Nawaka Wadaya

Nawaka wadaya hondada? Narakada?

  • Good

    Votes: 32 24.2%
  • Bad

    Votes: 100 75.8%

  • Total voters
    132
  • Poll closed .

pjayampathi

Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    campus gihin honda degree ekak daagena , yaaluwoo hadaagena , kellek set karagena honda job ekak hoyaa gannawa wenuwata mun jeewithee winaasa kara gannawaa.. politics nam maha jara godak...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,082
    113
    ආශ්චර්යමත් රටක
    campus gihin honda degree ekak daagena , yaaluwoo hadaagena , kellek set karagena honda job ekak hoyaa gannawa wenuwata mun jeewithee winaasa kara gannawaa.. politics nam maha jara godak...

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ane manda ban. mun politics karana widiyai hari naththe man hithana widiyata. :rolleyes::rolleyes:
    politics kiyana eka nathuwath bane.


    mama ohoma kiwwata man nam kawadawath politics walata set wenne na.:lol::lol:
    oya eka ekalata kade yanawata wada apita ape wada thiyenawa karaganna. :lol::lol:
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    kauda kauda oka narakai keyanne??????????
    mehemai oka mulinma windinakota amarui keyala hethenawa.Eth thamunuth a thathweta awama kochchara shoke da keyala hethei.Mama peligannawa amanushika widiyata nawaka wade dena eka gana.namuth nawaka wade winda api dannawa eke thiyena joliya passee.Eka nisa thamai campus jeewithe lassana wenne.RAG keyanne campus eke inna kattiya anduraganna campus eka anduraganna hondama wadak thamai.Hebei paliganeemanam RAG wala Thiyennama baaa

    Umbata hariyatama hariyana uththare "Jayampathi" deela thiyenawa.. wu newi... umbai "P" ... :lol::lol: umba Natta newi .. Paxxx kapagena thiyenne umbe seniors lata kiyala ... :lol::lol: umba kiyana widiyata eeka maara joly nei? dan umbe jeewithe lassanada?

    poddak waren mawa campus ekedi hambenna.mama colombo campus eke management 3rd year.Poddak warenko RAG gana kathakaranna.

    poddak enna? campus ekedi? suhadawa pili ganna wenna athi "Set" eka gennala.. :lol: ai umbata thaniyama muna denna "pana" nadda? poddak warenko eliyedi thaniyama katha karanna .. 3rd year kiyanne hari lokui thamai.. habai thawa awurudi 3 ewa 3k (3x3) hitiyath campus eke umbe mole paadei kiyala hithanna ba..

    mamanam hethanne campus yana un witharak meke comment kaloth hondai.Mokada gangata bahinne nathuwa gambura hoyana P**** hu****ge pu**ala inne methana keyawanna.

    umbath pena widiyata wassakatawath isskolekatawath giye nathi ekek. nathnam ochchara pahath maanasikathwayak thiyenna ba, ehema nathmam umba "anthare" honda kakulak.. moko wuntath mole kiyana eka kandulak na ne.. mata hitha ganna ba ethakota umba kaage puthek da kiyala .. :lol::lol:


    mokakda ban faculty eka... one nam help ekak denna puluwan..

    menna niyama sahodarathwaya, paraarthakaami kama, thawa kenek gana hithana aya adui .. ela machan ela...
    11.gif


    ow malli matanam me nawaka wadaya dena minissu penna ba kollo witarak neme samahara senior kelloth ehemai :frown::frown: puduma kunuharupa katawal tiyennne :frown: Kunuharupa kiyana eka weerakamak kiyala hitan inne matanam ehema minissu dakinne wena widiyakata :rolleyes:

    Mage hodama yaluwa uni gihin rag season eke godak aduwa eyata uni yanna ba bayai kiyala seniors la kunuharupen baninawa kiyala mokada eyage school eke nama kiwama ekata kapanawalu :frown: puduma manasikathwa tiyenne. podi podi rags kamak na.edawas wala mama hamadama call karala hitha haduwa eya anthimedi godak baya wela manasika prashnayakuth awa :( Igana gaththata wadak na ohama karana ayata halana eka kadulak gane saapa wadianwa
    :yes:

    okata kiyanne akka/nangi, "heenamanaya" kiyala.. uni awith aluthewunta kunuharapa kiyala denna hadana wunge pawul pasubima gana aye kiyanna deyak na.. kaatath pahadili ne.. " gahe katu ul karanna oni na kiyala kiyanne nikamatada..

    anna niyama kathawa. ammapa ekama thamai hethuwa. rep denna one ubata. :cool:
    :yes: :yes: :yes: :yes:

    natta kapagaththu nariya anith untath natta kapaganna kiyanawa. :lol::lol:
    natta kapagenama balapanko eke thiyena athal eka , ehemai mun kiyanne. :rofl::dull::dull:

    ow machan, sinduwak kiyana eka nawathwanna nam ba...
    habai kunuharupa kiyana ewa, sex rags okkoma iwarai...

    sinduwak kiyana eka deyak newi machan, deshapaalana rag nathikaranna puluwan nam eka loku deyak ..
    11.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,082
    113
    ආශ්චර්යමත් රටක

    ow ow....
    ubawa awidinna ekkan yanna puluwan,
    pere thamai lokuma campus eka dan eke foodcity ekakuth dala kiyala news ekak awa..

    :yes::yes: eka thamai lokuma neda? :)

    dawasak ee paththen yaddi api giya athulata awidinnath ekka.mulu campus ekema wage awidda,man hithanne. :rolleyes::D

    edath rag eka denawa. :dull::dull: (ane ammapa ,kohen giyath ee topic eka set wenawane. :dull:) kattiya peli hadala para dige awiddawanawa , eka thanaka.
    thawa thanaka thawa godak kattiya ekathu karagena mokakda XXXXXXXX karanawa. :dull::dull:

    eke parisaraya nam mage hithata alluwa. :):cool:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,082
    113
    ආශ්චර්යමත් රටක
    චෞර ශිෂ්‍යයා හා නවක වදය

    පරිපූර්ණ මිනිසකු තැනීම අධ්‍යාපන යේ සැබෑ පරමාර්ථය විය යුතු ය. එහෙත්, එය එ සේ ම ඉටු වේ ද යන්න ප්‍රශ්නයකි. දිනෙන් දින අසන්නට ලැබෙන තොරතුරු අනුව අප ගේ මේ සැකය සාධාරණ යැයි සිතමු.

