Men Fashion -ටයි එක නිවැරදිව ගලපා ගමු

Captain jack sparrow

Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    Men Fashion -ටයි එක නිවැරදිව ගලපා ගමු

    Men Fashion -ටයි එක නිවැරදිව ගලපා ගමු

    lJnP0X.jpg

    වෙඩින් එකකට පාටි එකකට වගේ උත්සව අවස්ථාවකට ඊට අමතරව ඔෆිස් යනකොට තමයි අපි ටයි එක දාන්නේ. හැබැයි නිකමටවත් හිතුවද අපි දාන්නෙ හරිම එහෙමත් නැත්නම් ගැළපෙනම ටයි එකද කියලා? අපේ ගොඩාක් අය පාට විතරයි මැච් කරන්නෙ. හැබැයි එහෙම බෑ. හැමදාම පිරිමින් වෙනුවෙන් නිවැරදිදේ ගේන අපි අද ටයි එක ගැන කතා කරන්න හිතුවා.

    මොනවද තියෙන ටයි වර්ග?

    O4a6l6.jpg


    සාමාන්‍යයෙන් ටයි එකකට පුලුවන් ඔබගේ ෂර්ට් එකට, සූට් එකට විතරක් නෙවෙයි කැෂුවල් ඇඳුමකට වුනත් චමත්කාරජනක වෙනසක් ඇති කරන්න. පැලඳ සිටින්නාගේ මුහුණේ හා සිරුරේ උඩ කොටසේ ආකර්ශනය වැඩිකරන්න. හැබැයි!! ගැළපෙන හරිම ටයි එක පලඳින ඕන.


    1. Traditional Neck Tie
    rn9HIb.jpg


    අපේ අය ගොඩක් පලඳින්නෙ මේ දිගු සහ අග පුළුල් ටයි වර්ගයයි. කෙට්ටු අය සඳහා අඟල් 2.75 පළලේ සිට මහත අය සඳහා අඟල් 3.75 දක්වා පළලින් ටයි වර්ග වෙළඳපොලේ ඇත. ඒ අතුරෙන් බොහෝ අය පළඳින්නේ අඟල් 3.25ක පළලින් යුතු ටයි එකයි.

    2. Skinny Tie
    TkZQyi.jpg


    අඟල් 2.5 වඩා අඩු පළලින් යුතු ටයි මෙම වර්ගයට අයත්වේ. ඉතාමත් සිහින් ටයි එකක් වන මෙය සාම්ප්‍රදායික අවස්ථාවලට නොගැළපේ.

    3. Clip-On Tie
    5T3cUq.jpg


    මෙය පෙර සූදානම් කළ ටයි එකකි. පළඳින්නාට ටයි ගැටය ගැසීමට අවශ්‍යවන්නේ නැත. ටයි ගැටයත් සමඟ එන මෙම ටයි එකෙහි ටයි ගැටය පිටුපස ක්ලිප් එකක් ඇත. එය ඔබගේ ඇඳුමට අමුනාගත හැක. ටයි ගැටය නොදන්නා අයට මෙය ගැළපේ.

    4. Zipper Tie
    M15Xa0.jpg


    ක්ලිප් එක වගේම තමයි මේකෙත් ටයි ගැටය සමඟමයි ටයි එක එන්නේ. මෙහි සිප් එක ටයි එකේ සිහින් පැත්තේ ඇත. ටයි එක බෙල්ලට දමා සිප් එකෙන් අවශ්‍ය ප්‍රමාණයට සකසා ගත හැක.

    සාමාන්‍යයෙන් ටයි එකක් පළඳින විට එහි තුඩ ඉඟ සීමාවේ තිබ්ය යුතුයි. සම්මත ටයි එකක දිග සාමාන්‍යයෙන් අඟල් 55 60 අතර වනවා.


    ටයි එක ගළපන ආකාර
    HWcmWy.jpg


    ටයි එක පළඳින අවස්ථාවන් අනුව අප තෝරාගන්නා පාට සහ මෝස්තර වෙනස්වෙනවා. ඒ විතරක් නෙවෙයි පළඳින්නාගේ පෞරුෂත්වයද ටයි එක මත රැඳෙනවා. තව දෙයක් තමයි කිසිම විටෙක ටයි එක සහ ඔබගේ ඇඳුම් ගැටීමක් හෝ ටයි එක නිසා ඔබගේ ඇඳුම යටපත්වීමක් හෝ සිදුනොවිය යුතුයි.

    Monochrome
    WV1x1s.jpg


    ෂර්ට් එකේ පාටින්ම ටයි එක පැළඳීම, සාමාන්‍යයෙන් එකම පාට නැතත් එහි තද හෝ ලාපැහැයෙන් ටයි ගලපා පැළඳීමේ ක්‍රමය මේ ලෙස හඳුන්වයි. උදාහරණ ලෙස ලා අලු පැහැති ටයි එකක් තද අලු පැහැති ෂර්ට් එකක් සමඟ පැළඳීම ගතහැක.

    Contrast
    TgQTBm.jpg

    තද පැහැ ටයි එකක් ලාපැහැ ෂර්ට් එකකට පැළඳීම මෙම විලාසිතාවයි. නිළ ඇඳුමක පෙනුමක් මේ ක්‍රමයෙන් ලබාගත හැක. උදාහරණයක් ලෙස තද කොළ පැහැ ටයි එකක් ක්‍රීම් පැහැ ෂර්ට් එකකට පැළදීම ගතහැක.

    Power
    qBHoz6.jpg

    තනි පැහැ මෝස්තර කිසිවක් නොමැති ෂර්ට් එකකට මෝස්තර සහිත ටයි එකක් පැළඳීම මෙම ක්‍රමයයි. මෙයින් පළඳින්නාගේ මුහුණට වැඩි ආකර්ශණයක් ලැබේ. උදාහරණය් ලෙස රතු මෝස්තර සහිත ටයි එකක් සුදු ෂර්ට් එකකට පැළඳීම ගතහැක.

    Complementary
    1UdXvv.jpg

    එකිනෙකට විරුද්ධ පාට පැළඳීම මෙම ක්‍රමයයි. උදාහරණයක් ලෙස තද දම්පැහැ ටයි එකක් ලාකහ පැහැ ෂර්ට් එකක් සමඟ ඇඳීම ගතහැක.

    Seasonal
    SDhTry.jpg

    කාලගුණය දේශගුණය අනුව ටයි වල පාට වෙනස් කිරීම මෙම ක්‍රමයයි. උදාහරණයක් ලෙස වැසි සීත කාලවල ලාපැහැද පායන උෂ්ණ කාලවල තදපැහැද පැළඳීම ගත හැක.

    පාට සහ මෝස්තර
    rAKjdW.jpg

    Solid Color
    DrKvOF.jpg

    තනි පාට ටයි එකක් තනි හෝ මෝස්තර සහිත ෂර්ට් එකක් සමඟ පැළඳීම. මතක තබාගන්න මෙහිදී ෂර්ට් එකේ මෝස්තරයක ඇති පාටක් ටයි එකේත් තිබීම අනිවාර්යයයි. සමහර පාට විවිධ හැඟීම පෙන්නුම් කරනවා. රතු ප්‍රබල, නිල ස්ථීර සහ විශ්වාසදායීබව, රන් ශක්තිය සහ රෝස ආත්මවිශ්වාසය පිලිඹිබු කරනවා.

    Stripes
    iI4tvW.jpg

    ඉරි සහිත ටයි එකක් තනි හෝ මෝස්තර සහිත ෂර්ට් එකක් සමඟ ඇඳීම. මතක තබාගන්න මෙහිදී ටයි එකේ ඉරිවල මහත සහ ෂර්ට් එකේ ඉරිවල මහත වෙනස් විය යුතුයි. ඒ වගේම ටයි එකේ ඇති කුමක් හෝ පාටක් ෂර්ට් එකෙත් තිබිය යුතුයි.

    Club Affiliation
    Q7DIgM.png

    ලාංඡණ හෝ රෙජිමේන්තු පටි සහිත ටයි පැළඳීම. විවිධ විශ්ව විද්‍යාල, ආරක්ෂක සේවා, ක්‍රීඩා කණ්ඩායම් හෝ වෘතීය අනුබද්ධ ටයි මෙයට අයත් වේ. මේ තනි හෝ ඉරි සහිත ෂර්ට් සමඟ පළඳියි.

    Abstract
    EgpKoV.png

    ජ්‍යාමිතික හැඩතල, ඉරි කැබලි, තිත් සහ මල් හැඩතල වැනි විවිධ හැඩතල සහිත ටයි තනි, ඉරි සහිත හෝ මෝස්තර සහිත ෂර්ට් සමඟ පැළඳීම. මතක තබාගන්න මෙහිදී ටයි මෝස්තරය කිසිවිට ෂර්ට් මෝස්තරය සමඟ සමාන නොවිය යුතුයි.

    Novelty
    LK2WXl.jpg

    කැෂුවල් එහෙමත් නැත්නම් වෙනස් ආකාරයේ ටයි මෙයට අයත්වේ. කාටුන් චරිත, විවිධ සතුන්ගේ රූප ඇති ටයි මේවාය. මේ පළඳින්නේද abstract ටයි පළඳින ආකාරයටමයි.


    Source
    menandwomen.lk

    artofmanliness.com