ලංකාවේ තියන ඇදහිලි, විශ්වාස සමහරක යම් සත්‍යතාවයක් තියනවා. නමුත්, ඒවා සමාජයට ඉදිරිපත් කරන ආකාරය මතභේදාත්මකයි.
අපි එහෙම විශ්වාසයක් හෝ ඇදහීමක් ගැන දැනගත්තාම, ඒක අවඥාවට ලක් කරන්නේ නැතුව, එයින් ලැබිය හැකි හෝ ඇතිවිය හැකි ප්‍රතිඵලය දෙස බැලිය යුතුයි.
උදාහරනෙකට කියනවානම්, සීත ගඟුලේ නාලා, පව් හෝදා ගෙන ගියේ නැතිනම් නඩේ ගුරා ට අපලයි/නරකයි කියලා කියනවා. (මම පළමුවරට සිරිපාදේ ගියේ මගේ බැචෙක් එක්ක මෙන්ඩිස් බෝතලයක් විතරක් අරගෙනයි කියන එක වෙනම කාරණයක් )
ඒ අපල කතාව අත හැරලා, සීත ගඟුලෙන් නාපුවාම ලැබෙන ප්‍රතිඵලය ගැන විතරක් හිතුවොත්, ඒක ඉතාම හොඳ විද්‍යාත්මක පසුබිමක් තියන කාරණයක්. (cold water dip benefits ගැන හොයලා බලන්න)
තුන් සරණය සජ්ඣායනා කිරීමත් වන සතුන් පලවා හැරීමට අනිවාර්යයෙන්ම උපකාරී වෙන්න ඇති.
ශ්‍රිපාදේ නැතුව වෙනත් විශ්වාස වලටත් මේ දේ අදාලයි. ගෙයක (මේ කියන්නේ පැරණි ගැමි ගෙදරක) උළුවස්ස, වහලේ මුදුන් යට ලීයට යටින් දැම්මාම, ගෘහ මූලිකයාට අපල ගෙන දෙනවා කියන එක තමයි විශ්වාසය.
ඒක ඇහුවාම බොහෝ දෙනෙක් හිනා උනාට, gable roof එකක දෙපස බිත්ති හැරුණු කොට වැඩිම බරක් දරා සිටින ridge beam එකට යටින් opening එකක් තිබීමේ අවදානම විද්‍යානුකූලයි.
මේ වගේ බොහෝ දේවල් මිත්‍යා විශ්වාස ලෙස බැහැර කලත්, ඒවායේ සුළු වශයෙන් හෝ ඇත්තක් තියනවා. ඒවා විද්‍යාත්මකව සොයා ගත්ත දේවල් නොවෙයි, පරම්පරා ගණනක් තිස්සේ අත්දැකීමෙන් ලබා ගත් දැනුමයි. ඒවා සමාජයට ඉදිරිපත් කරන්න යොදාගෙන තියන කතා වල නම් නොයෙකුත් අඩු පාඩු තියනවා.