    පසුගිය 20 වන දා දිනපතා පුවත් පතක් මෙ සේ වාර්තා කැර තිබිණි.

    දිනය ඉකුත් 13 වන දා ය. වේලාව පෙ.ව. 10.30 – 11.00 අතර විය. විශ්ව විද්‍යාලයක නම සඳහන් බැනරයක් ද සහිත බස් රථයක් එක් වර ම නගරයේ බස් නැවතුම අසල නතර කොට අත් පා බැඳි අයකු බසයෙන් බිමට තල්ලු කැර දමා පැමිණි පිරිස බස්රථය ද සමඟින් රූංගා ඉගිල ගියේ සිද්ධිය දුටු පිරිස මවිතයට පත් කැරැවමිනි.

    බසයෙන් ඇද දැමූ පුද්ගලයා ගේ අත් සහ පා ඉතා තදින් ගැට ගසා තිබූ අතර කට තුළට සපත්තුවක් ඔබා එය ද ගලවා ගැනීමට නො හැකි වන සේ හිස වටා නූලකින් බැඳ තිබිණ. සිදු වූයේ කුමක් දැයි සිතන්නට වත් පෙර තවත් එ වැනි ම බස් රථයක් පැමිණ දෙදෙනකු එළියට ඇද දැමිණ. ඔවුන් ද කලින් සිසුවා ගේ මෙන් ම අත් පා බැඳ දමා තිබිණ.

    දෙවනුව බස් රථයෙන් එළියට දැමූ දෙදෙනා විදුලි කණුවක ගැට ගැසීමට එම බසයෙන් පැමිණි පිරිස කටයුතු කළ හ. එතෙක් දුටු දෙයින් කුමක් සිදුවන්නේ දැයි වටහා ගත් තණමල්විල නගරවාසීහු දඬු මුගුරු වලින් එම පිරිසට පහර දීමට පටන් ගත් හ. මෙහි දී විශ්ව විද්‍යාලයීය සිසු සිසුවියන් යැයි සිතිය හැකි තරුණ තරුණියන් රැසක් පහර කෑමට ලක් ව සී සී කඩ දිව යෑමට පටන් ගත් හ. ඔවුන් ගේ විලාපයත් සමඟ නගරය එකම ගාල ගෝට්ටියක් බවට පත් විය.

    අප මෙහි සඳහන් කළ සිද්ධිය හැඳින්වීම සඳහා භාවිත වන නවක වදය නමැති රෝගය සුව කිරීමට යෝජනා වී ඇති ප්‍රතිකර්මය කුමක් ද? එය අන් කිසිවක් නො ව නවක වද විරෝධී පනත ක්‍රියාත්මක කිරීම ය. උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා ගේ ප්‍රධානත්වයෙන් සියලු ම විශ්ව විද්‍යාලයන් හි උපකුලපති වරුන් සමඟ පසුගිය 20 වනදා පැවැති සාකච්ඡාවක දී එම තීරණයට එළැඹි බව පුවත්පත් වාර්තා කැර තිබිණ.

    අපට මෙහි දී එක්තරා, සෙන් කතාවක් සිහිපත් විය. එම සෙන් කතාව මෙ සේ ය.

    බන්කේයි නමැති හිමියන් ගේ භාවනා පන්තිවලට ජපානයේ නොයෙක් පෙදෙස්වලින් සිසුහු සහභාගි වූ හ. එක් භාවනා පන්තියක ශිෂ්‍යයෙක් සොරකමක් කොට අසු විය. මේ බව දත් සෙසු සිසුහු එම ශිෂ්‍යයා ආරාමයෙන් නෙරපා හරින ලෙස ඉල්ලූහ. එහෙත් බන්කේයිි හිමියෝ ඒ පැමිණිල්ල විභාග නොකොට ම ඉවතලූහ.

    නැවත වරක් එම ශිෂ්‍යයා සොරකමක් කොට අසු වූයේ ය. එ වර ද බන්කේයි හිමියෝ පැමිණිල්ල ඉවතලූහ. මෙයින් කෝපයට පත් අනෙක් ශිෂ්‍යයෝ, හොරා ආරාමයෙන් බැහැර නො කළහොත් තමන් සියලු දෙනා ම ඉවත් ව යන බව සඳහන් කොට පෙත්සමක් ඉදිරිපත් කළ හ. පෙත්සම සැලැකිල්ලෙන් කියැ වූ බන්කේයි හිමියෝ, සියලු සිසුන් තමන් වෙත කැඳවා මෙ සේ කීය.

    “ඔබ හැම දෙනා ම ඥානවන්තයි. ඔබ සියලු දෙනා දන්නවා හොඳ කියන්නේ මොකක් ද? නරක කියන්නේ මොකක් ද කියලා. ඔබ ලා කැමැති නම් වෙන කොහේ හරි ගිහින් තව දුරටත් ඉගෙන ගන්න. ඒත් මේ අසරණයා හරි වැරැදි අඳුනන්නේ නැහැ. ඔහුට හරි – වැරැදි ගැන මංවත් කියා දෙන්නේ නැතිනම් වෙන කවුද කියලා දෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනා ම මං අතහැර ගියත් මං මේ අසරණයා තියා ගන්නවා”

    බන්කේයි හිමියන් ගේ කතාව අවසානයේ, සොරකම් කළ ශිෂ්‍යයා ගේ දෙනෙතින් කඳුළු කඩා වැටෙන්නට විය. ඉන්පසු ඔහු කිසි දිනෙක සොරකම් නො කළේ ය.

    අධ්‍යාපනයේ පරමාර්ථය යහපත් මිනිසුන් තැනීම නම්, බන්කේයි හිමියන් ගේ මඟ අනුගමනය කිරීම මැනවි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,082
    113
    ආශ්චර්යමත් රටක
    විශේෂ නිවේදනයයි

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වද විරෝධී සිසුන් දෙදෙනෙකුට නැවතත් පහරදී තිබේ. මේ සිද්ධිය මේ දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රබල අවධානයට පාත්‍ර වී තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් මෙම සිසුන් දෙදෙනා පසුගිය බදාදා (02-09-2009) රාත්‍රියේ සරත්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ පැවති ‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයේ දර්ශනයක් නරඹා පැමිණෙමින් සිටියෙදී විශ්ව විද්‍යාලයීය අක්බාර් ශාලාව අසල බස්නැවතුම්පොලේදී රාත්‍රී 10.30ත් 11.00ත් අතර මෙම පහරදීමට භාජනය වී තිබේ. මෙය අලුත් තත්ත්වයක් නොවේ. මීට පෙරාතුව ද මෙවන් සිදුවීම් ඇති තරම් වාර්තා වුවද වෛද්‍ය පීඨ සිසුන් මෙවන් දරුණු ගණයේ පහරදීමකට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සඳහන් කළ හැක. මෙය පේරාදෙණිය වෛද්‍ය පීඨ ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස ඉතිහාසගත වනු ඇත.

    අක්බාර් නේවාසිකාගාරයේ වෙසෙන අති බහුතරක් වූ සිසු පිරිස ඉංජිනේරු පීඨයට අයත් වෙති. මෙම දිනයේදී එම නේවාසිකාගාරය තුළින් ඉවතට පැමිණි 200ක පමණ සිසුන් පිරිසක් සම්පූර්ණයෙන්ම නිරායුධව සිටි සිසුන් දෙදෙනෙකුට පහර දීම පසුපස තිබෙන කතාව බොහෝ දෙනාට රහසක් නොවේ. එනම් නවක වදය නැමැති යක්ෂයා යි! 200කට අධික සිසුන් පිරිසක් පැමිණ 2 දෙදෙනෙකුට පහරදීම කෙතරම් නිර්ලජ්ජිත ද? විශ්ව විද්‍යාලය නම් පින්බිම තුළ මෙවන් මාෆියාවක් නිර්මාණය කිරීමට අවසර දී ඇත්තේ කවුද? දොස්තරවරුන් ඉංජිනේරුවන් වීමට සිටින ඇත්තන් හැසිරෙන ආකාරය මෙසේ නම් වෙනත් පුද්ගලයන් ගැන කවර කථා ද? අපේ රට අද පත්ව ඇති පසුගාමී තත්ත්වයට හේතුව දශක ගණනාවක් තිස්සේ රටේ පොදු ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් බිහිවූ මෙයාකාරයේ ඊනියා බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස නොවේද?

    මෙම තත්ත්වය වැළැක්වීමට ගතයුතු පියවර පිළිබඳව පුළුල් කතිකාවතක් ඇතිවිය යුතුය. නො එසේනම් මෙම පිළිලය සදාකාලිකව පවතිනු ඇත. එබැවින් බලධාරීන් කළ යුත්තේ මෙවන් සිදුවීම් සිදුවන බව වසන් කිරීම නොව මෙම තත්ත්වය මනාව විශ්ලේෂණය කර එය වැළැක්වීමට ඇවැසි කටයුතු සංවිධානය කිරීමයි. එය මෙරට අනාගතය වෙනුවෙන් ඔවුනට ඉටුකළ හැකි මහඟු සේවයක් වේ.

    අවාසනාවකට මෙය තවත් ශිෂ්‍ය දෙපිරිසක් අතර ගැටුමක් ඇතැමුන් උත්සාහ දරනු පෙනේ. 200ක පමණ පිරිසක් පොලු මුගුරු රැගෙන විත් දෙදෙනෙකුට පහරදීම දෙපිරිසක් අතර ගැටුමක් ලෙස අර්ථදැක්වීම හාස්‍යජනක නොවේද? එසේ කරන්නන් උකසට තබන්නේ පේරාදෙණිය සරසවිය නම් උතුම් නාමයේ ගෞරවයයි. එවන් ස්ථානයක් විනාශ කිරීමට වෙර දරන පිරිසකට විරුද්ධව ක්‍රියාකිරීම වැරැද්දක් ද?

    කෙසේ හෝ වේවා මෙවර සිදුවූ සිදුවීමේ බරපතළකම හේතුවෙන් මෙය ලෙහෙසියෙන් කෙළවරක් දකිනු ඇතැයි සිතීම උගහට ය. ප්‍රහාරකයන් රැසක් පැහැදිලිව හඳුනාගෙන තිබේ. එසේම මෙම සිදුවීමට සම්බන්ධ සැකකාර ඉංජිනේරු පීඨ සිසුන් වහාම ගෙදර යවන් බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය S.B.S. අබේකෝන් මහතා ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීම අපේ රටේ උසස් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපන රටාව තුළින් ඉටුකරගැනීමට වෙරදරන දහස් ගණනක් වූ දුවා දරුවන් හට කරන මහඟු සේවයක් වනු ඇත.

    ඉංජිනේරු පීඨ 2008 කණ්ඩායම ලෙස මෙම සිදුවීම තරයේ හෙළාදැකීමට අපි මෙය අවස්ථාවක් කර ගනිමු. එසේම මෙවන් දෑ අනාගතයේදී සිදු නොවීමට ඇවැසි පියවර වහාම ගත යුතුය යන්න අපි තරයේ අවධාරණය කරමු.

    මේ දිනවල මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රබල මාතෘකාවක් බවට පත්ව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලියැවුණු පුවත්පත් ලිපි කිහිපයකි මේ:

    පේරාදෙණිය පිරිමි නේවාසිකාගාර වල අමානුෂික නවක වද

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පිරිමි නේවාසිකාගාර වල මේ වනවිට ඉතාම අමානුෂික අන්දමින් පළමු වසර සිසුන්ට නවක වදය ලබාදෙන බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි. මේ හේතුවෙන් අලුතින් විශ්ව විද්‍යාල පේවේශය ලැබූ සිසුන් මහත් අපහසුතාවට පත්වී සිටින අතර නවක වදය දීමට එරෙහිව ක්‍රියාකරන ජ්‍යෙෂ්ඨ සිසුන්ට එරෙහිව ද හිංසාකාරී ක්‍රියා සිදුකෙරෙමින් පවතින බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි. විශ්ව විද්‍යාල සිසුනට කිසිසේත්ම නොගැළපෙන අයුරින් ඉතාමත් අමානුෂික ආකාරයට මෙම නවක වදය ලබාදීම සිදු කෙරෙන අතර [continued...]

