Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MELO RAHAK NATHI PANUWA! - THAWA WADAK ANAI!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]1199729428146347[/MEDIA]

මුග්ධයින්ට විහිළුවක් ලෙස පෙනෙන ගල්ගමුවේ අලි උමගේ තාක්ෂණික ප්‍රවේශය

මෙම සටහන ලියන්නේ පරිසර ඇමතිවරයාගේ උපදේශක රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු මන්ද මානසික නඩය විසින් ගල්ගමුවේ අලි උමග ගැන ප්‍රචාරය කරමින් සිටින අසත්‍ය ප්‍රචාර වලට පිළිතුරු වශයෙනි.

ගල්ගමුවේ අලි උමග එම ස්ථානයේ සෑදිය යුතු යැයි අපි යෝජනා කළ මුත් එහි තාක්ෂණික ගැටළු විසඳීම සඳහා සහ ඉංජිනේරුමය සැලසුම් සඳහා අපි මැදිහත් වීමක් නොකළෙමු. අපි රජයෙන් ඉල්ලා සිටි එකම කාරණය වන්නේ දුම්රිය මාර්ගය ගලවා ඇති මාස 5-6 ක කාලය තුල මෙම ස්ථානයේ වන අලින්ට සුරක්ෂිතව දුම්රිය මාර්ගය තරණය කළ හැකි වනජීවී උමං මාර්ගයක් ඉදිකර දෙන ලෙසය. එය කරන්නේ කෙසේද යන්න ගැන ඉංජිනේරුවන්ට උපදෙස් දීමට (ඇතැම් බක පඬියන් මෙන්) අපි උත්සාහ නොකළ මුත් එහි සැලසුම් සහ තාක්ෂණික කාරණා ගැන අපි නිරන්තරයෙන් සොයා බැලුමින් පරිසර විද්‍යාත්මක දෘෂ්ඨිකෝණයෙන් ඒ සඳහා මැදිහත් වීමු.

දැන් බොහෝ පඬියන් සහ පඬි පෝතකයින් ගැටදිවුලේ අලි උමඟ ඉදිකර ස්ථානයට ගොස් එහි ඇති වලට උඩින් එබී බලා "මේකෙන් අලින්ට යන්න වෙන්නේ බඩ ගාගෙන තමයි" වැනි ඉතාම මුග්ධ, කුහක සහ පසුගාමී අදහස් පළකරනු මුල සිටම අපි දුටුවෙමු. එවැනි මුග්ධ ප්රකාශයන්ට අපි උත්තර බැඳීමට නොගියේ එවැන්නන්ට උවමනා කෙසේ හෝ මෙම උමං මාර්ගව ඉදිවී අලි ඇතුන් සුරක්ෂිතව එය හරහා යනු දකිනු වෙනුවට, ලාංකිකයින්ට සුපුරුදු ආකාරයට යමක් කිරීමට උත්සාහ කරනා කාගේ හෝ කකුලෙන් ඇඳීමේ කුහක චේතනාවෙන් එවැනි දෑ ලියන කියන බැවිනි.

කෙසේ නමුත් එවැනි කුහක පඬි පෝතකයෙකුට රජයේ තනතුරක් ලැබී ඒ ගැන රාජ්‍ය මට්ටමින් අසත්‍ය ප්‍රචාරය කරනවා යනු වෙනස් තත්වයකි. රවීන්ද්‍ර කාරියවසම් පරිසර ඇමතිවරයාගේ උපදේශක වශයෙන් පත්කරගත්තේ කුමන පදනමකින්දැයි අපිට නොතේරුනත් ඔහු එම තනතුරේ බලය අවභාවිතා කරමින් ගල්ගමුවේ අලි උමග පිළිබඳ අසත්‍ය ප්‍රචාර ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටී.

2023 වසරේ සිය ගණනක් අලි මැරෙද්දී මෙම පඬි පෝතකයා ඇතුළු පිරිස සිටියේ කොහේ දැයි අපි නොදනිමු. නමුත් අපිට අවශ්‍ය වූයේ අපගේ දත්ත විශ්ලේෂණයන්ට අනුව ලංකාවේ වැඩිම අලි ප්‍රමාණයක් දුම්රියේ ගැටී මියගොස් ඇති, විශාල අලි රංචු නිරන්තරයෙන් දුම්රිය මාර්ගය හරහා මාරු වන ගැටදිවුල යන ස්ථානයේ ලෝකයේ අනෙක් රටවල මෙන් වනජීවී උමං මාර්ගයක් රජය ලවා ඉදිකර ගැනීමය. 2023 වසරේ සිට ක්ෂේත්‍ර චාරිකා යමින්, නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් එයට උත්සාහ කළ මුත් එවැන්නක් ඉදිකරගැනීමේ ස්වර්ණමය අවස්ථාව එළැඹුනේ මහව-ඕමන්ත දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ වයාපෘතිය 2024 ජනවාරි 07 වන දින ආරම්භ වීමත් සමඟය.

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා එම දුම්රිය මාර්ගය මාස 5-6කට ගලවා ඉවත් කරන බව දැනගත් අපිට ඉහේ මලක් පිපුණි. හැකි ඉක්මනින් එවකට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇමතූ අපේ ආනන්ද හිමියන් මේ ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලූ අතර යහපත් ප්‍රතිචාරයක් පල කරමින් දින කීපයක් ඇතුලත එම අවස්ථාව හිමි විය. එම හමුවේදී අප ඉදිරිපත් කළ යෝජනාවට ඉහළ ඇගයීමක් ලැබුණු අතර ඉංජිනේරුවෙකු වූ එවකට සිටි ලේකම්වරයා ඉතා නිහතමානීව ප්‍රකාශ කළේ "මෙය රජය විසින් යෝජනා කළ යුතුව තිබුණත් අපිට එසේ කිරීමට නොහැකි වීම ගැන කණගාටු වන බවත් ඔබලා අවස්ථානෝචිතව එය යෝජනා කිරීම පිළිබඳව ස්තූතිවන්ත වනවා" යන්නය. ඉන් ඔබ්බට ගොස් මෙම කටයුත්ත කෙසේ හෝ යථාර්තයක් කරදීමට කටයුතු කරන බවටත් ඔහු පොරොන්දු විය.

අවසානයේ අප කාගේත් බලාපොරොත්තු යථාර්තයක් වන තැනට පත්විය. ඉන්පසු අප ජීවිත කාලයේ ලැබූ ඉතා වටිනා "අවබෝධයන්" රැසක් ලබා ගැනීමේ අවස්ථාව උදා විය. පරිසරවේදීන්, පරිසරප්‍රේමීන්, වෘත්තිකයන් වේශයෙන් සිටිනා තිරශ්චීන මිනිසුන් රැසක් මැද අරුම පුදුම රටක අප මෙතෙක් කල් ජීවත් වී ඇති බව ඉන් අනතුරුව සිදු වූ සිදුවීම් වලින් අවබෝධ වන්නට විය. සත් චේතනාවෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට ඉහත කී තිරශ්චීන මිනිසුන් දිවා රෑ නොබලා වැඩ කළහ. 2024 මාර්තු 01 වෙනිදා පළමු පස් පිඩැල්ල කපා ආරම්භ කළ අලි උමගේ වැඩ පසු දිනම නවතා දමන්නට තරම් ඔවුන්ගේ දුෂ්ඨ අරමුණු ප්‍රභල විය. අවසානයේ ඔවුන් විසින් ඇති කළ සියළු ගැටළු විසඳා අලි උමගේ වැඩ ආරම්භ කරගැනීමට මාස 6කට වඩා ගත විය. ඒ මොහොත වන විට ගලවා තිබූ රේල් පාර නැවතත් සවිකර අවසන් වී තිබුණි. පෙර කියූ තිරශ්චීනයින් අලි උමග අත්හැර දමන තැනට පත්කොට තිබුණි. කෙසේ හෝ අප සැම කණ්ඩායමක් වශයෙන් දන්නා සෙල්ලම් සියල්ල දමා ප්‍රධාන ව්‍යාපෘතිය අවසන් වීමට තිබූ දිනට මාසයකට පමණ පෙර ඉදිකිරීම ආරම්භ කරගැනීමට හැකි විය.

අලි උමගේ වැඩ අඩක් පමණ නිම කළ පසු තවත් හෙණයක් පාත් විය. ඒ ජනාධිපතිවරණයයි. ජනාධිපතිවරණය අවස්ථාවේ අර පෙර කී තිරශ්චීනයින් විසින් පෙර රජයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලවා ඡන්දයට පෙර අනුරාධපුරයට දුම්රිය ධාවනය යලි අරඹා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණි. එම අවස්ථාවේදී එය නොකරන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටි අතර කරුණු පැහැදිලි කරදීමෙන් පසු අලි උමග ඡන්දයට වඩා වැදගත් බව රනිල් වික්‍රමසිංහ අවබෝධ කරගත් අතර දුම්රිය මාර්ගය විවෘත කිරීම අතහැර දැමුනි. එයින් මාසයකට පමණ පසු ඊළඟ හෙනය පාත් වූ අතර ඒ මහ මැතිවරණයයි. පෙර රජයට මෙන් නව රජයටද මහ මැතිවරණය සඳහා උතුරු පළාතේ ඔවුන්ගේ ප්රචාරක ව්‍යාපෘතිය වෙනුවෙන් දුම්රිය මාර්ගය විවෘත කිරීමට අවශ්‍ය විය. දින 18 ක පමණ වැඩ ඉතිරිව තිබියදී පාත්වූ පුනරුද හෙනය මගින් අලි උමගේ වැඩ නවතා උතරේ ඡන්ද වැඩසටහන වෙනුවෙන් දුම්රිය ධාවනය ආරම්භ විය. ජනාධිපති අනුර කුමාර සහ අගමැති හරිනී වෙත කොතරම් ඉල්ලීම් කළද කිසිඳු සංවේදීභාවයක් ඔවුන්ගෙන් පලවූයේ නැත.

තම උපකරණ මලකඩ කමින් සහ සේවකයින්ට පඩි ගෙවමින් මැතිවරණය අවසන් වනතුරු සිටිය නොහැකි යැයි කියූ කොන්ත්‍රාත්කරු වැඩබිම හකුලාගෙන යන ලදි. මැතිවරණය අවසන් වූ පසු වැඩ නැවත ආරම්භ කරනවා කියා තිබුණද නිලධාරීන්ට එය නොකිරීමට තවත් හේතුවක් උදා වී තිබුණි. මහව - අනුරාධපුර දුම්රිය මාර්ගයේ පැරණි පාලම් 5ක් අබලන් බව ඒ වන විට ඔවුන් සොයාගෙන තිබුණි. එම පාලම් පහ සමඟ අලි උමඟ ඉදි කරන බව පසුව පැවසීය. ඉන්පසු අනුරාධපුරයේ වෙසක් සහ පොසොන් උත්සව අවසන් වූ විගස නැවත අලි උමගේ වැඩ ආරම්භ කරන බව පැවසීය.

