවැසියන්ටද හොරෙන් අරඹා”මේවන විටත් යම් දුරක් ක්‍රියාත්මක කර තිබිමය.
    මෙම ක්‍රියාදාමයේ ආදිනව වඩාත් මැනවින් අවබෝද කරගැනිම සදහා 2004 වර්ෂයේ සිට Millennium Challenge Cooperation ආදාර ලැබු තුන්වල ලෝකයේ රටවල් කිහිපයක අත්දැකිම් සලකා බැලිය හැකිය

    මැඩගස්කරයේ අත්දැකීම
    ----------------------------------
    එක්සත් ජනපදයේ මෙම ව්‍යාපෘතිය සදහා බොහෝවිට තෝරාගනු ලබන්නේ ආර්තික අර්බුදයේ ගිලිපවතින මෙන්ම ඇමරිකන් හිතවාදි පාලකයකු සහිත රාජ්‍යයන්ය.ඒ අනුව මැඩගස්කරයේ අගමැති රැවොලොමානාගේ පාලනය පැමිනිමත් සමග ඇමරික් ඩොලර් මිලියන තුන්සියයක ආදාරයක් සමග MCC ව්‍යාපෘති ඇරඹු අතර මුල්වසර කිහිපය තුල එරට ඉඩම් නීතිය ප්‍රතිසංස්කරනය කොට පුද්ගලික ඉඩම් අයිතිය තහවුරු කලේය. එපමනක් නොව රජයේ ඉඩම් විදේශයන්ට විකිනිමට තිබු බාදා ඉවත් කලේය.. වසර දෙකක් පමන ගතවන විට මැඩගස්කරයේ ඉඩම් වලින් හෙක්ටයාර මිළියන1.3 ක් කොරියානු සමාගමක් වන ඩේව් කෘෂි අපනයන සමාගම විසින් මිළදි ගෙන ඇති බව එරට වැසියන් දැනගත්තේ විදෙස් මාද්‍ය මගිනි.
    එපමනක් නොව එරට වටිනා ඉඩම් සමුහයක් Warun India වරුන් නැමති බහුජාතික සමාලමද මිළදිලෙන ඇති බව තහවුරු විය.

    මාලි රාජ්‍යයේ අත්දැකීම
    --------------------------------------
    මාලි රාජ්‍යයේ අත්දැකිම මැඩගස්කරයට වඩා කේදනීය එකක්විය.අප රටේ මහවැලි සංවර්ධන අධිකාරියට තරමක් සමාන ආයතනයක් මාලි රාජ්‍යයේ ඉඩම් සම්බන්ද වගකිම දැරිය. Offi du Nigra නැමැති මෙම ආයතනය සතුව රජයේ ඉඩම් පැවති අතර ඒවාට රජය මගින් වාරි ජල පහසුකම් සපයා තිබිනි. එරට වැසියන් බදු පදනමක් මත මෙම ඉඩම් සහ වාරිජලය සපයාගෙන වගාවන සිදු කලේය.
    MCC පැමිනිමත් සමග මෙම බුමිය කොටස පහකට වෙන්කර වාරි ජලසැපයුම් වැඩි දියුන කොට ඉන් කොටස් දෙකක එම පුදේශ වල ජනයාට සහ පිටතින් පැමින් කුඩා පරිමාන ගොවින්ට ඉඩම් අයිතිය පැවරිය. එපමනක් නොව ඔවුන්ට නව වැඩිදියුනු කරන ලද බීජ හදුනිවාදි කෘෂා රසායනිකද ලබාදෙන්නට විය. එක් කොටසක බහුජාතික සමාගම් සදහා ආයෝජන කලාපයක් ඇති කලේය. කෙසේ වෙතත් කාලයත් සමග කුඩා වගා කරුවන්ගේ වගාවන් අසාර්තක වන විට ඔවුන් එම ඉඩම් බහුජාතික සමාගමට විකුනා දැමු අතර අවසානයේ හෙකටයාර විසිදහසක බුම්ය බහුජාතික සමාගම් මගින් මිළදිගෙන තිබිනි.
    මේ හා සමානම අත්දැකිම් ඝානාව, මොසැමිබික් රාජ්‍ය සහ ලෙසතෝව වැනි රටවලද සිදුව ඇති අතර වැදගත්ම තරුන වන්නේ මෙම ආදාරය ලැබු කිසිදු රටක් සැලකිය යුතුමට්ටමේ ආර්තික වර්ධනයක් නොමැතිව තම බුමියද අහිමිකර ගෙන තිබිමය.
    මෙහි දෙවන අවදානම වන්නේ ආදාර කොන්දේසි මත රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම පාලකයන් වෙනස් කිරිමටද MCCදායක වි තිබිමයි. ටැන්සානියාව හා නිකරගුවාවේ මෙවැනි මැදිහත්විම් සිදුව ඇති අතර එය වෙනත් ලිපියකින් දිර්ගව සාකච්චා කල යුතුය.

    ශ්‍රි ලංකාවේ එලබුම
    --------------------------------
    පසු ගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබිමත් සමග MCC ව්‍යාපෘතිය සදහා සියලු මුලික සැකසුම් මේ වන විට සකස්කර අවසන්ය. 2017 වසරේ නිකුතිකල constrain Analysis Report of Sri lanka වාර්තාවට අනුව ශිු ලංකාවේ හදුනාගත් සංවර්දන බාදා මගහැරිම යන කඩතුරාව ඔස්සේ ඉහතකි රටවල ආකාරයටම මාර්ග වැඩිදියුනු කිරිම හා රතවාහන තදබදය අවම කිරමේ ව්‍යාපෘති වෙනුවෙන් ඇ.ඩො. මි 350 ක් සහ ඉඩම් ප්‍රතිසංස්කරන උපව්‍යාපෘතිය සදහා ඇ.ඩො. මි මළියන 130 වෙන් කර ඇත.
    මේ අනුව ඉහතකි රටවල එලබුමට මුලුමනින්ම සමාන උපායමාර්ගික ගොදුරකට ජාතියක් ලෙස අප හසුවි ඇති බව පසක් කරගැනිමට මෙම තොරතුරු ප්‍රමානයම ප්‍රමානවත්ය. (මෙහි සදහන් සියලු කරුනු ජාත්‍යන්තර මාද්‍යන්හි පලවු විශ්වසනිය වාර්තාවලින් පමනක් උපුටාගත් බව දනවමි)
    කපිල මහේෂ් රාජපක්ෂ

    :no:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළෙහි ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දෙන පිරිස් දැඩි විවේචන එල්ල කරමින් සිටිති.

    ඔවුන් පවසන්නේ, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා ශ්‍රී ලංකාව "ඇමෙරිකානු මර උගුලකට හසු වන" බවය. ඇමෙරිකානු ආරක්ෂක හමුදාවල බලපෑම, රට තුළ දේශ සීමා බෙදීම, රටේ ඉඩම් ඉතා අඩු මිලට ඇමෙරිකාවට විකිණීම ආදී විවිධ චෝදනා ඒ අතර වේ.

    කෙසේ වෙතත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දක්වන්නන් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර "ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශවය බොරු බිල්ලෙකු මැවීමට උත්සහ කරන" බවට ඔවුහු චෝදනා කරති.

    මොකක් ද මේ MCC ගිවිසුම?
    මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 85ක්) සැපයීමට නියමිතය.

    ඒ, ව්‍යාපෘති ආධාර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 447.5ක් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 32.5ක් වශයෙනි.

    මෙම ආධාර මුදල ලබා දෙන්නේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහාය.

    ප්‍රවාහන ව්‍යාපෘතිය: මේ යටතේ මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට (Central Ring Road Network) ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සදහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී කාර්යයන් සිදු කිරීමට නියමිතය.
    ඉඩම් ව්‍යාපෘතිය: මේ යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක රජයට අයත් සහ අයිතිකරුවන් සහිත ඉඩම් මැන නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මගින් ඉඩම් අයිතිය ලබාගෙන සිටින පුද්ගලයින්ට නිසි ඔප්පු ලබා දීමත්, ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය හරහා වාර්තා පවත්වාගෙන යාමත් අපේක්ෂිතය.
    මෙම ගිවිසුම්ගත ආධාර සැපයීම සදහා සලකා බැලෙන නිර්ණායක කිහිපයක් පවතී. එනම්, ආර්ථික නිදහස, සාධාරණ පාලනය, මහ ජනතාව වෙනුවෙන් කරන ආයෝජන ආදියයි.

