Movie Recommendations | For Indian Cinephiles

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උඹල හිතන විදිහට ඉන්දියානු අර්ධද්වීපෙන්ම (හින්දි, දෙමළ, මලයාලම්, බෙංගාලි ඔක්කොම) 2000න් පස්සෙ හැදුන ජීනියස් කියල කියන්ඩ පුලුවන් චිත්‍රපටි මොනාද?

    මට නම් එකපාරටම ඔලුවට එන්නෙ Jallikattu, Aamis, Gangs of Wasseypur, Labour of Love, Kumbalangi Nights, Swades වගෙ ඒවා. අන්න ඒ වගේ යට හක්ක පොළවෙ වැදෙන තරමට ඩිරෙක්ටෝරියල් විෂන් එකක් තිබ්බ හෝ ඉන්දියානු සිනමාව ගැන අපේ තිබුන පූර්ව අගතීන් (prejudices) එහෙම්පිටින්ම කනපිට හරවන්න සමත් උන ඒව ගැන අහන්නෙ.

    හැමෝම දන්න බ්ලොක්බස්ටර්ස් ම වෙන්න අවශ්‍ය නෑ. මගෙ හම්බල් ඔපීනියන් එක නම් ඇත්ත නිර්මාණශීලිත්වයක් අපි *බොහෝවිට* දකින්නෙ independent films වලින් කියල. ඒ නිසා කවුරුත් අහලවත් නැති, සමහරවිට විචාරකයො කැමතිවෙලත් නැති හැබැයි තමන්ට තදටම පන්ච් උන චිත්‍රපටියක් තියෙනවනම් ඒත් රිප්ලයි එකක් දාන්ඩ 🙂
     
    Last edited: