MEGA UPLOARD නමින් ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් සොරකමේ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    MEGA UPLOARD නමින් ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් සොරකමේ

    MEGAUPLOAD.png


    පසුගියදා ඇමරිකානු බලධාරීන් විසින් තාවකාලිකව නවතා දමන ලද ‘මෙගා අප්ලෝඩ්’ වෙබ් අඩවිය සදහා ව්‍යාජ අඩවි කිහිපයක් අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වීම අරබා ඇති බවට තොරතුරු පලවේ.


    මින් බොහොමයක් හානිකර මෘදුකාංග භාවිතාකරන්නාගේ පරිගණකය වෙත ගෙන ඒමට උත්සාහකරන බවත් ඉන් සමහර අඩවි සදහා ඩොමේන නාමයක් වත් භාවිතා නොවන අතර අයි.පී. ලිපිනයකින් පමනක් ක්‍රියාත්මක බවත් සටහන් වෙයි.


    තවත් සමහරක අරමුන වන්නේ සැබෑ ගිනුම් වල පිවිසුම් අවසර පද ආදී දත්ත ‍රැස්කිරීම වියහැකි බවටත් ඔවුන් අනතුරු අගවා සිටී. වෙබ් අඩවියට අදාල පුද්ගලයින් හතර දෙනෙකු පසුගියදා අත්වඩංගුවට පත්ව ඇති අතර කතෘ අයිතීන් නොසලකමින් දෑ අන්තර්ජාලයතුල බෙදා හැරීම ඔවුනට එරෙහිව වූ චෝදනාව විය.