තමුන්ගේ වෙබ් අඩවිය හැක් කරපු තරුණයාට ශිෂ්‍යත්වයකුත් දීලා,
තමුන්ට හත් පඩංගුවේ බැණ බැණ යන උන්ටත් ඇගට අතක් නොතියා රෑට කාලා හිතේ සැනසීමේ බුදියගන්න දීලා....
තමුන්ට කියලා හරි හමන් පාර්ලිමේන්තුවකුත් නැතුව අගමැතිවත් තමුන්ගේ පැත්තට නැති අස්සේ පුළුවන් විදියට රටේ වැඩ ටිකත් බලාගෙන...
ඉංග්‍රිසි වතුර වගේ බැරිවුණාට ජාත්‍යන්තර ප්‍රශ්න ටිකත් සෙට්ල් කරගෙන....
දුප්පත් මිනිහට තුන් වේල කන්න පුලුවන් ගානට බඩු මිලත් අඩු කරගෙන...
රටේ දුප්පත් පවුලක් සතියක් තිස්සේ බඩගින්නට කරවිල කෑවට ජාතියෙන් සමාව ගන්න තරම් නිහතමානීත්වයක් සහ දේශපාලන පරිණත භාවයක් තිබුණු ජනාධිපති කෙනෙකුත් අපිට හිටියා...
එහෙම ශිෂ්ඨ සම්පන්න මිනිස්සු ගෝත්‍රික සමාජයකට ඉවසා දරාගන්න බැරි හින්දා
" පඹයා , රූකඩයා , සෙවලයා " කියලා ගං හතේ කඩපිල් ගානේ බැනලා උස්සගෙන ආවා ඒ සමාජයට ගැලපෙන මිනිහෙක්...
දැන් ඌ රට පුරා ඉන්න මිනිස්සු හතර ගාතෙන් ඇදගෙන යනවා....
හිතු හිතූ තැන හිතුනු හිතුනු වෙලාවට පාටි දානවා , මගුල් නටනවා...
හිතුනු හිතුනු මිනිහට කොරෝනා කියනවා...
හික්මීමක් නැති වනවැදුණු මෘගයෙක්ව නායකයා කරගත්තු සමාජයකට ශිෂ්ඨාචාරගත වෙන්න පුලුවන්ද කල්පයක් ගෙවුනත් ....
දැන් ඉතින් ඒ මානසික ලෙඩාට මදි මදි කියන ගානේ ඌ ඉල්ලන ඉල්ලන ඒවා දිදී ඌව සනස සනසා හිටපල්ලා...
Copied FB

