පිළිකා සහ ජංගම දුරකථන සම්බන්ධය ගැන හෙළිදරව්වක්
2011 ඔක්තෝබර් 22 වෙනි සෙනසුරාදා, 09:20 Sri Lanka Mirror Editor
පසුගිය වසර 18 පුරා ජංගම දුරකථන භාවිත කළ පුද්ගලයින් 35,0000 කගේ පමණ දත්ත දායක කර ගනිමින් සිදුකල පර්යේෂණයකින් පසු, මොලේ පිළිකා සහ ජංගම දුරකථන අතර සම්බන්ධතාවක් නොමැති බව හෙළි වී තිබේ.
වසර 20ක පමණ කාලයක සිට මේ පිළිබඳ දැඩි විවාදයක් පැවතිණ.
ලොව පුරා ජංගම දුරකථන භාවිතය විශාල ලෙස ඉහළ යාම ඊට හේතුවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ නවතම පර්යේෂණ පැවැත් වු ඩෙන්මාර්ක පිළිකා අධ්‍යන ආයතනය නිගමනය කර ඇත්තේ, වෙනත් පුද්ගලයින් හා සැසදීමේදී ජංගම දුරකථන භාවිත කරන්නන්ට මොලේ පිළිකා වැළදීමේ අවදානමක් නොමැති බවයි.
Ane manda kauda atta kiyanne kiyala ?????