Mozilla Firefox වෙබ් බ්‍රව්සරයේ ආරක්‍ෂිත දෝෂ හඳුනාගනී

isuru cs

Well-known member
  • May 6, 2012
    309
    257
    63
    LK
    ඔය අර එකපාරක් සම්පත් ATM වල බග් එකක් තියෙනව කියල ලියුම් ගහපු සන්ගමේ නේද? Firefox එකෙන් බග් ටික හොයාගෙන පැච් එකත් එව්වම මේන් බග් තියනෝ කියන ජාතියෙ වැඩ තමා උන්දල කරන්නෙ.
    sira oi ,uta nm pissu affa
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    linux vs Windos ඕන තරම් දවස් ගනන් argue කරගන්න පුලුවන් අපි දෙන්නට
    ඒ උනාට ඒක හරියන්නෙ නැති නිසා තමයි බන් කවුරුවත් move වෙන්නෙ නැත්තෙ
    හොර කොපි කියලා මහ ලොකු සීන් එකක් නැහැ, එහෙනං ඔය නීති හරියටම තියන රටවල එවුන් සේරම ලිනක්ස් යූස් කරන්න එපැයි, එහෙම වෙලත් නැහැ
    දැන් ඇත්තටම වින්ඩෝස් ලිනක්ස් කියලා ලොකු වෙනසක් නැතුව ගොඩක් වැඩ කරගන්න පුලුවන් තමයි, ගේම් උනත් ස්ටීම්ලා හදපු අර වයින් වලට වඩා හොඳ මොකද්ද මගුලක් තියනවා ඒකෙ හොඳටම වැඩ කරනවා කියලා කියනවානේ
    ඔය වාසි අවාසි කොයි තරම් කිවුවත් Windows මිනිස්සුන්ට හුරු වෙලා ඉවරයි, ඒකට දැන් කොයි තරම් දැඟලුවත් කරන්න දෙයක් නැහැ
    දැන් ලිනක්ස් වල UI එහෙම වින්ඩෝස් වලටත් වඩා ලස්සනට තියනවා නමුත් එහෙම උනා කියලත් කවුරුත් move වෙන්නෙ නැහැනේ.

    argue කරන්න තරං දෙයක් නෑ බන්. කියන්න ඕන හැම දේම මම ඔය කියලා තියෙන්නේ. වෙන කියන්න දෙයක් නෑ... Windows අංක එකට තියෙන්නේ 90's වලදීම market එක අල්ලපු නිසා. අනික බිලියන ගණන් වියදම් කරන්නේ marketing වලට. ඇයි අපි දැන් ලැප් එකක් ගන්න ගියාම Windows බලෙන් ඇඟේ ගහන්නේ ඒකට සල්ලිත් අරං? ගොඩක් laptop manufactures ලා එක්ක Microsoft ලා deals ගහලා නේ? 30 years ඉඳලා එන ලොකු user base එක නිසා software product එකක් උනත් focus කරන්නේ Windows. Linux? ගොඩක් distros community එකකින් donations වලින් run කරන්නේ.. Microsoft වගේ multi billion සමාගමක් එක්ක තරඟ කරනවා කියා හිතන්නවත් බෑ. ප්‍රසිද්ද නොවෙන්න හේතු ඕන තරම්.

    අනික නීති තියන රටවල මොනවද ඔක්කොම developed countries නේ? උන්ට $100-$200 ක් දරන්න බැරි ලොකු ගානක් නෙවේ. සාමාන්යෙන් උන් මාසෙකට බහුතරය $1500-$2500 ක් හම්බ කරනවා. දකුණු ආසියා, අප්‍රිකා, දකණු ඇමරිකා රටවල බහුතර මිනිසුන්ගේ පඩියම $200 ක් වගේ. ලෝකේ වැඩිම computer users ඉන්නෙත් ඔය ටිකේම තමා. ඉතින් හොරට දා ගන්න පුළුවන්කම තියෙද්දී පඩියම දීලා OS එකක් දායි ද...

    මිනිස්සුන්ට තියෙන්නේ Linux ගැන නොදැනුවත්කමයි දන්න උන්ට පුරුද්දක් අත ඇර ගන්න බැරිකමයි. virus වැදිලා ඔක්කොම data loss උනත් ආපහු දුවන්නේ Windows වලටමයි. Linux කියන්නේ මොකද්ද කියන එක මිට වඩා ප්‍රසිද්ද උනා නං සාමාන්‍ය users ලා, බහුතරයක් Linux වලට එනවා කියලා මම හිතනවා.





    Windows වල ඉඳලා එන අයට මම recommend කරන distro එක Linux Mint (Ubuntu based version)


    Linux කැතයි කියන අයට... මේ මගේ කලින් තිබ්බ Arch Linux + KDE Plasma. දැන් Plasma අයින් කරලා LXDE දාලා තියෙන්නේ.
    Screenshot_20200705_204308-2.png