කෙසේ හෝ දැන් තවත් හෙණයක් පුනරුද පරිසර උපදේශක රවීන්ද්‍ර කාරියවසම් විසින් පාත් කරමින් සිටී. මෙම අලි උමග නිසි අධ්‍යයනයකින් තොරව සිදු කර ඇති බවත්, ඔහු විසින් ගැටළු රාශියක් සොයාගත් බවත්, ඒවා විසඳීමට රජයට මැදිහත් වන්නට සිදුවන බවත් පවසමින්, පාර්ලිමේන්තු කමිටු වලට වාර්තා සපයමින්, නිලධාරීන්ට මොඩ උපදෙස් දෙමින් තමා ඉංජිනේරුවන්ටත් වඩා පොරක් බව හඟවමින් ඔහු නාඩගමක් රඟදක්වමින් සිටී. එම නාඩගම ඔහු රඟදක්වන්නේ පොසොන් උත්සවයෙන් පසුව කොහොමත් වැඩ ආරම්භ වීමට තිබූ අලි උමඟ ඔහුගේ මැදිහත්වීම මත නිම කළ බවට පවසමින් ලකුණු දමාගැනීමේ ළාමක ආසාව නිසා බව සියල්ලන්ට දැනටමත් පැහැදිලි වී තිබේ.

මේ විහිළුසහගත උපදේශකයා විසින් සොයාගත් බව පවසන අලි උමගේ ගැටළු මීට අවුරුද්දකටත් ප්‍රථම ඉංජිනේරුවන් සහ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කොට විසඳුම් සඳහා නිර්දේශද ලාබාදී තිබෙන ගැටළු කිහිපයමය. ඒ ගැන මම කලින් පෝස්ටුවක් දමා ඇත.

දැන් ඔහුගේ අලුත්ම චෝදනා අනුව අලි උමඟ අඩි 6ක් පොළව තුලට යන බවත් අලින්ට එය තුලට බැසීමට සිදුවන බවත්, එහි ජලය රැදෙන බවිත් ය. මේ සියළු මන්ද මානසික සිතුවිලි ඔහු ඇතුළු මේ නඩයට පහල වන්නේ ඔවුන්ට මේ දෙස ඉංජිනේරුමය දෘෂ්ඨිකෝණයකින් දැකීමට ඇති බුද්ධිමය හීනභාවය නිසා බව මාගේ අදහසයි. මෙවැනි අඥාණයින්ට ප්‍රශ්න විසඳන්නට ලෝකයා ඉතිහාසයේ ඉඩ දුන්නා නම් මානවයින් තවමත් රෝදය හොයාගාන නැත. ඉංජිනේරුමය චින්තනයක් ඇති තර්ක බුද්ධිය ඇති මිනිසෙකුට ඉතාමත් සරලව මෙහි ඇති විහිළුසහගත බව වැටහෙනු ඇත.

එනම්, යම්කිසි සංකීර්ණ ගැටළුවක් විසඳීමට ඉංජිනේරුවන්ට, එසේ නොමැති නම් ක්ෂේත්රයේ ප්‍රවීණයින්ට භාර දෙන්නේ ඉංජිනේරුමය දෘෂ්ඨියකින් ගැටළු දෙස බලා ඒවාට පිළියම් යොදමින් අදාල ගැටළුවට විසඳුමක් දීම පිණිසය. අලි උමගේ උස අලියාගේ උසට වඩා අඩි කිහිපයක් විය යුතු බැවින්, දුම්රිය මාර්ගයේ පිහිටීම, භූමියේ පිහිටීම, ජල මාර්ග වල පිහිටීම වැනි කරුණු සලකා බලා ඉදිකරන්නේ කෙලෙස දැයි ඉංජිනේරුවන් වැඩ ආරම්භ කිරීමට පෙර ක්‍රම සහ විධි සකස් කරගෙන තිබුණි. එය කළ නොහැකි නම් ඉදිකිරීම් ආරම්භ කරන්නේද නැත. මුල් අවස්ථාවේම පැන නැගුණු එවැනි තාක්ෂණික ගැටළු වලට පිළියම් සොයාගැනීමෙන් පසු පමණක් ඉදිකිරීම් ආරම්භ විය. වර්ශා කාලයට අලි උමගේ පතුලේ වැලි සහ මඩ තැන්පත් වීම අපේක්ෂිත තත්වයක් බවත් එම වැලි ඉවත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීමක් ලෙසත් ව්‍යාපෘති නිර්දේශ වල සඳහන් වේ.

