NARUTO.........

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    NARUTO ගැන සමහරු නම් දන්නව ඇති. සමහරු නෙමෙයි ගොඩක් දෙනා දන්නව ඇති. NARUTO කියන්නෙ ජපානේ 'ටෝකියෝ ටීවි' කියන චැනල් එකේ කොටස් වශයෙන් විකාශය වුන කාටුන් එකක්. මේකෙ කතා තේමාව වෙන්නෙ ජපානයේ එක්තරා ගමක ඉන්න බලවත් නින්ජාවරුන් පිරිසක් ගැන. කාටුන් එකක් කිවුවට මේක වයස 18 ට වැඩි අයට තමයි නිර්දේශ කරලා තියෙන්නෙ. මොකද මේකෙ කපන කොටන සීන් ගොඩක් තියෙන නිසා. මොනව වුනත් මේක ලෝකේ පුරාම ගොඩක් ජනප්‍රිය වුනා. මේ කාටුන් එක මුලින්ම චිත්‍ර කතාවක් විදිහට තමයි ඉදිරිපත් කලේ. ඒ 1999.
    naruto-1564773.jpg

    හැබැයි තාමත් චිත්‍ර කතාව ඉවර නෑ. 580 වෙනි කොටස තමයි අලුතෙන්ම නිකුත් උනේ. මේ චිත්‍ර කතාව කැමති කට්ටියට online කියවන්න පුළුවන්. සති දෙකෙන් දෙකට වගේ තමයි අලුත් කොටස් නිකුත් වෙන්නෙ. දැන් නම් කතාව ඉවර වෙන්න ගොඩක් ළඟයි. මෙන්න චිත්‍ර කතාවේ ලින්ක් එක. http://www.mangareader.net/93-1-1/naruto/chapter-1.html මන් මේ දාල තියෙන්නෙ පලවෙනි කොටසේ ලින්ක් එක. මේකෙ තව pages තියෙනව. මේ ලින්ක් එකෙන්ම ඒවත් බලන්න පුළුවන්. next කර කර බලන්න විතරයි තියෙන්නෙ. 580 වෙනකම්ම කතාව මේ ලින්ක් එකේ තියෙනව.

    tv serious එක ගැන කියනවනම් ඒක මුලින්ම පටන්ගන්නෙ 2005 දි.
    naruto-shippuden-large.jpg
    tv serious එක කොටස් දෙකකින් තමයි විකාශය වුනේ. මුල්ම කොටස naruto කියන නමින් විකාශය උනා. එකේ කොටස් 250 ක් විතර ඇතුලත් වෙලා තියෙනව. මේ මුල් කොටසේ තියෙන්නේ නරුටෝ කියන දරුවාගේ ළමා කාලය සහ ඔහු ටිකෙන්ටික බලවත් වෙන විදිහ සහ කතාවේ සම්පුර්ණ අදහස. මේ මුල් කොටස බලපු නැති කෙනෙක්ට කතාව තේරුම ගන්න බෑ. ඊට පස්සේ නරුටෝ කතා මාලාවේ දෙවෙනි කොටස naruto shippuden ලෙස නිකුත් වෙනව.
    download-desktop-naruto-shippuden-wallpapers_for_desktop.jpg

    මේ දෙවෙනි කොටසෙ ඇතුලත් වෙන්නෙ නරුටෝගේ තරුණ කාලයි. දැන් ඒ දෙවෙනි කතා මාලාවේත් කොටස් 255 ක් විකාශය වෙලා අවසන්. හැබැයි තවම කතාව ඉවර නෑ. චිත්‍ර කතාවට වැඩිය ටිකක් විතර පිටිපස්සෙන් තමයි tv serious එක තියෙන්නෙ. tv serious එක නම් හොයාගන්න ටිකක් අමාරුයි. අලුත් කොටස් නම් torrent වලින් dowanload කරගන්න පුළුවන්. සති දෙකෙන් දෙකට වගේ අලුත් කොටස් torrent එකට එකතු වෙනව. english sub title තියෙන ඒවා වගේම හඬ කවපු ඒවත් බාගන්න පුළුවන්. torrent එකේ naruto shippuden 256 කියල ටයිප් කරන්න.

