සල්ලි හදිස්සි වෙච්ච දුප්පත් මිනිස්සුන් රත්තරන් බඩු උගස් තියන්න ගියාම හොඳ ගානක් අතට දෙන්නෙ ඒ මිනිස්සුන්ට තියෙන ආදරේටම නෙවේ. සල්ලි ගෙවා ගන්න බැරි උනොත් අයිති කරගන්න. චීනා ඕක කරේ අපිට ආදරේටම නෙවේ. ගොඩක් අය මේකට මහින්දට බනිනවා. සමහරු මෛත්‍රී රනිල්ට බනිනවා. ඒත් ඇත්තම කතාව චීනා මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරේ ගොඩක් කාලෙකට කලින්. ඉස්සර චන්ද්‍රිකත් චීනාට ලං උනා. අපි පාට පක්ශ වලට බෙදුනට චීනා මේ කවුරු එක්ක උනත් ලස්සනට ඩීල් දාන්න දන්නවා. මේක චීනගෙ ප්‍රතිපත්තිය මිසක් අපේ ප්‍රතිපත්තියක් නෙවේ.
චීනා ගල්ල හරියට වෙන්නයි ත්‍රිකුණාමලය පැත්තට වෙන්නයි තව පොර්ට්සිටි එකක් වගේ ප්‍රොජෙක්ට් එකක් නොහැදුවොත් තමයි පුදුමෙ. කොළඹ හදපු පෝර්ට්සිටි එක මහින්ද සින්නක්කරව අක්කර ගානක් දීලා තිබ්බා. මුන් ඒක 99 අවුරුදු බදු වලට හරව ගත්තා. ඒත් චීනට ඇත්තටම ඕක 99 බද්දට වැඩක් නෑ. උන්ට ඕනේ සින්නකරව ගන්න. අපි කලබල උනාට චීනා කලබල නෑ. උන් දන්නවා කවද හරි හිර වෙන දවසක් එනවා කියලා ඒ හිර වෙච්ච දවසට බොහොම පොඩි යෝජනාවක් කරලා උබලගෙ ණය හිලව් වෙන්න කියලා පෝර්ට්සිටිය විතරක් නෙවේ ඒ එක්ක තියෙන ගොඩ බිමෙනුත් අක්කර ගානක් සින්නක්කරව අල්ල ගන්නවා. ඒ දවස වැඩි ඈතක නෑ.
චෝල චේල පාණ්ඩ්‍ය පෘතුග්‍රීසී ලන්දේසි ඉංග්‍රීසී ආක්‍රමණය කරපු විදිහට නෙවේ අපිව චීනා ආක්‍රමණය කරලා තියෙන්නෙ. ඉස්සර මිනිස්සු නම් යුද්ධ කරා කැරලි ගැහුවා. ඒත් චීනට විරුද්ධව අපිට යුද්ධ කරන්න හෝ කැරැල්ලක් ගහන්නවත් තියෙන අයිතිය මේ දේශපාළුවො අපිට නැති කරලා ඉවරයි. මොකද දෙයක් මුදලකට අරගෙන සින්නක්කර අයිතියක් තියෙන කෙනෙකුට විරුද්ධව කැරලි ගහන එකත් සාධාරණ නෑ.