වවුනියාව නැදුන්කර්නි ප්‍රදේශයේදී
කාන්තාවකගේ ඇඟිල්ලක් සහ අතක් කපා
රන්බඩු පැහැරගෙන සැමියාටත් වෙඩි තියයි
අකිත පෙරේරා සහ වවුනියාව - දිනසේන රතුගමගේ
වවුනියාව නැදුන්කර්නි ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ඇඟිල්ලක් කපා ඇයගේ මුද්ද ද දකුණු අත කපා වෙන් කර ඇයගේ රත්රන් වළලුද පැහැරගෙන ඇයගේ සැමියාට ද වෙඩි තබා පලා ගිය පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම යුවළ නැදුන්කර්නි ස්‌ථාපිත කරන ලද ගම්මානයක පදිංචිව සිට ඇති අතර පසුගිය 08 වැනිදා රාත්‍රි නිදා ගැනීම සඳහා ඔවුන්ගේ යහළුවකුගේ නිවස වෙත යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණපා ඇතැයි නැදුන්කර්නි පොලිසිය "දිවයින"ට පැවසීය.
ඔවුන් ගමන් ගනිද්දී එක්‌වරම අදාළ පුද්ගලයා මහ මගට පැන ප්‍රථමයෙන් කාන්තාව පැළඳ සිටි මුද්ද ගලවා ගැනීමට උත්සාහ දරා ඇත. එය නොහැකි වූ තැන ආයුධයකින් ඇඟිල්ල කපා මුදුව සොරාගෙන ඇත. පසුව ඇය වේදනාවෙන් කෑ ගසද්දී ඇය පැළඳ සිටි රන් වළලු ද ඇයගේ දකුණු අත කපා සොරාගෙන තිබේ.
සිය බිරිඳ බේරා ගැනීම සඳහා ස්‌වාමිපුරුෂයා අදාළ පුද්ගලයා සමඟ පොරබදා ඇති අතර ඔහුට ද වෙඩි තබා සැකකරු පලා ගොස් ඇත. බරපතල තුවාල ලබා සිටි යුවළ මාන්කුලම් රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව වව්නියාව රෝහල වෙත මාරුකර යවා තිබේ. කාන්තාවගේ අත ශල්‍යකර්මයක් සිදුකොට බද්ධ කර ඇති අතර එය සාර්ථක බව ද මේ වන විට දෙදෙනාම වව්නියාව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
සිද්ධිය සම්බන්ධව සැකපිට මාන්කුලම් පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.