    පහත දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මිලේනියම් චැලෙන්ජ් ආයතනය සලකා බැලූ නිර්ණායක සහ ඒවායේ මට්ටම් වේ.

    ආධාර ලබා ගැනීමේදී මිලේනියම් චැලෙන්ජ් ආයතනය ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති සීමාවන් කිහිපයක් ද පවතී. ඒ අනුව, ගිවිසුමෙන් පෙන්වාදී ඇති හෝ තවදුරටත් ලිඛිතව ආණ්ඩුව දැනුවත් කෙරෙන පරිදි එක්සත් ජනපද නීතිය හෝ ප්‍රතිපත්තිය උල්ලංඝණය කෙරෙන්නාවූ කවර හෝ අරමුණක් වෙනුවෙන් මෙම ආධාර උපයෝගී කර නොගන්නා බවට ආණ්ඩුව වගබලාගත යුතුවේ. ඒ අනුව, ඊට මතු දැක්වෙන කරුණු ද ඇතුළත් වන්නා සේම ඊට සීමා නොවේ.

    හමුදා, පොලිස්, සන්නද්ධ, ජාතික ආරක්ෂක බලමුළු හෝ වෙනත් අර්ධ හමුදා සංවිධානක් හෝ ඒකකයකට සහාය දීම හෝ ඒවායේ පුහුණුව සඳහා ආධාර භාවිත කළ නොහැක.
    ඇමෙරිකාවේ නිෂ්පාදන වෙළෙදපොළට හෝ රැකියාවලට හානියක් වන පරිදි මෙම ආධාර උපයෝගී කර නොගත යුතුය.
    පරිසරයට, සෞඛ්‍යයට, සමාජ විෂමතාවන්ට (කාන්තාවන්ට සහ දරුවන්ට අහිතකර) ඉඩ නොදිය යුතුය.
    වන්ද්‍යාකරණය හෝ ගබ්සා කිරීම්වලට කිසිදු සහයක් නොදැක්විය යුතුය.
    මෙම ගිවිසුම හරහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති අධ්‍යයනය කෙරෙනුයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලයකිනි. මෙහි විශේෂත්වය වන්නේ, එම අධ්‍යක්ෂ මණ්ඩලයට කිසිදු දේශපාලනඥයෙකු ඇතුළත් නොවීමය.

    එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය මෙසේය.

    ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්
    අගමැතිවරයාගේ නියෝජිතයෙක්
    මුදල් අමාත්‍යංශයේ ලේකම්
    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්
    ඉඩම් අමාත්‍යංශයේ ලේකම්
    මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්
    මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්
    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්
    පෞද්ගලික අංශයේ නියෝජිතයෙක්
    සිවිල් සමාජ නියෝජිතයින් දෙදෙනෙක්
    "මේක උගුලක්"
    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ඇමෙරිකාවේ "උගුලක්" බවය.

    "මේක උගුලක්. මේක අහිංසක ව්‍යාපෘතියක් වගේ පෙනුණට ඒක පිටිපස්සෙ තියෙන්නේ ආර්ථික සහ දේශපාලන වටලෑමක්," යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

    මේ සම්බන්ධයෙන් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පවසන්නේ, "එක්සත් ජනපද තානාපති කාර්යාලයට දේශීය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට බලපෑම් කිරීම සදහා තිබෙන කේවල් කිරීමේ හැකියාව MCC විසින් තවදුරටත් ශක්තිමත් කරනු ඇත," යනුවෙනි.

    මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවකදී පැවසුවේ, "මෙම ගිවිසුම හරහා රටේ ඉඩම් පිළිබඳ දත්ත ඇමෙරිකාවට ලැබෙන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු වුවත් මෙය ඡන්ද වාසි ගැනීම සදහා පාවිච්චි කිරීම නොකළ යුතු" බවය.

