merry vesak for you

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    raja bavathu dammiko.varam nathi evun palakayo vidihata gattama avuruddath naha vesak ekakth naha.:lol::lol::lol:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    collord-buddha125241127_5547994_09052017_FNM_CMY.jpg

     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    අනුරාධපුර යුගයේ පටන්ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරැඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින්ම මුල් බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස් ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසාය. මේවා අතර පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් වන වෙසක් උත්සවය ශ්‍රී ලාංකේය බෞද්ධයනට අන් හැම උත්සවයකටම වඩා වැදගත්ය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අවස්ථාත්‍රය සිහිකිරීම් වස් මැයි මාසයේදි මෙම වෙසක් උත්සවය පැවැත්වෙයි

    ශ්‍රීලංකාව වූ කලී ලොව පෞඩ ඉතිහාසයකට උරුකම් කියන බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලත් පෙරදිග ලෝකයේ සුවිශේෂී රාජ්‍යයෙකි. ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ සංස්කෘතික හර පද්ධතීන් ප්‍රමාණවත් පසුබිමක් යටතේ ස්ථාපිත වූයේ, ක්‍රි.පූ. 3 වන සියවසේ දී නොහොත් බුද්ධ වර්ෂ 236 දී සිදු වූ මහින්දාගමනයෙන් පසුවය. එබැවින් බුදු සමයේ බලපෑම මත එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය විය.

    තත්කාලීනව පැවැති සමාජගත අභිචාරවිධි ආදි සියල්ලක්ද අනුක්‍රමයෙන් වෙනස් මගකට අවතීර්ණ විය. බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගත වූ ජනතාව ආගමික උත්සව පැවැත්වීම කෙරෙහිද වැඩි රුචිකත්වයක් දැක්වූහ. එබැවින් අවිහිංසාව සද්ධාව, භක්තිය හා බුද්ධිය පදනම් කරගත් ආගමික උත්සව රැසක් ද ඒ හා සමගම ආරම්භ විය. මෙම පූජෝත්සවයන් තුළින් අපේක්ෂිත පරමාර්ථය වූයේ විනෝදය සැපයීමත්, ආගමික හැඟීම් තෘප්තිමත් කිරීමත් ය. අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මකව වැඩිදියුණු වී ගිය මෙබඳු උත්සව වසර පුරාම මහත් හරසරින් පවත්වන තත්වයක් පෙන්නුම් කෙරිණි. අනුරාධපුර යුගයේ පටන්ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරැඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින්ම මුල් බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස් ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසාය.

    මේවා අතර පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් වන වෙසක් උත්සවය ශ්‍රී ලාංකේය බෞද්ධයනට අන් හැම උත්සවයකටම වඩා වැදගත්ය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය , බුදුවීම හා පිරිනිවීම යන අවස්ථාත්‍රය සිහිකිරීම් වස් මැයි මාසයේදි මෙම වෙසක් උත්සවය පැවැත්වෙයි. වෙසක් මගුල අතිපුරාණ බෞද්ධ උත්සවයක් බවත්, ආදි කාලයේ පටන් ඉන්දියාවෙහි පවා පැවැත්වුණ බවත්, චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවලින් හෙළි වෙයි.

    පුරාතන ශ්‍රී ලංකාවේ පැවැති වෙසක් උත්සවයක් පිළිබඳ ප්‍රථම වාර්තාව මහාවංසයෙහි හමුවන්නේ දුටුගැමුණු (ක්‍රි.පූ. 101 –77) රාජ්‍ය සමයේ දීය. දුටුගැමුණු රජු වෙසක් උත්සව විසි හතක් පැවැත්වූ බව එහි කියැවෙයි. ඓතිහාසික ලිඛිත වාර්තා නොමැති වුවද වෙසක් උත්සවය එයට කලින්ද පැවැත්වුණු බව විශ්වාස කළ හැකිය. දේවානම්පියතිස්ස රජු වෙසක් උත්සවය සිදු කරන්නට ඇතැයි, පිළිගත හැකිය. එබැවින් බෞද්ධ ලංකාවේ වීරයා වූ දුටුගැමුණු රජු වෙසක් උත්සවය යළි පිහිටුවා පෙරටත් වඩා විචිත්‍ර අන්දමින් පැවැත්වූ බව සිතීම යුක්ති සහගතය. දුටුගැමුණු රජුගෙන් පසු තවත් බොහෝ රජවරු වෙසක් උත්සවය අඛණ්ඩව පැවැත්වූහ. භාතිය රජු (ක්‍රි.ව. 38 – 67) වෙසක් උත්සව විසි අටක් සිදු කෙළේය. බුද්ධ රූපය තනා රථයක තැන්පත් කොට වීථී සංචාරය කරමින් පැවැත්වු මෙම උත්සවයේ දී දුගී මගී යාචකාදීන්ට කෑම් බීම් දීමේ සිරිත ද පැවතිණි. වසභ රජු ද (ක්‍රි.ව. 127 – 17) ඔටුනු පලන් වර්ෂයේ පටන්ම පිළිවෙළින් වෙසක් උත්සව විසි හතරක් කරවීය. වෝහාරතිස්ස රජු ද (ක්‍රි.ව. 269- 291) වෙසක් උත්සවය සිදුකොට ලක්දිව සියලු භික්ෂූන්ට තුන් සිවුරු පිදීය. එමතු නොව ගෝඨාභය රජුද (ක්‍රි.ව. 323 – 333) ජෙට්ඨතිස්ස රජුද (ක්‍රි.ව. 611- 617) දල්ල මොග්ගල්ලාන රජු ද (ක්‍රි.ව. 851 –885) 2 වන සේන රජු ද, රටවාසීන් හා එක්ව මහත් හරසරින් වෙසක් උත්සවය පැවැත්වූ බව සඳහන්ව තිබේ.

