Mission Cobra Girl

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe


    තම සුරතල් නාගයා දෙහිවල සතුන් වත්තට බාරදීමෙන් මූලික අයිතිවාසිකම් කඩවීයැයි සමාජශාලා නළඟනක වන නිරෝෂා විමලරත්න විසින් පැවැරුණු මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ මාර්තු 8 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
    නිමල් ගාමිණි අමරතුංග මහතා ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිනි.
    පොලිස්පති, නීතිපති, කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති පෙත්සමේ වග උත්තරකරුවෝය.
    නාගයා තමාට බාර දෙන්නැයි ඇය පෙත්සමෙන් ඉල්ලා සිටියි
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe

    ප්‍රභාත් 2012-10-04 19:45:28
    නයාගේ තැන මට ලැබුණා නම්....? (නි)

    හේමන්ත 2012-10-04 19:56:16
    රටකට ගිය කලක්.... (නි)
    රත්නසිරි 2012-10-04 20:51:45
    මේක නියපොත්තෙන්ම කඩන්න වෙයි. නැත්තම් ඉස්සරහට එක එක සත්තුන්ගේ ප්‍රශ්ණ ගෙනෙයි, ශ්‍රේෂ්ඨාධිකරණයට. (නි)

    ඉන්දි 2012-10-04 21:05:36
    ලබන මාර්තු වෙනකොට නයා මැරිලත් ඇති.
    නීතියේ තියෙන්නේ මාර තීරණ තමයි. (නි)

    නදී 2012-10-04 21:18:04
    පවු. දෙන්න එයාව එයාගේ නයාව. (නි)

    කුමාර 2012-10-04 21:55:29
    තව පැටියෙක් හොයා ගන්නකෝ. (නි)

    අමිල කටුනායක 2012-10-04 22:27:37
    ලෝකයේ ප්‍රථම නාග අයිතිවාසිකම් නඩුව. (නි)

    දර්ශන 2012-10-04 22:45:20
    වෙන නයෙක් හරියන්නේ නැද්ද? (නි)

    ඇරිස් 2012-10-04 23:21:11
    අපෝ! මෙච්චරකල් නිදානොගෙන ඉන්න පුලුවන්ද? (නි)

    සිල්වා 2012-10-04 23:30:51
    අනේ ඔන්න ඔය නයාව දීලා දාන්න. (නි)

    සිල්වා 2012-10-05 00:09:40
    අපේ ගෙදරත් ඉන්නවා නාග රාජයෙක්. (නි)

    සංජීව 2012-10-05 00:57:55
    නටපන් නයිහාමි... (නි)

    නිශාන්ත 2012-10-05 01:08:41
    නාගයා නැවතත් ඇයටම භාරදිය යුතුයි. (නි)

    පිටිගල 2012-10-05 02:49:44
    සුදු නංගියේ, ඔයා මිලානෝ එන්න. ඔයාට මෙහේ දුකක් නැතුව ඉන්න පුලුවන්. (නි)

    පි ඒ එන් 2012-10-05 07:41:58
    නයා නැතූව බැහැ වගේ. (නි)

    හිරන්ත 2012-10-05 07:48:48
    නිරෝෂා අපේ ගෙදරත් ඉන්නවා ... (ස)

    රිස්වාන් - සවුදි 2012-10-05 07:52:46
    නය දැන් ඉන්නේ සත්තු වත්තේ. දැන් නයාට නළගන අමතක වෙලා ඇති. (නි)

    රිස්වාන් - සවුදි 2012-10-05 08:01:10
    නිමල්, ගහක් මැරුණට පස්සෙත් නඩු යනවනේ. (නි)

    ලුම්බිණි 2012-10-05 08:18:51
    මේ දෙහිවල සත්තු වත්තට සතුන් බාර දෙන එක වැරදි දෙයක්. ඒ සතුන් නිකම් දුක් විඳලා මැරිලා යාමක් විතරයි වෙන්නේ. කාගේ තීරණද දන්නේ නැහැ මේවා. (ස)

    සංජීව 2012-10-05 08:56:21
    මාත් ඇතිකරනවා නයෙක් (ස)

    සරත් 2012-10-05 09:16:04
    නයින්ට විතරද කැමති පිඹුරොන්ට කැමති නෑද ? (ස)

    ගී ශ්‍රීයානි 2012-10-05 09:42:04
    ඇයි මේ කාන්තාවට නාග නලගන කියන්නේ ??? නම වෙනස් කිරීම ගැන පැමිණිලි කර යුතුයි (ස)

    ආනන්ද පිටබැද්දර 2012-10-05 10:15:16
    අසම්මත පෙමක මේ ලිය පැටලිල ඇත්තේ
    පෙර භවෙය්දි සැමියා දැයි දත යුත්තේ (ස)

    පනාගොඩ 2012-10-05 10:57:05
    ඇයි ඔය නයා අතහරින්නම බැරි (ස)

    රවී 2012-10-05 11:08:38
    නයා තමයි නයා... (නි)

    රියාස් 2012-10-05 11:08:38
    පින් කරපු නයෙක්. (නි)

    උදයංග 2012-10-05 12:11:49
    ඇයි ඒ නයාම ඉල්ලන්නේ (ස)

    රණා 2012-10-05 12:34:38
    මේක නම් හොද ආදර්ශයක් නෙමෙයි. (නි)

    රණා 2012-10-05 12:34:39
    මේකනම් හොඳ ආදර්ශයක් නෙමෙයි... තව ටිකකින් පිරිමින්ට හෙනහුරා ගහවිද දන්නේ නෑ (ස)

    ගාමිණී-කුවෙයිට් 2012-10-05 12:51:22
    මෙහේ ඉන්න නයිජීරියන් කෙනෙක් ගාව ඇනකොන්ඩෙක් ඉන්නවලු.........(ස)

    ධනුෂ්ක 2012-10-05 13:53:52
    කොහොමද හරි නයා සොයාගන්නේ? අපේ අධිකරණයත් නියමයි. අර ළඟදි මුහුදේ ගිලුන නැව මතකයි නේද කට්ටියට? (නි)

    සංජීව 2012-10-05 13:48:12
    මම නයෙක් දෙන්නම්. ඌව ළගින් තියාගෙන ඔයා නිදා ගන්න. (නි)

    චන්ද්‍රසිරි 2012-10-05 14:54:43
     
    Last edited: