Meka thawath Joke Akakda???

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    එජාප රජයක්‌ පිහිටුවීමේ අරමුණින් පැවැති
    5 වැනි ජන බල සේනා සමුළුවට විශාල පිරිසක්‌


    ප්‍රභාත් විතාන සහ සචිත්‍ර ඇල්වළගේ

    ලබන මාර්තු මාසයට පෙර එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ අරමුණින් සංවිධානය කළ 05 වැනි ජනබල සේනා සමුළුව ඊයේ (27 වැනිදා) පෙරවරුවේ එජාප පාක්‍ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී පැවැත්විණි

    විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ආරම්භ වූ එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙම ජනබල සේනා සමුළුවට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක කරු ජයසූරිය, මහ ලේකම් තිස්‌ස අත්තනායක, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරු, සංවිධායකවරුන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

    මෙම ජනබල සේනා සමුළුව සඳහා දිවයිනේ ජන්ද මධ්‍යස්‌ථාන මට්‌ටමින් පත්කර ඇති ජන බල ලේකම්වරු දස දහසක්‌ පමණ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ අසුන්ගෙන සිටියහ.

    සර්ව ආගමික වතාවත්වලින් පසුව එක්‌සත් ජාතික පක්‍ෂයේ ජනබල සේනා මෙහෙයුම වෙනුවෙන් ජීවිත පූජා කළ සියලු දෙනා සිහි කිරීමද මෙහිදී සිදු කෙරිණි. කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පිළිගැනීමේ කතාව පැවැත්වීය. අනතුරුව පැමිණ සිටි සියලු දෙනා ජනබල සේනා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පැමිණ සිටි සියලු දෙනා ජනබල ප්‍රතිඥාව ප්‍රකාශ කළේය. ඉන් පසු විපක්‍ෂනායකවරයා අතින් දිවයිනේ සෑම දිස්‌ත්‍රික්‌කයකම ජන බල සේනා ලේකම්වරුන්ට පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ "ම" පාර්ශ්වය, ශ්‍ර්‍රS ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නව සිහල උරුමය ඇතුළු පක්‍ෂ ගණනවක්‌ මෙම ජනබල සේනා සමුළුවට සහභාගිවී සිටියහ.
     

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    magula thamai ethin
    Ranil president unoth LTTE eka aaye nagala enawa
    mama hithanney naha ape minissu ochchara moodai kiyala ranilta chandey denna..

    Aka Aththa. Koti wenuwen katha karapu aya UNP ake innakan UNP dinanawa boru.

    Mechchara Godak Awa Kiyanne. Bath Packetsma Keeyak Denda wenda athda?? :lol::lol::lol: