වසර 40ක හමුදා ජිවිතයේ දෙවරක් ජීවිතය හා මරණයත් දුටු එතුමා වසර 30ක ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම ගලවා ගත්තේ 2009 මැයි මස 19 වැනිදා උදෑසන 10:30 පමණ. එතුමාගේ වීරත්වය, රණකාමීත්වය, විශිෂ්ඨ යුද නායකත්වය හා උපක්‍රමික යුධ සැලසුම් යන සියල්ලෙනම පිරිපුන් හමුදා සෙන්පතිවරයෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වී නැහැ.
අවසන් සටන 2009 අවසන් කලත් එතුමා සිය මනසින් අවසන් සටනේ යුධ සිතියම හා සැලසුම ඇන්දේ යාපනයේ අණ දෙන්නා සිටින කාලයේදී බව පුද්ගලිකව මා සමග අවස්ථාවන් කිහිපයකදී ප්‍රකාශ කර ඇති නිසා එය වගකීමෙන් මෙහි සටහන් කිරීමට කැමතියි. එතුමා සටනකට පෙර හා සටන තුලත් මතුවන දුර්වලතා, අඩුපාඩු, අවස්ථාවන් මෙන්ම නිවැරදි කලයුතු තැන් හා මනෝ ප්‍රයෝග හා සටන්ක්‍රම ඇතුළු කරුණු සිය මනසින් ගැඹුරින් විශ්ලේෂණය කරන අපුරු යුධ නිරීක්ෂකයෙක්. යුද්දයකදී සතුරා සමීපව නිරීක්ෂණය කිරීම ඉක්මන් පහර දීමකට වඩා ඉතා වටිනා බව එතුමා ගේ දර්ශනය තුල මා දුටු විශේෂතම ලක්ෂණයක්.
පළමු ඊලාම් යුද්ධයේ සිට එක, දෙක, තුන, ඉන් පසු අවසන් සටන අවසන් කරන මොහොත දක්වාම මේ සක්‍රීය යුද ඉතිහාසයේ සටන් කේන්ද්‍රය වන්නට එතුමාට නිරායාසයෙන්ම සිදු වුනා. ඊට උදාහරණ කිහිපයක් මේ.
ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරයට ප්‍රථම මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ප්‍රතිචාර දැක්වුයේ “මෙය අවි බිම තැබීමට මෙය සුදුසු අවස්ථාවක් නොවේ නම්, අධි ආරක්‍ෂිත කලාප ඉවත් කර ගැනීමටද මෙය සුදුසු අවස්ථාවක් නොවන බවයි” එවකට යුද හමුදාවේ 5 වැනියා ලෙස සිටිමින් මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා කටයුතු කල ආකාරයයි ඒ.
ශානක ද සිල්වා Copyright © 2020