    ඇසුර: රිවිර ඉරිදා සංග්‍රහය (06-09-2009)

    වෛද්‍ය සිසුන් දෙදෙනාට ප්‍රහාරයක්‌

    පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ “වළේ” වේදිකාවේ තාරාවෝ ඉගිලෙති නරඹා ආපසු යමින් සිටි වෛද්‍ය පීඨයේ දෙවැනි වසර සිසුන් දෙදෙනකුට විශ්වවිද්‍යාලය භූමියේදී බදාදා (2) රාත්‍රියේ කිසියම් පිරිසක්‌ විසින් පහරදී ඇත.

    පහරකෑමට ලක්‌වූ කසුන් රඹුක්‌වැල්ල සහ එන්. වීරසිංහ නමැති වෛද්‍ය සිසුන් දෙදෙනා පේරාදෙණිය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.

    සිසුන් දෙදෙනාට දැඩි ප්‍රහාරයක්‌ එල්ලවී ඇත්තේ රාත්‍රි 10.30 ට පමණ අක්‌බාර් නෙල් නේවාසිකාගාරය දෙසට ගමන් කරමින් සිටියදී බව පැවසේ. [continued...]

    ඇසුර: දිවයින දිනපතා සංග්‍රහය (04-09-2009)

    Two undergrad anti-ragging supporters brutally assaulted

    KANDY – Two second year Medical Students of the University of Peradeniya, supporters of the anti-ragging faction, were brutally assaulted while returning to their Hall of Residence on Wednesday (02) night.

    The two students, Kasun Rambukwella and Weerasinghe, are being treated at the surgical ward of the Peradeniya Teaching Hospital.

    They were returning after watching the stage play “Tharavo Igillethi” at the theatre ‘Wala’ of the university.

    The University spokesman said yesterday (03) that the incident was being investigated by University Professor Dr. Asoka Dangolla.

    It is learnt that the victims are supporters of the anti-ragging faction of the University of Peradeniya.

    According to a highly placed campus official the anti-ragging movement at the university is growing popular while ragging supporters are diminishing in numbers. [continued...]

    ඇසුර: The Island News (04-09-2009)

    ~ විසින් e08creations on සැප්තැම්බර් 6, 2009.

    Posted in Special Announcements
    2 Responses to “විශේෂ නිවේදනයයි”

    1.

    ane manda,
    munta nikan dena deya aragena paasuwe inna beri heti…
    kaalakanni yakku

    praveen said this on සැප්තැම්බර් 26, 2009 at 9:18 ප.ව. | පිළිතුරු සැපයීම
    2.

    OOwa gena kathaakorala wedak nae!

    upulpp said this on නොවැම්බර් 1, 2009 at 7:33 පෙ.ව. | පිළිතුරු සැපයීම

     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,082
    113
    ආශ්චර්යමත් රටක
    වැඩි දුර කියවීම සඳහා

    Out In the Open
    වර්තමානයේදී නවක වදය පෙර තිබුනාට වඩා පාලනයකට හසු වී තිබෙනවා. සිසුන් කිහිප
    දෙනෙක් නවක වදයේ ඍජු ප්‍රථිපල ලෙසත් තවත් අය වක්‍ර ප්‍රථිපල ලෙසත්
    මිය යාම අදාල බලධාරීන් සහ සමාජය අවදි කිරීමට සමත් වුනා. එම නිසා නවක වදය පිළිබඳ
    නීති රාමුවක් හඳුන්වාදීමට රජය පසුගිය වසර වල කටයුතු කලා. මෙම නීති වලට අනුව කණිශ්ඨ
    සිසුවෙකුට බැනීමත් නවක වදය ලෙස අර්ථ කථනය කල හැකියි.

    අචිරගේ දින සටහන්
    මම උසස් පෙළ කරපු අවුරුද්දෙ ම‍ගෙ යාළුවො දෙන්නෙක් විශ්ව විද්‍යාලෙ යන්න තේරුනා. එක්කෙනෙක් ගණිත අංශයෙන් තේරුණේ මොරටුව විශ්ව විද්‍යාලයට. අනිත් මිතුරිය කලා අංශයෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට. ඒ කාලෙත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙ ඔය කියන ශිෂ්‍යය අරගල තිබ්බා. විශ්ව විද්‍යාලෙ වහලත් තිබ්බා.මගේ මිතුරා මොරටුවට ඒ අවුරුද්දෙම ගියා. කාලය ගෙවී ගියත් මගේ මිතුරිය ගෙදරම තමයි. මගේ මිතුරා මොරටුවෙන් පිට වෙන්න මාසයක් කලින් තමයි ඒ මිතුරිය සෞන්දර්ය විශ්ව විද්‍යාලට ඇතුලත් වුනේ. ඒකෙ නවක වදය ඉවරවෙලා දේශන ආරම්භ වෙනකොට මගේ මිතුරා ශිෂ්‍යත්වයක් හම්බවෙලා ආචාර්ය උපාධිය සදහා රටින් පිටවුනා.

    ජීවිතය
    පිටදී විශ්ව විද්‍යාලවල පවත්නා තත්වය අභියෝගයට ලක් කර කතා කරන සිසුන්ද විශ්ව විද්‍යාලය තුලදී ඒ අමන මතයම කරපින්නාගෙන පිකටිං කරති, උද්ඝෝෂණය කරති. එයට හේතු විමසූ විට ‘නැත්නං අපිට විශ්ව විද්‍යාල තුල රැදෙන්නට බෑ..’ යනුවෙන් කියති. එනම් විශ්ව විද්‍යාල තුල ඇති මාෆියාවෙන් බේරී සිටීමට නං ඒත්සමඟම සිටිය යුතු බවයි. නමුත් ඔය කෑ ගහන බොහෝ දෙනා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ඒ සියල්ල අතහැර දමති.

