පෘතුවිය වටා කක්ෂගත වූ ප්‍රථම ඇමරිකානුවා වන ජෝන් ග්ලෙන් මහතාගේ අවසන් කටයුතු ඒ මහතා උපන් ප්‍රාන්තය වන ඔහායෝ හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව දෙසැම්බර් 16 වැනි සිකුරාදා රාත්‍රියේදී සිදුකෙරිනි.....
දෙසැම්බර් 8 වැනිදා අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 95 හැවිරිදි වියෙහි පසුවිය....
1962 වසරේ පෙබරවාරි මස 20 වැනිදා Mercury Atlas 6 නම් මර්කරි ව්‍යාපෘතියෙහි පියාසැරියට සම්බන්ධව Friendship 7 නම් යානයෙන් පෘතුවිය වටා කක්ෂ ගත වූ ඒ මහතා භූ ආසන්නය ( Perigee) කිලෝමීටර් 148ක් ද, භූ දුරකය ( Apogee ) කිලෝමීටර් 249 ක් ද ලෙස පවත්වා ගනිමින් Low Earth Orbit ( LEO ) කක්ෂ පරාසයේ කක්ෂ ගත වෙමින්, පෘතුවි කක්ෂය වටා ගුරුත්ව චලනයන් ක්‍රියාත්මක කළ පළමු ඇමරිකානුවා බවට පත්විය...
ශීතල යුද්දයේ එක් ප්‍රධාන අංශයක් වූ අභ්‍යවකාශ තරඟයේදී සෝවියට් ගගණගාමී යූරි ගගාරින් මහතාට දෙවැනි වූ නමුත්, බටහිර අර්ධ ගෝලය ලෙස හඳුනාගන්නා මිනිස් ප්‍රජාවගෙන් කක්ෂ ගත වූ පළමු මිනිසා ලෙසට ඒ මහතාගේ නම ඉතිහාසයේ නොමැකෙන අයුරින් සටහන් වූයේය...
වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වන එතුමා 1965 වසරේදී නාසා ආයතනයේ සේවයෙන් ඉවත්ව 1974 වසරේදී ඔහායෝ ප්‍රාන්තය නියෝජනය කරමින් ඇමරිකානු කොංග්‍රසය සෙනෙට් සභිකයෙකු ලෙස තරඟ කර තේරී පත් විය... එතැන් සිට වසර 25 ක කාළයක් එතුමා දේශපාලනයේ නියුතු වූ අතර, සෙනෙට් සභික ධුරය ඉසිලූ කාළ වකවානුව තුළ නාසා ආයතනයේ ගවේෂණ කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය වඩ වඩාත් ලබා ගැනීමේදී විශාල සේවාවක් සිදු කළේය...
1998 වසරේ ඔක්තෝම්බර් 20 වැනිදා, එවකට 77 හැවිරිදිව සිටි එතුමා "ඩිස්කවරි" ෂටයලයෙහි STS-95 මෙහෙයුමට එක්වෙමින් පෘතුවිය වටා කක්ෂ ගත වූ වයස්ගතම පුද්ගලයා නම් වාර්ථාවටද හිමිකම් කීවේය....

Last edited: