u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පෙම්වතිය යොදා ගෙන කප්පම් ඉල්ලූ අලෙවි විධායකවරයෙක් අත්අඩංගුවට

    සිය පෙම්වතිය යොදා ගනිමින් මෙරට ප‍්‍රධාන පෙළේ ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි තුනක කප්පමක් ඉල්ලූ බව කියන මාධ්‍ය ආයතනයක අළෙවි විධායකයකු කොළඹ අපරාධ කොට්ඨාසය අද (01) අත්අඩංගුවට ගෙන ඇත.

    කාන්තාවක සමඟ මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඔහුගේ සුඛෝපභෝගි මෝටර් රථයේ සිටියදී ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ව්‍යාපාරිකයාගේ බිරිඳට ලබා දෙන බව පවසමින් මෙම සැකකාර අලෙවි විධායකවරයා රුපියල් කෝටි තුනක කප්පමක් ඉල්ලා ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියක් පැවසීය.

    කප්පම්කරු සිය කප්පම් මුදල පැමිණීලිකරුගේ පෞද්ගලික ලේකම්වරිය වෙත ලබා දෙන ලෙසට කළ දැනුම් දිමකට අනුව බත්තරමුල්ලේ පිහිටි පැමිණීලිකරුගේ ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේදී එම ලේකම්වරිය පොලීසිය විසින් අත්අඩගුවට ගෙන ඇත්තේ ඉකුත් ඉකුත් 25 වැනිදා පෙරවරුවේදීය. ඇයගේ ජංගම දුරකතනය අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වමින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකාරිය ද වසර 15කට ආසන්න කාලයක් සැකකරු සේවය කළ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කර තිබූ 35 හැවිරිදි එක්දරු මවක් වන බවත්, පසුව සැකකාරිය එම මාධ්‍ය ආයතනයෙන් ඉවත්වී පැමිණීලිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙසට සේවයට බැදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව අපරාධ කොට්ඨාසය සදහන් කරයි.

    ඒ අනුව සැකකාරිය ඉකුත් 23 වැනිදා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.


    Source: lankadeepa