    Ravi's blog
    මාත් ඉතින් campus යන්න පටන් ගත්තනේ.ගිය මාසේ 6 වෙනිදා තමා මුලින්ම campus එකට ගොඩ උනේ.අම්මෝ පළවෙනි දවසේ හොඳටම බය වෙලා හිටියේ

    කඩුල්ල
    කඩුල්ල ස්ථාන ගතවෙලා ඉන්නේ විශ්ව විද්‍යාලයක වැට මායිමේ.අනේ අපොයි මේ ලමයි නොකරන්නේ ඉගන ගන්න එක විතරයි කියලා හිතන තරමට මේ ලමයි අරගලේ

    ගරුවාගේ BLOG MIXTURE එක
    ඉතින් අපි කට්ටිය ඔක්කොම 2006 අවුරුද්දෙ ජුලි මාසෙ අග ඉදලා අගොස්තු මාසෙ අග වෙනකම් අපෙ ආදරනී‍ය අයියල අක්කලත් එක්ක බොහොම ලස්සන කාලයක් ගතකලා.මෙ ඒ ලස්සන මාසෙ ඉවර උන දවසෙ අපෙ අයියල අක්කල අපෙ ඇස්වල කදුලු පිරෙන තරමට අපිට දීපු තැග්ග.

    Taboo Subjects
    රැග දෙන්නේ එක්තරා සරසවි සිසුන් කොටසකගේ (හැමදෙනාගේම නොව) මනෝ ව්‍යාධීන් දෙකක් නිසා ඇතිවන තත්ත්වයකට ප්‍රතිචාර වශයෙනි. එකක් දරුණු ඉරිසියාවය. අනෙක ලිංගික අතෘප්තිමත්භාවයය.

    සන්නස
    නවක වදයෙන් ඇතිවන සෙතක් නැත. නවක වදය යන වචනයම දරුණුය. කැතය. අමානුෂිකය. එය වෛරය වැපිරීමකි. මානසික ආබාධයකින් පෙලෙන්නන්ගේ ක්‍රියාවකි. තම තමන්ගේ මානසික ආතතීන් වලට තවකෙකු පළි නැත.

    බුදුසරණ
    දිනය ඉකුත් 13 වන දා ය. වේලාව පෙ.ව. 10.30 – 11.00 අතර විය. විශ්ව විද්‍යාලයක නම සඳහන් බැනරයක් ද සහිත බස් රථයක් එක් වර ම නගරයේ බස් නැවතුම අසල නතර කොට අත් පා බැඳි අයකු බසයෙන් බිමට තල්ලු කැර දමා පැමිණි පිරිස බස්රථය ද සමඟින් රූංගා ඉගිල ගියේ සිද්ධිය දුටු පිරිස මවිතයට පත් කැරැවමිනි.

    දිනමිණ
    "නවක වධය ජ’පුර සරසවියෙන් ඉවත් කිරීම අපේ එකම අරමුණයි".ව්‍යවහාරික විද්‍යාපීඨ සංගමයෙන් ප්‍රකාශයක්

    අතර මැදි කදවුරක්

    අපගේ කැපී පෙනෙන කඩවසම් දේහ විලාශයන් හේතුවෙන් උපරිම ලෙස නවක වදය විඳීමටද අපට සිදුවිය.

    දිවයින
    "නවක වදයට මම එදා පටන් විරුද්ධයි....." උසස්‌ අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා කීය.

    දිවයින
    තිරිසන් සතා මද කිපෙන කාලයට ඉවක්‌ බවක්‌ නොබලයි. එවිට උහු සිය වර්ගයා බෝ කිරීමේ කටයුත්ත මහ පාරේ ක්‍රියාත්මක කරති. ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල මෙවැනි තිරිසන් සතුන්ගෙන් පිරී යමින් පවතින බව පෙනේ. ඒ, හැම අවුරුද්දකම නවක වද සිද්ධීන් වැඩි වැඩියෙන් වාර්තා වන හෙයිනි.

    Beyond Frame
    නවක වදය අවශ්‍යයැයි කියන්නන් ඉදිරිපත් කරන තවත් මතයක් ඇත. සරසවියේ හැසිරිය යුතු ආකාරය පිළිබද නවකයින් දැනුවත් කිරීමේ අවස්ථාවක් ඉන් ලැබෙන බව ය. කවදාවත් සරසවිය නව්‍ය නොවන්නේ මේ සංස්කෘතික බලාහාත්කාරය නිසා ය. ඇත්තටම සරසවිය එකම වර්ගයේ නිශ්පාදනයක් බිහිකළ යුතු තැනක් නොවේ. ඒ තුළ විවිධත්වයට විවිධ අදහස්වලට ඉඩ කඩ තිබිය යුතු තැනකි

    අපේ පුවත්
    නවක වදය එක්තරා දේශපාලන පක්ෂයකට ගැති ශිෂ්‍ය සංවිධානයකට සාමාජිකයන් වැඩිකර ගැනීමේ උපාය මාර්ගයක් බවට පත්කරගෙන ඇති බවත් මේ වසරේ නවක වදයට භාජනය වන සිසුන් ඒ අප්‍රසන්න තත්ත්වය විඳ දරාගෙන ඊළඟ වසරේ නවකයන්ට වදනොදී සිටිත් නම් ම්ලේච්ඡ නවක වදය නැවැත්විය හැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා දිනමිණට කීය.