    "බොරු බිල්ලෙක්"
    මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සදුදා (නොවැ: 04) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, "මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් බොරු බිල්ලෙක් මවා පෑමට උත්සහ කරන," බවය.

    මේ හරහා "කිසිදු ආකාරයකට ඉඩම් විකිණීමක් සිදු නොවන" අතර "අදාළ ගිවිසුමෙහි එක් තැනක හෝ එවැන්නක් සදහන් වී ඇත්නම් පැය 24ක් තුළ එය පෙන්වන" ලෙස ද අමාත්‍යවරයා අභියෝගයක් කළේය.

    "මේ ගිවිසුම පාර්ලිමේන්තුවට දැම්මහම රටේ නීතියට පටහැනි දෙයක් තියෙනවා නම්, රටේ ව්‍යවස්ථාවට පටහැනි දෙයක් තියෙනවා නම් අපට ඒක වෙනස් කරල කටයුතු කරන්න පුළුවන්. හැබැයි එහෙම කියල අවිස්සාවේල්ලෙ ඉදලා පැල්මඩුල්ලට පාර හදන එක ඇමරිකන් උගුලක් කියන්න හොද නෑ. බලපත්‍රලාභී අහිංසක මිනිසුන් ලක්ෂ 11කට ඉඩම් අයිතිය දෙන එක වැළැක්විය යුතු නැහැ."

    අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ, මෙම ව්‍යාපෘති සැලසුම් "මුළුමනින් ම දේශීය විද්වතුන් 33000ගේ යෝජනා සහ අධ්‍යයනයන් ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ සකස් කළ සැලසුමක්" වන අතර, "එය ඇමෙරිකානු සැලැස්මක් නොවන" බවය.

    මේ අතර, පසුගිය දා පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ, "මේ ගිවිසුම රටට අහිතකර බව ඔප්පු කළොත්, ලංකාවේ එක බිම් අගලක් අහිමි වෙනවා කියලා ඔප්පු කළොත් දේශපාලනයෙන් ඉල්ලා අස්වනවා," යනුවෙනි.

    මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නොවැම්බර් 01 වන දා නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

    "ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත තවත් ජයග්‍රහණයකට ගෝඨාභය රාජපක්ෂ සහ එම කණ්ඩායම අකුල් හෙළන" බවට මංගල සමරවීර අමාත්‍යවරයා ටිව්ටර් පණිවුඩයක් ද පළ කර තිබිණි.
    Code:
    Desperate GR and co, trying to stifle yet another victory for #SriLanka, resorted to forging church statements against the MCC grant. The anti-US hysteria by the 'ugly American' is not only laughable, but also deeply irresponsible. pic.twitter.com/EvuUf30ePZ
    
    — Mangala Samaraweera (@MangalaLK) 2019 නොවැම්බර් 1
    මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම මෙරටට අවාසිදායක යැයි පවසන්නේ ජනාධිපතිවරණයක් පවතින අවස්ථාවක තම පිලට දේශපාලන වාසි ලබා ගැනීමට බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන පවසයි.

    රාවය පුවත්පත සමග සාකච්ඡාවකදී ඔහු පෙන්වා දී ඇත්තේ, "මේ පිළිබඳව ජනතාවට වැටහෙන සිංහලෙන් කරුණු දැක්වීමට වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයින් අපොහොසත් වීම නිසා මෙම ප්‍රදානය සම්බන්ධව දුර්මත ඇති වී තිබෙන" බවය.

    "ආධාර නැතුව ශ්‍රී ලංකාවට පැවැත්මක් නෑ"
    නිෂ්පාදන ආර්ථිකයක් නොමැති ශ්‍රී ලංකාව වැනි රටකට විදේශ ආධාර හෝ ණයවලින් තොරව පැවැත්මක් නොමැති බව රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම බීබීසී සිංහල සේවයට පැවසීය.

    ඇය පැවසුවේ, මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ මත පළ කරන බොහෝ දෙනෙකු එය නිවැරදිව අධ්‍යයනය කර නොමැති බවය.