    මේකෙ කතාව සම්පුර්ණයෙන් ෆැන්ටසියක්. ඒ නිසා කෙනෙක්ට මේකෙ විකාර කතාවක් වගේ පේන්න පුළුවන්. හැබැයි ලෝකේ පුරාම ගොඩක් දෙනා ආදරය කරන කාටුන් එකක්. මේකෙ චරිත වලට කැමති අය ගොඩක් ඉන්නව. පුද්ගලිකව මමත් ගොඩක් කැමති කාටුන් එකක්. මේ කාටුන් එකේ දරුණු සටන් වගේම ආදරය, දුක මේ හැම දෙයක්ම තියෙනව. ඒ විතරක් නෙමෙයි බඩ පැලෙනකම් හිනාවෙන්න පුළුවන් සීන් ඕන තරම් තියෙනව. දැන් කතාවේ අන්තිම ටික නිසා ජෝක් සීන් අඩුයි. හැබැයි කතාවේ මුල් හරිය නම් කියල වැඩක් නෑ. කියන දේවල් තේරුනේ නැති උනත් මුළු කතාව පුරාම හිනා වෙන්න පුළුවන්. මේ පහල තියෙන්නෙ මේකෙ සමහර චරිතවල photos ටිකක්.

    naruto-shippuden-wallpaper-black.jpg


    img-naruto-shippuden-wallpaper-hq22-5782


    naruto_uzamaki_wallpaper-29556.jpg


    sasuke-the-legend-uchiha-sasuke-15058109-1024-768.jpg


    gaara-naruto-shippuuden-11574461-1024-768.jpg


    1282029313_1024x768_kakashi-hatake-skin.jpg


    මෙතන ඉන්නෙ හතර දෙනයි. තව ගොඩක් කට්ටිය ඉන්නව. නෙට් එකේ හොයල බලන්න. මන් මේ thread එක දැම්මේ නරුටෝ fan'sla වෙනුවෙන්. ENJOY..........
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අපොයි දෙයියනේ...මේ මොකද්ද වෙලා තියෙන්නෙ. හිත හැදෙන්නවත් comment එකක් වත් නෑනෙ......... මේ ටික ටයිප් කරන්නම හෙන වෙලා ගියා. අයියෝ සල්ලි. :sorry::sorry::sorry::sorry:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    එල... මම දැකල තිබ්බා ඔය කාටුන් එක..:) බලලා නම් නෑ කවදාවත්... නරුටෝ ෂිප්පුඩෙන් කියන නම නම් මතක තිබ්බා..;)

    +5
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Naruto is my favorite Anime and Manga series :P :D
    btw boru kiyanna epa machan shounen jump magazine eka weekly release wenawa.So Naruto manga eka weekly issued not 2 weeks :P

    ela ela ube hitha hadennath ekka ona +6 demma :P :D :)

    Btw big Itachi fan too :P Uchiha Itachi master of mangekyo sharingan :cool:
     
    • Like
    Reactions: Appu Haami

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එල... මම දැකල තිබ්බා ඔය කාටුන් එක..:) බලලා නම් නෑ කවදාවත්... නරුටෝ ෂිප්පුඩෙන් කියන නම නම් මතක තිබ්බා..;)

    +5

    උඹ බලල නැත්නම් youtube එකෙන් හරි පොඩි ක්ලිප් එකක් බලපන්. උඹට හිනා වෙලා පන යයි. හැබැයි මාර story එක.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Naruto is my favorite Anime and Manga series :P :D
    btw boru kiyanna epa machan shounen jump magazine eka weekly release wenawa.So Naruto manga eka weekly issued not 2 weeks :P

    ela ela ube hitha hadennath ekka ona +6 demma :P :D :)

    තෑක්ස් මචන්. මන් හැම සතියකම බලනවා බන්. සතියට වැඩිය යනව වගේ මට තේරෙන්නෙ. :D:D:D:D:D:D
     
    • Like
    Reactions: conqureshadow

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    තෑක්ස් මචන්. මන් හැම සතියකම බලනවා බන්. සතියට වැඩිය යනව වගේ මට තේරෙන්නෙ. :D:D:D:D:D:D
    Japan wala weekly shounen jump eka release wenne,around Wednesday,Thursday.Apita Wednesday evening wage wenakota translation eka enawa :D
    Anime eka nam balanne episode 20-30 ekathu unama machan dan,no time.Manga eka nam weekly kiyawanawa :yes:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    meka maxxa
    mamath meka hugak kotas balala thiyenawa

    thawa me wagema japanese catoons godak thiyenawa mara lassana
    mama asama thawa ekak thamai
    dragonball
    maxxxxa cartoon eka
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Japan wala weekly shounen jump eka release wenne,around Wednesday,Thursday.Apita Wednesday evening wage wenakota translation eka enawa :D
    Anime eka nam balanne episode 20-30 ekathu unama machan dan,no time.Manga eka nam weekly kiyawanawa :yes:

    එල එල තෑන්ක්ස් මචන් දැනුවත් කලාට........... :):):)
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    අපොයි දෙයියනේ...මේ මොකද්ද වෙලා තියෙන්නෙ. හිත හැදෙන්නවත් comment එකක් වත් නෑනෙ......... මේ ටික ටයිප් කරන්නම හෙන වෙලා ගියා. අයියෝ සල්ලි. :sorry::sorry::sorry::sorry:

    ela machan..math me wenakam serama balala tiyanawa..

    One piece kiyala thawa anime series ekak tiyanawa..ekath balapan..patta..
    naruto thama mulin baluwe..e unata one piece eeta wada pattai kiyala dan hithenawa..:D