    වෙසක් උත්සවය රාජානුග්‍රහය මත වර්ෂයක් පාසාම අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම කෙරෙහි පූර්වෝක්ත රජවරුන් උත්සාහ ගෙන ඇත. මේ අනුව රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් විශාල ප්‍රමාණයක්ද වෙසක් උත්සවය සඳහා වෙන් කෙරිණ. රාජ්‍ය චාරිත්‍රයක් ලෙස සෑම රජ කෙනෙකුගේම අනිවාර්ය ධර්මතාවක් වූ මෙය පොළොන්නරු යුගය වන විට තව තවත් දියුණුවට පත්විය. දඹදෙණි යුගයේ පැවැති ඉතා චමත්කාරජනක වෙසක් උත්සවයක් පිළිබඳ වාර්තාවක් “පූජාවලිය” තුළින් හමුවෙයි. ඒ මෙසේය. “එ දවස් මේඝරාජයාණන් හස්තිරූප ව්‍යාජයෙන් බුදු මඟුලට බැස මිහි මඩලෙහි ඇවිදිනා සේ ඒ ඒ දිග්හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හස්තිරූප පංක්තීන් හා පූජා ලෝලීන් දිවූ සමුද්‍ර රාජයාගේ මහ රළ පෙළසේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්වරූප පංක්තීන් හා බුදුන්ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර සරසා සහස් සුවහස් ගණන් සංඝයා හා මුළු ලක්දිව සියලු මනුෂ්‍ය සේනා රැස්කොට වෙහෙර සිසාරා ගවු ගවු මානයෙහි පූජා පෙළහරින් මිටගත් මනුෂ්‍ය සේනාවම අතුරු නොදී සිටිනාසේ නියෝග කොට.....”

    මෙම වෙසක් උත්සවය සිදු කරනුයේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව.1250- 1285) මූලිකත්වයෙනි. ඒ තුළින් වෙසක් උත්සවයක තිබිය යුතු සියලුම අංගෝපාංග ප්‍රකාශ වෙයි. එබැවින් මෙය පුරාතනයේ පැවැති වෙසක් උත්සවයක නියම ස්වරූපය යැයි, නියත වශයෙන්ම පැවසිය හැකිය. මෙහි “ බුදු මඟුලට බැස” යනුවෙන් සඳහන්ව ඇති බැවින් වෙසක් උත්සවය සඳහා “බුදුමඟුල” යන්න යොදා ඇති බැව් පැහැදිලිය.

    නුවර යුගයේ මෙරට පැවැති උත්සව හතරක් ගැන සඳහන් වන අතර එහි පළමුවැන්න වෙසක් උළෙල ලෙස දක්වා ඇත. තවද වෙසක් උත්සවය පැවැත්විය යුතු ආකාරය දක්වමින් සම්මත නීති මාලාවක්ද එකල පැවැති බව මහාවංසයෙන් තහවුරු වෙයි. වෙසක් උත්සවය ආරම්භ කළ යුත්තේ කෙසේද? ආරම්භ කරන්නේ කුමකින්ද? යනු එම නීති මාලාවට අන්තර්ගත වී තිබෙන්නට ඇතැයි, විශ්වාස කළ හැකිය.

    කෝට්ටේ යුගයෙහි කළ වෙසක් උත්සව ගැන කරුණු විරලය. බුද්ධ පූජා පැවැත් වූ රජවරුන් රාශියක ගැන සඳහන් වෙතත් ඒවා වෙසක් උත්සව දැයි, නිර්ණය කිරීම අපහසුය. කොළඹ යුගයේ දී ඉතා විචිත්‍ර අන්දමින් වෙසක් උත්සවය සිදු කෙරිණ. මේ තාක් ලංකාවෙහි වාර්ෂිකව වෙසක් උත්සවය සිදු කෙරෙයි. වෙසක් පොහොයදා සිද්ධස්ථාන වැඳීම සඳහා වන්දනාවේ යන සැදැහැවතුන් උදෙසා සංග්‍රහ කිරීම පිණිස යම් යම් පුද්ගලයෝ සමිති වශයෙන් සංවිධානය වී රටපුරා දන්සැල් පවත්වති. තවද මෙකල සිදුකෙරෙන වෙසක් උත්සවයන් හි දී “වෙසක් තොරණ “ හා “වෙසක් පහන් කූඩු” කෙරෙහිද ඉතා උසස් ස්ථානයක් හිමි වෙයි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    සංස්‌කෘත භාෂාවෙන් "වෛශාඛ" පාලි භාෂාවෙන් "වෙසාඛ" වී ඇති මෙම වචනය සිංහල භාෂාවට පැමිණෙන විට "වෙසක්‌" යනුවෙන් හඳුන්වනු ලැබේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධෝත්පත්තිය හා බුදුරජුන්ගේ මහා පරිනිර්වාණය සිහිකිරීම් වස්‌ මැයි මාසයේ දී පැවැත්වෙන මෙම උත්සවය පාරම්පරිකව පැවත එන රාජ්‍ය චාරිත්‍රයක්‌ බව දීපවංශයේ හා මහාවංශයේ සඳහන් වේ.

    බුද්ධකාලීන භාරතයේ මෙවන් උත්සවයක්‌ පිළිබඳ ව සඳහනක්‌ නොවුණත් බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ දෙකක්‌ ඉක්‌ම ගිය තැනේ දී මගධාධිපති ධර්මාශෝක රජතුමා විසින් වෙසක්‌ දිනය නිමිති කරගෙන මහත් උත්සවයක්‌ සිදු කළ බව අශෝක ශිලා ලේඛනවල වන සෙල්ලිපියෙහි සඳහන් වේ. ක්‍රි. ව. 5 වන සියවසේ දී බෞද්ධ රාජධානි පිළිබඳව තොරතුරු සපයමින් පැමිණි පාහියන්ගේ දේශාටන වාර්තාවල ද දැක්‌වෙන්නේ භාරතයේ අවුරුද්දක්‌ පාසා වර්ෂයේ දෙවෙනි මස අටවන දා පිළිම පෙරහැරක්‌ පවත්වා ඇති බවය. එහිදී රෝද හතරක රියක්‌ සාදා උණ ද`ඩු එකපිට එක බඳිමින් ඒ මත පස්‌ මහල් මණ්‌ඩපයක්‌ නංවා රන්, රිදී දේව පිළිම අඹා මණ්‌ඩපයෙහි සතර පැත්තෙහි තබා මැද බුදු පිළිමයක්‌ හා බුදුන්ගේ ආරක්‍ෂාවට බෝධිසත්ත්ව පිළිමයක්‌ තබා පෙරහැරක්‌ කර ඇති බවය.මෙහි සඳහන් වන්නේ වර්ෂයේ දෙවෙනි මස යනුවෙනි. ඉන්දියානු ලිත් ක්‍රමයට අනුව වර්ෂයේ දෙවෙනි මාසය යනු වෙසක්‌ මාසයයි. එබැවින් නමක්‌ සඳහන් නොකළත් පාහියන් සඳහන් කරන්නේ වෙසක්‌ උළෙලක්‌ විය හැකිය.

    ලක්‌දිවට බුදුදහම රැගෙන ඒමෙන් පසුව මෙබඳු උත්සවයක්‌ පැවැත්වීම පිළිබඳ ව ප්‍රථම වරට හමුවන්නේ දුටුගැමුණු (ක්‍රි. පූ. 101-77) රජතුමාගේ කාලයේ දීය. එතුමා විසින් ඔහුගේ සෑම රාජ්‍ය කාලයක්‌ තුළදීම වෙසක්‌ උත්සව 24ක්‌ පැවැත් වූ බව සඳහන් වේ. එහෙත් මීට පෙරද බුදුදහම ලක්‌දිවට රැගෙන ආ අවස්‌ථාවේ පටන් වෙසක්‌ උත්සව පවත්වන්නට ඇති බව සිතිය හැකිය. ඇතැම්විට එළාර රජුගේ කාලයේදී නැති වී ගිය වෙසක්‌ උත්සවය දුටුගැමුණු රජතුමා විසින් නැවත ආරම්භ කොට විසිතුරු අන්දමින් පැවැත්වූවා විය හැකිය. මින් පසු ලක්‌දිව රාජ්‍ය කළ බොහෝ රජවරු තමන්ගේ රාජ්‍ය කාලය තුළදී මේ උත්සවය නොකඩවා පවත්වා ඇත. ඒ අතරින් භාතිකාභය රජු (ක්‍රි. ව. 38-66) වෙසක්‌ මංගල්‍ය 28 ක්‌ ද, වසභ රජු (ක්‍රි. ව. 127-171) 44 ක්‌ ද පවත්වා ඇත. වොහාරකතිස්‌ස රජුගේ කාලයේ (ක්‍රි. ව. 269-291) එකල පැවති වෛතුල්‍යවාදය ද මර්දනය කොට, ජනයාට පැවති ද`ඩුවම් ක්‍රම ද නැති කොට වෙසක්‌ උත්සවයක්‌ පැවැත් වූ බව කියවේ. මොහුගෙන් පසු සිටි සිරිස`ගබෝ රජුගේ කාලයේ (ක්‍රි. 307-309) හැරුණුවිට අවුරුදු 40 ක්‌ පමණ කාලය දුර්භාග්‍ය කාලයක්‌ විය. ඊට හේතු වූයේ වෛතුල්‍යවාදය නැවතත් ලක්‌දිව ඇතිs වූ නිසාය. සිරිස`ගබෝ රජු පමණක්‌ ආදර්ශවත් සිල්වත් බෞද්ධ ජීවිතයක්‌ ගතකළ අතර වෙසක්‌ පූජා වැනි ජනප්‍රිය උත්සව පැවැත්වීම සිදු කොට ඇත. ජෙට්‌ඨතිස්‌ස රජුගේ කාලයේ (ක්‍රි. ව. 323-333) නැවතත් මහා පරිමාණයේ වෙසක්‌ මංගල්‍යයක්‌ පවත්වා ඇත. එතුමා භික්‍ෂූන් තිස්‌ දහසක්‌ පමණ දෙනාට සිවුරු පිරිකර මෙන් ම විහාර ප්‍රාසාද ද කරවා පූජා කර ඇත. එය මේ කාලයේ වෙසක්‌ මංගල්‍යයක අනිවාර්ය අංගයක්‌ බවට ද පත්කොට ඇත. මින්පසු රජකළ බොහෝ රජවරුන්ගේ කාලවල දී වෙසක්‌ උත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇත. ඒ අතර කුමාර ධාතුසේන (ක්‍රි. ව. 513-522), සස මුගලන් (ක්‍රි.ව. 537-56), සස අග්බෝ (ක්‍රි. ව. 601- 611), සසස මුගලන් (ක්‍රි. ව. 611- 617), යන රජවරු වැදගත් තැනක්‌ උසුලනු ලබති.

    අනුරාධපුර යුගයෙන් පසු රජකළ බොහෝ රජවරුන්ට සිදු වූයේ ශාසන ශෝධන කාර්යයෙහි නියෑලීමටය. ඒ අතර මහා විජයබාහු (ක්‍රි. ව. 1058-1114), මහා පරාක්‍රමබාහු (ක්‍රි. ව. 1153-1187), නිශ්ශංකමල්ල (ක්‍රි. ව. 1187-1196), සසස වන විජයබාහු

    (ක්‍රි. ව. 1220-1224), සසස වන පරාක්‍රමබාහු (ක්‍රි. ව. 1283-1293), කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි. ව. 1747- 1780), වැනි රජවරු ප්‍රමුඛස්‌ථානයෙහි ලා සැලකිය හැකිය. මොවුන්ගෙන් ඇතැම් රජවරුන්ගේ කාලවල දී ඇති වූ පොළොන්නරු දඹදෙණි හා කීර්ති ශ්‍රී රාජසිංහ යන කතිකාවත් දෙස බැලීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. මෙසේ ශාසන ශෝධනයන් පිළිබඳ ව විස්‌තර හමුවනවා සේම ඒ ඒ කාලවලදී පැවැත් වූ දළදා වහන්සේ උදෙසා කළ පුදපූජා හා උත්සව යනාදිය පිළිබඳ ව තොරතුරු මහාවංසයේ නොයෙක්‌ ස්‌ථානවල හෙළිදරව් කරයි.

    වෙසක්‌ පොහෝ දිනය නිල වශයෙන් පිළිගැනීමට හේතු වූ කරුණු


    කාලාන්තරයක්‌ මුළුල්ලේ පවත්වාගෙන ආ පුදසිරිත් හා උත්සව වැනි ආගමික කාර්යයන් යම් තරමකට හෝ ගිලිහී ගියේ පොළොන්නරුවේ රාජ්‍ය ගෙනගිය කාලිංග මාඝ හා ක්‍රි. ව. 1505 දී ලක්‌දිවට පැමිණි ප්‍රතිකාලුන්ගේ (පෘතුගීසීන්) ක්‍රියා කලාපයන් නිසාය. ඔවුන්ගේ පැමිණීමත් සම`ග ලක්‌දිව සිටි බොහෝ භික්‍ෂූන් වහන්සේලා තම ජීවිත ආරක්‍ෂාව පතා මෙරටින් විදෙස්‌ රටවලට යැම, වනගත වීම ආදිය සිදු වූ නිසා උන්වහන්සේලාට ආගමික කාර්යයන්හි නිරත වීමට නොහැකි වුණි. මේ හේතුව නිසාම 18 වන සියවසේ මුල් භාගය වනවිට ලක්‌දිව එකදු උපසපන් භික්‍ෂූන් වහන්සේ නමක්‌වත් සොයා ගන්නට පවා නොහැකි වුණි. පෘතුගීසීන්ගේ නික්‌ම යාමත් සමග ලන්දේසීන්ගේ ආගමනය සිදු වූ අතර ඔවුන්ගේ කාලයේ දී ද ආගමික අතින් දියුණුවක්‌ දක්‌නට නොලැබුණි. මෙම තත්ත්වයෙන් රට ගොඩ නැංවීම සඳහා ජාතියේ පිනට පහළ වූ බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන් නොවන්නට වර්තමානයේ පවා එකදු උපසපන් භික්‍ෂූන් වහන්සේ නමක්‌වත් සොයා ගැනීමට අපහසු වනු ඇත. උන්වහන්සේ ඇති කළ ශාසන පුනරුදය සිංහල රාජ්‍යයේ අවසානය දක්‌වා ම පැතිර තිබුණේය. මෙහිදී ලක්‌දිව උඩ පහත භේදයකින් තොරව සියලුම භික්‍ෂූන් වහන්සේලා අනුක්‍රමයෙන් වැඩි වන්නට විය.

    1815 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු අල්වා ගැනීමෙන් පසු මෙරට සම්පූර්ණයෙන් ම රාජ්‍ය බලය ගිලිහී යටත් විජිතයක්‌ බවට පත්විය. ඉන්පසු ලක්‌දිව රාජ්‍ය ගෙනගියේ ඉංග්‍රීසීන් විසිනි. එංගලන්තයේ මහ රැජින එහි ආධිපත්‍යය ඉසිලු අතර ලක්‌දිව පාලන බලය ගෙනගියේ ආණ්‌ඩුකාරවරුන් ය. ඒ අනුව ලක්‌දිවට නිදහස ලැබෙන තෙක්‌ ආණ්‌ඩුකාරවරු 27 දෙනෙක්‌ යටතේ ලංකාණ්‌ඩුව පාලනය විය. එහි මධ්‍යස්‌ථානය කොළඹ වූයෙන් එය සෙංකඩගල රාජධානියෙන් පසු ලක්‌දිව අගනුවර විය. මේ කාල වකවානුව තුළ ලක්‌දිව බුදු සසුනේ යම් පරිහානියක්‌ දක්‌නට ලැබුණි. 1815 ඇතිකරගත් උඩරට ගිවිසුමේ එක්‌ වගන්තියක්‌ වූයේ බුද්ධාගම ආරක්‍ෂා කිරීමය. මෙයින් පෙනෙන්නේ බුද්ධාගම රැකීම පාරම්පරික උරුමයක්‌ හැටියට මේ රටේ පාලනයෙහි පැවති බවයි. එය ඉටු කිරීමට පිළිගත් ඉංග්‍රීසීහු පාලනය භාරගෙන අවුරුදු කිහිපයක්‌ ගිවිසුම කඩ නොකොට ඉදිරියට ගෙනගිය නමුත් සිංහල රාජ්‍යයෙන් භික්‍ෂූන්ට ලැබුණු වරප්‍රසාද මෙන් ම භික්‍ෂූන්ගේ අනුශාසනා පිළිගැනීමට ඉංග්‍රීසි පාලකයෝ සැලකිලිමත් නොවූහ. ඊට හේතු වූයේ එම පාලකයන්ගේ ආගම බුද්ධාගම නොවීම නිසාය. එසේම මොවුන්ට අනුශාසනා දීමෙහි යෙදී සිටියේ පූජක පිරිසක්‌ය. ඔවුහු ලංකාවේ එතෙක්‌ පැවති අධ්‍යාපන ක්‍රමවේදය තමන් යටතට පත්කරගෙන ආණ්‌ඩුවේ සෑම වරප්‍රසාදයක්‌ ම ලබමින් ක්‍රිස්‌තු සමය මෙරට ව්‍යාප්ත කිරීමට කටයුතු කළහ.

    ඒ අනුව ක්‍රිස්‌තු සමය වැළඳගත් පිරිසට පමණක්‌ සමාජයේ වැජඹෙන්නට අවස්‌ථාව උදා වූ නිසා පහතරට බොහෝ ප්‍රභූ පිරිස්‌ මෙන් ම උඩරට රදල පවුල්වල පිරිස්‌ ද ක්‍රිස්‌තු සමය වැළඳගෙන ඇත.

    ඇතැම්විට ආත්මාර්ථයට යොමු වූ ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේලා පවා බවුතීස්‌ම ලැබ ක්‍රිස්‌තු භක්‌තිකයන් වූ සැටි සඳහන් වී තිබේ. මෙම තත්ත්වය ලක්‌දිව ඇති වූ පසු 1850 වන විට මුළු රටේ ම පාලනය සියතට ගෙන ක්‍රියා කිරීමට ක්‍රිස්‌තියානි පූජකවරුන්ට අවස්‌ථාව සැලසුණී.

    යට කී ක්‍රමවේදය කාලාන්තරයක්‌ පුරා පැවතෙමින් ආ අතර බොදු සමය රැක ගැනීමෙහි ශක්‌තිය ලත් භික්‍ෂුවරු කිහිප නමක්‌ ම සිය කටයුතු නොපිරිහෙළා ඉටු කරගෙන ගියහ. ඒ අතරින් ගාල්ලේ මේධංකර, ඉඳුරුවේ සුමංගල හා වලානේ ශ්‍රී සිද්ධාර්ථ යන ස්‌වාමිවරු ප්‍රමුඛස්‌ථානයෙහි ලා සැලකිය හැකිය. ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ක්‍රි. ව. 1864 න් පසුව මෙම ක්‍රමය වෙනස්‌ මගකට ගමන් ගත්තේය. එතෙක්‌ ලක්‌දිව ක්‍රිස්‌තියානි පූජකවරුන් විසින් සිදු කරගෙන ආ ක්‍රමවේදයට අභියෝග කරමින් වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රධානත්වය ගෙන ක්‍රිස්‌තියානි බලවේගවලින් පැමිණුනු තර්ක බිඳ හෙළමින් 1864

    බද්දේගමදීත්, 1866 දී උදම්මිටදීත්, 1871 දී ගම්පොළදීත්, 1873 දී පානදුරේදීත් ප්‍රධානත්වය ගෙන වාද කරන ලදී. (1899 දී මොහෝට්‌ටිවත්තේ ජනානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඔරුගොඩවත්තේ දී ද වාදයක්‌ පැවැත්වුණි.
    මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ වාදවලින් ජයග්‍රහණය කළ නිසා පිරිහී, දීන වී සිටි සිංහල බෞද්ධයන් තුළ මහා පිබිදීමක්‌ ඇති විය. යුගයේ මහා වීරයන් වූ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුවක්‌ සාදා රටපුරා රැගෙන යමින් උත්සව ද පවත්වන්නට විය. මුන්වහන්සේගේ වාද ඉංග්‍රීසි භාෂාවට ද පරිවර්තනය වූ බැවින් ඒවා කියවා එම වාදවල ස්‌වභාවයත් මුන්වහන්සේ හමුවීමේ පරම අභිලාශයත් පෙරදැරිව සිටි සෙන්පති හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමාගේ පැමිණීම ද සිදුවූයේ මේ කාලවකවානුවේ දීය.
    ඊට පෙර ඔහු ලංකාවේ නොදුටු මිතුරන් සමග ලිපි හුවමාරු කරගෙන ලංකාව ගැනත් බුදුදහම ගැනත් හොඳ අවබෝධයක්‌ ඇතිව සිටි කෙනෙකි.

    වෙසක්‌ පොහෝ දිනය නිල වශයෙන් පිළිගැනීම

    සෙන්පති හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා හා එම මැතිනිය 1880 දී ලක්‌දිවට පැමිණ නොයෙක්‌ ස්‌ථානයන්හි දේශන පවත්වමින් සිංහල බෞද්ධයාගේ සිත් දිනා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව 1880 ජූනි 8 වෙනි දින මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙණේ දී "පරම විඥානාර්ථ" සමාගම පිහිටුවා ගිහි පැවිදි දෙපිරිස ම එකතු කිරීමේ මහා ව්‍යාපාරයක්‌ ආරම්භ කර ඇත.

    මේ අතරතුර 1883 දී කොටහේනේ පල්ලිය ඉදිරිපිට මහා ෙදවාචකයක්‌ ඇති විය. කොටහේන විහාරයේ පැවති නේත්‍රා පිංකමක්‌ සඳහා පැමිණි බෞද්ධ පෙරහැරට කතෝලිකයන් විසින් පහර දී මිනීමැරීම්, ලේ වැගිරීම් සිදු කොට බෞද්ධයන්ට මහත් හිරිහැර කර තිබේ. ඒ සම්බන්ධයෙන් නඩුවක්‌ ගොනුකළ අතර නඩු වාර්තාවේ තීන්දුව වූයේ ද බෞද්ධයන්ට අවාසි සහගතවය. එපමණක්‌ නොව මෙතෙක්‌ කල් පවත්වාගෙන ආ පෙරහැර, උත්සව ආදි සියල්ල සිදු කිරීම බෞද්ධයන්ට තහනම් විය. එහෙත් ඕල්කට්‌තුමාගේ බුද්ධි මහිමයෙන් බෞද්ධ අයිතීන් දිනා ගැනීමට මෙය මහ`ගු අවස්‌ථාවක්‌ කරගත්තේය.

    මේ අසාධාරණයට එරෙහිව නැගී සිටි බෞද්ධ නායකයෝ එංගලන්තයේ මහ රැජිනට මෙම පුවත සැළ කළහ. ඒ සඳහා දූතයෙකු වශයෙන් ක්‍රියා කර ඇත්තේ ඕල්කට්‌තුමාය. යටත් විජිත භාර ලේකම් ධුරය හෙබ වූ "ඩර්බි" සාමිවරයාට සන්දේශයක්‌ මගින් කරුණු දැන්වීමෙන් පසු එය සාර්ථක විය. ඒ අනුව බෞද්ධ පෙරහැර ආදිය පැවැත්වීමේ තහනම ඉවත් කොට 1815 දී ඇතිකරගත් ගිවිසුම් ප්‍රකාරව විහාර දේවාල අයිතිය හා තේවා භාරය බෞද්ධයන්ටම පවරා, වෙසක්‌ පොහොය දිනය ද නිවාඩු දිනයක්‌ වශයෙන් පත් කරන ලෙස දන්වා අවශ්‍ය නියෝග ඔහු විසින් ලංකාවේ ආණ්‌ඩුකාරවරයා වෙත එවන ලදි. ඒ අනුව එම සන්දේශය නැවත රැගෙන පැමිණි ඕල්කට්‌තුමා එවකට ලංකාණ්‌ඩුව පාලනය කළ "හැමිල්ටන් ගෝර්ඩ්න්" ආණ්‌ඩුකාරවරයාට දීමෙන් පසු 1885 මැයි 25 වෙනිදා වෙසක්‌ දිනය රජයේ නිවාඩු දිනයක්‌ වශයෙන් ප්‍රසිද්ධියට පත් කරන ලදී. මෙය ලක්‌ ඉතිහාසයේ වෙසක්‌ පොහොය නිවාඩු දිනයක්‌ වශයෙන් පත් කළ ප්‍රථම අවස්‌ථාව විය. මින්පසු ඕල්කට්‌තුමාගේ ද අනුමැතිය ඇතිව හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රමුඛ දස දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්‌ මගින් ෂඩ් වර්ණයෙන් සමන්විත "බෞද්ධ කොඩිය" මුල්වරට භාවිතා කර ඇත්තේ ද 1885 වෙසක්‌ පුන් පොහෝ දිනයේ දී ය.

    මින් පසු ඇති වූ වෙසක්‌ උත්සව මහත් සාඩම්බරයෙන් පවත්වන්නට ලක්‌දිව බෞද්ධ ජනතාව උත්සුක වූහ. ඒ අනුව සිංහල නාට්‍ය කලා ඉතිහාසයේ ආරම්භකයා වූ සී. දොන් බස්‌තියන් (ක්‍රි. ව. 1852-1921) මහතාගේ කාලයේ වෙසක්‌ උත්සවයට නව අංගෝපාංගයන්ද ඇතුළත් කරන්නට විය. මොහු කුඩා දරුවන් කෙරෙහි මහත් ලෙන්ගතුකමකින් ජීවත් වූ කෙනෙකු විය. ඒ අනුව දරුවන් යහමග යෑවීම සඳහා වෙසක්‌ උත්සවය නිමිත්තෙන් කුඩා දරුවන් උදෙසා "ප්‍රීති ගායනා සමිති පිහිටුවීම, වෙසක්‌ භක්‌ති ගී ගායනා කරමින් සැරි සැරීම, වෙසක්‌ සැරසිලි නිවෙස්‌වල තැනීම" ආදිය සිදු කොට ඇත. දේව රූපවල ඇඳුම්වලට සමාන ඇඳුම් ලා ගත් ළමා ළපටියන් බුදු ගුණ ගායනා කරමින් මෙසේ වීදි සංචාරය කරන අවස්‌ථාවේ එම දර්ශනය නැරඹීමට

    පැමිණි ජනයාගෙන් පිටකොටුව අතුරු සිදුරු නැති විය. ඒ අනුව වෙසක්‌ දිනයේ ගෙවල් සැරසිලි කිරීම්, භක්‌ති ගීත ගායනා කිරීම් ආදිය සිදු වූයේ මෙතැන් සිට යෑයි කියනු ලැබේ. මීට අමතරව ඕල්කට්‌තුමාගේ ද අනුග්‍රහය ඇතිව බොදු සංවිධාන ද ඇරඹියේa වෙසක්‌ දිනය නිවාඩු දිනයක්‌ ලෙස පිළිගැනීමෙන් පසු ලක්‌දිව ඇති වූ බෞද්ධ පුනරුදයත් සමග ය. අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ කරන ලද "මහා බෝධි සංගමය" එහිදී කැපී පෙනෙන බෞද්ධ සංවිධානයකි.26


    වෙසක්‌ දිනය ජාත්‍යන්තර නිවාඩුවක්‌ ලෙස පිළිගැනීම


    ඕල්කට්‌තුමාගේ මැදිහත්වීම මත හා අනගාරික ධර්මපාලතුමාගේ හා මෙරට වැඩසිටි මහ තෙරවරුන්ගේ ආදර්ශමත් සේවය පදනම් කරගෙන 20 වෙනි සියවස මුල්භාගය වනවිට බෞද්ධ පුනරුදය තව තවත් ඔප් නංවමින් කොළඹ "තරුණ බෞද්ධ සමිතිය" ඇතිවීම සිහිකළ යුත්තකි. එම සංගමය මගින් වර්තමානයේ ලක්‌දිව ඉරුදින දහම් පාසල් සේවය දියුණු කිරීමෙහි ලා ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගනී. විශේෂයෙන් වෙසක්‌ පොහෝ දිනයන්හි මෙහි පවත්වන ආගමික උත්සවයන්ද පැසසිය යුතුය. මේ ආදි පොදු සංවිධාන බිහිවීමෙන් අනතුරුව 1948 දී ලත් නිදහසත් සමග ඒ තත්ත්වය තවදුරටත් වැඩිවන්නට විය. මින්පසු ඇති වූ සියලු රාජ්‍යයන් බුදුදහම රාජ්‍ය ආගම බවට පත් කර ගත්තා පමණක්‌ නොව වෙසක්‌ උත්සව ආදි පොහෝ දිනයන්හි පවත්වන සියලුම උත්සවයන්ට රාජ්‍ය අනුග්‍රහය ද ලබා දී ඇත.

    වෙසක්‌ පොහොයේ ඇති වැදගත්කම තේරුම් ගත් එක්‌සත් ජාතීන්ගේ මහා සම්මේලනය පවා එය ජාත්‍යන්තර නිවාඩු දිනයක්‌ වශයෙන් නම් කර ඇත. වෙසක්‌ දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් රටවල් 34 ක අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව 1999 දෙසැම්බර් 13 වන දින ඒකමතිකව සම්මත කරන ලදී. මෙම යෝජනාවට සාර්ක්‌ කලාපීය රටවල් මෙන් ම බොහෝ ආසියාතික රටවල් කැමැත්ත පළකර ඇත. මීට අමතර ව ඇමරිකා එක්‌සත් ජනපදය හා රුසියාව ඇතුළු ලෝකයේ අන්‍යාගමිකයන්ගෙන් සමන්විත ජනගහනයක්‌ ඇති අපරදිග බොහෝ රටවල අනුග්‍රාහකත්වයද ඒකමතිකව පළකර සිටීම විශේෂත්වයක්‌ ගනී.

    ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් 1998 කොළඹ පවත්වන ලද ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ දී වෙසක්‌ දිනය ජත්‍යන්තර වශයෙන් පිළිගැනීමේ අදහස ප්‍රථම වරට සාකච්ඡා කරන ලදී. ඒ අනුව එවකට විදේශ කටයුතු ඇමතිවරයා වශයෙන් සිටි ලක්‍ෂමන් කදිරගාමර් මහතා 1999 සැප්තැම්බර් මස පැවති එක්‌සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ දී ප්‍රාරම්භක විවාද අවස්‌ථාවේ දී යෝජනාව ඉදිරිපත් කර ඇත. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මාස දෙකක්‌ ඇවෑමෙන් පැවැති ඊළ`ග සමුළුවේදී මෙම යෝජනාව සම්මත විය. එසේම එම යොජනාව සම්මත වී ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට වෙසක්‌ උත්සවය නිමිත්තෙන් කිසිදු වියදම් දැරීමක්‌ සිදු නොවන පරිදිය. ඒ අනුව 2000 වර්ෂයේ වෙසක්‌ පොහෝ දිනයේ සිට එම දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක්‌ වශයෙන් සැමරිණි.

    මෙසේ ඇති වූ වෙසක්‌ පොහෝ නිවාඩු දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා අතර ලක්‌දිව පමණක්‌ වෙසක්‌ දිනට පසු දිනය ද නිවාඩු දිනයක්‌ වශයෙන් නම් කර ඇත. එසේම වර්තමානයේ රජය මගින් වෙසක්‌ සතියක්‌ වශයෙන් නම් කරමින් විවිධ උත්සව ද පවත්වනු ලබයි. මෙහි දී වෙසක්‌ පොහොය ලබන දිනයේ ගිහි භවත්හු සීල සමාදානයන්හි නිරතව සිටිති. එසේම වෙසක්‌ සතිය තුළ දන්සල්, තොරණ, පහන් කූඩු තරග, භක්‌ති ගීත ආදිය පවත්වනු ලබයි. මේ සියල්ලෙන් ම සිදු කරනු ලබන්නේ බුදුරජුන්ගේ තෙමගුල සිහිකිරීමකි. වර්තමානයේ මෙය ව්‍යාප්ත වී බෞද්ධයන් සිටින සෑම රටක ම පාහේ මෙවැනි උත්සව පවතින බව ද දක්‌නට ලැබේ. ඒ අනුව බෞද්ධයන් වශයෙන් අප සියලු දෙනාට ම වෙසක්‌ දිනය අතිශය වැදගත් දිනයක්‌ වන බව සිහි තබාගත යුතුය.