    යම් රටක් ආධාර සහ ණය ලබා දීමේදී එම රටට ද යම් වාසියක් අත් වන පරිදි එය ප්‍රදානය කරන අතර කුමන රජය විදෙස් ආධාර හෝ ණය ගත්ත ද එය වෙනස් නොවන බව ඇය පෙන්වා දුන්නාය.
    කුමුදු ජයවර්ධන
    BBC සිංහල සේවය
    2019 නොවැම්බර් 5

    ඕනම ගිවිසුමක් අපිට වාසි විදිහට එන්නේ නෑ. ගිවිසුමකට කරුණු අන්තර්ගත් කරනකොට ඒ ඒ පාර්ශව කරුණු විශ්ලේශනය කරලා, තම තමන්ගේ පාර්ශව වලට වාසි දායක විදිහට එකතු කර්ලා අවසානයේදී සාකච්චා මාර්ගයෙන් දෙපාර්ශවයට එකඟ වෙන්න පුලුවන් විදිහට සංශෝධනය කරපු ගිවිසුමක් තමා අත්සන් කරන්නේ.
    ප්‍රශ්නේ තියෙන්නේ ඔතන ඉන්නේ රනිල්. පොර අඩුගානේ ඕක කියෙව්වද කියලත් සැකයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අපේ රටට වාසියක් වෙන විදිහට ගිවිසුමක් ගහන්න ටරම් අපේ මෝඩ මූසලයොන්ට මොලයක් නෑ බන්. එහෙම දෙයක් හදන්න තරම් බලයකුත් නෑ. ජාත්‍යන්තර සම්බන්ධතා කියලා සෝමාලියාව එක්ක උනත් මොනා හරි ගිවිසුම් ගහවි
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    I went through the draft. I did not find anything relating to the mobility of US army or giving them a corridor. Only conditions were, the way government should utilise this money and how the interest would be paid.
    Udumbara Kashyapa hamuduruwo kiyanne mata hithena widihata buddhimath hamuduru kenek. Unnannse me gena hariyata hoyanne nethuwa kawru hari kiyana dewal ahala meka karanawada danne ne. :(

    could you please share it among us
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඕක ගැන අමුතුවෙන් හිතන්ඩ දෙයක් නැ, ඇමරිකන් කාරය සල්ලි දෙන්නෙ නිකන් නෙමේ, ඒක තේරුම් ගත්තම ගිවිසුමෙන් කාටද වාසි කියල හොදටම තේරුම් ගන්ඩ පුලුවන්.. අනික පොන්න රනිලයි මoගලයි සජියයි රටට යහපතක් වෙන දෙයක් කවදාවත් කරන්නෙ නැ..

    අපිත් අහු උනානෙහ් ගොබ්බ නන්දයගෙයි මයිනගෙයි විමලයා ගෙයි බයොලොජි ජනනායකයාගෙයි ටෝක් වලට 🤮 අපිත් ඒකාලෙ මංගලයට එහෙම ලොල්ලා කොලුකාරයා පොන්නයා කියලා බැනලා තියනවා. ඒකාලෙ අපිත් හෙව්වෙ හෙන රජ පර්සනැලිටි එකක් තියන තනි සිංහල සීන් එකේ ඉන්න බුවෙක්. ඉතිං අරුං අරහන් උන් gay ඩයල් හින්දා. හැබැයි ටිකක් පරිනත වෙනකොට තමා තේරුනේ gay කියන්නෙ උගෙ ලිංගික කැමත්ත ඒක අපි අදාල කරගන්න ඕනෙ නෑ, අනික දඩ පෞරුෂ තිබ්බට මයික් දෙදරන්න ටෝක් දුන්නට සිංහල සිංහල කියලා හැමිනුනාට දාර හොරුන්ට තක්කඩියන්ට දෙනවට වඩා gay උනත් ට්‍රාන්ස්ජෙන්ඩර් උනත් මයික් එකකින් කතාවක් කරගන්න පර්සනලිටි එකක් නැති පාඩුවෙ ඉන්න අහිංසක එකෙක්ට උනත් දුන්නට අවුලක් නෑ උගෙ ප්‍රතිපත්ති හොදනං කියලා. මංගලලාගෙ අගේ තේරෙද්දි ඌ මැරිලා 🥲 දැන් එරෝසන් වේසිගෙ පුතාට සැපද?