MTFE පිරමීඩයේ ලංකාවේ ලොක්කා රටින් පැන යයි

harshasoon

Well-known member
  • Feb 4, 2007
    1,003
    1,050
    113
    Pluto
    ආන්දෝලනාත්මක MTFE SL Group සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන රන්දුනු දේවගේ ඉන්දික නිරංජන් ජයවංශ නැමැත්තා අද(11දා) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් විදෙස් ගතවී ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග තහවුරුකරයි.
    මහ බැංකුව විසින් පහුගිය දා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ පොලිස්පතිවරයා ආමන්ත්‍රණය කරමින් මෙම සමාගමේ අධ්‍යක්ෂකවරුන් විදේසගතවීමේ අවධානමක් ඇති බැවින් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ලෙස දැනුම්දී තිබුණද ඔවුන්ට එරෙහිව මෙතෙක් විදේස ගමන් තහනමක් ලබාගැනීම සඳහා අධිකරණය වෙත ප්‍රමාණවත් කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන ඇති බවට වාර්තා නොවේ.
    කෙසේවෙතත් MTFE SL Group සමාගම පිළිබඳව ශ්‍රී ලංකා මහබැංකුව විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.
    අද(11දා) අලුයම 03.10 ට EK 649 දරන ගුවන් යානයෙන් මෙම පුද්ගලයා ඩුඩායි රාජය වෙත පිටත්ව ගොස් තිබේ.
    මිට අමතරව අනෙකුත් ඉහල පෙලේ සාමාජිකයන් බොහෝ දෙකෙක් මේ මොහොත වන විටත් අතුරුදන්ව ඇති බවට වාර්තා වේ.. තැන්පතුකරුවන් ඔවුන් දුරකථන මගින් සම්බන්ද කරගැනීමට උත්සහ කලද ඔවුන්ගේ දුරකථන මේ මොහොත වන විටත් ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වන්නේ.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    WuZ09p8.jpg


    විශාල විනාශයක්.

    සමහර අය මේකෙන් පස්සේ කවදාවත් ගොඩ එන්නෙ නෑ.