මෙහි අමුණා ඇති නිසි පරිමාණයට ඇඳි රූප සටහන් අලි උමගේ පළමු ඉංජිනේරු සැලසුම අනුසාරයෙන් වැඩ අවසන් වූ පසු අලි උමගේ පිහිටීම, අලින්ගේ දෘෂ්ඨිපතය සහ ගමන් මාර්ගය යන කරුණු සලකා බලමින් අප සිදු කළ විශ්ලේෂණයකි. මෙය වත්මන් තත්වය (current scenario), හොඳම (best case scenario) සහ නරකම (worst case scenario) තත්වය යන අවස්ථා තුන සඳහාම අප විශ්ලේෂණය කළ අතර නරකම තත්වය (worst case scenario) තුල වුවත් අලින්ට පහසුවෙන් ඒ තුලින් ගමන් කළ හැකි බවත් අපගේ නිගමනයයි. මෙහිදී රේඛියව බොරළු පාරේ සිට පහලට අලියෙකුට බැසීමට සිදුවන උස සහ ආනතියත්, උමග තුලින් ගොස් මහා මාර්ගයට නැගීමට සිදුවන උස සහ ආනතියත් අපි මැන බැලුවෙමු.

පෙර පැවති තත්වයට අනුව දුම්රිය මාර්ගයට නැගීමට සහ බැසීමට අලියෙකුට අංශක 34 ක පමණ කෝණයකින් අඩි 12ක් පමණ උසක් පැවතුණි. හොඳම (best case scenario) තත්වයේ දී අලියෙකුට බැසීමට හෙ නැගීමට ඇති කෝණය අංශක 20-26 අතර අගයක් ගන්නා අතර උස අඩි 9-14 අතර වේ. නරකම (worst case scenario) තත්වයේ දී අලියෙකුට බැසීමට සහ නැගීමට ඇති කෝණය අංශක 18-22 අතර අගයක් ගන්නා අතර උස අඩි 6-11 අතර වේ. මෙවැනි සැලසුමක් විශ්ලේෂණයේ දී නැගීමට හෝ බැසීමට ඇති උස ආනතිය සමඟ එකට ගෙන ඉදිරිපති කළ යුතුය. මෙහි ඇති හරස්කඩ රූප සටහන් රේඛීය තලයක ඇති නමුත් අලි උමගේ වැඩ නිම වූ පසු දෙපසට යෙදීමට නියමිත බෑවුම් මාර්ග (ramp) ඉදිවීමට නියමිත වන්නේ ආනතිය තවත් බොහො අඩුවන වමට සහ දකුණට ආනත වූ කොණයකින් බවද සඳහන් කළ යුතුය. එම බෑවුම් මාර්ග ඉදි කරනු ලබන්නේ අලින් දැනට ගමන්ගන්නා ඔවුන්ට හුරුපුරුදු මාර්ගයට සමපාත වන ලෙසය.

හොඳම (best case scenario) තත්වයේ දී නැගීමට සහ බැසීමට ඇති ආනතිය වැඩි උවද, උමං මාර්ගයේ විවෘතභාවය උපරිම වන අතර අලින් සඳහා වැඩි අවකාශයක් ඇති බැවින් එය තුලින් ගමන් කිරීම සඳහා අලින්ට ඇති ආකර්ශන මනිනු ලබන ආකර්ශන දර්ශකය (Attractiveness Index) සහ විවෘතභාවය පිළිබඳ දර්ශකය (openness index) ඉහල අගයක් ගනී. නරකම (worst case scenario) තත්වයේ දී එම අගයන් තරමක් පහල වැටෙන නමුත් ආනතිය අඩු වේ. එනම් අවුරුද්දේ විවිධ කාල වලදී කාලගුණික තත්වයන් සහ නඩත්තුව අනුව එහි තත්වය වෙනස් විය හැක.

මේ පිළිබඳ අප සිදුකළ විශ්ලේෂණයන්, අධ්‍යයනයන් පිළිබඳ පොතක් ලිවීමට තරම් කරුණු ඇතිමුත් ඒ සියල්ල මෙහි ලිවිය නොහැක. මෙම කරුණු සහ අප සතු දැනුම බෙදා ගන්නට වත්මන් පරිසර ඇමතිගේ බක පඬි උපදේශකයාට කිහිප වරක් කතා කළ මුත් ඔහු දුරකථනය උස්සන්නේ නැත. ඒ වෙනුවට බලයෙන් මත් වූ ඔහු සියල්ල දන්නා පඬියෙකු මෙන් අසත්‍ය සමාජගත කරමින් සිටී. ඔහු කොතරම් හිස් මිනිසෙකුදැයි මුල සිටම මේ පිළිබඳව විවිධ මට්ටම් වල විශේෂඥයින් සමඟ දැනුම හුවමාරු කරගත් අපිට මැනවින් පැහැදිලි වී තිබේ.

කවුරු හෝ ළදරු මනසකින් අලි උමග දෙස බලා එහි ප්රයෝජ්යතාවය අවබෝධ කරගත නොහැකි, එය අවතක්සේරු කරන මුග්ධයින් දැනුවත් කිරීම මෙය ලිවීමේ අරමුණ නොවුනද එවන් ළදරු මනසක් ඇති රවීන්ද්‍ර කාරියවසම් වැනි මුග්ධයින් රටේ වැදගත් තනතුරු වලට ගොස් සිදු කරන අසත්‍ය ප්‍රචාරයන්ගෙන් මුලා විය හැකි අලි ඇතුන්ට ආදරය කරන අවංක හදවතක් ඇති දියුණු මිනිසුන්ගේ අවබෝධය පිණිස දහසක් වැඩ රාජකාරි මධ්‍යයේ නිදිමරාගෙන මෙය ලියා තබමි.

[QUOTE="nppcheguevara, post: 30738330, member: 583073"] [MEDIA=facebook]1199729428146347[/MEDIA] මුග්ධයින්ට විහිළුවක් ලෙස පෙනෙන ගල්ගමුවේ අලි උමගේ තාක්ෂණික ප්‍රවේශය මෙම සටහන ලියන්නේ පරිසර ඇමතිවරයාගේ උපදේශක රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු මන්ද මානසික නඩය විසින් ගල්ගමුවේ අලි උමග ගැන ප්‍රචාරය කරමින් සිටින අසත්‍ය ප්‍රචාර වලට පිළිතුරු වශයෙනි. ගල්ගමුවේ අලි උමග එම ස්ථානයේ සෑදිය යුතු යැයි අපි යෝජනා කළ මුත් එහි තාක්ෂණික ගැටළු විසඳීම සඳහා සහ ඉංජිනේරුමය සැලසුම් සඳහා අපි මැදිහත් වීමක් නොකළෙමු. අපි රජයෙන් ඉල්ලා සිටි එකම කාරණය වන්නේ දුම්රිය මාර්ගය ගලවා ඇති මාස 5-6 ක කාලය තුල මෙම ස්ථානයේ වන අලින්ට සුරක්ෂිතව දුම්රිය මාර්ගය තරණය කළ හැකි වනජීවී උමං මාර්ගයක් ඉදිකර දෙන ලෙසය. එය කරන්නේ කෙසේද යන්න ගැන ඉංජිනේරුවන්ට උපදෙස් දීමට (ඇතැම් බක පඬියන් මෙන්) අපි උත්සාහ නොකළ මුත් එහි සැලසුම් සහ තාක්ෂණික කාරණා ගැන අපි නිරන්තරයෙන් සොයා බැලුමින් පරිසර විද්‍යාත්මක දෘෂ්ඨිකෝණයෙන් ඒ සඳහා මැදිහත් වීමු. දැන් බොහෝ පඬියන් සහ පඬි පෝතකයින් ගැටදිවුලේ අලි උමඟ ඉදිකර ස්ථානයට ගොස් එහි ඇති වලට උඩින් එබී බලා "මේකෙන් අලින්ට යන්න වෙන්නේ බඩ ගාගෙන තමයි" වැනි ඉතාම මුග්ධ, කුහක සහ පසුගාමී අදහස් පළකරනු මුල සිටම අපි දුටුවෙමු. එවැනි මුග්ධ ප්රකාශයන්ට අපි උත්තර බැඳීමට නොගියේ එවැන්නන්ට උවමනා කෙසේ හෝ මෙම උමං මාර්ගව ඉදිවී අලි ඇතුන් සුරක්ෂිතව එය හරහා යනු දකිනු වෙනුවට, ලාංකිකයින්ට සුපුරුදු ආකාරයට යමක් කිරීමට උත්සාහ කරනා කාගේ හෝ කකුලෙන් ඇඳීමේ කුහක චේතනාවෙන් එවැනි දෑ ලියන කියන බැවිනි. කෙසේ නමුත් එවැනි කුහක පඬි පෝතකයෙකුට රජයේ තනතුරක් ලැබී ඒ ගැන රාජ්‍ය මට්ටමින් අසත්‍ය ප්‍රචාරය කරනවා යනු වෙනස් තත්වයකි. රවීන්ද්‍ර කාරියවසම් පරිසර ඇමතිවරයාගේ උපදේශක වශයෙන් පත්කරගත්තේ කුමන පදනමකින්දැයි අපිට නොතේරුනත් ඔහු එම තනතුරේ බලය අවභාවිතා කරමින් ගල්ගමුවේ අලි උමග පිළිබඳ අසත්‍ය ප්‍රචාර ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටී. 2023 වසරේ සිය ගණනක් අලි මැරෙද්දී මෙම පඬි පෝතකයා ඇතුළු පිරිස සිටියේ කොහේ දැයි අපි නොදනිමු. නමුත් අපිට අවශ්‍ය වූයේ අපගේ දත්ත විශ්ලේෂණයන්ට අනුව ලංකාවේ වැඩිම අලි ප්‍රමාණයක් දුම්රියේ ගැටී මියගොස් ඇති, විශාල අලි රංචු නිරන්තරයෙන් දුම්රිය මාර්ගය හරහා මාරු වන ගැටදිවුල යන ස්ථානයේ ලෝකයේ අනෙක් රටවල මෙන් වනජීවී උමං මාර්ගයක් රජය ලවා ඉදිකර ගැනීමය. 2023 වසරේ සිට ක්ෂේත්‍ර චාරිකා යමින්, නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් එයට උත්සාහ කළ මුත් එවැන්නක් ඉදිකරගැනීමේ ස්වර්ණමය අවස්ථාව එළැඹුනේ මහව-ඕමන්ත දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ වයාපෘතිය 2024 ජනවාරි 07 වන දින ආරම්භ වීමත් සමඟය. දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා එම දුම්රිය මාර්ගය මාස 5-6කට ගලවා ඉවත් කරන බව දැනගත් අපිට ඉහේ මලක් පිපුණි. හැකි ඉක්මනින් [B]එවකට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇමතූ අපේ ආනන්ද හිමියන් මේ ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලූ අතර යහපත් ප්‍රතිචාරයක් පල කරමින් දින කීපයක් ඇතුලත එම අවස්ථාව හිමි විය. එම හමුවේදී අප ඉදිරිපත් කළ යෝජනාවට ඉහළ ඇගයීමක් ලැබුණු අතර ඉංජිනේරුවෙකු වූ එවකට සිටි ලේකම්වරයා ඉතා නිහතමානීව ප්‍රකාශ කළේ "මෙය රජය විසින් යෝජනා කළ යුතුව තිබුණත් අපිට එසේ කිරීමට නොහැකි වීම ගැන කණගාටු වන බවත් ඔබලා අවස්ථානෝචිතව එය යෝජනා කිරීම පිළිබඳව ස්තූතිවන්ත වනවා" යන්නය. ඉන් ඔබ්බට ගොස් මෙම කටයුත්ත කෙසේ හෝ යථාර්තයක් කරදීමට කටයුතු කරන බවටත් ඔහු පොරොන්දු විය.[/B] අවසානයේ අප කාගේත් බලාපොරොත්තු යථාර්තයක් වන තැනට පත්විය. ඉන්පසු අප ජීවිත කාලයේ ලැබූ ඉතා වටිනා "අවබෝධයන්" රැසක් ලබා ගැනීමේ අවස්ථාව උදා විය. පරිසරවේදීන්, පරිසරප්‍රේමීන්, වෘත්තිකයන් වේශයෙන් සිටිනා තිරශ්චීන මිනිසුන් රැසක් මැද අරුම පුදුම රටක අප මෙතෙක් කල් ජීවත් වී ඇති බව ඉන් අනතුරුව සිදු වූ සිදුවීම් වලින් අවබෝධ වන්නට විය. සත් චේතනාවෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට ඉහත කී තිරශ්චීන මිනිසුන් දිවා රෑ නොබලා වැඩ කළහ. 2024 මාර්තු 01 වෙනිදා පළමු පස් පිඩැල්ල කපා ආරම්භ කළ අලි උමගේ වැඩ පසු දිනම නවතා දමන්නට තරම් ඔවුන්ගේ දුෂ්ඨ අරමුණු ප්‍රභල විය. අවසානයේ ඔවුන් විසින් ඇති කළ සියළු ගැටළු විසඳා අලි උමගේ වැඩ ආරම්භ කරගැනීමට මාස 6කට වඩා ගත විය. ඒ මොහොත වන විට ගලවා තිබූ රේල් පාර නැවතත් සවිකර අවසන් වී තිබුණි. පෙර කියූ තිරශ්චීනයින් අලි උමග අත්හැර දමන තැනට පත්කොට තිබුණි. කෙසේ හෝ අප සැම කණ්ඩායමක් වශයෙන් දන්නා සෙල්ලම් සියල්ල දමා ප්‍රධාන ව්‍යාපෘතිය අවසන් වීමට තිබූ දිනට මාසයකට පමණ පෙර ඉදිකිරීම ආරම්භ කරගැනීමට හැකි විය. අලි උමගේ වැඩ අඩක් පමණ නිම කළ පසු තවත් හෙණයක් පාත් විය. ඒ ජනාධිපතිවරණයයි. ජනාධිපතිවරණය අවස්ථාවේ අර පෙර කී තිරශ්චීනයින් විසින් [B]පෙර රජයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලවා ඡන්දයට පෙර අනුරාධපුරයට දුම්රිය ධාවනය යලි අරඹා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණි. එම අවස්ථාවේදී එය නොකරන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටි අතර කරුණු පැහැදිලි කරදීමෙන් පසු අලි උමග ඡන්දයට වඩා වැදගත් බව රනිල් වික්‍රමසිංහ අවබෝධ කරගත් අතර දුම්රිය මාර්ගය විවෘත කිරීම අතහැර දැමුනි.[/B] [B][COLOR=rgb(184, 49, 47)]එයින් මාසයකට පමණ පසු ඊළඟ හෙනය පාත් වූ අතර ඒ මහ මැතිවරණයයි. පෙර රජයට මෙන් නව රජයටද මහ මැතිවරණය සඳහා උතුරු පළාතේ ඔවුන්ගේ ප්රචාරක ව්‍යාපෘතිය වෙනුවෙන් දුම්රිය මාර්ගය විවෘත කිරීමට අවශ්‍ය විය. දින 18 ක පමණ වැඩ ඉතිරිව තිබියදී පාත්වූ පුනරුද හෙනය මගින් අලි උමගේ වැඩ නවතා උතරේ ඡන්ද වැඩසටහන වෙනුවෙන් දුම්රිය ධාවනය ආරම්භ විය. ජනාධිපති අනුර කුමාර සහ අගමැති හරිනී වෙත කොතරම් ඉල්ලීම් කළද කිසිඳු සංවේදීභාවයක් ඔවුන්ගෙන් පලවූයේ නැත.[/COLOR][/B] තම උපකරණ මලකඩ කමින් සහ සේවකයින්ට පඩි ගෙවමින් මැතිවරණය අවසන් වනතුරු සිටිය නොහැකි යැයි කියූ කොන්ත්‍රාත්කරු වැඩබිම හකුලාගෙන යන ලදි. මැතිවරණය අවසන් වූ පසු වැඩ නැවත ආරම්භ කරනවා කියා තිබුණද නිලධාරීන්ට එය නොකිරීමට තවත් හේතුවක් උදා වී තිබුණි. මහව - අනුරාධපුර දුම්රිය මාර්ගයේ පැරණි පාලම් 5ක් අබලන් බව ඒ වන විට ඔවුන් සොයාගෙන තිබුණි. එම පාලම් පහ සමඟ අලි උමඟ ඉදි කරන බව පසුව පැවසීය. ඉන්පසු අනුරාධපුරයේ වෙසක් සහ පොසොන් උත්සව අවසන් වූ විගස නැවත අලි උමගේ වැඩ ආරම්භ කරන බව පැවසීය. [COLOR=rgb(65, 168, 95)][B]කෙසේ හෝ දැන් තවත් හෙණයක් පුනරුද පරිසර උපදේශක රවීන්ද්‍ර කාරියවසම් විසින් පාත් කරමින් සිටී. මෙම අලි උමග නිසි අධ්‍යයනයකින් තොරව සිදු කර ඇති බවත්, ඔහු විසින් ගැටළු රාශියක් සොයාගත් බවත්, ඒවා විසඳීමට රජයට මැදිහත් වන්නට සිදුවන බවත් පවසමින්, පාර්ලිමේන්තු කමිටු වලට වාර්තා සපයමින්, නිලධාරීන්ට මොඩ උපදෙස් දෙමින් තමා ඉංජිනේරුවන්ටත් වඩා පොරක් බව හඟවමින් ඔහු නාඩගමක් රඟදක්වමින් සිටී. එම නාඩගම ඔහු රඟදක්වන්නේ පොසොන් උත්සවයෙන් පසුව කොහොමත් වැඩ ආරම්භ වීමට තිබූ අලි උමඟ ඔහුගේ මැදිහත්වීම මත නිම කළ බවට පවසමින් ලකුණු දමාගැනීමේ ළාමක ආසාව නිසා බව සියල්ලන්ට දැනටමත් පැහැදිලි වී තිබේ.[/B][/COLOR] මේ විහිළුසහගත උපදේශකයා විසින් සොයාගත් බව පවසන අලි උමගේ ගැටළු මීට අවුරුද්දකටත් ප්‍රථම ඉංජිනේරුවන් සහ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කොට විසඳුම් සඳහා නිර්දේශද ලාබාදී තිබෙන ගැටළු කිහිපයමය. ඒ ගැන මම කලින් පෝස්ටුවක් දමා ඇත. දැන් ඔහුගේ අලුත්ම චෝදනා අනුව අලි උමඟ අඩි 6ක් පොළව තුලට යන බවත් අලින්ට එය තුලට බැසීමට සිදුවන බවත්, එහි ජලය රැදෙන බවිත් ය. මේ සියළු මන්ද මානසික සිතුවිලි ඔහු ඇතුළු මේ නඩයට පහල වන්නේ ඔවුන්ට මේ දෙස ඉංජිනේරුමය දෘෂ්ඨිකෝණයකින් දැකීමට ඇති බුද්ධිමය හීනභාවය නිසා බව මාගේ අදහසයි. මෙවැනි අඥාණයින්ට ප්‍රශ්න විසඳන්නට ලෝකයා ඉතිහාසයේ ඉඩ දුන්නා නම් මානවයින් තවමත් රෝදය හොයාගාන නැත. ඉංජිනේරුමය චින්තනයක් ඇති තර්ක බුද්ධිය ඇති මිනිසෙකුට ඉතාමත් සරලව මෙහි ඇති විහිළුසහගත බව වැටහෙනු ඇත. එනම්, යම්කිසි සංකීර්ණ ගැටළුවක් විසඳීමට ඉංජිනේරුවන්ට, එසේ නොමැති නම් ක්ෂේත්රයේ ප්‍රවීණයින්ට භාර දෙන්නේ ඉංජිනේරුමය දෘෂ්ඨියකින් ගැටළු දෙස බලා ඒවාට පිළියම් යොදමින් අදාල ගැටළුවට විසඳුමක් දීම පිණිසය. අලි උමගේ උස අලියාගේ උසට වඩා අඩි කිහිපයක් විය යුතු බැවින්, දුම්රිය මාර්ගයේ පිහිටීම, භූමියේ පිහිටීම, ජල මාර්ග වල පිහිටීම වැනි කරුණු සලකා බලා ඉදිකරන්නේ කෙලෙස දැයි ඉංජිනේරුවන් වැඩ ආරම්භ කිරීමට පෙර ක්‍රම සහ විධි සකස් කරගෙන තිබුණි. එය කළ නොහැකි නම් ඉදිකිරීම් ආරම්භ කරන්නේද නැත. මුල් අවස්ථාවේම පැන නැගුණු එවැනි තාක්ෂණික ගැටළු වලට පිළියම් සොයාගැනීමෙන් පසු පමණක් ඉදිකිරීම් ආරම්භ විය. වර්ශා කාලයට අලි උමගේ පතුලේ වැලි සහ මඩ තැන්පත් වීම අපේක්ෂිත තත්වයක් බවත් එම වැලි ඉවත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීමක් ලෙසත් ව්‍යාපෘති නිර්දේශ වල සඳහන් වේ. මෙහි අමුණා ඇති නිසි පරිමාණයට ඇඳි රූප සටහන් අලි උමගේ පළමු ඉංජිනේරු සැලසුම අනුසාරයෙන් වැඩ අවසන් වූ පසු අලි උමගේ පිහිටීම, අලින්ගේ දෘෂ්ඨිපතය සහ ගමන් මාර්ගය