MTFE දාපු යාලුවා!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    උබල දන්නවනේ OnmaxDT දාපු මගේ යාලුවෙක් එල්ලුනා පහුගිය කාලෙ.

    මේ MTFE දාපු එකා වෙන එකෙක්. මූ ජීවත් වෙන්නෙ හෙන අමාරුවෙන්. ජොබ් එකක් කරාට ඒ කම්පැනි එකේ වැඩ අඩුයි. ඉතින් මුන්ට් පඩි සෙට් වෙන්නෙ බේසික් එක විතරක් වගේ. ලමයි දෙන්නෙකුත් ඉන්නවා හෙන ගේමක් ගහනවා කාල බීල ඉන්නම.
    ඉතින් මූ මං ඔන්ලයින් වැඩ කරන බව දන්න නිසා මූට ඔය වගේ සීන් එකක් සෙට් උන ගමන් උස්සන් එනවා කරන්නද කියල අහන්න. සමහර දාට මන් ඉතින් පැය ගනන් කියා දෙනවා ඕකෙන් මොකක්ද වෙන්නෙ කියලා. මූ ගේන ඔක්කොම ඔය වගේ පිරමීඩ් සීන්. ඉතින් ඒක තේරුම් කරාම උගේ හිතට හරි නෑ මොකද ඌ එන්නෙ මේක ඌට අදුන්නල දෙන එකා පුරවපු හීන ගොඩජ් ඔලුවෙ තියාගෙන ඉතින් මන් ගාවට ආවම මන් කරන්නෙ ඒ හීන හැබෑ වෙන්නෙ නෑ කියල කියල දීල ඌව ඒ අහස් මාලිගාවෙන් මහ පොලොවට ගන්න එක

    කොහොන හරි ඔහොම ඇවිත් ඇවිත් කිසිම වැඩකට මන් ඔකේ එක නොදුන්න නිසා මූ ඒහෙම අහන එක නැවතුනා. පස්සෙ මගෙයි මුගෙයි තව යාලුවෙක් මට කිව්ව අන්න අරූ MTFE කරනව කියල. මට කියන්නත් එපා කිව්වලු. 😂😂😂
    මන් එදාම ඌට කෝල් කරල ඇහුව උබ දැන් MTFE කරල හෙන කෝටි පතියනෙ ලෝන් එකක් ගන්න පුලුවන්ද කියල.
    මූ එදාම ආව අපේ ගෙදර. ආවම මන් අර කතාවම ඇහුවා. ඌ කියනවා පොඩ්ඩක් හිටපන්ලු මාස දෙකක් මාස දෙකකින් ප්‍රශ්න ඔක්කොම ඉවරලු.
    යකෝ ඌ හෙන හීන ගොඩක් ඔලිවෙ තියන් ඒක කරන්නෙ. 😐😐😐
    මං ඇහුව දාන්න සල්ලි කොහෙන්ද කියල. ඌයි තව යාලුවෙකුයි ලෝන් එකක් ගහල තමයි දෙන්න එකතු වෙලා එක පැකේජ් එකක් අරන් තියෙන්නෙ. 😐😐😐

    මං එදත් ඌට කිව්වා පරන කතා ටිකම ඒත් ඌට ඒව නෙමෙයි අර හීන තමයි ශුවර්.

    කොහොම හරි මන් ආයෙත් අද කෝල් කරා උගෙන් ඇහුව මොකො MTFE තත්වෙ කියල. ඉවරයි බන්. දැන් ඒක හිතින් අත ඇරලලු. විශ්වාස කරපන් ඌ ඒත් හිතන්නෙ නෑ දාපු සල්ලි අපරාදෙ කියල ඌ කියන්නෙ අපරාදෙ බන් අපි දාන්න පරක්කු උනාලු. මීට කලින් දැම්ම නම් ගොඩලු. 😭😭😭😭 ඉතින් මේ වගේ උන්ට තමයි අපි යතාර්තය කියාදෙන්න යන්නෙ. මංංංඊට පස්සෙ බැන්නා උබලට කියල වැඩක් නෑ කියල. ඊට පස්සෙ ඌ මට බනිනවා. උබල අපිට සල්ලි හොයන විදියක් කියාදෙන්නෙ නෑනෙ කියල.
    මං කිව්ව ඔය ලේසි සල්ලි හොයන විදියක් මං දන්නෙ නෑ ඔන්ලයින් උනත් මහන්සි වෙලා සල්ලි හොයන ක්‍රම මිසක් උබල හොයන සල්ලි දාල අකවුන්ට් එකට ඉබේ ලාභ වැටෙන වැඩ මන් දන්නෙ නෑ කියල. 🙄🙄🙄

    ඔය මන් දැක්ක @Heshan Daminda යා ත්‍රෙඩ් එකක දාල තිබ්බ ප්ලේන් එකක් අල්ලන සීන් එකක්ද කොහේ ඌ ඒකත් කරනවා. 🙄🙄🙄

    අනික් එක ෆෲගෝ ඒකෙත් සීන් එකක් තියෙනවා. මන් පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්නම් ඒ විස්තරේ. 😂😂😂😂
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    ඔව් ඔව්ව දාන උන් betting කරනවා pyramid, Ponzi , 25000 course ඕනි එකක් කරනවා. ඕනිම scam එකක්
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    විශ්වාශ කරපන් ලංකාවේ සමහර ගාමන්ට්ස් වල උන් නිවාඩු දාලා betting sites වල ගේම්ස් ගහනවා
    උන් පට්ට විදිහට ඇඩික්ට් වෙලා ඉන්නේ
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ඌ කියන්නෙ අපරාදෙ බන් අපි දාන්න පරක්කු උනාලු
    pyramid walin salli hoyanna puluwan muladima gema gahana ewunta.
    uu karanna aththe pyramid kiyala danagena muladi gema gahaganna wenna athi.

    samaharu dana dana invest karanawa kari kamata. ea karala thawa ewunwa ekata set karala goda yanawa

    විශ්වාශ කරපන් ලංකාවේ සමහර ගාමන්ට්ස් වල උන් නිවාඩු දාලා betting sites වල ගේම්ස් ගහනවා
    උන් පට්ට විදිහට ඇඩික්ට් වෙලා ඉන්නේ
    betting walinuth salli hoyana ewun innawa ban
    ------ Post added on Aug 18, 2023 at 5:01 PM
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    elakiri eke dakka nisa MTFE fb search kara eka parak dan mewa ads enawa horu dana
    Capture-Copy.jpg
     
    • Haha
    Reactions: Sen-lu and NaiRobi

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    උන් දන්නවා පිරමිඩ් කියලා උන්ට ඕනි මුලින් සෙට් වෙන්න.ඉස්සර ඉන්දලම පිරමිඩ් තිබුනනේ.ඕවා නොදන්න අය නෑ දැන්.කාලයක් කැම්පස් ඇවිල්ලා සල්ලි නැතුව ඉන්න කොල්ලෝ ඇල්ලුවා.පහුගිය කාලේ කොච්චර ආවද qnet,lionshare,onmaxdt,fast3cycle අනන්මන් කිය කිය.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113


    betting walinuth salli hoyana ewun innawa ban
    ------ Post added on Aug 18, 2023 at 5:01 PM

    innawa machan
    eth oka long term karan yana eka hoda deyak neme
    මට ඊයේ සෙට් උනා ඩයල් එකක්
    ඇමෙරිකාවේ ඉදලා තියෙන්නේ පට්ට සල්ලි ඒ කාලේ
    ලංකාවේ වාහන ඉඩම් කඩවල් ගොඩක් තිබිලා තියෙනවා
    අද ඒ කිසිම දෙයක් නැහැ
    මිනිහා ඒ කාලේ betting කරාලු
    පව් ඉතින්
    මම දන්නා උන් ඉන්නවා ලොරි තියන් බිස්නස් කරන හිටිය උන්
    අද ඒ මොකුත් නැහැ සුදූ ගහලම නැති වෙලා
     

    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    විශ්වාශ කරපන් ලංකාවේ සමහර ගාමන්ට්ස් වල උන් නිවාඩු දාලා betting sites වල ගේම්ස් ගහනවා
    උන් පට්ට විදිහට ඇඩික්ට් වෙලා ඉන්නේ
    :yes:
    onmaxdt, mtfe ekatath hodata ahu una salakiya yuthu pramanayak.
     
    • Like
    Reactions: R O B U S T A

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    අනික් එක ෆෲගෝ ඒකෙත් සීන් එකක් තියෙනවා. මන් පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්නම් ඒ විස්තරේ. 😂😂😂😂
    කෙලවෙන්නනම් යන්නේ දැන්ම කියපන්. :lol: දාපු සෙට් එකක් ඉන්නවා
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේකට බහින උන් ඇබ්බැහි වෙනවා මේ සෙල්ලමට. ඒකෙන්මයි ගොඩ එන්න බලන්නෙ. පාතලෙට බැස්ස එකේ අනික් එක. ගොඩ ඒමක් නෑ. ඒකෙන්ම විනාස වෙලා යනවා.
     
    • Like
    Reactions: buddikagayan