Mireka Tower Inaugurated: මහල් 50ක දැවැන්ත කාර්යාල සංකීණයක් ජනපති අතින් විවෘත කෙරේ

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    කොළඹ නගරයට වඩාත් අද්විතීය වූ කාර්යාල පරිශ්‍රයක් ලබා දෙමින් Mireka Tower ගොඩනැගිල්ල උත්කර්ෂවත්ව විවෘත කෙරේ.

    අනාගතයේ කොළඹ කේන්ද්‍ර කරගනු ලබන වඩාත් සුවිශේෂීම කාර්යාල අවකාශය ලෙසින් ඇගයුමට පාත්‍ර වී ඇති Havelock City හි Mireka කුලුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වය ඇතිව ඔහුගේ සුරතින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.
    මෙම දැවැන්ත ගොඩනැගිල්ල වර්ග අඩි 600,000 කින් සහ මහල් 50 කින් සමන්විතය. A ශ්‍රේණිය මට්ටමට අයත් උසස් තත්ත්වයේ කාර්යාල පරිශ්‍රයක් සහිත Mireka කුලුණ, අවට නගරයේ දර්ශන පුළුල්ව පෙනෙන සේ චමත්කාරජනක නිමාවකින් යුත් පසුබිමක් නිර්මාණය කරයි. එය මේ වන විටත් කොළඹ අහස් කුසට විහිදී ගිය ගොඩනැගිලි අතරින් තවත් සුවිශේෂී වූ සංකේතාත්මක වාණිජ සංකීර්ණයක් වශයෙන් හැඳින්විය හැකිය.
    ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද Mireka කුලුණ අක්කර 18 ක් පුරා විහිදී පවතින බහුවිධ සංවර්ධන ව්‍යාපෘතියක් වන Havelock City හි ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානය ද වේ. මෙය සිංගප්පූරුවේ ෂිංග් ක්වාන් සමූහයේ නිර්මාතෘවරයා මෙන්ම, Overseas Realty (Ceylon) PLC සමාගමෙහි හිටපු සභාපතිවරයෙකුව සිටි දිවංගත ව්‍යවසායක එස්.පී ටාඕ මහතාගේ උදාර සංකල්පයක් වන 'City within a City' (නගරය තුළ නගරයක්) යන සංකල්පය යටතේ මහා පරිමාණව ඉදිකර ඇත. Havelock City බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය තුළින් ඒ මහතා ශ්‍රී ලංකාවේ අගනගරය තුළ සුවිශේෂී වූ වෙනසක් අපේක්ෂා කරමින් නගරයට ගැළපෙන හා අනන්‍ය වූ, ගෝලීය වශයෙන් වටිනාකමක් ලැබෙන නාගරීකරණයක් එක් කිරීමට කටයුතු කළේය.
    2016 වසරේ දී ටාඕ මහතා මෙරටේ කරනු ලැබූ අවසන් සංචාරයේදී, ඔහුගේ දිවියේ සියවස් සැමරුම් උත්සවයත් සමගින් Mireka කුලුණේ සමාරම්භක මහෝත්සවයේ මුල්ගල් තැබීමේ කටයුත්තට ද සහභාගී විය. 2020 වසරේ දී මෙම ගොඩනැගිල්ල මහල් 50 කින් යුත් දැවැන්ත කුළුණක් දක්වා ආකර්ෂණීයව ඉදිවිය.

    Mireka-Tower-Havelock-City-01.jpg

    Mireka-Tower-Image-Two.jpg



    - http://biz.adaderana.lk/මහල්-50ක-දැවැන්ත-කාර්යාල-සං/

    310844836_10210187864288849_1325363243517074251_n.jpg


    311199246_10210187525440378_3380096333610970174_n.jpg
    Havelock-city1.jpg


    රට පාවා දෙන බවට චෝදනා එයි… ඒත් නව ආයෝජන යාන්ත්‍රණයක් සඳහා නීති වෙනස් කරනවා….




    ආයෝජන සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් එහිදී නීති වෙනස් විය හැකි තත්ත්වයන් තුළ රට පාවා දෙන බවට විවිධ කණ්ඩායම් සටන් පාඨ ඉදිරිපත් කළ හැකි නමුත් රටට අවශ්‍ය වේගවත් ආර්ථික සංවර්ධනයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

    ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට පූර්ණ වශයෙන් කැපවී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හැව්ලොක් සිටි, මිරේකා ටවර් සාප්පූ සහ කාර්යාල සංකීරණය (Mireka Tower) විවෘත කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක් වෙමිනි.

    මහකොළඹ ආර්ථික කොමිසම විසින් ආයෝජන සඳහා හඳුන්වා දී තිබු නීති පද්ධතිය නැවත සක්‍රීය කර දැනට පවත්නා අකාර්යක්ෂම ක්‍රියාවලිය වෙනුවට වඩා ක්‍රියාශීලි නීති පද්ධතියක් හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

    “මෙම හැව්ලොක් සිටි සංකීර්ණය එස්.පී. ටාඕ මහතාට සහ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කළ කැපකිරීමට උපහාරයක් ලෙස ඉදිවූවක්. මට පළමුවෙන්ම ටාඕ මහතා හමුවුනේ 1994 වසරේ මම අගමැති ධූරයට පත්වීමෙන් පසුවයි. එවකට ඔහු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් පටන් අරගෙන තිබුණා. “

    “හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මිය යාමෙන් පසු සිරිසේන කුරේ මහතා ඔහුව මා හමුවීමට කැඳවාගෙන ආවා. ඊට පසුව ටාඕ මහත්මයා අවස්ථා කිහිපයකදී මට මුණ ගැසුණා. ඔහු පමණක් නොවෙයි ඔහුගේ දියණිය මිල්රෙඩ් ටාඕ මහත්මියත් මුණ ගැසීමට මට අවස්ථාව ලැබුණා.“

    “ඔවුන්ගේ එම කැපවීම ඉතා විශිෂ්ටයි. මොකද එල්.ටී.ටී.ඊ පහරදීම් සිදුවන විට ඔවුන් ලෝක වෙළෙද මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි කියා බොහෝ දෙනෙක් කල්පනා කළා. ඒ පිළිබඳ මම ටාඕ මහත්මයාගෙන් විමසීමක් කළ අවස්ථාවේ දිගටම ඔහු ලංකාවේ රැදී සිටින බව ප්‍රකාශ කළා. ඒ නිසා ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ ඔහු එදා තැබූ එම විශ්වාසය පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.“

    “2003 වසරේදී නැවතත් මම අගමැති ධූරයට පත්වීමෙන් පසු එස්.පී. ටාඕ මහත්මයා මට මුණ ගැසුණා. නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔහුට අවශ්‍යව තිබුණා. වැල්ලවත්ත, හැව්ලොක් ටවුමේ රෙදි මෝල පැවති ඉඩමට යාබදව එවකට අතහැර දමා තිබූ ඉඩම සම්බන්ධව අලුත් ව්‍යාපෘතියක් ඉදිරිපත් වුණා. සමහර අය කිව්වා ඇයි ඒක දෙන්නේ, කාර්මික ව්‍යාපාරයක් එතන ආරම්භ කරන්න පුළුවන්නේ කියලා. එතකොට මම කිව්වේ හැව්ලොක් ටවුම ආරම්භ වුණේ නේවාසික ප්‍රදේශයක් ලෙස, ඒ නිසා අපි මෙම ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු කරමු, මෙය හැව්ලොක් නගරයේ සංවර්ධනයේ යළි ආරම්භයක් වෙයි කියලා. “


    “මේ ප්‍රදේශය ගැන කුඩා කාලයේ සිට මම දැනගෙන සිටියා. වැල්ලවත්ත රෙදිමෝල ක්‍රියාත්මක වන කාලයත් මට මතකයි. ඒ කැප්ටන් මහතා එනම් සෝලි කැප්ටන්ගේ පියා රෙදිමෝල් භාරව සිටින කාලයේ. ඇතැම් විට අපි එතනට පැමිණ දිවා ආහාරය ගැනීමෙන් පසු එම කර්මාන්ත ශාලා බලන්න ගොස් තිබෙනවා.“

    “ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කොළඹ දකුණ මන්ත්‍රීවරයාව සිටියදී 1975 වසරේ වැල්ලවත්ත උතුර මැතිවරණ කොට්ඨාසය මට භාරගන්නා ලෙස ප්‍රකාශ කළා. ඒ වන විට මේ ස්ථානය මට හුරු පුරුදු තැනක් බවට පත්ව තිබුණා.“

    “මම රැස්වීම් ස්ථානය ලෙස භාවිතා කළේ මෙම සංකීර්ණයේ අනෙක් කෙළවරේ තිබෙන එම කර්මාන්තශාලාවේ සේවක නේවාසිකාගාර සංකීර්ණයයි. ඒ නිසා මොන දේ තිබුණත් සේවකයෝ රැක බලා ගන්නා ලෙස මම එස්.පී. ටාඕ මහත්මයාගෙන් ඉල්ලීමක් කළා. එතුමා ඒ ඉල්ලීම ඉටු කළා.“

    “මම කුඩා කළ සිට දැනගෙන සිටි ප්‍රදේශය වගේම දේශපාලනය ආරම්භයේ පළමුව නියෝජනය කළ කොට්ඨාසයත් මෙය වීම නිසා අද මම ඉතාම සතුටු වෙනවා, “

    “අනතුරුව මම බියගම ආසනය භාරගෙන එහි නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කළා. ඉන් පසුව මම කල්පනා කළා ඇයි හැව්ලොක් ටවුමත් තවත් දියුණු නොකරන්නේ කියලා. මම හිතුවා මේ සඳහා හොඳම පුද්ගලයා ටාඕ මහත්මයා බව. එම උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි අද ඔබ මේ දකින්නේ. “

    “බොහෝ දෙනෙක් මෙම කටයුත්තට දායක වුණා. රෝහිණි නානායක්කාර මහත්මිය මෙම ව්‍යාපෘතියට මුල සිටම දායක වුණා. ඒ වගේම අජිත් ජයරත්න මහත්මයා සහ තවත් බොහෝ අය මෙයට දායක වුණා. ඒ අයට මම නැවතත් ස්තූතිවන්ත වෙනවා. එස්.පී. ටාඕ මහත්මයා මෙම ස්ථානයේ නොමැතිවීම පිළිබඳ මම කණගාටු වෙනවා. ඔහු වසර 105 ක් ජිවත්ව සිට අප අතරින් සමු ගත්තා. මෙය ඔහුට උපහාරයක් විය යුතුයි.“

    “මෙම ව්‍යාපෘතිය දියත් කළ සමාගමෙන් මම තවත් ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා. එය මිල්රේඩ් ආයෝජනයක් විය යුතුයි. මොකද මේක ඔබගේ ආයෝජනයක් නොවෙයි. මෙය එස්.පී. ටාඕ මහත්මයාගේ ආයෝජනයක්. ඒ නිසා දැන් අපි මිල්රෙඩ්ගේ ආයෝජනයක් සිදු කළ යුතුයි. “

    “විදේශ ණය වෙනුවට අපි විදේශීය ආයෝජන පිළිබඳ අවධානයක් යොමු කළ යුතුයි. අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා විදේශීය ආයෝජන ඉහළ නැංවිය යුතුයි. විදේශීය ආයෝජන වැඩි කිරීමට නම් ජාත්‍යන්තර වෙත අවධානය යොමු කරන ආර්ථික ක්‍රමයක් පැවතිය යුතුයි. දේශීයව අවධානය යොමු කරන ආර්ථිකයකින් පමණක් සෑහීමකට පත්විය නොහැකියි. දැන් ආර්ථික ස්ථායිතා ක්‍රියාවලිය සිදු වෙනවා. අපි මේ වන විට ජපානය, චීනය, ඉන්දියාව වැනි ණය දෙන රටවල් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා.“

