කඳුලු වැටුනු නෙත් පිටු අතරේ...
කඳුලු වැටුනු නෙත් පිටු අතරේ ඔබේ නම පුරවනවා
අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලංවෙනවා
යලි ඈතට යනවා...
තව සිතැඟි හංගන්න එපා බොරුවකට රවටන්න එපා
සදහටම සමුගන්න දා යලි මාව සිහිවෙන්න එපා
දුක හිතෙනා හීන මගේ අඳුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා...
හමුවීලා වෙන්වන්නේ හැමදාම රිදවන්නේ
කවදාද හිමිවෙන්නේ හිත තාම ගැස්සෙන්නේ
ඉඟිකරනා දෑස මඟේ නුහුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා...
කඳුලු වැටුනු නෙත් පිටු අතරේ...