දෙමළ මුස්ලිම් මිනිස්සු ජාතිවාදීද?
දෙමල සහ මුස්ලිම් මිනිස්සු 85%කට වැඩිය ගෝටාබයට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා. දැනට ගෝටාබය පාක්ෂිකයෝ කියන කතාවක් තමයි මේ අය ජාතිවාදී පදනමකින් ඡන්දේ දුන්නේ කියන එක. ඇත්තටම එහෙම කියන්න බෑ මොකද මේ අයගේන් බහුතරය ඡන්දේ දීලා තියෙන්නේ සජිත් ප්‍රේමදාසට ඒ කියන්නේ සිංහල බෞද්ධයෙක්, කාලෙකට කලින් මහින්ද වගේම රට පුරා පන්සල් ගානේ ගියපු පුද්ගලයෙක්. ඒ වගේම මේ විදියට සිංහල බෞද්ධයෙක්ට ඡන්දේ දීලා තියෙන්නේ සිවාජිලිංගම් සහ හිස්බුල්ලා කියන ජාතිවාදී අපේක්ෂකයෝ දෙන්‍නෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා ඉඳිද්දී. ඇත්තටම දෙමල සහ මුස්ලිම් මිනිස්සු ජාතිවාදී නම් ඔවුන් කරන්න ඕන දෙමල නැත්නම් මුස්ලිම් ජාතිවාදී අපේක්ෂකයාට චන්දේ දෙන එක. 1982 දී කුමාර් පොන්නම්බලම් දෙමල අපේක්ෂකයෙක් විදියට ඇවිත් ඡන්ද 173,934 සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් 2.67%ක් අරගන්නවා. ඒක නිසා ඒක එහෙම වෙන්න බැහැ කියලා කියන්න හේතුවක් නැහැ.
මේ කාරනාව කිව්වහම ප්‍රතිතර්කයක් විදියට ඉදිරිපත් කරන කාරණාව තමයි දෙමල සංධානේ නැත්නම් මුස්ලිම් කොංග්‍රසය කියන ඕන එකෙකුට උන් ඡන්දේ දෙනවා කියන එක. දෙමල මිනිස්සු මුස්ලිම් මිනිස්සු කියන්නෙත් අපි වගේම මිනිස්සු. සමහර අය අපිට වැඩිය උගත් සහ බුද්ධිමත්. උන්ටත් හිතන්න, තීන්දු තීරණ ගන්න, පුළුවන්. ප්‍රධාන රූපවාහිනී නාලික දෙකක්, පත්තර කිහිපයක්, සමාජ මාධ්‍ය, කැම්පේන් කරන පුද්ගලයෝ දහස් ගණනක් පාවිච්චි කරලා, රු. බිලියන 1.5කට වැඩි මුදලක් වියදම් කරලා ගෝටාබය රාජපක්ෂට පුළුවන් වුනේ සිංහල මිනිස්සු 65%ක් තමුන්ගේ පැත්තට හරවාගන්න විතරයි. ඒත් සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය රජයේ අකාර්යක්ෂම ක්‍රියාකලාපය රාජපක්ෂ විරෝධි පිලේ කඹ ඇදීම මේ කාරණා ඔක්කොමත් තියෙද්දී. ඒක නිසා පක්ෂයක් කියන නිසා 85%ක් මිනිස්සු වෙනත් ජාතියක අපේක්ෂකයෙකුට ඡන්දේ පාවිච්චි කරනවා කියන්නේ ඇත්තටම පදනමක් තර්කයක් නෙමෙයි.
ඇයි මේ මිනිස්සු ගෝටාබයට විරුද්ධව ඡනදය පාවිච්චි කරන්නේ. මම දකින විදියට ප්‍රධාන කාරණාව, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අතුරලියේ රතන වගේ සිංහල ජාතිවාදීන් දෙමල මුස්ලිම් මිනිස්සුන්ව ජෙනරලයිස් කරලා කරන ප්‍රකාශ. ඒ වගේම ගෝටාබයගේ වේදිකාව උඩ සුළු ජාතික ඡන්ද අවශ්‍ය නැහැ කියන කතාව අහන්න ලැබුනේ එක පුද්ගලයෙකුගේ කටින් විතරක් නෙමෙයි. මේ කාරණා සියල්ල ඇරුනහම ගෝටාබයගේ කැම්පේන් එක පුරාවට විහිදිලා තිබුන ජාතිවාදී ස්වරූපය, අනිත් ජාතීන්ට වඩා තමුන් උසස් කියන මානසිකත්වය සහ ගෝටාබය ළමා වහල් සේවය සහ ලිංගික වහල්සේවයට ළමයි කෙල්ලෝ විකිණීම සම්බන්ධ චෝදනා එල්ල වෙලා තියෙන EPDP වගේ සංවිධාන වල සහාය ලබාගැනීම මේ කියන කාරණාවට ප්‍රධාන හේතුවක්. ෂාෆි නාඩගම කරපු අතුරලියේ රතන, මුස්ලිම් මිනිස්සුන්ට එරෙහිව උද්ඝෝෂණය කරපු S. විලේන්ද්‍රන්, කාත්තන්කුඩි සමූහ ඝාතනය ඇතුළු මුස්ලිම් සමූල ඝාතන ගණනාවකට සම්බන්ධ කරුණා අම්මන්, පිල්ලෙයාන් එක් කරගැනීම ගෝටාබයගෙන් මුස්ලිම් මිනිස්සු බහුතරයක් ගෝටාබයගෙන් ඈත්වෙන්න ප්‍රධාන හේතුවක්. මුස්ලිම් විරෝධය කරපින්නගෙන කැම්පේන් කරපු ඩෑන් ප්‍රියසාද් වගේ පුද්ගලයෝ ගෝටාබයගේ සහායට පෙනීසිටීමත් මුස්ලිම් ඡන්ද අර්බුධයේදී දැඩිව බලපාපු කරුණක්.
ඇත්ත කතාව ගත්තොත් මේ ජනාධිපතිවරණයේදී සජිත්ට ඡන්දේ දීම තුලින් අපි දකින්නේ මුස්ලිම් සහ දෙමල ජනතාව ප්‍රධාන ජාතියත් හා බද්ධ පක්ෂයක් සමඟ එකට එකතුවෙලා දේශපාලනයේ යෙදෙන්න කරන උත්සාහයක්. මේක අපි අගය කරන්න ඕන කාරණාවක් මිසක් ඒක ජාතිවාදය කියලා ලේබල් කරලා ඒක අධෛර්යයට පත්කරන එක කොන් කරන එක බොහොම නරක පූර්වාදර්ශයක්. විශේෂයෙන්ම දෙමල ජනතාව කියන්නේ 1956 ඉඳලාම ජාතිවාදය නිසා බැටකාපු ජනතාවක්. අපි 1956 ඉඳලා 1987 වෙකම් දෙමල මිනිස්සුන්ට 6 වතාවක් ගහලා තියෙනවා. 1956, 1958, 1977, 1981, 1983, 1987. 1987 දී තමයි මේ ප්‍රශ්නේ ඇවිලිලා ගිහින් සිවිල් යුද්ධයකට වර්ධනය වෙන්නේෙ.
සුද්දො දෙමල මුස්ලිම් මිනිස්සුන්ට තැන දුන්නා කියන්නේ උන්ට සම තැනක් දුන්නා කියන එක නෙමෙයි. සුද්දා උන්ට දුන්නෙත් දෙවැනි පන්තියේ සැළකීමම තමයි. එකම වෙනස උන් සුද්දොත් එක්ක අපිට වැඩිය කාලයක් කටයුතු කරපු නිසා අපිට වැඩිය උන් සුද්දාගේ සංස්කෘතියට, උන්ගේ ක්‍රම වලට අනුගත වෙලා තිබීම. 1560 පෘතුගීසීන් යාපනය රාජධානිය යටත් කරගත්ත තැන ඉඳලා දෙවැනි පන්තියේ පුරවැසියන් විදියට පහත්කොට සැළකීම් ලැබිච්ච ජාතියක්. අපි ඔය ප්‍රශ්නෙට මුහුන දෙන්නේ 1815න් පස්සේ. අපි මහ ජාතිය විදියට මේ කියන කාරණාව තේරුම් ගන්න ඕන.
ඇත්තටම සුළු ජාතීන්ට නෙමෙයි කාට වුනත් දේශපාලනයට සම්බන්ධවෙන්න තියෙන අයිතිය අකුල් හෙලීම, වැළැක්වීම සහ හෙළා දැකීම තුළින් වෙන්නේ ඒ පුද්ගල කණ්ඩායම් අන්තවාදය දිහාවට නැඹුරුවෙන එක මිසක් වෙන මොකුත් නෙමෙයි. 1956 දෙමල මිනිස්සු තමුන්ගේ භාෂාවෙන් පරිපාලන කටයුතු කරන්න දෙන්න කියලා කරපු සාධාරණ ඉල්ලීම පළවෙනියට බණ්ඩාරනායක, දෙවැනියට ඩඩ්ලි සේනානායක පිළ නොගත්ත එක ගියපු දුර පොඩි නෑ. අපි ඒ පුංචි මාන්නය වෙනුවෙන් කරපු කැප කිරීමත් පොඩි නෑ. 1989 ජවිපේ තහන්ම කිරීම ඇතුලේ ඇතිවෙච්ච සිදුවීමත් මීට වැඩිය වෙනස් නෑ. මේක රටකට, සමාජයකට විතරක් නෙමෙයි පවුලකටත් පොදු කාරණාවක්, ඒ යුනිට් එකේ කවුරුහරි කොන් වෙනවා කියන්නේ සමස්ථයට සම්බන්ධකරගන්න බැරිවෙනවා කියන්නේ ඒ පුද්ගලයා බොහෝ දුරට අනිත් සාමාජිකයන්ට විරුද්ධව කටයුතු කරන්න නැඹුරුවක් තියෙනවා කියන එක.