යන කරුණු සලකා බලමින් අප සිදු කළ විශ්ලේෂණයකි. මෙය වත්මන් තත්වය (current scenario), හොඳම (best case scenario) සහ නරකම (worst case scenario) තත්වය යන අවස්ථා තුන සඳහාම අප විශ්ලේෂණය කළ අතර නරකම තත්වය (worst case scenario) තුල වුවත් අලින්ට පහසුවෙන් ඒ තුලින් ගමන් කළ හැකි බවත් අපගේ නිගමනයයි. මෙහිදී රේඛියව බොරළු පාරේ සිට පහලට අලියෙකුට බැසීමට සිදුවන උස සහ ආනතියත්, උමග තුලින් ගොස් මහා මාර්ගයට නැගීමට සිදුවන උස සහ ආනතියත් අපි මැන බැලුවෙමු. පෙර පැවති තත්වයට අනුව දුම්රිය මාර්ගයට නැගීමට සහ බැසීමට අලියෙකුට අංශක 34 ක පමණ කෝණයකින් අඩි 12ක් පමණ උසක් පැවතුණි. හොඳම (best case scenario) තත්වයේ දී අලියෙකුට බැසීමට හෙ නැගීමට ඇති කෝණය අංශක 20-26 අතර අගයක් ගන්නා අතර උස අඩි 9-14 අතර වේ. නරකම (worst case scenario) තත්වයේ දී අලියෙකුට බැසීමට සහ නැගීමට ඇති කෝණය අංශක 18-22 අතර අගයක් ගන්නා අතර උස අඩි 6-11 අතර වේ. මෙවැනි සැලසුමක් විශ්ලේෂණයේ දී නැගීමට හෝ බැසීමට ඇති උස ආනතිය සමඟ එකට ගෙන ඉදිරිපති කළ යුතුය. මෙහි ඇති හරස්කඩ රූප සටහන් රේඛීය තලයක ඇති නමුත් අලි උමගේ වැඩ නිම වූ පසු දෙපසට යෙදීමට නියමිත බෑවුම් මාර්ග (ramp) ඉදිවීමට නියමිත වන්නේ ආනතිය තවත් බොහො අඩුවන වමට සහ දකුණට ආනත වූ කොණයකින් බවද සඳහන් කළ යුතුය. එම බෑවුම් මාර්ග ඉදි කරනු ලබන්නේ අලින් දැනට ගමන්ගන්නා ඔවුන්ට හුරුපුරුදු මාර්ගයට සමපාත වන ලෙසය. හොඳම (best case scenario) තත්වයේ දී නැගීමට සහ බැසීමට ඇති ආනතිය වැඩි උවද, උමං මාර්ගයේ විවෘතභාවය උපරිම වන අතර අලින් සඳහා වැඩි අවකාශයක් ඇති බැවින් එය තුලින් ගමන් කිරීම සඳහා අලින්ට ඇති ආකර්ශන මනිනු ලබන ආකර්ශන දර්ශකය (Attractiveness Index) සහ විවෘතභාවය පිළිබඳ දර්ශකය (openness index) ඉහල අගයක් ගනී. නරකම (worst case scenario) තත්වයේ දී එම අගයන් තරමක් පහල වැටෙන නමුත් ආනතිය අඩු වේ. එනම් අවුරුද්දේ විවිධ කාල වලදී කාලගුණික තත්වයන් සහ නඩත්තුව අනුව එහි තත්වය වෙනස් විය හැක. මේ පිළිබඳ අප සිදුකළ විශ්ලේෂණයන්, අධ්‍යයනයන් පිළිබඳ පොතක් ලිවීමට තරම් කරුණු ඇතිමුත් ඒ සියල්ල මෙහි ලිවිය නොහැක. මෙම කරුණු සහ අප සතු දැනුම බෙදා ගන්නට වත්මන් පරිසර ඇමතිගේ බක පඬි උපදේශකයාට කිහිප වරක් කතා කළ මුත් ඔහු දුරකථනය උස්සන්නේ නැත. ඒ වෙනුවට බලයෙන් මත් වූ ඔහු සියල්ල දන්නා පඬියෙකු මෙන් අසත්‍ය සමාජගත කරමින් සිටී. ඔහු කොතරම් හිස් මිනිසෙකුදැයි මුල සිටම මේ පිළිබඳව විවිධ මට්ටම් වල විශේෂඥයින් සමඟ දැනුම හුවමාරු කරගත් අපිට මැනවින් පැහැදිලි වී තිබේ. කවුරු හෝ ළදරු මනසකින් අලි උමග දෙස බලා එහි ප්රයෝජ්යතාවය අවබෝධ කරගත නොහැකි, එය අවතක්සේරු කරන මුග්ධයින් දැනුවත් කිරීම මෙය ලිවීමේ අරමුණ නොවුනද එවන් ළදරු මනසක් ඇති රවීන්ද්‍ර කාරියවසම් වැනි මුග්ධයින් රටේ වැදගත් තනතුරු වලට ගොස් සිදු කරන අසත්‍ය ප්‍රචාරයන්ගෙන් මුලා විය හැකි අලි ඇතුන්ට ආදරය කරන අවංක හදවතක් ඇති දියුණු මිනිසුන්ගේ අවබෝධය පිණිස දහසක් වැඩ රාජකාරි මධ්‍යයේ නිදිමරාගෙන මෙය ලියා තබමි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom