menna putthu

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නිවසේ කාමරයක වළක්‌ කපා තබා පියා මරා දැමීමට
    තැත් කළ පුත්‍රයා සහ මිතුරා අත්අඩංගුවට


    ගම්පහ අතිරේක - එම්. අමරසිරි

    ගම්පහ ඉඳිගොල්ල පල්ලිය පාරේ නිවසක පුතා විසින් තම පියා මරණයට පත්කර නිවසේ කාමරයක වළ දැමීමට තැත් දැරූ සිද්ධියක්‌ ගම්පහ පොලිසියෙන් වාර්තාවේ.

    මෙම සිදුවීමට ලක්‌වූ අය වාහන කුලියට ලබා දෙන්නෙකි. තම දියණිය බැලීමට බිරිඳ සමග කතරගමට ගොස්‌ බිරිඳ එහි නවත්වා නිවසට පැමිණි අවස්‌ථාවේදී නිවසේ සිටි අවුරුදු 32 ක්‌ වයසැති බාල පුතු ඔහුගේ මිතුරෙකු සමගින් මෙසේ ඔහු මරණයට පත් කිරීමට තැත් දරා ඇති බව ගම්පහ පොලිසියෙන් වැඩිදුරටත් අනාවරණය වේ.

    ව්‍යාපාරිකයා මෙදින නිවසට ඇතුළු වන විට පුතා සහ ඔහුගේ මිතුරෙකු රූපවාහිනිය නරඹමින් සිට එක්‌වරම පියා තරයේ බදාගෙන යකඩ පොලු වලින් පහරදී තිබේ. පහර දීමට පෙර පුතා විසින් ඔහුගේ කාමරයේ පියාගේ මරණය වල දැමීමට වළක්‌ද කපා සූදානම් කොට තිබේ.

    දිගට හරහට පහර දීමෙන් පියා බිම පතිත වූ පසු ඔහු මරණයට පත්වී ඇත්දැයි බැලීමට පුතා වරින් වර පැමිණ නාසය මිරිකමින් හුස්‌ම වැටෙනවාදැයි පරීක්‍ෂා කර බලා ඇත. සිහි මුර්ජාවී සිටි ව්‍යාපාරිකයා පසුව යන්තමින් සිහිය පැමිණි පසු පුතා සිදු කරන ලද ක්‍රියාවලිය තේරුම් ගොස්‌ මරණයට පත්වී ඇති ආකාරයෙන් සිට තිබේ.

    ඉන් පසු පුතා සහ මිතුරා නිවසින් නික්‌ම යැමෙන් පසු නිවසේ දොර හැර අසළ ඇති වඩු මඩුවකට ගොස්‌ තම අමාරුව පවසා ගම්පහ රෝහලට ඇතුළත්වී තිබේ. අධික ලෙස පහරකෑමට ලක්‌වූ මෙම තැනැත්තාගේ එක්‌ අතක්‌ තුනට කැඩී ඇති අතර හිස ඔසවා තබා ගැනීමට නොහැකි ලෙසින් හිසට පහරදී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙසේ මරණයට පත් වී ඇතැයි සිතූ පුතා සහ මිතුරා ගම්පහ නගරයට ගොස්‌ මරණය වළ දමා වසා දැමීමට සිමෙන්ති ඇණවුම් කිරීමටද තැත් දරා ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

    මේ වන විට පුතා ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති අතර ඔහුගේ මිතුරා අත්අඩංගුවට පත්වී තිබේ. ඒ සමග වළ කැපීමට යොදා ගත් අත් ග්ලවුස්‌, යකඩ ඉනි, සවල්, උදලු සහ යකඩ පොලුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    දේපළ තණ්‌හාවක්‌ අරමුණු කර ගනිමින් මෙය කරන්නට ඇතැයි වාර්තා වන අතර වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ගම්පහ පොලිස්‌ කොට්‌ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සරත් කුමාර මහතාගේ උපදෙස්‌ පරිදි ගම්පහ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රභාත් දයානන්ද මහතාගේ අධීක්‌ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියන්ත මහතා ඇතුළු විශේෂ විමර්ශන කණ්‌ඩායමක්‌ මගින් සිදු කරනු ලබයි.


    Maha kalakanni porawal thama!:(