    “නැවතත් ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳ අප සොයා බලමින් සිටිනවා. ආයෝජනය සම්බන්ධයෙන් සංකීර්ණ රාජ්‍ය ආයතන ගණනාවක් තිබීම අපට තිබෙන ප්‍රධාන ගැටලුවක් බව කිවයුතුයි. “

    “ආයෝජන මණ්ඩලය, සංචාරක මණ්ඩලය, පෝට් සිටි වැනි ආයතනවලින් ආයෝජන සිදු කළ යුතු වෙනවා. වසර දහයකට පමණ පසුවයි මෙම ආයෝජන සිදු කිරීමට හැකියාව තිබෙන්නේ. “

    “1977දී මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කළා. එම කොමිසම මගින් ඉතා කාර්යක්ෂමව තීරණ ගනු ලැබුවා. ඒ අනුව වසර දහයක් ඇතුළත කටුනායක, බිගයම, කොග්ගල සහ සීතාවක ආයෝජන කලාප හතරක වැඩ නිම කිරීමට අපිට හැකියාව ලැබුණා.

    “ හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහත්මයට අවශ්‍ය වුණා නුවර ආයෝජන කලාපයක් ආරම්භ කරන්න. ඉන් පසුව කිසිදු ආයෝජන කලාපයක් මෙරට බිහි වුණේ නැහැ, සම්පූර්ණ යාන්ත්‍රණය කඩා වැටුණා. “

    “සංචාරක මණ්ඩලය දෙස බලන විට සියලු දෙනා විවිධ වැඩසටහන්, ප්‍රදර්ශන සඳහා සහභාගී වෙනවා. එයින් සියලුදෙනා හොඳ නිවාඩුවක් ගත කරනවා. මේවා ගැන අවධානය යොමු කරලා අපි පළමුවෙන්ම කළේ කමිටුවක් පත් කිරීමයි. මෙමගින් ආයෝජන සඳහා සම්පූර්ණ ආකෘතිය හා බලාධිකාරිය සකස් කෙරෙනවා. ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව එකට සම්බන්ධ කර ආයෝජන සඳහා වන එක් ආයතනයක් ලෙස කටයුතු කිරීම මෙමඟින් සිදු වෙනවා. “

    “කටුනායක හා බියගම ආයෝජන කලාප දකුණු ආසියාවේ හොඳම ආයෝජන කලාප ලෙස ඉදිරියට යනවා. ඒවා වෙන වෙනම පවත්වාගෙන යාමට කටයුතු කරන අතරම අක්කර 1000ක ආයෝජන කලාපයක් අපි බිංගිරියේ ආරම්භ කරනවා. ඉන් අනතුරුව එය හම්බන්තොට හා ත්‍රීකුණාමලයට ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තු වෙනවා. වෙනම ආයතනයක් මඟින් එහි පරිපාලන කටයුතු සිදු කිරිමට අපි සැලසුම් කර තිබෙනවා. “

    “මෙම වැඩසටහන් කාර්යක්ෂම කළ හැකි අයුරින් නීති සකස් විය යුතුයි. මහ කොළඹ ආර්ථික කොමිසමට අනුව නීති සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ආයෝජනයක් ලැබුණු පසු ඒ පිළිබඳ සලකා බලා තීන්දු තීරණ ගැනීමට මෙම ආයතනයට සති දෙකක් හිමි වෙනවා. එය තමයි තිබෙන එකම විසඳුම. මානව සම්පත්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම, යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සොයා බැලීම ඉන් අනතුරුව සිදු කළයුතුයි. මෙවන් වැඩපිළිවෙළක් තිබෙනවා නම් වසර හතළිහක බදු නිදහස ලබා දෙන්න අවශ්‍ය නැහැ. “

    “ආයෝජන කඩිනමින් සිදු කළ හැකි අයුරින් ක්‍රියාශීලී කාර්යංශයක් හා යටිතල පහසුකම් සැපයීම සිදු කළ යුතුයි. ඒ අනුව අපි මෙම ආයෝජන කලාප පිළිබඳ අවධානය යොමු කරනවා. “

    ....

    WhatsApp-Image-2022-10-20-at-17.49.01.jpg

    More
    - https://lankasara.com/si/පුවත්/රට-පාවා-දෙන-බවට-චෝදනා-එයි-ඒ/
     
    • Like
    Reactions: Chimpanzee Putha

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113

    The Launch of Amused Group Sri Lanka Corporate Office: A Milestone in Expansion and Growth.​


    The Amused Group, a leading global software company, proudly inaugurated its state-of-the-art office complex on the 4th of July 2023. Located on level 24 of the prestigious Mireka Tower, this ultra-modern facility marks a significant milestone in the company's expansion and growth in Sri Lanka.

    image_4061d11138.jpg


    The launch event was graced by the presence of esteemed guests, including the High Commissioner of Australia, His Excellency Paul Stephens who was the guest of honor. Mr. Noah Rose, the Co-Founder and Chief Commercial Officer, Miss. Ali Hinton Chief People Officer also attended the event as the chief guests. Their presence underscored the importance of this occasion for the Amused Group and highlighted the strong ties between Australia and Sri Lanka.

    During his speech at the opening ceremony, the High Commissioner of Australia, expressed his admiration for the Amused Group's accomplishments and expressed his gratitude to the Amused Group for providing him with the opportunity to attend the launch event and congratulated the group on the inauguration of their new office in Colombo. The Ambassador acknowledged the impressive growth of the Amused Group on a global scale and emphasized the potential for growth within Sri Lanka.

    His Excellency Paul Stephens highlighted the positive transformation of Sri Lanka's economic environment, stating, "It is heartening to witness Sri Lanka emerging from past crises and establishing a more stable economic environment." The High Commissioner commended the Amused Group for recognizing this progress and choosing to expand their operations in Sri Lanka.

    While acknowledging the importance of stability, the Ambassador emphasized the need for Sri Lanka to focus on developing new sectors beyond maintaining growth. Specifically, he stressed the significance of the Information Technology (IT) sector and encouraged diversification into industries with existing strengths in exports and services. The Ambassador underlined the abundance of educated and skilled individuals in Sri Lanka, highlighting the Amused Group's recognition of this potential and their decision to launch operations in the country.

    In conclusion, His Excellency Paul Stephens expressed his gratitude to the Amused Group for their confidence in Sri Lanka and their investment in the country's future.

    His words emphasized the positive impact that the Amused Group's expansion to Sri Lanka would have on fostering bilateral relationships and creating opportunities for technological collaboration.

    image_ea272caebe.jpg


    Mr. Noah Rose, Co-Founder and Chief Commercial Officer of the Amused Group also shared his thoughts and highlighted the strategic significance of establishing the Amused Group's presence in Sri Lanka and showcased the company's commitment to leveraging local talent and expertise.

    The Amused Group Sri Lanka serves as the software arm of the organization, with additional operations in Melbourne, Australia, and the Philippines. With over 250 employees and a rapid scaling trajectory, the company has emerged as a prominent global player in the wagering, entertainment and technology industry.

    Mr. SureshTissaaratchy, the Country Manager of Amused Group Sri Lanka, spoke at the opening ceremony, emphasizing the company's dedication to nurturing local talent. Amused Sri Lanka aims to attract and develop the best individuals in the industry, contributing to the growth and advancement of the Sri Lankan software sector.

    The launch of the Amused Group Sri Lanka Corporate Office marks a significant step forward in the company's mission to expand its footprint globally. With its cutting-edge facilities and a talented workforce, the Amused Group is poised to drive innovation and deliver exceptional software solutions to clients worldwide.


    - https://www.dailymirror.lk/other/Th...Milestone-in-Expansion-and Growth-/117-263304
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Similar threads