MCC ගිවිසුම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    MCC ගිවිසුම අත්සන් කිරීමට රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

    ගිවිසුම පිළිබද යළි සමාලෝචනයක් සිදුකිරීමට තීරණය කර ඇති බවයි නීතිපතිවරයා දැනුම්දී තිබෙන්නේ. ඒ, එම් සී සී ගිවිසුමට එරෙහිව ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (13) කැඳවූ අවස්ථාවේදී.

    නිතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

    පෙත්සම මාර්තු 25 වනදා යළි කැඳවීමටයි එහිදී නියෝග කළේ. එදිනට මෙම කටයුතුවල ප‍්‍රගතිය වාර්තා කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා
     

    Similar threads