මුසම්මිල්ට එරෙහිව නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
January 18, 2010 11:46 am
ශ්‍රෙෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා තමාට අල්ලසක් ලබා දුන් බවට පවසමින් තැන තැන මාධ්‍ය හමුවලට වීඩියෝ පටයක් පෙන්වමින් යන බවත් ,කළ යුත්තේ මාධ්‍යයට ඉදිරිපත් කිරීම නොව එම නඩු භාණ්ඩ කොමිසම බාරයට ගෙන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම බව ද හෙතෙම අවධාරණය කළේය. මුසම්මිල් මහතා තමාට අල්ලසක් ලබා දුන් බව දැනටමත් පිළිගෙන ඇති බැවින් ද,අල්ලස් හෝ දූෂණ චෝදනා නීතියට අනුව අල්ලස් දීම මෙන්ම අල්ලස් ගැනීමත් වරදක් හෙයින් ද මේ පිළිබඳ නිසි පරීක්ෂණයක් කළ යුතු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය. ඔහු මේ බව කියා සිටියේ අද අල්ලස් කොමිසම හමුවේ අදාල පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු දක්වමිනි.
