“මාධ්‍ය තුළ , පාර්ලිමේන්තුවේ විවාද තුළ අහගෙන හිටියා අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන විනිශ්චයකාරතුමාලට අන්තර්ජාලය, මාධ්‍ය හරහා ඇතැම් වෙලාවට කරන නොයෙකුත් අසාධාරණ , අවිනීත වූ විවේචනයන් සහ අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව. මේ වෙබ් අඩවි අද ඒ තිබෙන නිදහස ඉතාමත් වැරදි විදිහට පාවිච්චි කරනවා. අපිට දේශපාලඥයෝ විදිහට නම් මේ නින්දා , අපහාස , චරිත ඝාතන හොඳට හුරුයි. මේවා වැලැක්වීම සඳහා නීතිමය වශයෙනුත් ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගතයුතුයි”.
විවිධ වෙබ් අඩවි ඔස්සේ තමන්ට එල්ල වන මඩ ප‍්‍රචාර සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී මෙලෙස අදහස් දැක්වූවා.
“අන්තර්ජාලය තුළින් , වෙබ් අඩවි තුළින් දවසේ වැඩිපුරම මේ රටේ නින්දා අපහාස විඳින කෙනා මම තමයි ඒ වාර්තාව වෙන කාටවත් කඩන්න පුළුවන් කමක් නැහැ. මට තමයි වැඩිපුරම ඒවා හම්බවෙන්නේ. ඉතිං මමනම් කරන්නේ ඒවා බලන්නේ නැහැ. මම මගේ නෝනටත් , දරුවන්ටත් කියලා තියෙන්නේ වෙබ් සයිට් බලන්න එපා , ඕකට යන්න එපා හොඳම දේ දවසේ තියෙන වැඩ ටික කරනවා මිසක් ඕවට ගිහිල්ලා අපි මොනවටද ඒවා පස්සේ යන්නේ කියලා”.
meyata othanta enna wediyenma udaw kale kawd kiyl mathaka ne.