Minecraft Play කරමු - සිංහලෙන්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    Minecraft Play කරමු - සිංහලෙන්

    ලංකාවෙ මයින්ක්රාෆ්ට් ප්ලේ කරන අය තරමක් අඩුයි මොකද . මේක ගොඩක් අයට තේරෙන්නෙ නෑ සහ දැකපු ගමන් කම්මැලි ගතියක් ඒම. ඉතින් අපි ටියුට් සෙට් එකක් සහ එකතු වෙන්න ප්ලේස් එකක් හැදුව. එලකිරි යාලුවොත් කැමතිනම් සෙට් වෙන්න


    මේ ගේම් එක බැලූ බැලමට ලෝකල් ගේම් එකක් වගේ පෙනුනට ටිකක් වෙලා ප්ලේ කරද්දි තමයි තේරෙන්නෙ ගිගා 20-30 ගේම් වලට වඩා මේක ගොදයි කියල. මොකද මේක ලෝකෙ ගොඩක් ජනප්‍රිය ගේම් එකක්. මේ ගේම් එකේ ඉවරයක් එහෙම නැත්නම් අවසාන අරමුනක් නෑ. කොහොම උනත් ගේම් එකේ ආතල් එකනම් ඉවරයක් නෑ. සිංගල් ප්ලේයර් ගහද්දි පොඩි කම්මැලි කමක් ආවට මල්ටිප්ලෙයර් ආතල් ලෝකයයි

    හරි දැන් මුල ඉදලම පටන් ගමු. මුලින්ම ගේම් එකට එන කෙනෙක් වොයිස් චැට් එක්ක එනවනම් හොදයි. මොකද එතකොට අනිත් ප්ලේයර්ස්ලට ලේසියෙන් අදුන ගන්න පුලුවන්. එක්ට TeamSpeak 3 ඉන්ස්ටොල් කරගන්න වෙනව. මේක ඔයාට මයික් එකක් ඕන
    මේ ලින්ක් එකෙන් ගන්න (වින්ඩෝස් 32 බිට් හරි 64 හරි ගන්න)
    ඉන්ස්ටොල් කලාට පස්සෙ connections—> Connect ගිහින් server address එකට 52.74.172.151 දාලා nickname එකට තමන්ගෙ නම දාලා කනෙක්ට් දෙන්න. ඊට පස්සෙ මයින් Minecraft චැනල් එක ඩබල් ක්ලික් කරන්න. හරි දැන් ඉන්න අනිත් අයත් එක්ක තා කරන්න පුලුවන්.
    දැන් ජාවා ඉන්ස්ටෝල් කරගන්න ඕන
    (මේකෙන් windows 32 bit or 64bit දෙකෙන් හරියන එක ගන්න) අරන් ඉන්ස්ටෝල් කරගන්න
    දැන් මයින්ක්රාෆ්ට් ඉන්ස්ටෝල් කරමු, මේ ටොරන්ට් එකේන් ගේ එක ගන්න
    මයින්ක්රාෆ්ට් ඉන්ස්ටොල් කරාට පස්සෙ ඩෙස්ක් ටොප් එකට අයිකන් එකක් එයි. දැන් Nick name එකක් තෝරගන්න එයි. එතනදි කැමති නමක් දෙන්න. දැන් PLAY ක්ලික් කරන්න. (මේව කරද්දි නෙට් කනෙක්ට් කර තියෙන්න ඕන)
    දැන් ගේම් එක ලොඩ් වෙයි (පලවෙනි වතාව නම් අප්ඩේට් ටිකක් එන්න වෙලා යයි විනාඩි 5ක් වගේ)
    —————————————————–
    ගේම් එක ලොඩ් අනාට පස්සෙ Multiplayer—> Direct Connect ගිහින් සර්වර් අයිපී එකට 52.74.172.151 දාලා කනෙක්ට් දෙන්න ඊට පස්සෙ Join server ක්ලික් කරන්න
    හරි දැන් ගේම් එක ලොඩ් වෙයි. දැන් තියෙන්නෙ ප්ලේ කරන්න. W S A D වලින් යන්නෙ Space උඩ පනිනව E වලින් ඉන්වෙට්‍රි එක Q වලින් අතේ තියන එකක් බිම දානව



    මේ විඩියෝ එක බලල ගේම් එක ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි. මුලින්ම කරන්න තියෙන්නෙ ගහක් කපල ක්රාෆ්ටින් ටෙබල් එක ගන්න එක (කපද්දි ගහට මවුස් ක්ලික් කරන් ඉන්න) ඒ වගේ ගස් කෑලි ටිකක් එකතු කරගන්න. E Key එකෙන් Inventory බලන්න පුලුවන් සහ බේසික් ක්රෆ්ට් එක
    ලී කෑල්ලක් Crafting කියන එක් ක්ලික් කරල ඇදන් ගිහින් කොට 4න් එකක්ට් රයිට් ක්ලික් කරන්න. ඉතුරු ටික ඇයෙත් යට කොටුවකට ගිහින් ක්ලික් කරන්න.. දැන් Crafting එකේ අර ලීයෙන් ලී පතුරු 4ක් හැදිල තියනව. ඒ පතුරු 4 යට කොට ටිකට ඇදල දාන්න.
    දැන් ඒ පතුරු 4 අරන් අර කොටු 4 ට රයිට් ක්ලික් කරගෙන යන්න (එකකට එක ගානෙ) . දැන් ක්රාෆ්ටින් ටේබල් එක ලැබෙයි. ඒක ඇදල යටම කොටු 9න් එකකට දාන්න. ඒ කොටු 9 තමයි ඇක්ටිවු ඉන්වෙන්ට්‍රි එක. මවුස් එකේ Scroll කලාම එන්නෙ ඒ කොටු 9 තියන ඒව. දැන් Esc ප්‍රෙස් කරල ඉන්වෙන්ට්‍රි එක කොස් කරල Scroll කරල බලන්න හදපු ක්රාෆ්ටින් ටේබල් එක තියනව කියල. ඒක අරන් බිම කොහෙට හරි රයිට් ක්ලික් කරන්න. මේක කියවල අර විඩියෝ එකත් බැලවනම් පොඩි අදහසක් එයි.
    දැන් ඒ බිම තියපු ක්රාෆ්ටින් ටෙබල් එකෙන් තමයි ගේම් එකේ ගොඩක් දෙවල් හදන්න තියෙන්නෙ
    ඔය හදන වට්ටෝරු ටික මේ සයිට් එකෙන් බලාගන්න පුලුවන්.
    (ඒ හදන්න ඕන අයිටම් එක උඩ කිලික් කරන්න) ඊට පස්සෙ ඒ අයිටම් එක හදන්න Crafting Table එකට දාන්න ඕන දෙවල් වැටෙනව
    ගේම් එක රෑ උනාම එලියෙ සොම්බිල එක එක සත්තු එනව. එක නිසා පස් වලින් හරි ගුහාවක් හදාගන්න ඕන. එලිය නැත්නම් ටෝච් හදාගන්න