    චමිතගේ සිහින කොදෙව්ව
    මා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නවක වදයට එරෙහිව කටයුතු කරන්නේ මා හට එය අප්‍රිය නිසා ය; ඒ තුළ සිදුවන ජඩ, තුච්ඡ ක්‍රියාදාමය මා හෙළාදකින නිසා ය. ඒ හැරුණුකොට ඊට විරුද්ධ වීමට කිසිදු හේතුවක් මට නැත්තේ ය; විශ්ව විද්‍යාලයක් තුළ ස්වභාවයෙන් නිර්මාණය වන උප-සංකෘතියට එරෙහි වීමට කිසිදු අවශ්‍යතාවක් ද මට නැත්තේ ය. එසේ නම් ගැටලුව වන්නේ බොහෝ දෙනෙකු මෙය දැන දැනත් ඊට ලක්වන්නේ ඇයිද යන්නයි. ඊට සරලම පිළිතුර නම් නවක වදයට එරෙහි වීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය සෑම සිසුවෙකු තුළම නොමැති වීමයි. තමාට ඉන්න හිටින්නට තැනක් නැති වන විට අකැමැත්තෙන් හෝ වාත වනු මිස කුමක් කරන්නද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,082
    113
    ආශ්චර්යමත් රටක

    රජයේ නිල පුවත් වෙබ් අඩවිය
    නවක වදය තහනම් .....

    UoP, Faculty of Engineering, batch of '08, antiraggers official web log
    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වද විරෝධී සිසුන් දෙදෙනෙකුට නැවතත් පහරදී තිබේ

    SONALI WIJESINGHE
    කෙසේ වෙතත් මා පවසන්නට යන්නේ මා අතුලත් වු සරසවියේ නවක වදය ගැනය. සැබැවින්ම නවක වදයක් නොතිබුනි. එය සත්‍යයි. දරුණු රැග් නොතිබුනද ඉතාමත් දරුනු වාග් මාලාවන් නම් ඇසීමට ප්‍රථම වසර අපි සැමටම සිදු විය.

    noragnofear.com
    Antiraggers of university of Peradeniya are leading a battle to eleminate ragging from universities of Sri Lanka. This site is launched to publish our vision about cruality of ragging.

    Daily News
    A notice called 'an Act of ragging may land you in jail' appears at the entrance of each university in India. "We have also decided to adopt this system in our higher education system as ragging has completely interrupted the learning environment in universities, he said. The Minister said the Indian Government considers ragging as a human-rights abuse

    Daily News
    The era of ragging as a social equalizer and an initiation into the University culture is long gone. Ragging has today become a political and a terror weapon used primarily to ensure the continuing domination of JVP political power within the Universities. Gone are the days, when ragging was a phenomenon confined to the bounds of the University.

    Sunday Observer
    Not all seniors at the University do go out for ragging and some are positively against this mean practice. The compulsive "raggers" are definitely mentally deranged, dangerous "criminals in students' clothing" and they rag for following reasons...



    Labels: මේක ලංකාව, විශ්ව විද්‍යාලය

    31 comments:

    Prabath said...

    Samaharu hitan inne campus giyama eyalata wada kenek naa kiyala. Eyala me taram moda bawa mama hariyatama danagatteth attatama Ugath aya inna bawa danagatteth me article eken.

    mehema hitenne mama campus nogiya nisada danne na, ~Hik hik....

    Anyway thanks for the acknowledgement.
    September 26, 2009 6:50 AM
    Dasun Sameera - දසුන් සමීර said...

    සමහර පුද්ගලික ආයතන ප්‍රතිපත්තියක් විදියට රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලත් කරගන්නේ නෑ. ලංකාව තුල පවතින තත්වය අනුව විශ්වවිද්‍යාලයකට ඇතුලත් වන්නේ රටේ අධ්‍යාපනය අනුව වැඩියෙන්ම ලකුණු ගන්නා පිරිසයි. මොවුන් බුද්දිමතුන්යැයි වරදවා වටහාගත යුතු නොවේ. සාමානයෙන් සිදුවිය යුත්තේ එය වුවද එසේ නොවීම කනගාටුවකට කරුනක්. කෙසේ වුවවත් මේ වැඩියෙන් ලකුණු ගන්නා පරිස නවකයන් පිලිගැනීමට යොදාගන්නේ පහත්ම ක්‍රමයයි.

    මේ තවත් නිදහස් අධ්‍යාපනයෙ සමග බූරු ගැසීමට මව්රට උගසට තැබූ අමනයන් ගැන කතාවක්.
    http://w3lanka.blogspot.com/2009/09/215.html
    September 26, 2009 7:40 AM
    අමිල said...

    මම නං රැගට විරුද්ධයි. කට්ටිය කියන්නෙ නං රැග් දෙන්නෙ බැජ් ෆිට් එක හදන්නලු.බැජ් ෆිට් එක හදන්න ඔය වගේ ගොං පාට් දාන්නැතිව කරන්න ඕන තරං දේවල් තියනවා.අපිත් එක්ක හිටපු උන්ගෙන් කැම්පස් ගිය බහුතරයක් තෙලට අහුවෙලා ‍‍බ්‍රේන් වොෂ් කරගෙන සම්පූර්ණයෙන්ම වෙනස් සත්තු වෙලා. කීපදෙනෙක් හිටපු විදිහටම ඉන්නවා උන්ට කරුණු කාරණා තේරුම් බේරුම් කරගන්න මොලයක් තියන හින්දා.මේක මහා විනා‍ශයක් මේ දේවල් එක්ක බිහිවෙන්නේ උගත් මෝඩයෝ පිරිසක් මිසක් බුද්ධිමතුන් නම් නෙවෙයි
    September 26, 2009 7:54 AM
    sereneworld said...

    මේ ලිපිය කියවලා ගොඩක් කළකිරුනා, විශ්ව විද්‍යාලයක උගත් යැයි කියන මේ පිරිස මිනිසුන් නොවන අමුතුම සත්තු ජාතියක් කියලයි හිතෙන්නේ. මෙවැන්නන් රටේ ඉහළ පුටුවලට ගියොත් පහළ ඉන්න අය තමයි තැලෙන්නෙ. කැම්පස් වල පරිපාලනය හෝ විනය කමිටු මගින් මේවාට යමක් කරන්න බැරිද. මම නම් කැම්පස් ගියේ නෑ පුද්ගලික හේතුවක් මත. ගියානම් මේ සන්තෑසියම තමයි දකින්න වෙන්නේ. seems like they've got a severe personality disorder.As I've heard people who torture others are mentally ill.
    September 26, 2009 8:03 AM
    ගයාන් තාරක said...

    එක අතකට කැම්පස් නොගිය එකත් හොදයි කියල හිතෙනවා. :D
    September 26, 2009 8:06 AM
    සරදියල් said...

    දසුන් සමීර කියපු කතාව් ඇත්ත. හුගක් සමාගම් රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලත් කරගන්නේ නෑ. එහෙම කලත් සැහෙන හොයල බලලා තම්යි ගන්නෙ.මන් මෙහම කියනවට ත‍රහවෙන්න එපා. ඕව කොරන ගොඩක අය ගමෙන් ආපු,පාසල් යන කලේ මුහුද බලන්න විත‍රක් කොලඹ් ආපු අය somewhere having a problme
    September 26, 2009 8:43 AM
    taboosubjects said...

    බ්ලොග් අවකාශය තුළ මුලින්ම රැගට බැනපු බ්ලොග්කරුවා හැටියට රැගට විරුද්ධව සටහන් ගණනක් පළවීම ගැන මා සතුටුවෙනවා. ඒ ගැන ගොඩ නැඟෙන සංවාදය දකින්නට සතුටුයි.

    ඒත් ඇයි අපි හැමදාම බැණ බැණ ඉන්නේ? අපට බැරිද ඊට වඩා දෙයක් කරන්න? අපට බැරිද රැග් කරන පිරිස නම් ගම් ඇතිව හඳුන්නා දෙන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න? අපි කතා කරමු.
    September 26, 2009 8:52 AM
    ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

    රැගාලගෙ වැඩ නං ඉතිං ආයෙ කතා කරල වැඩක් නෑ. අලයෙක් විදියට මට ඔයිට වඩා දරුණු අත්දැකීම් තියෙනව නංගී. මරණය පෙනිපෙනී නැවත ජීවත් වෙන්න ලැබුනා ඔය සම්බන්ධ සිද්ධියක් නිසා.
    .
    රැග් එකේ හොඳ ප්‍රතිඵල, ඒකෙන් බැච් ෆිට් එක ඇති වන්නේ කෙසේද, යනාදී කරුණු පෙන්වලා පුලුවන් නම් ලිපියක් ලියන්න කියලා මම දෙවතාවක් රැගාලට ආරාධනා කලත් තවමත් කවුරුවත් ඒ ආරාධනාව නං පිලිගත්තෙ නෑ.

    ඕවා ගණං ගන්න එපා. කාලකණ්නින්ගේ කාලකණ්නි ගතිය අරින්න සැක්කරයටවත් බෑ.පුලුවන් තරමින් අනිත් අයට සත්‍යය පෙන්නලා දෙන්න, ඒක තමයි අපෙන් ඉටුවෙන්න ඕනේ.
    September 26, 2009 9:21 AM
    සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

    මොනවා උණත් කුණුහර්ප කියන එකත් අනෙක් වලත්ත කතා කියපු එකත් අන්තිම අසික්කිතයි. deeps ලියල තියන ඒව කියවනකොට අපේ ඉහමොළ රත්වෙනව මේව කොල්ලෙක් කෙල්ලෙක්ට කොහොම කිව්වද කියල.
    September 26, 2009 9:53 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,082
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

    මම දෙයක් කියන්නම්. දැන් අලුත් මතයක් ගොඩනැගීගෙන එනව රැග් එක ශාරීරික වධ හිංසා නැතුව නවකයන්ට බැනීම්, ගොන්පාට් විතරක් සහිතව කරන්න ඕනෙ කියල.

    එතකොට කවුද මේ දෙක අතර මායිම define කරන්නෙ?

    මේ වැඩෙන් වෙන්නෙ අවසානයේ මේ ලිපියෙ තියෙන ආකාරයේ ලැජ්ජ නැති අසික්කිත කතා නවකයන්ට කියන තත්වයක් බිහිවීම තමා.
    September 26, 2009 10:39 AM
    imal said...

    http://www.elakiri.com/forum/showthread.php?t=246474
    September 26, 2009 1:31 PM
    සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

    @ප්‍රවීන්

    ඔය දෙක අතර මායිම define කරන්න විශ්ව විද්‍යාලෙකට ආපු බුද්ධිමත් ශිෂ්‍යයෙක්ට පුළුවන් වෙන්න ඕන. ඒකට අරමුණ මුලින්ම හොඳ වෙන්න ඕන. නැත්නම් කිසිම දෙයක් නැති උනොත් පළාත් අනුව(මොරටුව මාතර ගැට්ට හා කොළඹ ගැට්ට) ඉංග්‍රීසි බැරි පුළුවන් කම අනුව මුදල් ඇති නැති බව අනුව කෑලි ගණනකට කැඩිලා කිසිම වැඩක් හරියකට කරගන්න බැරුව කැම්පස් එකත් නිකං ටියුෂන් පන්තියක් ගානට වැටේවි. මට තේරෙන විදිහට දේශපාලනේ ගාව නොගන්නවානම් ඔය ගොඩක් ප්‍රශ්න නිකංම්ම විසඳෙනවා.
    September 26, 2009 8:58 PM
    ඉශාන් තිළිණ said...

    ජ්‍යේෂ්ඨයන් හා අපි අතර සුහදතාවය රැග් වලින් වර්ධනය වෙනවා කියන එක නම් පිලිගන්නෙ නෑ.තමන්ව බයිට් කරනකොට තමන්ට එන්නෙ තමන්ව බයිට් කරන කෙනා ගැන තරහක් මිස සුහදත්වයක් නෙමෙයිනෙ.
    රැග් එකෙන් බැච් එක ඇතුලෙ ෆිට් එක වැඩි වෙනවා කියන එකේ පොඩි ඇත්තක් තියනවා .නමුත් එතනදි ඇත්තටම වෙන්නෙ ජ්‍යේෂ්ඨයෝ කියන පොදු සතුරන්ට විරුද්ධව කට්ටිය් එකතුවීම විතරයි.නමුත් තමනුත් ජ්‍යේෂ්ඨයො වුන දවසක අර ෆිට් එක ඉබේම නැති වෙනවා.මොකද,බය වෙන්න පොදු සතුරෙක් නැති නිසා.ඒකනෙ ඔය කට්ටිය දාගෙන මරාගන්නෙ.
    මම පුරාජේරුව කියවන්න හදනවා නෙමෙ.නමුත් අපේ කැම්පස් එක්‍රේ තත්වය දැනගන්න ඕන නම් මේක කියවන්න.

    http://ishanthilina.blogspot.com/
    September 26, 2009 11:21 PM
    ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

    @ සුසිත
    විවිධ මිනිස්සුන්ගෙ අදහස් වෙනස් නිසා ඔය මායිම නිවැරදිව define වෙන්නෙ නෑ කවදාවත්.

    ඒ නිසා රැග විදියට ශාරීරික වධහිංසා අවශ්‍යත් නෑ, නවකයන්ට බැනීම්, ගොන්පාට් අවශ්‍යත් නෑ.
    විශ්වවිද්‍යාලය කියන්නේ ජ්‍යෙෂ්ඨයන්ගෙ බූදලයක් නෙමේ අලුතෙන් එන අයට "අපි තොපිව හදල ගන්න ඕනෙ" කියලා (කුණුහරුපෙන්, ඇතැම්විට) බනින්න. හැමෝටම තියෙන්නෙ එකම අයිතිවාසිකම තමා. බලෙන් නවකයන්ව පාලනය කරන්න ගියාම ප්‍රශ්න උද්ගත වෙනවා.

    ඔව්, දේශපාලනය මේ ප්‍රශ්න වලට ප්‍රධාන හේතුවක් තමා. ඒත් ඉතින් ඕක තව කාලාන්තරේකට නැති වෙන එකක් නෑ. එක ප්‍රවාහයක් ඉවර වෙනකොට තව එකක්.
    September 26, 2009 11:22 PM
    Chanaka Aruna Munasinghe said...

    @ සුසිත රවින්ද සෙනරත්

    "ඔය දෙක අතර මායිම define කරන්න විශ්ව විද්‍යාලෙකට ආපු බුද්ධිමත් ශිෂ්‍යයෙක්ට පුළුවන් වෙන්න ඕන."

    එහෙම පුළුවන් බවක් පෙන්නලා නැහැනෙ. පේනවා නේද කියල තියෙන කතා.

    ජේෂ්ඨයො වයින් කරලා අරක මේක කරපන් කිවුවම තමන් කරන්නෙ මොකක්ද කියලවත් නොදැන රූකඩයක් වගේ ඒ අසික්කිත දේවල් කරන එකයි වෙන්නෙ. LTTE එකෙත් එහෙමනෙ
    September 26, 2009 11:41 PM
    Prabhath Darshana said...

    හෙට අනිද්ද විශ්වවිද්‍යාලයට යන්න ඉන්න මට මේ ලිපිය හුගාක් වැදගත් උනා. පේරාදෙනියේ සහ කැළණියේ තත්වයන් වෙන වෙනම මෙහි නොතිබ්බත් රැග ගැන යම් අවබෝදයක් ලබන්න හැකිවුන එකත් ලොකු දෙයක්.
    Deeps අක්කට හුඟාක් ස්තූතියි මේ දැනුවත් කිරීම කලාට..
    September 27, 2009 4:13 AM
    chamila_dealwis said...

    නවක වදය කියන දේ මොකක් හරි සාධනීය ලක්ෂණයක් තියෙන්න ඇති පටන් ගත්ත කාලේ. දේශපාලනය, එකමුතුව වගේ. නමුත් මේ වෙනකොට නවක වදය ජ්‍යෙෂ්ඨ කම බලෙන් ආරෝපණය කර ගන්න පුලුවන් ක්‍රමයක් පමණක් වෙලා. බලෙන් අයියා වුනාම ලැබෙන බලතල කිහිපයක් තියෙනවා.

    දේශපාලනයක් තියෙනවා කියන ඔය මහ ලොකු රැගාලගේ දේශපාලනය කිරිපල්ලෙන් පේන හැටි තමා මේ උඩ කමෙන්ට් කිහිපය. අම්මලා තාත්තලටවත් හදන්න බැරි ගතිගුණ ඉබේම එළියට පනිනවා විවේචනයක් දැක්කාම. විවේචනයට මුහුණ දෙන්න බැරි කොන්ද පණ නැති පෙඳයොද දැන් පේරාදෙණියෙ ඉන්නේ? සරසවි සිසුවා කියන දේ අර්ථ දක්වපු අයිවර් ජෙනින්ග්ස්ගෙ අර්ථ කථනයට අනුව මේ යකා මුඩුක්කුවෙක්. කුණු කාණු වල ලගින කුහකත්වය ඉහවහගිය එකෙක්.

    දේශපාලනය කියන එක සරසවියකට අවශ්‍යයි. ඒක නැතුව අධ්‍යයනික අංශයෙන් විතරක් පූර්ණ වුන අය විශ්ව අධ්‍යාපනයක් ලබලා නෑ. ඒකට දැන් තියෙන නවක වදය ක්‍රමයක් නෙවෙයි. මෙය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න ඕනේ. අනෙක් අතට මේ නවක වදයට තියෙන පිළිතුර කිසිම සංවිධානයක් නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අල පිරිසක් නෙමෙයි. ප්‍රවීන්ට වැරදුනේ මෙතනදි. ජ්‍යෙෂ්ඨයින් හා නවකයින් කිසියම් හෝ ක්‍රියාකාරකමකින් එක් විය යුතුයි. ආපු ගමන් අත ඇරලා දාපු පැටවු වගේ නවකයින් සරසවියක සිටීම නිකන් මොන්ටිසෝරියක නැත්තන් පාසැලක ස්වරූපය වගේ. උඹලා ඕන වැඩක් කරගනිල්ලා කියලා අත ඇරලා දැමීම එක් අතකින් ආත්මාර්ථකාමීත්වයක් සහ මෙතෙක් කාලයක් සරසවිය තුල ලබපු අත්දැකීම් ඉදිරියට ගෙන යාමට තිබෙන බාධාවක්. මෙහි සඳහන් වෙන රේඛාව සබුද්ධිකව ඇඳගත යුතු දෙයක්. එය අත්දැකීමකින් තොරව පොතේ දැනුමකින් විවේචනය කරන්න බැහැ.
    September 27, 2009 8:22 AM
    [/SIZE][/B]