ඔවු අපිට ආපහු උන්ට විරුද්ධව යුද්ධයක් කරලා දිනන්න පුළුවන් හැබැයි පහුගිය දශක යුද්දෙන් සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු කීයක් විඳෙව්වාද? පක්ෂයක් ජයග්‍රහණය කරවන්න තව දශක ගණනාවක් ඉදිරිය ඇදෙන අපේ අනාගත පරම්පරාවට විඳවන්න වෙන අළුත් ජාතික ප්‍රශ්නයක් හදලා දෙන එකේ වටිනාකමක් තියෙනවාද?
මේ මිනිස්සු ගෝඨාබයට ඡන්දේ නොදුන්නේ සහ එතැනින් සැළකියයුතු පිරිසක් සජිත්ට දුන්නේ සජිත් හොඳ නිසාවත්, දෙමල සංධානය/මුස්ලිම් කොංග්‍රසය ඉල්ලපු නිසාවත්, නෙමෙයි මේ මිනිස්සු ගෝටාබයව ප්‍රතික්ෂේප කරන නිසා. ඒ මිනිස්සු ඇත්තටම ගෝටාබයට, ගෝටාබයත් එක්ක ඉන්න මිනිස්සුන්ට අකමැති නිසා, මේ දිගින් දිගටම ඒ මිනිස්සු ජාතිවාදීන් විදියට ලේබල් කිරීම තුළ කරන්නෙ ආපහු ඒ අකමැත්ත වර්ධනය කිරීමක් තහවුරු කිරීමක්. 2015 මහින්ද රාජපක්ෂට එරෙහිව මිනිස්සු මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දීමේ සහ මේ කියන කාරණාවේ ලොකු වෙනසක් නැහැ.
දේශපාලන අවබෝධයක් තියෙන මිනිස්සු මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයකදී මිනිස්සු මේ විදියට ධ්‍රැවීකරණය නොකරන්නේ ඒ කියන කාරණාව නිසා, එහෙම නැතිව කරන්න බැරි නිසා නෙමෙයි. ජන්දේ දිනනවා කියන්නේ දේශපාලනයේ බොහොම පුංචි කෑල්ලක් විතරයි රට පාලනය කරනවා කියන කෑල්ලට තමයි ඉතිරි ඔක්කොම අයිති. 2015 දී මැද මූලන මොඩ පහේ ගැහැණු මනුස්සයා ඇයි සර් මරලාවත් ගත්තේ නැත්තේ කියලා ඇහුවම මහින්ද උත්තරයක් නොදුන්නාට. ඇත්තටම මරලා හරි අරගෙන වැඩක් නෑ. මරලා හරි අරගෙම මේ මගුල කරන්න බෑ.
රාජ්‍ය නායකයෙක් කියන්නේ මේ රටේ ඉන්න ජාතීන් ආගම් සහ විවිධ සමාජ මට්ටම් මතවාද එක තැනකට එකතු කරන්න පුළුවන් නායකයෙක් මිසක් රටේ ඉන්න එක ජාතියක් එක ආගමක් එක මතවාදයක් නියෝජනය කරන පුද්ගලයෙක් නෙමෙයි. කොටින්ම කියනවා නම් මේ ඡන්ද ව්‍යාපාරය තුළින් බිහිකරපු ගෝටාබය රාජපක්ෂ කියන්නේ ජාතියක නායකයෙක් මිසක් ජාතික නායකයෙක් නෙමෙයි. මේ අපි ඉන්නේ බොහොම ලොකු දුරදිග යන්න පුළුවන් සමාජ අර්බුධයක ආරම්භයේ.
දැනට පේන්න තියෙන විදියට ඉදිරි මහමැතිවරණය දක්වා මේ කියන සමාජ අර්බුධය වර්ධණය කරන්නත් පවත්වාගෙන යන්නත් නියමිතයි. පොදුජන පෙරමුනේ මහ මැතිවරණයේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකත්වය රැඳී තියෙන්නේ මේ අරගෙන ගියපු මතවාදය පවත්වාගැනීම ඇතුලේම විතරයි.
මේක අපි හැමෝගෙම රට රටේ නායකයාට අපි හැමෝටම කටක් ඇරලා මේ අපේ රාජ්‍ය නායකයා කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්කම තියෙන්න ඕන. මම හිතන්නේ මේ අපි පත්කරගත්ත නායකයාට සිංහල බෞද්ධ කමියුනිටි එකේ අයට මිසක් වෙන කාටවත් මේ අපේ නායකයා කියලා කටක් ඇරලා ආඩම්බරෙන් කියන්න පුළුවන් තත්වයක නැහැ. ඒකට හේතුව මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මකවෙච්ච ආකාරයම තමයි. කොහොමහරි දැන් මරලා හරි අරගෙන තියෙනවා. දැන් කරන්නත් ඕන. සංදර්ශනේ ඇත්තටම පටන්ගත්තේ දැන්. රිහසල් එකේදිම බෙරේ පළුවත් පලලාම බෙරේ බැඳගත්තානම් තනි පළුවෙන් වන්නම ගහන්න තමා දැන් තියෙන්නේ